මේ සතියේ ඔබට

පෙබ. 24 සිට මාර්තු 02 දක්වා
පෙබරවාරි 24, 2023

 

 

මේෂ

හිතවතකුගේ හමුවීමක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 1, 2, 3 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික වන අතර, පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම අලුත් ඥාති මිත්‍රාදීන් දැනහඳුනා ගැනීමට ද මඟ සැලසෙන සතියකි. විශ්වාසවන්ත හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. අතක ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන අතර, කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයක් බව ද පෙන්නුම් කරයි. දරුවකුගේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් අලුත් සැලසුමක් ඇති කර ගනී.

 

අය 06 - වැය 05

ජය අංකය - 04 ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘෂභ

විදෙස්ගතවීමක්

 

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2 යන භාවස්ථානවලයි. නොසිතූ ලෙස නීතිමය ගැටලුවකට මුහුණපෑමට සිදුවන කාලයකි. මුදල් ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තු නොවූ ලෙස ප්‍රශ්න රැසක් මතුකරයි. සතිය මැද කාලයේ දී විදෙස්ගතවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂිතයන්ට එතරම් සුබදායක කාලයක් නොවන අතර, හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් මතුකරයි. නිතර ආගමික නායකයන්ගේ සහය පතන කාලයකි. සති අන්තයේ දී පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මිථුන

හිසේ ආබාධයක්

 

මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11, 12, 1 යන භාවස්ථාවල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවන අතර අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවන බවක් ද පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. සතිය මැද කාලයේ දී ඇතිකරන හිසේ ආබාධයකින් පීඩා විඳීමට සිදුවෙයි. නිතර රැකියාවට අමතරව වෙනත් කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන කාලයකි. සෙම් රෝග බහුලකාලයක් බැවින් ඒ පිළිබඳ ද සැළකිලිමත් වීම වැදගත් වේ.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කටක

ප්‍රභූ ඇසුරක්

 

වෙනදාට වඩා කාර්යබහුල කාලයක් වන අතර, මේ සතිය ආරම්භය ඔබට මිශ්‍රඵලදායක බවක් පෙන්නුම් කරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12 යන භාවස්ථාවලයි. ගේ දොර කටයුතුවලින් දුරස්ව කටයුතු කිරීමට සිදුවන සතියකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කාලයකි. නිතර ප්‍රභූන් හා ඇසුරට ද අවස්ථාව උදාකරයි. අඹු සැමි මතභේදයක් දුරදිග යන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. සති අන්තයේ දී දණහිස ආශි‍්‍රතව ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

සිංහ

ගේ දොර අලුත්වැඩියාවක්

 

මනසට පීඩාකාරී සිතුවිලි ඇති කරමින් සතිය ආරම්භ කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11 යන භාවස්ථානවලයි. දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. පවුලේ දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. සතිය මැද කාලයේ දී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. අලුත් ආදායම් මාර්ගවලට කටයුතු සැලසුනත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදාකරන කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

කන්‍යා

චර්මගත ආබාධයක්

 

වෙනදාට වඩා සුබදායක ලෙස සතිය ආරම්භ කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8, 9, 10 යන භාවස්ථානවලයි. ගේ දොර කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වීමට සිදුවන සතියකි. නිතර මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැළකිලිමත් වන්න. සතිය මැද කාලයේ දී චර්මගත ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවේ. නිතර දරුවකුගේ කටයුතු සම්බන්ධ විමසිලිමත් විය යුතු කාලයකි. සති අන්තයේදී රැකියාවේ කටයුතු සම්බන්ධව දුරදිග බලා තීරණ ගන්න.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

පවුලේ ගැටලුවක් දුරදිග යයි

 

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතිය සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට ඉඩකඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු සම්බන්ධ සැලකිලිමත්ම වැදගත් වේ. එමෙන්ම පවුලේ ගැටලුවක් දුරදිග යාමෙන් මනසට අසහනකාරී බවක් ඇති කරයි. මෙතෙක් තමා සතුව තිබූ දෙයක් අහිමිවීමට ඉඩකඩ ඇති කරයි. මුදල් සම්බන්ධ කටයුතුවලට සම්බන්ධවීමේ දී දුරදිග සිතා බලන්න. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට කරුණු සිදුකරන සතියකි. නිතර ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර පදිංචි ස්ථානයෙන් බැහැරව කටයුතු කිරීමට ද සිදුවන බවක් පෙන්නුම් කරයි.

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

හදිසි අසනීප තත්ත්වයක්

හිතුමතයට කටයුතු කිරීමෙන් නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳුග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8 යන භාවස්ථානවලයි. වරින්වර මතු කරන හදිසි අසනීප තත්ත්වයකින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්වයි.

පොරොන්දු ගිවිසුමක් ප්‍රමාද වන ලකුණු පෙන්නුම් කරයි. රැකියා ස්ථානය සම්බන්ධ මතුවන ගැටලුකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර වයසින් වැඩි අය හා ඇසුරට අවස්ථාව උදාකරයි. සති අන්තයේදී අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරන කාලයකි.

 

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

අමතර මුදල් වැයවීම් වැඩිකරයි

 

මෙතෙක් පැවැති ගැටලු කීපයකින් නිදහස සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5, 6, 7 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන සතියකි. නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. සතිය මැද කාලයේ දී පවුලේ අයගේ උදව් උපකාර ඇතිව කරන කටයුතු කීපයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. අමතර මුදල් වැයවීම් සිදුකරන සතියකි.

 

 

අය 07 - වැය 06

ජය අංකය - 06

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

මකර

ඥාතියකු පිළිබඳ සිත්තැවුලක්

 

ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6 යන භාවස්ථාන මතිනි. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇති කරන සතියකි. එමෙන්ම අමතර වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. දේපළ ගැටලුවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

සතිය මැද කාලයේ දී පදිංචි ස්ථානයෙන් පිට වාසයට හේතු ඇතිකරයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අය වෙනදාට වඩා කල්පනාකාරීවීම වැදගත් වේ. සති අන්තයේ දී වරින්වර ඇතිකරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

කුම්භ

බලාපොරොත්තුවක් බිඳ වැටේ

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 3, 4, 5 යන භාවස්ථාන මතිනි. මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරන සතියකි. හදිස්සි වී තීරණ ගැනීමෙන් තමාට පාඩු කීපයක් සිදුකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි.

ගෘහ ජීවිතයේ කටයුතුවලින් ඈත් වී සිටීමට සිදුවන බවක් පෙන්වයි. සතිය මැද කාලයේ දී වරින් වර හටගන්නා චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේ දී පැවැති බලාපොරොත්තුවක් බිඳ වැටෙන ලකුණු පෙන්නුම් කරයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි.

 

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - ළා රෝස

සුබ දවස - සිකුරාදා

 

මීන

වාහන ගනුදෙනුවක්

 

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 2, 3, 4 යන භාවයක් මතිනි. වරින් වර උදාසීන අන්දමින් කටයුතු සිදුකළත්, තම රූපය අලංකාරය වෙනුවෙන් ද වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. හදිස්සියේ හිතවතෙකු සමඟ සිදුකරන ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. අසල්වැසි උපකාරයක් හේතුවෙන් පවුලේ කටයුතුවල වෙනසක් සිදුකරයි. මවගේ හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි. වාහන ගනුදෙනුවක් සිදුවීමෙන් නොසිතූ ලෙස වාසියක් සිදුකරයි.

 

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සිකුරාදා

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.