මේ සතියේ ඔබට

ඔක්තෝබර් 7, 2022

 

 

මේෂ

නොසිතූ පාඩුවක්

පවුලේ ඉදිරි කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවස්ථානවලය. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වුවත් නිකරුනේ කරන වියදම් වැඩිවන බවක් ද පෙන්නුම් කරයි. දරුවන් පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. රැකියා ස්ථානය සම්බන්ධ ඇතිවන මත ගැටුමක් දුරදිග යා හැකිය. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ විවිධ ගැටලුකාරී බවක් ඇති කරයි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට නොසිතූ පාඩුවක් සිදු කරයි. සති අන්තයේ දී ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතිය යුතු බවක් පෙනේ.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 04 ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

සිංහ

ගුප්ත කටයුතුවලින් පිහිට

නොසිතූ ලෙස පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවස්ථානවලයි. නිතර පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවන සතියකි. එමෙන්ම අලංකාර බඩු බාහිරාදිය මිලදී ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූ දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක වේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

ධනු

අමතර මුදල් වැයවීමක්

 

නිතර බාහිර අලංකාරය වෙනුවෙන් ගත සිත වෙහෙසා කටයුතු කරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවස්ථානවලයි. පැරණි හිතවත්කමක් අලුත්වන කාලයකි. එමෙන්ම අමතර මුදල් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අඹුසැමි සුහදතාවයට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සතිය මැද කාලයේ දී රැකියාවේ කටයුතු සම්බන්ධව ගන්නා තීරණයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ

රැකියාවේ කටයුතුවල වෙනසක්

 

අවිවේකී ලෙස ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12,1 යන භාවස්ථානවලයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ විමසිලිමත් ලෙස කටයුතු කරන්න. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුවන සතියකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. වාහන ගනුදෙනුවක් සම්බන්ධ කටයුතු කීපයක් සාර්ථක කරන සතියකි. මවට හෝ මවුපස ඥාතියකු සම්බන්ධ සිත්තැවුලක් අසන්නට ලැබෙන කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

පොරොන්දු ගිවිසුමක් කල්දමයි

 

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. පියපස ඥාතියකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන සතියකි. තමා හමුවට එන අය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. පොරොන්දු ගිවිසුමක් කල්දැමීමට සිදුවන සතියකි. සෙම් රෝග, උගුරේ ආබාධ වැනි අසනීප තත්ත්වයන්ට ගොදුරුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. සති අන්තයේ දී අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

මකර

 

සහෝදර මත ගැටුමක්

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවස්ථානවලයි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති කාලයකි. නිතර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවේ. මවගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සිතේ අසහනයෙන් කටයුතු කරයි. සහෝදර මත ගැටුමක් දුරදිග යා හැකි කාලයකි. පවුලේ උත්සව අවස්ථාවන්ට කටයුතුª සැලසෙන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. චර්ම ගත ආබාධයක් හෝ ආහාර විෂවීමක් හේතුවෙන් හටගන්නා අසනීප තත්ත්වයකින් පීඩා ඇති කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මිථුන

දේපළ ගනුදෙනු

 

 

හදිසි කටයුතු කීපයකට සම්බන්ධ වෙමින් කටයුතු ආරම්භ කරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සොයා බැලීමක් කටයුතු සතියකි.

අසල්වැසියකු සමඟ සිදුවන බහින්බස්වීමක් දුරදිග යයි. වෙනදාට වඩා පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙන කාලයකි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. හදිස්සියේ සිදුවන දේපළ ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

තුලා

ප්‍රභූ උපකාර පතයි

ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවිය හැකි කාලයක් වන අතර මේ සතියේ තුලා ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමා නොසිතූ ගැටලුවක පැටලේ. වරින් වර ප්‍රභූ අයගේ උපකාර පැතීමට ද සිදුවන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් අමතර වෙහෙසීමක් ඇති කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. සති අන්තයේ දී පාදයේ වළලු කර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

දුර ගමන්

 

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ කුම්භ ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් ඥාති හිතවත්කම් ඇතිකරන සතියක් වන අතර, පවුලේ අය අතර බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් ද සිදුකරයි. දුරගමන් යෙදෙන කාලයකි. වාහන හුවමාරුවකට හෝ විකිණීමක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමට සිදුවේ. සතිය මැද කාලයේ දී දරුවකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. ණය ගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තුවක් සාර්ථක කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කටක

තැන්පත් ධනය වැයවීමක්

 

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ කරන කාලයක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවස්ථානවලයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවේ.

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. එමෙන්ම හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවීම වැදගත් වේ.

 

අය 06 - වැය 07

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික

 

අමතර ලැබීමක්

 

 

ගෘහ ජීවිතයේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරමින් පවතින සතියක් වන අතර වෘශ්චික ලග්න හිමි ඔබගේ කේන්දරයේ මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවස්ථානවලයි. සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වුවත් වරින් වර දරුවකුගේ නොසන්සුන්කාරී කටයුත්තක් හේතුවෙන් මානසික පීඩාවක් අත් කරයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ සිත්තැවුලක් ඇති කරයි. විවාහ ගිවිස ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවන සතියකි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතුවූවන්ට සුබදායක සතියකි. අමතර ලැබීමකට හේතුවන අන්දමේ කටයුතු කීපයකට මඟ සැලසේ. වෙනදාට වඩා කාර්යබහුල සතියකි.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

 

මීන

වගකීම් පැහැර හැරීමක්

 

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. යොදාගත් සැලසුමක් ප්‍රමාද කරන සතියකි. නොසිතූ ලෙස වංචා ප්‍රයෝගයකට හසුවීමට ඉඩ ඇති බැවින් ඇසුරු කරන්නන් පිළිබඳ කල්පනාකාරී වීම වැදගත් වේ. වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. සතිය මැද කාලයේ දී වරින් වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සති අන්තයේ දී පවුලට අලුත් සාමාජිකයෙක් එක් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.