ලග්න පලාපල

පෙබ. 10 සිට පෙබ. 16 දක්වා
පෙබරවාරි 10, 2023

 

 

මේෂ

ඥාතියකු පිළිබඳ සිත්තැවුලක්

 

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වුවත් තරමක වැය පස අධික කරන කාලයක් වන බවක් පෙන්නුම් කරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 6,7,8,9 යන භාවයන් මතිනි. නොසිතූ ලෙස පවුලේ කටයුතු වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවෙයි. එමෙන්ම දුර ගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන සතියකි. නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි.

 

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

වෘෂභ

ගනුදෙනුවක් සාර්ථකයි

 

හදිසි තීරණයක් වෙනසකට ලක්කරන සතියක් වන අතර, මේ සතිය ආරම්භය ඔබට මිශ්‍රඵලදායක බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 5,6,7,8 යන භාවයන් මතිනි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන කාලයකි. නිතර ගේ දොර කටයුතුවලින් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. සතිය මැද කාලයේදී වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. විවාහ ගිවිස ගැනීමක් පිළිබඳ යටපත් බලාපොරොත්තුවක් නැවත ඇති කරයි. පැරණි ගනුදෙනුවක් සාර්ථකවීමෙන් ගැටලු කීපයක් විසඳා ගැනීමට හැකිවන බවක් පෙනේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

හදිසි විදෙස්ගතවීමක්

අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳුගේ ගමන සිදුවන්නේ 4,5,6,7 යන භාවයන් මතිනි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. එමෙන්ම ගේ දොර කටයුතු පිළිබඳ උදාසීන බවක් ඇති කරන කාලයකි. හිතුවක්කාර තීරණයක් නිසා ඇතිවන මානසික අසහනය හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කරයි. හදිසි විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

කටක

රැකියාවේ ගැටලුවක්

 

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් ලබා දෙමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. නොසිතූ ලෙස සිදුවන සහෝදරයකුගේ දුරස්වීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර පදිංචි ස්ථානයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන ගැටලුකාරි බවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර මවුපස ඥාතියකු පිළිබඳ වෙහෙසීම් ඇති කරන බවක් පෙන්වයි. යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

සිංහ

 

නොසිතූ සිත් කලකිරීමක්

 

පැරැණි හිතවත්කමක් අලුත්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 2,3,4,5 යන භාවයන් මතිනි. පවුලේ ගැටලුවක් දුරදිග යාමෙන් නීති පිහිට පැතීමට සිදුවෙයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. දරුවකුගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. නිතර තමා හමුවට එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. වෙනදාට වඩා ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. සතිය මැද කාලයේදී දණහිස ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නොසිතූ ලෙස ඇති කරන සිත් කලකිරීමක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කරයි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

 

ශාස්ත්‍රීය කටයුත්තකින් ප්‍රශංසා

 

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථානවලයි. නිතර ගතට සිතට පීඩා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති කරයි. එමෙන්ම අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් ද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී ශාස්ත්‍රීය කටයුත්තකට අතගැසීමෙන් තමාට ප්‍රශංසා හිමිවන බවක් පෙන්වයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේදී වරින්වර හට ගන්නා චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

තුලා

දරුවකුගේ හදිසි අසනීපයක්

 

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ කාලය තුළදී තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථානවලයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවකින් නිදහස්වීමට මඟ සැලසෙන බවක් පෙන්වයි. එහෙත් හිතුමතයට කරන කටයුතු කීපයක් හේතුවෙන් පාඩු කීපයක් සිදුකරයි. දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවීමක් සිදුකරයි. ඔබ විවාහවන වයසේ පසුවන අයකු නම් විවාහ යෝජනාවක් කල්දැමීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ලිපි ලේඛන කටයුතු කෙරෙහි අමතර කාලයක්, ශ්‍රමයක් වැය කිරීමට සිදුවෙයි. මුදල් සම්බන්ධ කටයුතුවලට සම්බන්ධවීමේදී කල්පනාකාරි වන්න.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘශ්චික

සැලසුමක් සාර්ථකයි

 

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනසකට ලක්කරන කාලයක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 11,12,1,2 යන භාවස්ථානවලයි. ආගමික සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් වැය කිරීමට සිදුවන සතියකි. නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයක් වන අතර, ප්‍රමාද වූ සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමටද අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේදී වරින්වර උගුර ආශි‍්‍රතව ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි ආදායම් මාර්ගවලට කටයුතු සැලසුනත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක්ද පෙන්නුම් කරයි. සති අන්තයේදී ප්‍රමාද වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්වන සතියකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

 

වාහන ගනුදෙනුවක්

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන 10,11,12,1 යන භාවස්ථානවල සිදුවනු ලබයි. නිතර දුර ගමන්වලට කටයුතු සැලසෙන සතියකි. සහෝදර පක්ෂය සමඟ සුහදතාවයට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ විදෙස් ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන කාලයකි. හදිසියේ සිදුවන වාහන ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. වෙනදාට වඩා අත මිට මුදල් ගැවසෙන කාලයක් බව පෙනේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

දේපළ ගැටලුවකින් නිදහස

 

 

හදිසි තීරණයක් හේතුවෙන් කටයුතුවල වෙනස්කම් රැසක් සිදුකරන සතියක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කෙනකුගේ අසනීපයක් දුරදිග යන බවක් පෙන්නුම් කරයි. වරින්වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික වන බවක් පෙනේ. හදිසියේ මතුවන කොන්දේ අමාරුවක් හේතුවෙන් රෝහල්ගතවීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන සතියකි. සති අන්තයේදී පරම්පරාගත දේපළක් සම්බන්ධව පැවැති ගැටලුකාරි බවකින් නිදහස්වීමට මඟ සැලසේ.

 

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

 

අලුත් රැකියාවක්

සැනසිලිදායක ලෙස සතිය උදාවන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් වන බවක් පෙන්නුම් කරයි. සහෝදර පක්ෂය සමඟ ඇතිවන මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වන සතියකි. අලුත් රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර මුදලක් වැය කළ යුතු බවක් පෙනේ. ගේ දොර කටයුතු සම්බන්ධ ඇතිවන අවිවේකය සති අන්තය වන විටදී මඟහැරී යන බවක් පෙන්නුම් කරයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මීන

දුර ගමනක්

 

 

ගතට සිතට අසහනකාරී බවක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 7,8,9,10 යන භාවයන් මතිනි. අමතර වියදම් වැඩි කරන සතියක් වන අතර, පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. සහෝදර මත ගැටුමක් දුරදිග යා හැකි බැවින් වචන පාවිච්චියේදී දුරදිග සිතා බලන්න. නිතර අලුත් දේ ඉගෙනීමට මඟ සැලසෙන සතියකි.

වාහන ගනුදෙනුවකින් නොසිතූ ලාභයක් හිමිකරයි. සතිය මැද කාලයේදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේදී දුරගමනක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.