මේ සති‍ෙය් ලග්න පලාපල... (මැයි 26 සිට ජූනි 01 දක්වා)

මැයි 26, 2023

අදහස් වෙනස්කරන සතියකි -මේෂ

තරමක් දුරට අවිවේකී බවක් ඇති කරන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන 4, 5, 6, 7 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. එමෙන්ම වරින් වර ගේ දොර කටයුතුවලින් ඈත් වී සිටීමටද හේතු ඇති කරයි. අදහස් වෙනස් කරන සතියකි. ලැබීම් අතින් යහපත් බවක් ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ යොදාගත් සැලසුම් කීපයක් වරින් වර වෙනස් කිරීමට සිදුවේ. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන් සමඟ බහින් බස්වීමක් ද සිදුකරයි. ඉක්මන් කලබලකාරී සිතිවිලි තමාට පාඩු සිදුකරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල නිරතවූවන්ට තම බලාපොරොත්තු ඉටුකරගත හැකි සතියකි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම නිතර ගුරුවරුන්ගේ ප්‍රසාදයට පත්වන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් යහපත් සතියක් බව පෙන්නුම් කරයි. පපුවේ සෙම් ගතිය, උණ ආදී රෝගයකින් පීඩා විඳි අයට එයින් සුවය හිමිකරයි. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත් වී සිටීම යහපත් කරයි.

අය 06 වැය 05

ජය අංකය – 03

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

දේපළ ගැටලුවකින් නිදහස් -වෘෂභ

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ඇතිව තිබූ අවිවේකී බවින් නිදහස්වීමට කටයුතු සැලසේ. වරින් වර පියපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. අලුත් ඥාති හිතවතුන් දැන හඳුනා ගැනීමට මාර්ගය උදා කරයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවකින් නිදහස අත්කරයි.

රැකියාව

රැකියාවේ තනතුරු වෙනස්වීමක් සිදුවීමට ඉඩ ඇති සතියකි. වරින් වර රැකියාවේ නිදහසට බාධාවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ආයතන ප්‍රධානීන් සමඟ ඇතිවන ගැටලුවක් හේතුවෙන් මානසික පීඩා ඇති කරයි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තකට හවුල්වීමට කටයුතු උදාකරන සතියකි. නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි උනන්දුව ඇති කරයි. ගුරු දෙගුරුන් සමඟ සමීපව කටයුතු කරන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් වෙනදාට වඩා යහපත් සතියකි. මෙතෙක් පැවැති දණහිස ආශි‍්‍රත ආබාධයකින් සුවය හිමිකරයි. දුර ගමන් යෙදුණත් ඒවාට සහභාගි නොවීම ශරීර සෞඛ්‍යයට සුබදායක වේ.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

ණය මුදලක් ආපසු ලැබේ -මිථුන

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන සතියකි. අලුත් නිවෙසක් ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. නිතර වැයපස අධික වන අතර, මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වරින් වර උදාසීන ගතිපැවැතුම් ඇති කරන බවක් පෙන්නුම් කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

තරග විභාගයකට සම්බන්ධ වූ අයට විශේෂ ජයග්‍රහණයක් හිමිකරන කාලයකි. එමෙන්ම මෙතෙක් අතරමඟ නවතා දමා තිබූ අධ්‍යාපනික කටයුත්තක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශාරීරික පීඩාවක් හේතුවෙන් පැවැති මානසික අසහනකාරී බව මඟ හැරී යයි. අමතර කෑම බීම පාවිච්චියේ දී මෙන්ම දුර ගමන්වලදී ද සැලකිලිමත්වීම වැදගත් වේ.

අය 07 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - සඳුදා

 

ගුප්ත කටයුතුවලින් පිහිට පතයි- කටක

හිතුමතයට තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානයන් මතිනි.

ගෘහජීවිතය

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර පිනට දහමට ළැදිව කටයුතු කරන කාලයක්වන අතර, ගුප්ත කටයුතුවලින් ද පිහිට පතන බවක් පෙන්නුම් කරයි. මුදල් ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකින් නොසිතූ ලාබයක් අත් කරයි.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරයි. නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ රැකියා කටයුතුවලටද සම්බන්ධ වේ.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. එමෙන්ම හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් අන් අයගේ දෝෂාරෝපණයට පාත්‍ර වේ. අලුත් පාඨමාලා වැනි දෙයට යොමුවීමට යහපත් කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. රුධිරගත කොලෙස්ටෙ‍්‍රීල්, සීනි වැනි ආබාධවලින් පරිස්සම් වන්න. එමෙන්ම කෑම බීම පිළිබඳව ද පරිස්සම් වීම වැදගත් වේ. විවේකයට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

අය 08 වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

අතමිට මුදල් ගැවසේ - සිංහ

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට කටයුතු සැලසෙන කාලයකි. හදිසි ගනුදෙනුවක් පියවා ගැනීමට අවස්ථාව උදාකරයි. විවාහ ගිවිස ගැනීමකට බාධාකාරී බවක් ඇති කරයි.

රැකියාව

අවිවේකී බව මඟහැරී යන කාලයක් වන අතර, රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. නිතර අතමිට මුදල් ගැවසෙන අන්දමේ ආදායම් මාර්ග කීපයක් හිමිකරයි. රැකියාවේ කටයුතුවලට අන් අයගේ උපකාරද හිමිකරයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහයෙන් මහන්සියෙන් කටයුතු කරන කාලයකි. විභාග ජයග්‍රහණයක් උදෙසා සැලසුම් කීපයක් සකස්කර ගනී. පොත් පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කරයි.

සෞඛ්‍යය

උෂ්ණාධික රෝගාබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර ජලය හා ඇඟ සිසිල් කරන පාන වර්ග බීම සුවදායක බවක් ඇති කරයි.

අය 08 වැය 06

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – සිකුරාදා

 

පී‍්‍රතිමත් ගමනක් -කන්‍යා

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පවුලේ ගැටලුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි. එහෙත් ගේ දොර අලංකාරය වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. වංචා, කපටි අයකුට හසුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. එමෙන්ම පී‍්‍රතිමත් ගමනකට කටයුතු සූදානම් වන කාලයකි.

රැකියාව

අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා අවස්ථාවක් හිමිකරන කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ දුර පළාතකට ද යාමට සිදුවෙයි.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණ හිමිකම් ඇති කාලයක් වන අතර, තරග විභාග ජයග්‍රහණ පතා දුර ගමන් ද යෙදෙනු ඇත. නිතර දරුවන්ගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

සෞඛ්‍යය

සෙම් රෝග, වාතාබාධ වැනි අසනීප තත්ත්වයන්ගෙන් පීඩා ගෙනදෙන කාලයකි. සීතල ජලය පාවිච්චියෙන් වැළැකී සිටීම යහපත් වන බවක් පෙන්නුම් කරයි. වරින් වර ශාරීරික අප්‍රාණික ගතිද ඇති කරන කාලයකි.

අය 06 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

උදරාබාධයක් හේතුවෙන් පීඩා-තුලා

වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

පිය පාර්ශ්වයේ ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. ගෘහ ජීවිතයේ ඇතිකරන අවිවේකී බව හේතුවෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. විවාහ යෝජනාවක් සම්බන්ධ බලාපොරොත්තුවක් බිඳ වැටේ. පවුලේ දානමය කටයුත්තකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු කාලයකි. නිතර ජලාශි‍්‍රත රැකියා කටයුතුවලට සම්බන්ධවීමට හේතු ඇති කරයි. ව්‍යාපාර කටයුතුවලින් ලාබ හිමිකරන කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු කෙරෙහි උදාසීන බවක් ඇති කරන කාලයකි. නිතර ගුරුදෙගුරු අවවාද අනුශාසනා මත කටයුතු කිරීමට සිදුවෙයි. තරග විභාගයක් වෙනුවෙන් සූදානම් වීමක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීරය සෞඛ්‍යය අතින් තරමක් දුරට අයහපත් බවක් පෙන්නුම් කරයි. කලට වේලාවට ආහාරපාන ගැනීමට පවා බාධා ඇතිවිය හැකි ය. උදරගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

අය 06 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

පැරැණි හිතවත්කමක් අලුත් කරයි-වෘශ්චික

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් අඹුසැමි මතභේදයක හේතු ඇතිකරයි. නිතර පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවන කාලයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. පරම්පරාගත දේපළක් හිමිවන කාලයකි.

රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි. එමෙන්ම නිතර වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ද ඉඩ ඇත. හවුල් ව්‍යාපාරවලට සම්බන්ධ වූ අයට සුබදායකයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදු කරන සතියකි. ඒ සඳහා ණය පහසුකමක් ද හිමිවන බවක් පෙන්වයි.

සෞඛ්‍යය

උදරාශි‍්‍රත රෝගාබාධයක් හේතුවෙන් පීඩා අත් කරයි. නිතර ඇඟ සිසිල් කරන ආහාරපාන පාවිච්චිය වැදගත් වේ. වෙනදාට වඩා ගතට සිතට විවේකය ගැනීම වැදගත් වේ.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

දේපළ හුවමාරුවක් -ධනු

අලුත් බලාපොරොත්තු ඇතිකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 8, 9, 10, 11 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

සහෝදර බැඳීම්වලට බාධාකාරී බවක් ඇති කරයි. නිතර නිවෙසට යන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. දේපළ හුවමාරුවකට කටයුතු උදාකරයි.

රැකියාව

ලියකියවිලි සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිකරන අතර, නිතර ඇවිදිලි වැඩිකරන බවක්ද පෙන්නුම් කරයි. හවුල් ව්‍යාපාරවලින් වාසි කීපයක් උදා කරයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා ගැටලුකාරී කටයුතු කීපයකට මුහුණපෑමට සිදුවෙයි. එමෙන් විවිධ නිර්මාණ හැකියාවන් ඉස්මතු වන බවක් ද පෙන්නුම් කරයි. නව අධ්‍යාපන පාඨමාලාවලට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍යයට වෙහෙසකාරී බවක් ඇති කරයි. සෙම් රෝග තත්ත්වයක් හේතුªවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. හදිසි වැටීම් තැළීම්වලට ඉඩ ඇති කාලයකි. එදිනෙදා කටයුතු පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරී වන්න.

අය 07 වැය 03

ජය අංකය – 07

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

අධ්‍යාපනික ජයග්‍රහණ-මකර

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇතිකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

තරමක් දුරට සැනසිලිදායක බවක් ඇති කරයි. පෙම් සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමිකරයි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. අතරමඟ නවතා තිබූ ගේ දොර ඉදිකිරීමක් වැනි කටයුත්තක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. විදෙස්ගත රැකියා අපේක්ෂාවෙන් සිටි අයට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණ, හිමිකම් අති කරන සතියකි. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. උසස් අධ්‍යාපනය වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් සතියකි. මෙතෙක් පීඩා ගෙන දුන් කොන්දේ ආබාධයකින් සුවය හිමිකරයි. එමෙන්ම ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වී සිටීම සුබදායකයි.

අය 06 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

ගේ දොර අලංකාරය-කුම්භ

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරයි. මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු අධික වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට මඟ සැලසේ. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලු කීපයකට මුහුණදෙයි. නිතර ප්‍රභූ පක්ෂය හා ගැටෙන රැකියා කටයුතුවල නිරතවීමට අවස්ථාව උදාකරන අතර, අමතර ලැබීම්වලටද හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. තරග විභාගයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. එමෙන්ම උසස් අධ්‍යාපනික කටයුතු හේතුවෙන් නිවසින් බැහැරව වාසය කිරීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. ජලය සම්බන්ධ කටයුතුවලට අතගැසීමේ දී කල්පනාකාරී වන්න. එමෙන්ම ආහාර විෂ වීමක් හෝ ඇඟ පළු දැමීමක් වැනි ආබාධ තත්ත්වයකට මුහුණපායි. කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

අලුත් රැකියා මාර්ග-මීන

උදා වූ මේ සතිය මීන ලග්න හිමි ඔබට තරමක් දුරට සුබදායක බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයා මේ සතියේ 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා කටයුතු කීපයක් සාර්ථක කරයි. උත්සාහවන්තව කටයුතු කරන කාලයකි. නොසිතූ ලෙස දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කටයුත්තක් සිදුකරයි. මුදල් ලාබ හිමිකම් ඇති සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලුකාරී බවකින් නිදහස්වීමට මඟ සැලසේ. එමෙන්ම අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයක් වන අතර, ඒ සම්බන්ධ වගකීම්ද වැඩි කරයි.

අධ්‍යාපනය

නිතර වෙනස්වන සුලු ගතිපැවැතුම් ඇති කරන කාලයකි. වැඩිහිටි උපදෙස් නොතකා කටයුතු කරන බවක් පෙන්වයි. විවිධ පාඨමාලා හදාරන්නන්ට යහපත් කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික අපහසුතාවලට මුහුණදීමට සිදුවන සතියකි. වරින් වර ප්‍රතිකාර පතා රෝහල්ගත වීමක් ද සිදුකරයි. සෙම් රෝග බහුල වන කාලයකි.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධම්මිකා රාජපක්ෂ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.