මේ සතියේ ලග්න පලාපල

මැයි 05 සිට 11 දක්වා
මැයි 5, 2023

ශාස්ත්‍රීය කටයුත්තකට ප්‍රශංසා - මේෂ

මිශ්‍රඵලදායක ලෙස ආරම්භ වන මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7,8,9,10 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගේ දොර උත්සව අවස්ථාවක් පිළිබඳ ගැටලුකාරී බවක් මතුවන අතර, යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට ද සිදුවන බවක් පෙන්නුම් කරයි. පරම්පරාගත දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගත හැකිය. ආගමික වැඩසටහනක් හේතුවෙන් නිවෙසින් බැහැරව කටයුතු කරයි.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂිතයන්ට එතරම් සුබදායක කාලයක් නොවන අතර, රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. නිතර ඒ සම්බන්ධ අමතර වියදම් වැඩිවන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමෙන් තමාට ප්‍රශංසා හිමිවන කාලයකි.

සෞඛ්‍යය

නිතර හටගන්නා උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර, සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වීමද වැදගත් වේ.

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

***************

අධ්‍යාපනයට විදෙස්ගතවීමක් - වෘෂභ

අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර තමා ඇසුරු කරන අයකු සමඟ ඇතිවන බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන කාලයකි. නිතර තමා පදිංචි ස්ථානයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

රැකියා

වෙනදාට වඩා රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. තනතුරු මාරුවක් හෝ ස්ථාන මාරුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. එමෙන්ම අමතර ලැබීම් හිමිවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

දරුවකුගේ ඉදිරි වැඩපිළිවලක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩිකරයි. පොත්පත් ලිපි ලේඛන කටයුතු අධික වන කාලයකි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් විදෙස් ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවන අතර පාදයේ වළලු කර ආශි‍්‍රතව ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

**************

රැකියාවේ ගැටලුවකින් නිදහස් - මිථුන

විශේෂ සැලසුමකට කටයුතු සූදානම් කරමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ ලග්නයට අනුව මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මේ සතිය ඔබට අලුත් සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. නිතර ඥාති මිත්‍රාදීන් හා උරෙන් උර ගැටෙමින් කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ඥාතියකුගේ හදිසි අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

රැකියාව

අලුත් ආදායම් මාර්ගවලට කටයුතු සැලසෙන කාලයක් වන අතර, රැකියා ස්ථානය සම්බන්ධ මතුව තිබූ ගැටලුවකින් නිදහස්වීමට මඟ සැලසේ. නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ රැකියා මාර්ග කීපයක් හිමිකරයි.

අධ්‍යාපනය

මෙතෙක් පැවැති අවහිරතා කීපයක් මඟහැරී යන සතියකි. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයක් වන අතර, උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට කටයුතු කීපයක් සැලසේ.

සෞඛ්‍ය

වරින්වර ශාරීරික අපහසුකම්වලට හේතු පැන නැගෙන සතියකි. නිතර හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරන අතර වෙනදාට වඩා කෑමෙන් බීමෙන් ද පරිස්සම් විය යුතු කාලයක් බව පෙන්නුම් කරයි.

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

********************

ප්‍රසිද්ධිය හා කීර්තිය - කටක

උදාවන මේ සතියේ කටක ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නොසිතූ ලෙස මෙතෙක් පැවැති බාධාකාරී බව මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන අතර ඥාතීන් අතර හොඳ හිත දිනාගැනීමට ද මාර්ගය උදා කරයි.

රැකියාව

හදිසි රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි. එමෙන්ම වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. තනතුරු මාරුවක් හේතුවෙන් ඇතිවන සිතේ නොසන්සුන්කාරී බව දුරදිග යයි.

අධ්‍යාපනය

තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයක් වන අතර, උසස් අධ්‍යාපන කටයුතුවල නියුතුවූවන්ට සුබදායක කාලයකි. ශාස්ත්‍රීය කටයුත්තකට ප්‍රශංසා හිමිවන අතර, නිතර කලාකාමී කටයුතුවලට වැඩි කාලයක් යොදවයි.

සෞඛ්‍ය

වරින් වර ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි අතර ආහාර විෂ වීමක් ද සිදුවිය හැකි බවක් පෙන්නුම් කරයි.

අය 07 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

*****************

ලිපි ලේඛන ගැටලුවක් - සිංහ

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන්මතිනි.

ගෘහ ජීවිතය

නිතර මනසට පීඩාකාරී ලෙස සිතිවිලි ඇති කරන කාලයකි. සහෝදර මත ගැටුමක් සමතයකට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. විවාහය සම්බන්ධ ගැටලුවකට ද මුහුණ පෑමට සිදුවෙයි. පවුලේ දියුණුවට විශේෂ තීරණ කිහිපයක් ගන්නා කාලයකි.

රැකියාව

අලුත් රැකියා හිමිකම් ඇති කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිව තිබූ ගැටලුකාරී බවක් මඟහැරී යයි. එහෙත් නොසිතූ ලෙස ස්ථාන මාරුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

මේ කාලය දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යහපත් ය. හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. එමෙන්ම පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍ය

හිසේ උෂ්ණ රෝග පීඩා ඇතිවිය හැකි කාලයකි. ශරීර සෞඛ්‍ය පිළිබඳ අමතර වියදම් වැඩිවන කාලයක් වන අතර, ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් බව ද පෙන්නුම් කරයි.

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

**********************

රැකියාවේ නොසිතූ ජයග්‍රහණ - කන්‍යා

සැප සම්පත් අතින් යහපත් කාලයක් වන අතර මේ සතිය ආරම්භ වන විට දී සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 2, 3, 4, 5 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

සිතේ පැවැති අසහනකාරී බව මඟහැරී යන කාලයකි. වෙනදාට වඩා උත්සහවන්තව කටයුතු කිරීමෙන් පවුලේ යහපත උදාකරයි. පවුලේ වැඩිහිටියකුගේ අසනීපකාරී බවක් මඟහැරී යන සතියකි. වරින් වර අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් තමා නොසිතූ විරූ ජයග්‍රහණ අත්විය හැකි කාලයකි. එමෙන්ම තමා පිට පැවරී තිබූ ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාව උදාකරයි. සතිය මැද කාලය වන විට දී රැකියාවේ වගකීමක් උදෙසා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් ප්‍රසිද්ධිය කීර්තිය හිමිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. එමෙන්ම දැනුම බුද්ධිය වර්ධනය වන කරුණු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කළයුතු කාලයකි.

සෞඛ්‍ය

උදරයේ හටගන්නා රෝගාබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. වරින් වර ඇති කරන ශාරීරික අප්‍රාණික ගති හේතුවෙන් යොදා ගත් වැඩ පිළිවෙලක් වෙනස් කිරීමට සිදුවේ.

අය 07 වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

**********************

හදිසි ලැබීම් - තුලා

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

හදිසි ලැබීම්වලට ඉඩ ඇති කාලයකි. පවුලේ වගකීම් තමා වෙත පැවරීමට ඉඩ ඇත. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. දවසින් වැඩි කාලයක් අසරණ අයකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයකි.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයක් වුවත් ඒවා එතරම් දුරට සාර්ථක වන බවක් නොපෙන්වයි. රැකියාවේ කටයුතු හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. නිතර ඇවිදිලි යෙදෙන අන්දමේ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.

අධ්‍යාපන

විශේෂ තරග විභාගයකට කටයුතු සූදානම් වන කාලයක් වන අතර, වෙනදාට වඩා අධ්‍යාපන කටයුතුවල නියුතු වන අයට අවිවේකී බවක් ද ඇති කරයි. නිතර අධ්‍යාපනික ජයග්‍රහණ පතා ආගමික පූජාවලට සම්බන්ධවීමට සිදුවන කාලයකි.

සෞඛ්‍ය

වරින් වර ඇති කරන සෙම් දෝෂයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා කාලයකි. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. හදිස්සියේ ඇතිකරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 06 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

*****************

පවුලේ උත්සව අවස්ථාවක් - වෘශ්චික

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවීමෙන් ගැටලු කීපයක් දුරදිග යයි. වෙනදාට වඩා වැය පස අධික කරන කාලයකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ගමන් බිමන් බහුල කරන කාලයකි.

රැකියාව

උසස් තනතුරු නිලතල අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. හදිසි ආදායම් මාර්ග හිමිකරන රැකියාවකට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි වන අතර ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමෙන් ජයග්‍රහණ හිමිකරයි. නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතුවලට සම්බන්ධ වන කාලයකි.

සෞඛ්‍ය

වෙනදාට වඩා ශරීර සෞඛ්‍යයට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

*************************

තනතුරු මාරුවක් මඟහැරී යයි - ධනු

යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන කාලයක් වන අතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන සතියකි. නිතර ආගමික කටයුතු උදෙසා වෙහෙසෙන කාලයකි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර, ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිකරයි. එමෙන්ම සිදුවීමට ගිය තනතුරු මාරුවක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

පොත්පත් ලිපි ලේඛන සම්බන්ධ කටයුතු අධික කරන කාලයක් වන අතර උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් විදෙස්ගතවීමක් ද සිදුවීමට හේතු ඇති කරයි.

සෞඛ්‍ය

වරින් වර ඇතිකරන මුත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අමතර ආහාරපාන ගැනීමේ දී ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර දියර වර්ග පානය කිරීම වැදගත් වන සතියකි.

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

**************************

ගුප්ත කටයුතුවලින් පිහිට - මකර

වැඩි වගකීම් කොටසක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තම ප්‍රසිද්ධියට හේතු සැලසෙන සතියකි. නිතර දුර ගමන් යෙදෙන කාලයක් වන අතර ඒවායින් අමතර ලාබ ප්‍රයෝජන ද අත්විය හැකි බවක් පෙන්නුම් කරයි. පවුලේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු හේතුවෙන් ප්‍රසිද්ධියට පත්වන බවක් පෙන්වයි. මෙතෙක් ඇතිව තිබූ මානසික අසහනය මඟහැරී යන සතියකි. තනතුරු උසස්වීමකට හේතු ඇති කරයි.

අධ්‍යාපන

දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරන අතර ලිපි ලේඛන ගැටලුවලටද මුහුණපෑමට සිදුවේ.

සෞඛ්‍ය

යටපත් වී තිබූ අතක ආබාධයක් නැවත මතුවිය හැකිය. මේ සතියේ නිතර තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

අය 08 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - බදාදා

**********************

ප්‍රභූ උපකාරයක් - කුම්භ

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන සතියකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු සම්බන්ධ අලුත් සැලසුමක් ඇති කර ගනී. අලුත් ඥාතිමිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති බලාපොරොත්තුවක් බිඳ වැටෙන ලකුණු පෙන්නුම් කරයි. එහෙත් ප්‍රභූ උපකාර පතා කරන කටයුතු කීපයක් සාර්ථක කරයි. අලුත් රැකියා ලාභීන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි. නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි.

සෞඛ්‍යය

උගුර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන සතියකි. කෑම බීම ගැනීමට ද අපහසුතා ඇතිකරන සතියකි. ශරීර සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට කටයුතු සැලසෙන බවක් පෙන්වයි.

අය 06 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

***************************

සහෝදර බැඳීම් වැඩිකරයි - මීන

සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරන කාලයකි. නිතර අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සහෝදර බැඳීම්වලට හේතු ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයකි.

රැකියාව

මෙතෙක් අවහිරතා ගෙන දුන් රැකියා හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතට යාමට සිදුවන බවක් ද පෙන්නුම් කරයි.

අධ්‍යාපන

පොත්පත් ආශි‍්‍රත කටයුතුවලින් දියුණුවක් බලාපොරොත්තු විය හැකි සතියකි. අධ්‍යාපන චාරිකාවක් හේතුවෙන් ඇවිදිලි වැඩි කරයි. දරුවකුගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි.

සෞඛ්‍ය

වෙනදාට වඩා මානසික අසහනය වැඩි කරන කාලයකි. යටපත්ව තිබූ පාදයේ වළලුකර ආශි‍්‍රතව ඇතිවන ආබාධයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න.

අය 05 වැය 03

ජය අංකය - 03

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.