මේ සතියේ ඔබට

සැප්. 23 සිට සැප්. 29 දක්වා
සැප්තැම්බර් 23, 2022
මේෂ
ඥාතීන්ගේ ප්‍රසාදයට පත්වේ 
 
මිශ්‍ර ඵලදායක ලෙස උදාවන මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳුගේ චාරය සිදු වන්නේ 5,6,7 යන භාවස්ථානවලයි. නොසිතූ ලෙස හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇති කාලයකි. ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර ආගම දහම වෙනුවෙන් වැඩි කාලයක් යොදවන බවක් ද පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන ගැටලුවක් දුරදිග යයි. ඥාතීන් අතර හොඳ හිත දිනා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්වයි. මුදල් ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික වීමට ඉඩ ඇත. 
අය 07 - වැය 04
ජය අංකය - 04 ජය වර්ූණය - කොළ 
සුබ දවස - සිකුරාදා
 
වෘෂභ 
ප්‍රභූ ඇසුරක් 
 
හිතුමතයට කටයුතු කිරීමෙන් නොසිතූ ගැටලුකාරි බවක් ඇතිකරන සතියක් වන අතර වෘෂභ ලග්න හිමි ඔබට මේ සතිය උදා වන්නේ සඳුගේ ගමන 4,5,6 යන භාවස්ථානවලද ගමන් කිරීමෙනි. නිතර ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම සමාජ සේවා කටයුතුවලට දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. ප්‍රභූ අයගේ ඇසුරට කටයුතු උදාකරන කාලයකි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී මවගේ හදිසි අසනීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. දරුවකුගේ අනාගත සැලසුමක් සාර්ථක වන කාලයක් වන අතර, ඥාති උපකාරයකට ද කටයුතු උදා කරයි. 
 
අය 07 - වැය 05
ජය අංකය - 04
ජය වර්ූණය - නිල්
සුබ දවස -  බ්‍රහස්පතින්දා
 
මිථුන
අඹුසැමි විශ්වාස බිඳවැටීමක් 
 
සැලසුම් සහගත කටයුතු කීපයකට මඟ සැලසෙමින් සතිය ආරම්භවන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථානවලයි. සහෝදර සුහදතාවට කරුණු සැලසෙන කාලයක් වන අතර, පවුලේ භෝජන සංග්‍රහයකටද හේතු ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේදී අඹුසැමි විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිකරයි. තුනටිය ආශි‍්‍රත ඇතිවන වේදනාකාරී බවක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවේ. නොසිතූ ලෙස වැටීම් තැළීම් ආදියට මුහුණ පෑමට සිදු වන සතියකි. 
 
අය 06 - වැය 04
ජය අංකය - 09
ජය වර්ූණය - දම්
සුබ දවස -  බ්‍රහස්පතින්දා
 
කටක  
ආගමික සැලසුමක් 
 
 වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලයි. මවගේ අසනීපයක් හේතුවෙන් පවුලේ වගකීම් බහුල වන අතර, යොදා ගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමටද සිදුවේ. අලුතින් දැන හඳුනාගත් කෙනකු නිසා ඇතිවන මතභේදයක් දුරදිග යයි. ආගමික සැලසුමක් වෙනුවෙන් අමතර වෙහෙසීමක් මෙන්ම දවසින් වැඩි කාලයක්ද වැය කිරීමට සිදුවේ. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. සති අන්තයේදී දූ දරුවන්ගෙන් වෙන්ම වාසය කිරීමට කටයුතු යෙදෙන බවක් පෙනේ. 
 
අය 07 - වැය 05
ජය අංකය - 04
ජය වර්ූණය - කොළ
සුබ දවස -    බ්‍රහස්පතින්දා
 
සිංහ 
අඹුසැමි විශ්වාසයට හානි 
 
පවුලේ කටයුතු පිළිබඳ වගකීම් වැඩිකරන සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3 යන භාවස්ථානවලයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියකි. එමෙන්ම හදිසි කෝපය තමාට පාඩු කීපයක් ඇති කරයි. සතිය මැද කාලයේදී අඹුසැමි විශ්වාසයට හානි සිදු වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් අමතර කාලයත්, ශ්‍රමයත් වැය කරයි. සති අන්තය වන විටදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇති වන වේදනාකාරි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවේ. 
 
අය 06 - වැය 07
ජය අංකය - 04
ජය වර්ූණය - කහ 
සුබ දවස - සඳුදා
 
කන්‍යා 
සෙම් රෝගයක් නැවත මතුකරයි 
 
සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වුවත් අමතර මුදල් වැයවීම් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ කන්‍යා ලග්න හිමි ඔබගේ කේන්දරයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 12,1,2 යන භාවස්ථානවලයි. දරුවකුගේ විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු වන අතර, කෑමෙන් බීමෙන් මෙන්ම පවුලේ අයගෙන්ද දුරස්ථව කටයුතු කිරීමට සිදුවේ. සතිය මැද කාලයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට දවසින් වැඩි කාලයක් වැය කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරන කාලයකි. 
 
අය 08 - වැය 06
ජය අංකය - 02
ජය වර්ූණය - ළා දම්
සුබ දවස -  බදාදා
 
තුලා 
පවුලේ කෙනකුගේ ජයග්‍රහණයක් 
 
විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථානවලයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියකි. දරුවකුගේ හිතුවක්කාරකමක් හේතුවෙන් ඇතිවන නොසන්සුන්කාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. වෙනදාට වඩා අතමිට මුදල් අඩුපාඩුකම් ඇති කරයි. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න . වරින්වර නිවසින් බැහැරට කටයුතු කිරිමට සිදු වන කාලයක් වන අතර, අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමටද මඟ සැලසේ. ජයග්‍රහණයක් පිළිබඳ සුබ ආරංචියක් අසන්න ලැබෙන කාලයකි. 
 
අය 06 - වැය 05
ජය අංකය - 06
ජය වර්ූණය - කොළ
සුබ දවස - සිකුරාදා
 
වෘශ්චික
නීති ගැටලුවකට මැදිවේ
 
කලබලකාරි ගතිපැවතුම් හේතුවෙන් තමාට පාඩු කීපයක් සිදු කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරන කාලයකි. වරින්වර යෝජනා ස්ථිර වීමක් කල්දැමීමට සිදුවේ. සතිය මැද කාලයේදී යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. එමෙන්ම අසල්වැසියකු නිසා නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. සති අන්තයේදී පරම්පරාගත දේපළක් සම්බන්ධ මෙතෙක් පැවැති ආරවුලකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. 
 
අය 08 - වැය 05
ජය අංකය - 04
ජය වර්ූණය - නිල්
සුබ දවස - සිකුරාදා
 
ධනු 
දරුවකු පිළිබඳ සතුටක් 
 
 ධනු ලග්න හිමි ඔබට මේ සතිය උදාවත්ම පැවැති ගැටලුකාරි බවකින් නිදහස් වීමට කටයුතු සැලසෙන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 9,10,11 යන භාවස්ථානවලයි. දරුවන්ගේ කටයුතු හේතුවෙන් පැවැති අවිවේකී බව මඟහැරී යන කාලයකි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන සතියකි. පෙම්වතුන් අතර පැවැති මතභේදකාරි බවක් මඟහැරී යන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටට පත් විය හැකි කාලයකි. සති අන්තයේදී දුර ගමන් පිළිබඳ පරිස්සම්වීම යහපත් කරයි. 
 
අය 07 - වැය 04
ජය අංකය - 09
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස -  බ්‍රහස්පතින්දා
 
මකර 
උගත් දෙයින් ප්‍රයෝජන 
 
වරින්වර උදා වන ගති මතුකරමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. මුදල් සම්බන්ධ කටයුත්තකින් තමාට නොසිතූ පාඩුවක් සිදු වීමට ඉඩ ඇත. ගේ දොර කටයුකු ක්‍රමවත් කර ගැනීම වෙනදාට වඩා වෙහෙසීමක් දැරිය යුතු බවක් පෙනේ. අමනාප වූ හිතවතකු සමඟ සුහදවීමට අවස්ථාව සැලසේ. සතිය මැද කාලයේදී උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයක් වන අතර ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන බවක් පෙනේ. 
 
අය 06 - වැය 05
ජය අංකය - 02
ජය වර්ූණය - දම්
සුබ දවස - සිකුරාදා
 
කුම්භ 
අසල්වැසි සිත් නොහොඳකමක් 
 
පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳුගේ ගමන සිදු වන්නේ 7,8,9 යන භාවස්ථානවලයි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියකි. අසල්වැසියකු නිසා සිත් නොහොඳ වීමක් ඇති වීමට ඉඩ ඇත. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. දුරගමන් අධික වන කාලයකි. ප්‍රභූ ඇසුරකට මඟ සැලසෙන කාලයක් වන අතර, අමතර ආදායම් මාර්ගයකටද කටයුතු සැලසේ. සති අන්තයේදි දුර ඥාතියකු තමා සොයාගෙන ඒමෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. 
 
අය 08 - වැය 06
ජය අංකය - 09
ජය වර්ූණය - කහ
සුබ දවස - සඳුදා
 
මීන 
තැන්පත් ධනය වැයවීමක් 
 
වරින්වර යටපත්  වූ අසනීපයක් නැවත මතුකරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8 යන භාවස්ථානවලයි. විවාහ අපේක්ෂිතයන්ට එතරම් යහපත් කාලයක් නොවන අතර යෝජනා ස්ථිර වීමක් කල්දැමීමට සිදුවේ. මෙතෙක් කරගෙන ආ ඉදිකිරීම් කටයුත්තක් අතරමඟ නවතා දැමීමට කරුණු යෙදෙන කාලයකි. සතිය මැද කාලය වනවිටදී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුත්තක් යෙදේ. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරන සතියකි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම ඇතිකරන කාලයකි. 
 
අය 07 - වැය 05
ජය අංකය - 06
ජය වර්ූණය - ළා කොළ 
සුබ දවස -  ඉරිදා
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.