මේ සතියේ ඔබට

ඔක්තෝබර් 21, 2022

ඔක්. 21 සිට ඔක්. 27 දක්වා

 

මේෂ

රැකියාවේ ගැටලු

 

දුර ගමන් යෙදෙන සතියක් වන අතර, නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක්ද යෙදෙන බවක් පෙනේ. මේ සතියේ ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා පවුලේ ගැටලු කීපයක් ඇති වීමෙන් තීරණ කීපයක් වෙනස් කිරීමට සිදු වේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන සතියකි. නොසිතූ ලෙස රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලු කීපයක් පැන නැඟේ. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. සති අන්තයේදී උරහිස ආශි‍්‍රතව ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 07 ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

වෘෂභ

සහෝදර සිත්තැවුලක්

 

මානසික අසහනකාරී බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. අඹුසැමි මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. වරින්වර මවට අසුබදායක බවක් ඇති කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි.

වෙනදාට වඩා දරුවන් පිළිබඳ සැලකිලිමත් වන්න. වරින් වර ගේ දොර අඩුපාඩුකම් මතු කරන සතියකි. සති අන්තයේදී පවුලේ වැඩිමහල් සහෝදරයකු සමඟ සිත්තැවුලක් ඇති වීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

 

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මිථුන

නොගැළපෙන ඇසුරක්

 

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. වරින් වර නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. විදෙස් ගමන් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරයි.

දුර ඥාතියකුගෙන් උපකාරයක් හිමි විය හැකි කාලයකි. නොගැළපෙන ඇසුරකට සිත යොමු වීමට ඉඩ ඇති බැවින් එකිනෙකා ඇසුරේදී කල්පනාකාරි විය යුතු බවක් පෙනේ.

 

 

අය 08 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

කටක

ප්‍රභූ අය හා ඇසුරට

 

 

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන සතියකි. දරුවන්ගේ කටයුතු හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදු වේ.

නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ප්‍රභූ අය ඇසුරට මඟ සැලසෙන කාලයක් වන අතර, නම ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක්ද යෙදේ. සති අන්තයේදී මවු පාර්ශ්වයේ ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්නට ලැබෙන බවක් පෙනේ.

 

 

අය 08 - වැය 07

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

 

ඥාතියකුට අපලයි

 

අවිවේකී වුවත් සැනසිලිදායක ලෙස සතිය ආරම්භ කරන සතියක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන සිදු වන්නේ 1,2,3 යන භාවස්ථානවලයි. විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප වී යාමෙන් මතුවන සිත්තැවුලක් දුරදිග යන බවක් පෙන්නුම් කරයි. පවුලේ කටයුතු සම්බන්ධයෙන් වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. පවුලේ ළඟම ඥාතියකුට අපල සහගත බවක් ඇති කරන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක බලාපොරොත්තු ඇති කරගත හැකි බවක් පෙන්නුම් කරයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාර හිමි වන සතියකි. මවගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

කන්‍යා

පාදයේ ආබාධයක්

 

 

පොත්පත් ලිපි ලේඛන කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් දැක්විය යුතු සතියක් වන අතර, මේ සතියේ ඔබේ කේන්දරයේ සඳුගේ ගමන සිදු වන්නේ 12,1,2 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියක් වුවත්, නොසිතූ ලෙස වැයපස අධික වන අන්දමේ කටයුත්තක් සිදු වීමටද ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. පාදයේ වළලුකර ආශි‍්‍රතව ඇතිවන ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. දරුවකුගේ ඉදිරි සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි.

 

 

අය 06 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

තුලා

 

ඥාති උපකාරයකට අවස්ථාවක්

 

අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි. පියපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට අවස්ථාවක් සැලසේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයක් වන අතර, ගුප්ත කටයුතුවලින් ද පිහිට පතන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී ගෘහ ජීවිතයේ කටයුතු කීපයකට අවහිරතා මතුකරන කාලයක් බව පෙන්නුම් කරයි. සති අන්තයේදී වෙනදාට වඩා තමා ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

 

 

වෘශ්චික

දේපළ ගැටලුවක්

 

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. හදසි තීරණයක් හේතුවෙන් ඇතිවන නොසන්සුන්කාරී බව දුරදිග යන කාලයකි. වාහන ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ අවුලකට පැටලේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු සැලසෙන සතියකි. නොසිතූ ලෙස දූ දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. සතිය මැද කාලයේදී පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර යන එන ගමන් පිළිබඳ විමසිලිමත් වන්න. රැකියාවේ ස්ථාන මාරුවක් සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

ධනු

හදිසි වියදම්

 

හදිසි තීරණයක් නිසා තමා නොසිතූ ගැටලුවකට මැදි කරන අතර, මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳුගේ චාරය 9,10,11 යන භාවස්ථානවල සිදුවනු ලබයි. හදිසි වියදම් කීපයක් දැරීමට සිදු වන සතියකි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ පාඩු කීපයක් විඳීමට සිදු වේ. දරුවකුගේ නොමනා හැසිරීමක් තුළින් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. සතිය මැද කාලයේදී විවාහ යෝජනාවකට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ වැඩිහිටියකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදු කර ගන්නා කාලයකි. වරින් වර ඇති කරන සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ගෙන දෙන බවක් පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

මකර

 

පැරණි හිතවතකුගේ හමුවීමක්

 

 

වගකීම් බහුල කරන සතියක් වන අතර, මේ සතියේ ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10 යන භාවස්ථානවලයි. නිතර මනසට පීඩා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ වැඩිහිටියකුගේ ක්‍රියා කලාපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. පැරණි හිතවතකුගේ හමුවීමක් තුළින් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදු වේ. බාහිර අලංකාරය පිළිබඳ වෙහෙසෙන කාලයකි. පවුලේ දියුණුව වෙනුවෙන් ගත් පියවර කීපයක් වෙනස් කිරීමට සිදුවන බවක් පෙන්වයි. සති අන්තයේදී අජීර්ණ ආබාධයක්ද හේතුවෙන් පීඩා ගෙන දෙන අතර, නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.

 

 

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

කුම්භ

 

අමතර ආදායම්

 

දුරදිග බලා ගන්නා තීරණ කීපයක් සාර්ථක කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථානවලයි. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතීමට සිදු වන සතියකි.

අලුත් ඥාති සබඳතාවලට කටයුතු සැලසෙන සතියකි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබෙන කාලයකි. සතිය මැද කාලයේදී අමතර ආදායම් මාර්ග සැලසෙන අතර, නිතර නිවසින් පිට කටයුතු කිරීමටද අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුතු කීපයකට අතගැසීමට අවස්ථාව සැලසේ. ප්‍රභූ අයගේ උපකාර හිමි කරන සතියකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන

විශ්වාසය බිඳවැටීමක්

 

වගකීම් බහුල කරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8 යන භාවස්ථානවලයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් ඇතිවන සිතේ නොසන්සුන්තාවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. සහෝදරයකු සමඟ සිදු කර ගන්නා මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. සතිය මැද කාලයේදී වරින් වර හටගන්නා වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. රැකියා ස්ථානයේ ඇතිවන ගැටලුවක් දුරදිග යන සතියකි. සති අන්තයේදී මවු පාර්ශ්වයේ ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදු වන බවක් පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.