නොවැ. 04 සිට නොවැ. 10 දක්වා

නොවැම්බර් 4, 2022

මේෂ - සහෝදර මතගැටුමක්

අවිවේකී මෙන්ම ඇවිදිලි වැඩි කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදුවන්නේ 11,12,1 යන භාවස්ථානවලයි. හිතුමතයට සිදු කරන කටයුතු කීපයක් හේතුවෙන් නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. සහෝදර මතගැටුමක් දුරදිග යන අන්දමේ කටයුතු කීපයක් සිදු වීමට ඉඩ ඇත.

හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන අවිවේකී බව මඟහැරී යන බවක් පෙන්වයි. වෙනදාට වඩා නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ - ගනුදෙනුවකට නීති පිහිට

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. යෝජනා ස්ථිරවීමක් කල් දැමීමට සිදුවන සතියකි. වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර ඇසුරු කරන කෙනකු නිසා කරදරයකට පැටලීමට ඉඩ ඇත. වරින්වර හට ගන්නා පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලේ කෙනකු සමඟ සිදුකරගත් ගනුදෙනුවක් හේතුවෙන් නීතියේ පිහිට පතයි. යටපත්වූ සෙම් රෝගයක් නැවත මතුකරන කාලයකි. මවගේ කටයුතු වෙනුවෙන් කැපවී සිටීමට සිදුවන බවක් පෙන්වයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

ධනු - සහෝදර උපකාරයක්

වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් වැඩිකරන කාලයක් වන අතර මේ සතිය ඔබට මිශ්‍රඵලදායක ලෙස ගෙවී යයි. ඔබගේ ලග්නයට අනුව සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථානවලයි. අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික කරන කාලයකි. එමෙන්ම ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදු කරයි. තැන තැන ඇවිදිලි ඇතිකරන කාලයකි. විවාහය සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. කල්ගත වූ ණය මුදලක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන අතර සහෝදර උපකාරයක් තුළින් අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට මාර්ගය පෑදෙයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ-උගුර ආශි‍්‍රත ආබාධයක්

හදිසි ආදායම් මාර්ග කීපයකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථානවලයි. එදිනෙදා කටයුතුවලට අවහිරතා මතුකරන සතියකි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනසකට ලක්කරයි. ආගමික කටයුතු උදෙසා වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරන කාලයකි. සතිය මැද කාලයේදී උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි නැතිවීම් අමතක වීම් වැනි දේවල් හේතුවෙන් පාඩු සිදුකරන අතර තමා සතු බඩුබාහිරාදිය වෙනදාට වඩා ආරක්ෂා කරගත යුතු කාලයකි. වාහන ගමන්වලින් පරිස්සම් වන්න.

අය 09 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

කන්‍යා - තැන්පත් ධනය වැයවීමක්

විශේෂ ගනුදෙනුවකට කටයුතු සැලසෙන සතියකි. මේ සතියේ ඔබේ කේන්දරයකට අනුව සඳුගේ ගමන සිදුවන්නේ 6,7,8 යන භාවස්ථානවලයි. නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදි වෙනදාට වඩා කල්පනාකාරි වන්න. විවාහය සම්බන්ධ තීරණයක් කල්දැමීමට සිදුවන සතියකි. පාදයේ වළලුකර ආශි‍්‍රත හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අමතර සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සති අන්තයේදී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - ළා දම්

සුබ දවස - බදාදා

 

මකර -වාහන ගනුදෙනුවක්

වරින්වර ඇතිවන මානසික අසහනය ද සිත් කලකිරීම් ද ඇති කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලයි. හදිසි ගමනකට කටයුතු සූදානම් වන කාලයකි. දරුවකුගේ කටයුතු කීපයක් අතපසුවීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. ඥාති හිතවත්කම් අලුත්කරන කාලයකි. වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිව තිබූ ගැටලුදායක තත්ත්වයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. සති අන්තයේදි හදිස්සියේ යෙදෙන වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ.

අය 05 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

මිථුන-හදිසි වැටීම් තැළීම්

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන ස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ගතට සිතට පීඩාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවිය හැකි සතියකි. පවුලේ කටයුතු වෙනුවෙන් ඇති උනන්දුව අඩු වී යන බවක් පෙන්නුම් කරයි. අමතර ලැබීම්වලට බාධා ගෙන දෙන අතර මෙතෙක් කරගෙන යමින් සිටි කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය හා ඇසුරට කටයුතු යෙදේ. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

තුලා -ශාස්ත්‍රීය කටයුත්තකට ප්‍රශංසා

පියපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරන සතියකි. එහෙත් ගේ දොර කටයුතු කෙරෙහි ඇති වන අවිවේකී බව හේතුවෙන් යොදාගත් සැලසුමක් ප්‍රමාද වන ලකුණු පෙන්නුම් කරයි. නිතර තම අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. ශාස්ත්‍රීය කටයුත්තකින් ප්‍රශංසා හිමිවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටදී යටිබඩ ආශි‍්‍රත ඇතිවන අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ -නොගැළපෙන ඇසුරක්

ලැබීම් අතින් යහපත් සතියක් වුවත්, වැයපස අධික කරන කාලයක් වන අතර, සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3 යන භාවස්ථානවලයි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස්වීමට කටයුතු සැලසෙන සතියකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. හදිසි කෝපය තමාගේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනෙස් කරයි. සමිති සමාගම්වල නිලතල දැරීමට කටයුතු සැලසෙන කාලයකි. සති අන්තයේදි වෙනදාට වඩා වියදම් පක්ෂය බවක් පෙන්නුම් කරයි. නොගැළපෙන ඇසුරකට සිත යොමුවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

අය 07 - වැය 08

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

කටක -රැකියාවේ ස්ථාන මාරුවක්

පවුලේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයට අනුව සඳුගේ ගමන සිදුවන්නේ 8,9,10 යන භාවස්ථානවලයි. හදිස්සියේ සිදුවන දේපළ ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසෙන සතියකි.

එමෙන්ම ගේදොර පිළිසකර කිරීමක් සම්බන්ධ කටයුතු කීපයකට අතගැසීමට මඟ සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන මාරුවක් හිමිකරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී විය යුතු සතියකි. තමා ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදු කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

වෘශ්චික-විවාහ බලාපොරොත්තුවක්

විශේෂ සැලසුමකට අතගැසීමට කටයුතු උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 4,5,6 යන භාවස්ථානවල සිදුවනු ලබයි. පවුලේ ඉදිරි සැලසුමක් සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයකි. මේ කාලය අවිවේකී වුවත් පවුලේ දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වන බවක් පෙන්නුම් කරයි. විදෙස් ගමන් සඳහා සූදානම් වන අය මේ පිළිබඳ කටයුතුවලදී කල්පනාකාරි වන්න. විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා දුර ගමන් යෙදෙන කාලයක් වන අතර, ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණුද පෙන්නුම් කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ළා කොළ

සුබ දවස - බදාදා

 

මීන-දේපළ ගැටලුවක්

වෙනදාට වඩා උදාසීන ගති පැවැතුම් ඇති කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. මඟතොට හමුවන කෙනකු නිසා ඇතිවන ගැටලුවක් දුරදිග යා හැකියි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. උත්සාහයේ තරට ප්‍රතිඵල නොලැබෙන කාලයකි.

නිතර පිදංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. සතිය මැද කාලයේදි පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවකට මුහුණ පෑමට සිදුවේ. සති අන්තයේදි පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ශාරීරික වෙහෙසීම් ඇතිකරන සතියකි.

අය 05 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.