වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
මීන ලග්න හිමි ඔබගේ ගතිගුණ

මීන ලග්න හිමියා අතිශයින්ම කාරුණික සුහද හදක් ඇති යහපත් කෙනෙකි. දයාව අනුකම්පාව නිසාම අන්‍යයන්ට කායිකවත් මානසිකවත් උපකාර කිරීමට සූදානම් වී සිටී. තමා සමීප හිතමිතුරන්ට උපකාර වන අතර ඔවුන්ගේ හිතසුව පිණිස බොහෝ ආධාර උපකාර කරන සුළුය.
අන් අයගේ වැරැදි එකවර නොපෙන්වා උපක්රමශීලීව ඔවුන්ට මානුෂික පදනම මත පිහිටා පැහැදිලි කර දීමේ සමතුන් ය. කලා නිර්මාණ කටයුතුවල නිරත වන අතර මහා සෞන්දර්යවාදීන් ය. සාමූහිකව ජීවත්වන බව පැහැදිලි ය. හැඟීම්බර ආවේගයන් දරා ගැනීමේ පූර්ණ ශක්තියක් ඇති ය. ඕනෑම අන්දමේ වැඩකටයුතු කිරීමේ ජන්ම ශක්තියකින් යුක්ත වේ. වගකීම් සහිතයි. අවංකව ජීවත් වනු ඇත.
පවුලේ අය සමඟ ඉතාම සහයෝගයෙන් වැඩ කරන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතය හාරා අවුස්සා නොලබයි. සැකයක් නැතිව ඇසුරු කරයි. මිල මුදල් ඉතිරි කිරීමේ තදබල ආසාවක් තිබේ. ආර්ථිකමය ශක්තියකින් පිරිපුන් ය. පාරම්පරික දේපළ හිමි වන බැව් පෙනේ.
ආදරය, ආලය, සෙනෙහස ගැන වඩාත් උනන්දු වන්නේ ය. පෙම් සබඳතාවලදී හරිම නම්‍යශීලී ය. අනෙකාගේ පැත්ත ගැන විශ්වාසයෙන් යුතුව බලයි. ත්යාගීවන්තකමේ ද ප්රතිමූර්තියකි. තමාගේ යුතුකම් හරිහැටි ඉටුකරයි. කිසිම අයකු සමඟ උරණවීමක් ඇති නොකරගනී.
සතුරකුට වුවත් ද්‍රෝහිකම් නොකරයි. වඩා සංවේදී නිසා පාඩු විඳීමට සිදුවේ. දුර්වලකමක් ලෙස දැක්විය හැක්කේ අන්‍යයන් ඕනෑවට වඩා විශ්වාස කරන්නට යෑමෙන් තමාට විශාල ලෙස පාඩු විඳීමට සිදුවීමයි. තමා අවංක වූ නිසාම අන්‍යයන්ද එලෙස තමා වෙත හාදකම් පැවැත්වීමේ දී තමාට පාඩු සිදුකරන වංචනික ක්රමයන්ට හසුවේ. පසුතැවිලිවලට මුහුණපායි.
විවාහයේ දී පෙම් සබඳතාවයකට මුහුණදෙයි. මිථුන, කන්‍යා, තුලා, මීන යන ලග්න හිමියන් වඩාත් ගැළපේ. ගුරු පාලක ග්‍රහයා බැවින් මීන ලග්න හිමියා උපතින්ම බුද්ධිමත් ය. අදහස් අලෙවිකර ජීවත් වන්නෙකි. මහා දාර්ශනිකයින් ද වේ. සමාජයේ උසස් තනතුරු දරයි. විශාල ධනයක් ද මැදිවියේ ළඟා කර ගනී. යුගදිවිය අති සාර්ථකව ගෙවන අතර සහකරුවාගේ හෝ සහකාරිය ඉතාම බුද්ධිමත් අයෙක් වේ. දික්කසාද වීමද අඩුයි. නමුත් කේන්ද්‍රයේ 7 වැන්නේ ගුරු (බ්‍රහස්පති) සිටීම තරමක අයහපත් වන්නේ මැදිවියට ළඟා වන්න අධ්‍යාත්මික ලෝකෝත්තර පැත්තට හැරෙන බැවින් ය. එය විවාහයට එතරම් සුබවාදී නැත.
ලෝපතළ අය - ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්, කෙනඩි වික්ටර් හියුගෝ, එළිසබෙත් ටේලර්, මයිකල් ඇන්ජිලෝ