මේ සති‍ෙය් ලග්න පලාපල...

මැයි 12 සිට 18 දක්වා
මැයි 12, 2023

 

මේෂ

දැඩි තීරණ ගැනීමෙන් වළකින්න

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 10,11,12,1 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. සහෝදර පක්ෂය සමඟ එකමුතු වී ආරම්භ කරන වැඩපිළිවෙළක් සාර්ථක කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ විවිධ මත ගැටලු මතුවන කාලයකි. දැඩි තීරණ ගැනීමෙන් වැළැකී සිටීම සුබදායකයි. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් වන අතර, ඒවාට විවිධ බාධා මතුවීමට ඉඩ ඇත. තනතුරු ලාබයන්ටද හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනික කටයුත්තක් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ හේතු ඇති කරන සතියකි. එමෙන්ම පිරිසක් සමඟ එකතු වී කරන පර්යේෂණාත්මක වැඩසටහනකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවෙයි. වරින්වර ශාරීරික අප්‍රාණික ගතියක් හේතුවෙන් ප්‍රතිකාර පැතීමට සිදුවේ. ජලය සම්බන්ධව කටයුතුවලින් පරිස්සම් විය යුතු කාලයකි.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

 

වෘෂභ

ශරීර සෞඛ්‍යය යහපත් කරයි

 

පැවැති ගැටලුකාරි බවකින් නිදහස්වීමට කටයුතු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 9,10,11,12 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

වරින් වර මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරන සතියක් වන අතර, පවුලේ වැඩිහිටියකු සමඟ ගැටලුවක් ඇතිකර ගනී. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන මාරුවක් සිදුවිය හැකි සතියකි. නිතර තමා වෙත පැවරෙන වගකීම් නිසි ලෙස ඉටුකිරීම වැදගත් වේ. අලුත් රැකියා මාර්ගවලට පැවැති බාධා මඟහැර යයි.

අධ්‍යාපනය

දරුවකුගේ අධ්‍යාපනික කටයුත්තක් හේතුවෙන් දුර පළාතකට හෝ විදෙස් අධ්‍යාපනයක් හේතුවෙන් විදෙස් ගතවීමක්ද සිදුවිය හැකි සතියකි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් සතියක් වන අතර, මෙතෙක් පීඩා විඳිමින් සිටි අසනීපයකින් සුවය හිමිවන බවක් ද පෙන්නුම් කරයි. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාලයකි.

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

 

මිථුන

පවුලේ අය අතර හොඳ හිත

 

හදිසි ලැබීම්වලට හිමිකම් ඇති සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 8,9,10,11 යන භාවයන් මතිනි.

 

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාද වෙමින් තිබූ වැඩපිළිවෙළක් සාර්ථක කරයි. පවුලේ අය අතර හොඳ හිත දිනාගැනීමට කටයුතු උදාකරන සතියකි. මුදල් සම්බන්ධ කටයුතුවලට අතගැසීමේදී කල්පනාකාරි වන්න.

 

රැකියාව

අතමිට සරුකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි. එහෙත් වරින්වර රැකියාවේ කටයුතු සම්බන්ධ උදාසීන බවක් ඇති කරයි. එමෙන්ම ඇවිදිලි වැඩිවන අන්දමේ රැකියා හිමිකරන සතියකි.

 

අධ්‍යාපනය

නිතර කලාකාමී කටයුතුවල නිරතවන සතියකි. අතරමඟ නවතා තිබූ උසස් අධ්‍යාපන කටයුත්තකට නැවත සම්බන්ධවීමට මාර්ගය උදාකරයි.

 

සෞඛ්‍යය

වරින් වර ඇති කරන උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. චර්මගත ආබාධයක්, ආහාර විෂ වීමක් වැනි දෙයකින් පීඩා ඇති කරන කාලයකි.

 

 

අය 07 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

කටක

අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමක්

හිතුමතයට කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි.

 

ගෘහ ජීවිතය

එදිනෙදා කටයුතුවලින් අතමිට සරුකරන කාලයකි. එහෙත් පදිංචි ස්ථානයෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරයි.

රැකියාව

නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි. එමෙන්ම තමා ළඟින් ඇසුරු කරන හිතවතකුගේ රැකියාවකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවන සතියකි. ලිපි ලේඛන ගැටලුවක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරයි. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කළ යුතු සතියකි.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති ශාරීරික අප්‍රාණික ගති මඟහැරී යන සතියකි. එහෙත් පාදයේ වළලුකර ආශි‍්‍රතව ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා ගමන් බිමන්වලදී කල්පනාකරී වන්න.

 

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

 

අත-මිට සරු වන සතියක්

 

වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී විය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ගැටලුවක් වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන සතියකි. නිතර නිවෙසට යන එන අයකු පිළිබඳ සැලකිලිමත්වන්න. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතහිත දීමට අවස්ථාව උදාකරයි. අසල්වැසියන් ඇසුරු කිරීමේදී කල්පනාකාරීවන්න.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. එමෙන්ම වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදීමටද ඉඩ ඇත. රැකියාවේ ස්ථාන වෙනසකට ද හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරග විභාගයකට සම්බන්ධ වීමෙන් තමාට නොසිතූ ජයග්‍රහණයක් හිමිවන බවක් පෙන්වයි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයකට ද හිමිකම් ඇති කරයි.

සෞඛ්‍යය

වරින් වර ශාරීරික වෙහෙසීම් ඇතිකරන කාලයකි. මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. නිතර දියර වර්ග පානය කිරීම වැදගත් සතියකි. කෑම බීම ගැනද සැලකිලිමත්වීම වැදගත් වේ.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

කන්‍යා

දේපළ ගනුදෙනුවලදී සැලකිලිමත් වන්න

සතිය ආරම්භයත් සමඟ තමා ගන්නා තීරණ කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. එමෙන්ම මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 5,6,7,8 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

හදිසි ලැබීම්වලට හිමිකම් ඇති කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන්ද වෙහෙසීමට සිදුවන සතියකි. මවට හෝ මවුපස ඥාතියකුට අපලදායක බවක් පෙන්නුම් කරයි. දේපළ ගනුදෙනුවක් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ.

රැකියාව

අලුත් රැකියා හිමිකම් ඇති සතියකි. එහෙත් රැකියාවේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් නොසිතූ ගැටලුවකට මැදිවෙයි. ඔබ අලුත් රැකියාවක් අපේක්ෂාවෙන් පසුවන්නේ නම් මේ කාලය ඒ සම්බන්ධ කටයුතුවලට යොමුවීම වැදගත් වනු ඇත.

 

අධ්‍යාපනය

සිසු ගුරු සබඳතා අඩුවන කාලයකි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියුතුවන අයට ඒ පිළිබඳ වගකීම් වැඩි කරයි. එමෙන්ම තමාට අධ්‍යාපනික උපකරණ, පොත්පත් තෑගි හිමිවීමට ද ඉඩ ඇති සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධයකින් පීඩා විදීමට සිදුවේ. සුළු සුළු පරීක්ෂණවලට භාජනයවීමට සිදුවන සතියකි.

 

 

අය 06 වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

 

තුලා

ප්‍රභූ උපකාර

 

විශේෂ සැලසුමක් වෙනුවෙන් ගත සිත වෙහෙසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 4,5,6,7 යන භාවයන් මතිනි.

 

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවන සතියකි. තීරණ ගැනීමේදී වෙනදාට වඩා දුර දිග සිතා බැලිය යුතු බවක් පෙන්වයි. නිතර නිවෙසට යන එන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ සමඟියට බාධා වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

රැකියාව

අලුත් රැකියා ලාභ හිමිවුවත්, ඒවාට නොසිතූ බාධා පැන නැඟීමට ඉඩ ඇත. පොත්පත් ලිපි ලේඛන සම්බන්ධ රැකියා කටයුතුවල නියුතු වූවන්ට එතරම් සුබදායක නොවනු ඇත.

අධ්‍යාපනය

තාක්ෂණික අංශයේ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල උදාකරගත හැකි කාලයකි. ප්‍රභූ අයගෙන් උදව් උපකාර හිමිවන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

වරින් වර ගතට සිතට පීඩාකාරි ලෙස සතිය ආරම්භ වුවත්, සතිය මැද කාලය වන විටදී ශාරීරික අපහසුතා මඟ හැරී යන බවක් පෙන්වයි. එහෙත් දතක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

 

 

 

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

 

වෘශ්චික

තනතුරු ලාභ

උදාවන සතිය වෘශ්චික ලග්න හිමි ඔබට මිශ්‍රඵලදායක බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නොසිතූ ලෙස දේපළ ගැටලුවක් හේතුවෙන් නීතිමය සහය පැතීමට සිදුවෙයි. හදිසිවී ගන්නා තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ වීමට ඉඩ ඇති සතියකි.

 

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රශංසා හිමිකරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරන කාලයකි. තනතුරු ලාභ, ප්‍රශංසා හිමි කරයි.

අධ්‍යාපනය

කලබලකාරි ලෙස අධ්‍යාපනික කටයුතුවල නිරත වන සතියකි. නිතර අතපසුවීම් වැඩි කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් නොසිතූ ජයග්‍රහණ සිදුකරන කාලයකි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර ඇතිවන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

 

අය 07 වැය 06

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

ධනු

හදිසි රැකියා හිමිකම්

 

උදාවන මේ සතිය ධනු ලග්න හිමි ඔබට මිශ්‍රඵලදායක අයුරින් ගෙවී යනු ඇත. සඳු ග්‍රහයාගේ ගමන මේ සතියේ සිදුවන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

සහෝදර ගැටලුවක් දුර දිග යන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

හදිසි රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අහිමි වූ රැකියාවක් පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගත හැකි බවක් පෙන්නුම් කරයි. පොත්පත් ලිපි ලේඛන ආශි‍්‍රත කටයුතු අධික කරන කාලයකි.

අධ්‍යාපනය

අතරමඟ නවතා තිබූ අධ්‍යාපනික කටයුතු කීපයක් නැවත ආරම්භ කර ගැනීමට මඟ සැලසෙන කාලයකි. එමෙන්ම විශේෂ පුහුණුවීමක් වෙනුවෙන් පදිංචි ස්ථානයෙන් බැහැරව සිටීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් කාලයක් වන අතර, පැවැති අසනීප තත්ත්වයකින් සුවය හිමිකරයි. වරින් වර සායනික ප්‍රතිකාර සඳහා යොමුවීමට සිදුවන සතියකි. මෙතෙක් භාවිත කළ ඖෂධ කීපයක් වෙනස් කිරීමටද සිදු වෙයි.

 

 

අය 08 වැය 06

ජය අංකය – 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සිකුරාදා

 

මකර

 

අලුත් ඥාති සබඳතා

හිතුමතයට කටයුතු කීපයක් සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3.4 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම් වැඩිකරන සතියක් වන අතර, පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමටද සිදුවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටත් අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරයි. පවුලේ බැඳීම් වැඩිකරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. ප්‍රධානීන් සමඟ සුහදතාවයට හේතු සැලසෙන සතියකි. අලුත් සැලසුම් කීපයකට මඟ සැලසෙන සතියකි.

අධ්‍යාපනය

අවිවේකී සතියක් වුවත් අධ්‍යාපනික ජයග්‍රහණ කීපයක් සිදු කරන සතියකි. මෙතෙක් කරගෙන ආ ශාස්ත්‍රීය කටයුත්තක් නිමා කර ගැනීමට අවස්ථාව උදාකරයි. එමෙන්ම ඒ සම්බන්ධ කටයුතුවලට නිතර ඇවිදිලි වැඩිකරන බවක්ද පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට නොසිතූ බාධා එල්ල කරන සතියකි. යටපත්වූ දතක වේදනාවක් නැවත මතුකරයි. ආහාර විෂ වීමක් හෝ ශරීරයේ පළු දැමීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි.

 

අය 06 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

කුම්භ

අධ්‍යාපනික ජයග්‍රහණයක්

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථානවලයි.

 

ගෘහ ජීවිතය

නිතර මනසට පීඩාකාරි ලෙස සිතිවිලි ඇති කරන සතියකි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. පැරණි හිතවත්කම් අලුත්කරන කාලයක් වන අතර, පවුලට සම්බන්ධ ඥාතියකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ.

රැකියා

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ ගැටලු මත ගැටුම්වලට මුහුණපෑමට සිදුවෙයි. කලබල වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි රැකියාවේ උසස්වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි.

 

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණයකට හේතු සැලසෙන සතියකි. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් ද සිදුවීමට ඉඩ ඇත.

සෞඛ්‍යය

ජලය සම්බන්ධ කටයුතුවලින් වෙනදාට වඩා පරිස්සම් විය යුතු කාලයකි. නිතර සෙම් රෝග බහුල වන බවක් පෙන්නුම් කරයි.

 

අය 05 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සඳුදා

 

 

 

මීන

ණය ගනුදෙනුවක් පියවා ගනී

 

අමතර කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12,1,2,3 යන භාවස්ථානවලයි

 

ගෘහ ජීවිතය

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියකි.

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. වරින් වර ආගමික නායකයන්ගේ පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකිවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් වෙනදාට වඩා වාසි කීපයක් සැලසෙනු ඇත. තනතුරු මාරුවක් හෝ ස්ථාන මාරුවක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියාව කරගෙන යන සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුත්තක් හේතුවෙන් මතුවී තිබූ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන සතියකි. එහෙත් උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට මානසික අවිවේකයට හේතු ඇති කරයි.

සෞඛ්‍යය

හිස ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරන අතර, ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

 

 

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.