මේ සතියේ ඔබට

ජනවාරි 20, 2023

 

 

මේෂ

පෙම් සබඳතාවකට මවුපිය ආශිර්වාදය

සැලසුම් සහගත කටයුතු කීපයකට අතගැසීමට හැකිවන සතියකි. මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 9,10,11,12 යන භාවස්ථානවලයි. නොසිතූ ලෙස ඥාති හිතවතුන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. මෙතෙක් පැවැති පෙම් සබඳතාවකට මවුපිය ආශිර්වාදය හිමිකරයි. වරින් වර හටගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආගමික වැඩසටහනක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. දරුවකුගේ කලා ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ වෙනදාට වඩා විමසිල්ලෙන් පසුවන්න.

 

අය 06 - වැය 03

ජය අංකය - 04 ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

සිංහ

ගනුදෙනුවකට නීති පිහිට

 

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථාන මතිනි. රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරයි. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන කාලයකි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකියි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇතිවීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතිය යුතු බවක් පෙන්නුම් කරයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

ධනු

විදෙස් ලැබීමක්

 

වෙනදාට වඩා අතමිට සරු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. නිතර හමුවන කෙනකු නිසා නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇත. පවුලේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමට සිදුවන කාලයකි.

සතිය මැද කාලයේදී උරහිස ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. දේපළ ගැටලුවක් දුරදිග යන කාලයකි. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ පාඩුවක් සිදු කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති සතියකි.

 

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

විදෙස් ගමන්

 

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 8,9,10,11 යන භාවස්ථානවලයි. නිතර වයසින් වැඩි අය හා ඇසුරට කටයුතු සැලසෙන සතියකි. පවුලේ මත ගැටුමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් මෙන්ම උනන්දුවෙන් පසුවන්න. විදෙස් ගමන් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර, දවසින් වැඩි කාලයක් ගේදොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්වයි.

 

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

විවාහ ගිවිසුමක් සාර්ථකයි

 

කන්‍යා ලග්න හිමි ඔබට මේ සතිය උදාවත් සමඟ අමතර ගමන් බහුලවන බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරන බවක් ද පෙනේ. දරුවන්ගේ කටයුතු පිළිබඳ විශේෂ වෙහෙස මහන්සියක් සිදුකළ යුතු කාලයකි. ගෘහ ජීවිතයේ පැවැති අවිවේකී බව මඟහැරී යයි.

පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. සති අන්තයේදී මෙතෙක් ප්‍රමාද වූ විවාහ ගිවිස ගැනීමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

මකර

තැන්පත් ධනය වැයවීමක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර විසිතුරු දෑ පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියකි. එහෙත් අමතර වියදම් අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සතිය මැද කාලයේදී ළඟම හිතවතකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගැනීමට මඟ සැලසේ. උස් ස්ථාන සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත් සතියකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. සති අන්තයේදී තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

 

අය 06 - වැය 03

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මිථුන

පොරොන්දු ගිවිසුමක් සාර්ථකයි

 

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ ඉදිරි අනාගතය වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. අමතර ලැබීම්වලට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්වයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවූ අයට සුබදායක කාලයකි. වරින්වර මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සති අන්තයේදී විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන ලකුණු පෙනේ.

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

තුලා

තනතුරු මාරුවක්

 

වගකීම් බහුලවන සතියක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථාන මතිනි. නිතර තම අලංකාරය වෙනුවෙන් මෙන්ම ගේදොර අලංකාරය වෙනුවෙන් ද වෙහෙසන බවක් පෙන්නුම් කරයි. පවුලේ වගකීමක් තමා පිට පැවරෙන කාලයකි. හිතුමතයට කටයුතු කිරීමෙන් තමාට පාඩු කීපයක් සිදුකරයි. සතිය මැද කාලයේදී තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ආගමික නායකයන්ගෙන් පිහිට පතන කාලයක් වන අතර, ගුප්ත කටයුතු කෙරෙහි ද වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ වන කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

කුම්භ

අමතර ආදායම්

 

තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු සතියක් වන අතර, මේ සතිය ආරම්භයේදී සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1,2 යන භාවයන් මතිනි. මෙතෙක් සැලසුම් කරගෙන සිටි කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. වගකීම් කීපයක් පැහැර හැරීමක් සිදුවිය හැකි සතියකි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී අමතර ආදායම් මාර්ග කීපයකට ඉඩ සැලසෙන අතර, ණය මුදලක් පියවා ගැනීමට ද අවස්ථාව උදා කරයි. නිතර මවුපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන කාලයකි. පවුලේ ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

කටක

අලුත් සාමාජිකයෙක්

 

මෙතෙක් පැවැති අවිවේකී බවින් නිදහස අත්කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. වරින්වර හට ගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා අමතර වියදම් වැඩිවන බවක් පෙන්නුම් කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධව වෙනදාට වඩා සොයා බැලිය යුතු කාලයකි. මවගේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. සතිය මැද කාලයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. දරුවකු වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවක් පෙනේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘශ්චික

උගුරේ ආබාධයක්

 

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේදී ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි. පැවැති සහෝදර මතභේදයක් දුරුවී යන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දරු ලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාකාරී වන්න. දරුවකුගේ හිතුවක්කාර ක්‍රියා කලාපයක් හේතුවෙන් තමාට මානසික අසහනය ඇති කරයි. සතිය මැද කාලය ගේදොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. අලුත් දේ මිලදී ගැනීමකට ද කටයුතු සැලසෙන සතියකි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන

විශේෂ උත්සවයක්

 

වෙනදාට වඩා වැයපස අධික වන සතියක් වන අතර, මේ සතිය ආරම්භ වන්නේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කිරීමෙන්ය. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යන සතියකි. එමෙන්ම තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි. සතිය මැද කාලයේදී කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසේ. ලාභ ලැබෙන මාර්ග කීපයක් කල් දැමීමට සිදුවන සතියකි. යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයක් හේතුවෙන් පීඩා අත් කරයි. සති අන්තයේදී පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.