ඔක්. 14 සිට ඔක්. 20 දක්වා

ඔක්තෝබර් 14, 2022

මේෂ - විවාහ යෝජනාවක් සාර්ථකයි

වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයක් වන අතර ගමන් බිමන් අධික වන බවක් ද පෙන්නුම් කරයි. සඳු ග්‍රහයා මේ සතියේ 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවකුගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා කැපවීමක් සිදුකළ යුතු බවක් පෙන්වයි. නිතර තනි මතයට කටයුතු කරන කාලයකි. මවට එතරම් යහපත් කාලයක් නොවන බව පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී ප්‍රමාද වූ විවාහ යෝජනාවක් නැවත සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. හදිස් දේපළ ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසෙන සතියෙකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ -හදිසි වැටීම් තැළීම්

අවිවේකී ලෙස ආරම්භවන මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12 යන භාවස්ථානවලයි. තනතුරු මාරුවක් හේතුවෙන් ඇතිවන සිතේ නොසන්සුන්තාවයක් දුරදිග යන සතියකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. එමෙන්ම මුදල් සම්බන්ධ කටයුතුවලට අත ගැසීමේ දී දුර දිග සිතා බලන්න. දරුවකුගේ ක්‍රියා කලාපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වේ.

අය 08 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - ළා කොළ

සුබ දවස - සඳුදා

 

ධනු -අඹුසැමි මතභේදයක් මඟහැරේ

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරන සතියක් වන අතර, මේ සතියේ ධනු ලග්න හිමි ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8 යන භාවස්ථානවලයි. පැවැති අසනීපයකින් සුවය හිමිකරන කාලයකි. එමෙන්ම ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් විශේෂ කැපකිරීම් කීපයක් කිරීමට සිදුවන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. දේපළ ආරවුලක් හේතුවෙන් නීති පිහිට පතයි. සති අන්තයේ දී අඹුසැමි මත ගැටුමක් සමථයකට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ-විදෙස්ගත බලාපොරොත්තුවක් ඉටුකරයි

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 1, 2, 3 යන භාවස්ථානවලයි. අතමිට මුදල් ගැවසුණත් නොසිතූ ලෙස හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර ආගමික කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. සතිය මැද කාලයේ දී කාලයක් තිස්සේ පැවැති විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අඹුසැමි විශ්වාසය බිඳ වැටෙන අන්දමේ කරුණු කීපයක් සිදු වීමට ඉඩ ඇති සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා -දරුවකුගේ අධ්‍යාපනික ජයක්

නිතර ආගම දහමට ළැදිව කටයුතු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11 යන භාවස්ථානවලයි. විශේෂ හිතවත්කමකට කටයුතු සැලසෙන සතියකි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන කාලයක් බවද පෙන්නුම් කරයි. අලුත් ව්‍යාපාරයකට නව අඩිතාලමක් ඇති කර ගන්නා කාලයක් වන අතර වැඩිහිටි අයගේ උපදෙස් යෝජනා මත කටයුතු කිරීමද වැදගත් වේ. සතිය මැද කාලයේ දී මෙතෙක් නීති ගැටලුවකට මැදිවෙමින් පැවැති දේපළක් නිදහස් කර ගැනීමට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේ දී දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - ළා දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර - වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න

ගතට සිතට පීඩාකාරී සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 5, 6, 7 යන භාවස්ථානවලයි. මෙතෙක් පැවැති ලැබීම්වලට බාධාකාරී බවක් ගෙනදෙන කාලයකි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනසකට ලක් කරයි. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිනිමත් වන්න. සතිය මැද කාලයේ දී දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් සිදු වීමට ඉඩ ඇති කාලයකි. සති අන්තයේ දී යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් ව කටයුතු කරන්න.

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - ළා කහ

සුබ දවස - සිකුරාදා

 

මිථුන-පාදයේ ආබාධයක්

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2 යන භාවස්ථානවලයි. අමතර මුදල් ලැබීමක් කෙරෙහි විමසිලිමත් විය යුතු කාලයකි. දුර ඥාතියකුගේ හමුවීමක් තුළින් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. සතිය මැද කාලයේ දී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ණය ගනුදෙනුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. වරින් වර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

තුලා -ගුප්ත කටයුතුවලින් පිහිට පතයි

මෙතෙක් අතපසුවෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8, 9, 10 යන භාවස්ථානවලයි. වැඩිහිටි විරෝධතාවය මත ගොඩනැඟුණු පෙම් සබඳතාවකට පවුලේ ආශිර්වාදය හිමිවන ලකුණු පෙන්නුම් කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. එහෙත් තමාට පාඩු ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත.

නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයක් බවද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී වාහන ගනුදෙනුවකට අත ගැසීමට අවස්ථාව සැලසෙන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කුම්භ -සෙම් රෝගයක් නැවත මතුකරයි

කලක සිට පැවැති බලාපොරොත්තුවක් ඉටු වන සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයේ සඳුගෙ ගමන සිදු වන්නේ 4, 5, 6 යන භාවස්ථානවලයි. අලුත් බැඳීම්වලට කටයුතු සැලසෙන සතියකි. දරුවකුගේ දුරස්වීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. වගකීම් බහුල වන කාලයකි. අත්වැරදීමක් හේතුවෙන් තමාට පසුතැවිලිවීමට සිදුවන බවක් පෙන්වයි. යටපත් වූ සෙම් රෝගී තත්ත්වයක් නැවත මතු කරයි. ගේ දොර අඩුපාඩුකම් කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දැරීමට සිදුවේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සති අන්තයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක් කරයි.

අය 07 - වැය 03

ජය අංකය - 07

ජය වර්ූණය - ළා කොළ

සුබ දවස - බදාදා

 

කටක -ප්‍රභූ අය හා ඇසුරට

මෙතෙක් යොදාගත් සැලසුමක් වෙනසකට ලක්කරමින් සතිය ආරම්භවන කටක ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 11, 12, 1 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. මවුපස ඥාතියකු පිළිබඳ සිත කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ. ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්කරන කාලයක් වන අතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් ද පෙන්නුම් කරයි. වෙනදාට වඩා පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සොයා බලා කටයුතු කරන්න.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

වෘශ්චික - දානමය කටයුත්තක්

මනසට පීඩාකාරී සැලසුමක් හේතුවෙන් යොදාගත් කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 7, 8, 9 යන භාවස්ථානවලයි. සහෝදර සිත් අමනාපකමක් දුරදිග යෑමෙන් ගැටලු කීපයක් මතුකරයි. වෙනදාට වඩා මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සතිය මැද කාලයේ දී උගුර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ. පවුලේ දානමය කටයුත්තක් පිළිබඳ සැලසුමක් සාකච්ඡා කර ගන්නා කාලයකි. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන-ආගමික කටයුතුවලට නැඹුරුවක්

අලුත් බැඳීමකට හේතු ඇතිකරන සතියක් වන අතර, මේ සතියේ මීන ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 3, 4, 5 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන කාලයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. එහෙත් විසිතුරු බඩුබාහිරාදිය පිළිබඳ තදබල ඇල්මක් ඇතිකරයි. නිතර හටගන්නා කොන්දේ අමාරු තරමක හෝ පීඩාකාරී බවක් ඇති කරයි. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියක් වන අතර දරුවකු පිළිබඳ වෙනදාට වඩා සොයාබැලීමක් කළ යුතු බවක් පෙන්වයි. දුර ඥාතියකුගේ පැමිණීමක් තුළින් මතුවන ගැටලුකාරී බවක් දුරදිග යයි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.