මේ සතියේ ඔබට

නොවැ. 11 සිට නොවැ. 17 දක්වා
නොවැම්බර් 11, 2022

 

මේෂ

අලුත් දැන හැඳුනුම්කම්

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ පැවැති කලබලකාරී බව තරමක් දුරට මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දරන වගකීම් වැඩි කරයි.

රැකියා ව්‍යාපාර කටයුතුවල පසුබෑමක් පෙන්නුම් කරයි. වරින් වර පවුලේ වැඩිමහල් දරුවකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. අලුත් දැන හැඳුනුම්කම්වලට මඟ පෑදෙන සතියකි. සති අන්තයේදී මුත්‍රාගත ආබාධයක් හේතුවෙන් පීඩා ගෙන දෙයි.

 

අය 07 - වැය 04

ජය අංකය - 09 ජය වර්ණය - ළා නිල්

සුබ දවස - බදාදා

 

වෘෂභ

අලුත් රැකියාවක්

 

 

නිතර මානසික අසහනකාරී කටයුතු කීපයකට මුහුණපෑමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව 1,2,3,4 යන භාවස්ථානවල සඳුගේ ගමන සිදුවෙයි. මෙතෙක් ප්‍රමාදතාවයක් සිදු කළ විදෙස් ගමනක් සාර්ථක වීමේ අවකාශයක් ඇත. අලුත් රැකියාවකට සම්බන්ධ වීමේ මාර්ගය පෑදෙන කාලයකි. වරින් වර හට ගන්නා සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් මතු කරයි. ගෘහ ජීවිතයේ කටයුතුවලදී යම් යම් වෙනස්කම් කීපයක් සිදු වීමට ඉඩ ඇත. වරින් වර ආගමික සහන පතා විවිධ පුද පූජා පැවැත්වීමට සිත පෙලඹේ. දරුවකුගේ හිතුවක්කාරකමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

 

මිථුන

 

අමතර මුදල් වැය වීම්

 

 

අමතර මුදල් ලැබීම්වලට බාධාකාරී බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව 12,1,2,3 යන භාවස්ථානවල සඳුගේ ගමන සිදුවෙයි. වරින් වර වැය පස අධික වන අන්දමේ කටයුතු කීපයකට මුහුණපෑමට සිදු වෙයි. උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදු කරයි. රැකියා ස්ථානයේ පැවැති ගැටලුකාරී බවක් මඟහැරී යයි. එහෙත් පවුලේ සුහදතාවයට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර තමා යන එන ගමන් පිළිබඳ කල්පනාකාරි වන්න. සතිය මැද කාලයේදී තුනටිය ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. රාත්‍රී ගමන් බහුල කරන සතියකි.

 

 

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

කටක

 

දෝෂාරෝපණයට ලක්කරයි

 

 

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර කටයුතුවල විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර තමාට පවුලේ අයගේ දෝෂාරෝපණයන්ට ලක්වීමට සිදු වේ. දරුවකුගේ හදිසි දුරස් වීමක්, තමාට මානසික අසහනය ඇති කරයි. වෙනදාට වඩා වැය පස අධික කරන කාලයකි. සතිය මැද කාලයේදී කොඳු ඇට පෙළ ආශි‍්‍රත ඇති කරන ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදු වේ. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතීමට සිදු වන කාලයකි. මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන සතියකි.

 

අය 08 - වැය 07

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

 

ගුප්ත කටයුතුවලින් පිහිට

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් අතරමඟ නවතා දැමීමට සිදුවන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේත් සිංහ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. දරුවකුගේ හිතුවක්කාර තීරණයක් තමාට සිතේ අසහනය ඇති කරයි. ආමාශගත ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදු වන සතියකි.

 

 

 

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - රෝස

සුබ දවස - බදාදා

 

කන්‍යා

දරුවකුගේ අධ්‍යාපන ජයක්

 

 

මේ සතියේ සඳු ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන මතිනි. නිතර පිනට දහමට ළැදිව කටයුතු කරන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ළඟම හිතවතකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදු කර ගැනීමට මඟ සැලසෙන බවක් පෙන්නයි. සමාජසේවා කටයුතු කෙරෙහි දවසින් වැඩි කාලයක් යොදවන බවක් පෙනේ. සතිය මැද කාලයේදී හදිසි අසනීපයක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදු වේ. දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවේ. දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. අසරණ පවුලකට උදවු උපකාර කිරීමට අවස්ථාව සැලසේ.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

තුලා

දුර ගමන්

 

 

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථානවලයි. වරින් වර ගැටලු කීපයකට මුහුණපෑමට සිදු වුවත් යොදාගත් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. දුර ගමන් යෙදෙන සතියකි.

මඟ තොට හමුවන හිත මිතුරකු නිසා කරදරයට පැටලීමට ඉඩ ඇත. එමෙන්ම තමා සතු බඩුබාහිරාදිය පරිස්සම් කර ගත යුතු කාලයක් වන අතර, අමතක වීම් අතපසු වීම් ආදිය ද සිදුවිය හැකි කාලයකි. පවුලේ දානමය කටයුත්තකට සැලසුමක් ඇති කර ගනී.

 

 

 

අය 06 - වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘශ්චික

 

දේපළ ගනුදෙනුවක්

 

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9 සහ 10 වැන්න තුළයි. මෙතෙක් අවිවාහකව සිටි අයට හදිසි මංගල යෝජනාවකට මුහුණදීමට සිදු වේ. එමෙන්ම මෙතෙක් මනසට පීඩා ගෙන දුන් ගැටලුවකින් නිදහස් වීමට කටයුතු සැලසේ. හදිසි දේපළ ගනුදෙනුවකට අවස්ථාව සැලසෙන සතියකි.

එහෙත් සතිය මැද කාලය ගෘහ ජීවිතයේ තරමක නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කරයි. ඉවසීම අඩු, ඉක්මන් කෝපයට පත්වන අවස්ථා මතු කරයි. විදෙස් ගමනක් පිළිබඳ පැවැති බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවන සතියකි.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

ධනු

වගකීම් වැඩි කරයි

 

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ කරන අතර, මේ සතිය ආරම්භයේදී ඔබේ ලග්නයේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන තුළ ගමන් කරයි. පැවැති අසනීපකාරි බවකින් සුවය හිමි කරන කාලයකි. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරයි. අලුත් සාමාජිකයෙක් එක්වන කාලයකි. රැකියාවට අමතර ආදායම් කීපයකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පවුලේ වගකීමක් තමා පිට පැවරෙන බවක් පෙන්නුම් කරයි. අලුතින් දැනහඳුනාගත් හිතවතකු නිසා අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරයි. වෙනදාට වඩා දරුවන් පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

මකර

 

සිතේ නොසන්සුන්බවක්

නිතර ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු ආරම්භ වන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේදී සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යොදාගත් සැලසුම්වල ප්‍රමාදතාවයක් සිදු වීමට ඉඩ ඇත.

නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරන අතර, පවුලේ ඇති වන ආරවුල්කාරී බවක් දුරදිග යන ලකුණුද පෙන්නුම් කරයි. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි. හදිසි වාහන ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - ළා නිල්

සුබ දවස - සඳුදා

 

 

කුම්භ

 

බලාපොරොත්තු ඉටුවේ

 

වෙනදාට වඩා වැඩ කටයුතු අධික වන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 4,5,6,7 යන භාවස්ථානවල සිදුවනු ලබයි. ගේ දොර කටයුතු පිළිබඳ විශේෂ වෙනස්කම් කීපයකට මඟ සැලසේ. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. නව රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි.

හදිසි ගනුදෙනුවක් හේතුවෙන් පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට අවස්ථාව සැලසේ. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. සති අන්තයේදී සමාජ සේවා කටයුතුවලින් අලුත් නිලතල හිමි කරයි.

 

 

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

මීන

 

අලුත් ආදායම්

 

 

වරින් වර උදාසීන ගතිපැවතුම් ඇති කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවලද ගමන් කරයි. ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික කරන කාලයකි. අලුත් ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසේ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමට ඉඩ ඇති බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුත්තකින් විශේෂ වාසි කීපයක් සැලසේ. අලුත් දැන හැඳුනුම්කම්වලට හේතු ඇති කරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකියි. එදිනෙදා කටයුතු අධික කරන කාලයක වන අතර, බර වැඩ කිරීමෙන් වැළැකී සිටීම යහපත් කරයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.