ලග්න පලාපල

නොවැ. 18 සිට නොවැ. 24 දක්වා
නොවැම්බර් 18, 2022

 

 

මේෂ

වගකීම් වැඩි කරයි

 

යොදාගත් සැලසුමක වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට සරු වුවත් හදිසි වියදමක් දැරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දු වීම වැදගත් වේ. රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලු කීපයක් මතු කරයි. පවුලේ වැඩිහිටියකුගේ වගකීම් තමා පිට පැවරෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 04 ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

කොන්දේ අමාරුවක්

 

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන අතර, මේ සතියේ වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවස්ථානවලයි. හදිසි ලැබීම්වලට ඉඩ ඇති කාලයකි. මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි විදෙස් ගමනක් පිළිබඳ කටයුතු කීපයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. මවගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ඥාතියකු සමඟ සිදුවන බහින්බස් වීමක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. සති අන්තයේ දී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතුවල දී පරිස්සම් වන්න.

 

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

මිථුන

සහෝදර බැඳීම් වැඩි කරයි

 

වෙනදාට වඩා අතමිට සරු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවස්ථානවලයි. සැනසිලිදායක ලෙස ගෘහ ජීවිතයේ කටයුතු කීපයක් සිදු කර ගැනීමට මඟ සැලසේ. සහෝදර බැඳීම් තහවුරු වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

නිතර තමා හමුවීමට එන කෙනකුගෙන් උපකාරයක් හිමි කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවෙන් මෙන්ම වගකීමෙන් කටයුතු කළ යුතු කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

කටක

රැකියාවේ ස්ථාන මාරුවක්

 

පවුලේ කටයුතු පිළිබඳ පැවැති උනන්දුව අඩු වී යන කාලයක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 2, 3, 4, 5 යන භාවස්ථානවලයි. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අයට වෙනදාට වඩා සුබදායක කාලයකි. පවුලේ අයගේ උදවු උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. යෝජනා ස්ථිර වීමක් කල් දැමීමට සිදු වෙයි. සතිය මැද කාලයේදී රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන මාරුවක් සිදු වීමට ඉඩ ඇත. එමෙන්ම නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. අඹුසැමි මතභේදයක් දුරදිග යෑමෙන් ගැටලු කීපයක් මතු කරයි.

 

 

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

සිංහ

තැන්පත් ධනය වැය වීමක්

 

පවුලේ කටයුතු සම්බන්ධ අමතර වෙහෙසීමක් සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වන සතියකි. සතිය මැද කාලයේ දී තැන්පත් ධනය වැය වීමක් සිදු කරයි. ඉඩකඩම් සම්බන්ධ ගනුදෙනුවකින් වංචාවකට හසුවීමට ඉඩ ඇත. දරුවකුගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. අඹුසැමි විශ්වාස බිඳවැටීමක් සිදු වීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා කේන්ති යන බවක් පෙන්නුම් කරයි. අසල්වැසියකු සමඟ වචන හුවමාරුවක් හේතුවෙන් මතුවන මතභේදයක් දුරදිග යයි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සඳුදා

 

කන්‍යා

 

දේපළ ගැටලුවක් නිරවුල්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවස්ථානවලයි. නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවන සතියකි. එමෙන්ම කල්ගත වූ ණය ගනුදෙනුවකින් නිදහස් වීමටද කටයුතු සැලසේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. නිතර හටගන්නා කොන්දේ වේදනාවක් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. පරම්පරාගත දේපළක් සම්බන්ධ මතුව තිබූ ගැටලුවකින් නිදහස් වීමට මඟ සැලසේ. මේ සතියේ සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවන අතර, ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

 

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ණය - ළා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

 

වාහන ගනුදෙනුවක්

 

සැනසිලිදායක ලෙස උදාවන මේ සතියේ තුලා ලග්න හිමි ඔබගේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවස්ථානවලයි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස් වීමට කරුණු සැලසෙන සතියකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. මෙතෙක් පැවැති අසනීපයකින් සුවය හිමි කරන බවක් පෙන්නුම් කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. වාහන ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී දතක හටගන්නා ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. ප්‍රමාද වූ ණය මුදලක් හිමි වන ලකුණු පෙන්නුම් කරයි.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික

 

අලුත් දේ මිල දී ගැනීමක්

 

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සතිය ආරම්භය ඔබට මිශ්‍රඵලදායක බවක් අත් කරයි. මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවස්ථානවලයි. පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙහෙස මහන්සියක් සිදු කළ යුතු කාලයකි. අලුත් බඩු බාහිරාදිය මිල දී ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදු කරයි. විවාහය පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සහෝදර බැඳීම්වලට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. අඹුසැමි මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - ළා දම්

සුබ දවස - බදාදා

 

 

ධනු

 

දරුවකුගේ ජයග්‍රහණයක්

 

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10,11,12 යන භාවස්ථානවලයි. මෙතෙක් මනසට පීඩාවක් ගෙන දුන් පවුලේ ගැටලුවක් සමථයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් පෙන්වන කාලයකි. අමතර ආදායම් මාර්ග කීපයකට මඟ සැලසෙන සතියකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. සතිය මැද කාලයේ දී ගේ දොර අලුත්වැඩියාවකට කටයුතු උදා කරයි. සති අන්තයේ දී දරුවකුගේ විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට අවස්ථාව උදාකරයි.

 

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

 

සැලසුමකට අවහිරතා

 

 

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් යෙදෙමින් පවතින සතියක් වන අතර, මේ සතිය ආරම්භය ඔබට මිශ්‍රඵලදායක බවක් අත් කරයි. මකර ලග්න හිමි ඔබගේ ලග්නයට අනුව සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවස්ථානවලයි. යොදාගත් සැලසුම් කීපයකට නොසිතූ අවහිරතා කීපයක් මතු කරයි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් පසුවන කාලයකි. තමා කරන කියන කටයුතුවලට පවුලේ අයගේ විරෝධතාවය ගෙන එන බවක් පෙන්වයි. සතිය මැද කාලයේ දී උගුර ආශි‍්‍රත ආබාධයක් හෝ පපුවේ දැවිල්ලක් සම්බන්ධ ආබාධයකින් පීඩා ඇති කරයි.

 

අය 07 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - ළා දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කුම්භ

අලුත් රැකියා මාර්ගයක්

 

 

මෙතෙක් පැවැති වගකීමකින් නිදහස අත් කරමින් උදා කරන මේ සතියේ සඳුගේ ගමන සිදු වන්නේ 7, 8, 9, 10 යන භාවස්ථානවලයි. විවාහ අපේක්ෂිතයන්ට පැවැති ගැටලු කීපයක් සුබදායක ලෙස නිරවුල් කර ගැනීමට හැකි වෙයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. සතිය මැද කාලය හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න. අලුත් රැකියා මාර්ගයකට හිමිකම් ඇති කාලයකි. සති අන්තයේ දී දරුවකුගේ කටයුතු වෙනුවෙන් අතහිත දීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි.

 

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මීන

අඹුසැමි සුහදතාවය

 

පැවැති අසනීප තත්ත්වයකින් සුවය හිමි කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි. විශේෂ තීරණයක් හේතුවෙන් පවුලේ අයගේ මතභේදයට ලක්කරයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි. අඹුසැමි සුහදතාවයට හේතු සැලසෙන කාලයකි. සතිය මැදදී පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමට ඉඩ ඇත. යටපත් වූ අසනීපයක් නැවත මතුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවන කාලයකි.

 

අය 06 - වැය 03

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.