නොවැ. 25 සිට දෙසැ. 01 දක්වා

නොවැම්බර් 25, 2022

මේෂ- දුර ගමනක්

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. තනතුරු ලාබයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. එමෙන්ම නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ආයතන ප්‍රධානීන් සමඟ ඇතිවන මතභේදකාරී බවක් සමථයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් වැය කරන බවක් පෙනේ. සති අන්තය වන විටදී පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු උදාකරයි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - ළා කොළ

සුබ දවස - බදාදා

 

සිංහ - තරඟ විභාගයක්

පවුලේ කටයුතු පිළිබඳ වගකීම් වැඩිකරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථානවලයි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ පැවැති අසහනකාරී බව මඟහැරී යයි. විශේෂ තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පවුලේ වැඩිහිටියකුගේ ක්‍රියා කලාපයක් හේතුවෙන් ඇතිවන අසහනකාරී බවක් දුරදිග යයි. නිතර පදිංචි ස්ථානයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - ළා දම්

සුබ දවස - බදාදා

 

ධනු -දරුවකු පිළිබඳ සතුටක්

අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ ඇතිව තිබූ අර්බුධකාරි බවක් මඟහැරී යන සතියකි. වෙනදාට වඩා ආර්ථික අතින් යහපත් කාලයක් වන අතර අතමිට මුදල් ඉතිරි කර ගැනීමට ද මඟ සැලසේ. සතිය මැද කාලයේදී දරුවකු පිළිබඳ සතුටට පත්වීමට අවස්ථාව උදාකරයි. විශේෂ තරඟ විභාගයකින් ජයග්‍රහණ අත්කරන බවක් පෙන්නුම් කරයි. ඥාතීන් අතර සුහදතාවය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් උදාකරයි. යටපත් වූ අතක ආබාධයක් නැවත මතුකරයි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ-විදෙස් ගමනක්

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවන සතියක් වන අතර මේ සතිය ආරම්භයේදී සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයකට මුහුණපෑමට සිදුවෙයි. පවුලේ මතභේදයක් දුරදිග යාමෙන් කටයුතු කීපයක වෙනසක් සිදුකරයි.

මෙතෙක් අතපසු වෙමින් පැවැති විදෙස්ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු කාලයකි. යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා -දරුවකුගේ අධ්‍යාපන ජයක්

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ වගකීම් වැඩිකරයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ මෙතෙක් පැවැති ගැටලුවකින් නිදහස්වීමට මඟ සැලසේ. සතිය මැද කාලය වනවිටදී දරුවකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මානසික අසහනය වැඩිකරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙනු ඇත. ඥාති හිතවතුන් සමඟ සුහදතාව වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. සති අන්තයේදී දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මකර -තැන්පත් ධනය වැයවීමක්

උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථානවලයි. අන්සතු වස්තු ලාබයකට හිමිකම් කියන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ මානසික අසහනකාරී බවක් ඇතිකරයි. වෙනදාට වඩා අමතර මුදල් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවකින් සිතූ තරම් වාසි අත් නොකරන බවක් පෙන්නුම් කරයි. මවට හෝ මවුපස ඥාතියකුට අපලදායක කාලයකි. අමතර වියදම් මාර්ග වැඩිකරන කාලයක් වන අතර, තැන්පත් ධනය වැයවීමක්ද සිදුවීමට ඉඩ ඇත.

අය 07 - වැය 03

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන-යෝජනා ස්ථිරවීමක් සාර්ථකයි

ඥාතී හිතවතුන් සමඟ සුහදතාවය වැඩිකරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි. ආගමික කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. හදිස්සියේ සිදුවන දේපළ ගනුදෙනුවක් හේතුවෙන් අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. තැන්පත් ධනය තරකර ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු යෙදෙන අතර ප්‍රභූ අයගේ ප්‍රසාදය ද හිමිවන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

තුලා -නොගැළපෙන ඇසුරක්

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරමින් උදාවන මේ සතියේ තුලා ලග්න හිමි ඔබගේ සඳුගේ ගමන සිදුවන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි. ගේ දොර ඉදිකිරීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවන කාලයකි. රැකියාවට අමතර ලැබීම් වැඩි වුවත් වැය පස අධික වන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී නොගැළපෙන ඇසුරකට සිත යොමුවන බවක් පෙන්නුම් කරයි. නිතර හට ගන්නා උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ළඟම හිතවතකු සමඟ සිදුවන බහින්බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදි නොසිතූ ලෙස දූ දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවේ.

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

කුම්භ - ලේඛන කටයුතුවලින් වරප්‍රසාද

පැවැති වගකීමකින් නිදහස අත්කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. දුර ඥාතියකු තමා සොයාගෙන ඒමෙන් ගැටලු කීපයක් මතුකරයි. පොත් හෝ ලිපි ලේඛන කටයුතුවලින් විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි.

සතිය මැද කාලයේදී දරුවකුගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. කලකින් නොදුටු හිතවතකු හමුවීමට අවස්ථාව උදාකරයි.

අය 06 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

කටක -රැකියාවේ ස්ථාන මාරුවක්

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථානවලයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නිතර ගතට සිතට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදුකරයි. ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ වීමෙන් ප්‍රසිද්ධියට පත්කරයි.

වාහන ගනුදෙනුවකට අත ගැසීමෙන් වාසි කීපයක් අත්කරයි. පවුලේ සතුට සැනසුමට බාධාවන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන මාරුවක් සිදුකරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික-නීති ගැටලුවකට මැදිවේ

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථානවලයි. පවුලේ අය හා පැවැති සමඟිය තවත් වැඩි දියුණු වන ලෙස කටයුතු කීපයක් සිදුකරයි. විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික වන බවක් පෙන්නුම් කරයි. නිතර අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට පෙළඹෙන කාලයකි. සති අන්තයේදී නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. වෙළඳ ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට සුබදායක කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

මීන-හදිසි මුදල් ලාබයක්

තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරනනේ 9,10,11,12 යන භාවස්ථානවලයි. ගේ දොර කටයුතු අධික වන කාලයක් වන අතර, නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසය කිරීමට ද හේතු ඇති කරයි. මේ කාලය තුළදී උස්ස්ථාන ආශි‍්‍රත කටයුතුවලින් වැළැකී සිටීම යහපත් කරයි. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. හිතවතකුගේ ආගමික සැලසුමකට සම්බන්ධවීමට කටයුතු සැලසේ. හදිසි මුදල් ලාබයකට හිමිකම් ඇති කාලයක් බැවින් තැන්පත් ධනය තරකර ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.