නිවසකට, ඉඩමකට වාස්තු පුරුෂයාගෙන් ලැබෙන විශ්ව ශක්තිය

නොවැම්බර් 6, 2020

වාස්තු පුරුෂයාගේ වැලමිට ප්‍රදේශය යම් හෙයකින් පීඩාවන අයුරින් වූයේ නම් ඒම ස්ථානයේ හිමිකරු ද ඒලෙසම පීඩාවට පත් වනු ඇත. වාස්තු පුරුෂයාගේ මෙම මුනින් අතට සිටින ඉරියව්ව කිසි විටක වෙනස් නොවේ.

භූමියක අන්තර්ගත වී ඇති ශක්තිය සුන් වීම සඳහා වාස්තු විද්‍යාවේ කියවෙන සංකල්පය වාස්තු පුරුෂ මංඩල යනුවෙන් හැදින්විය හැකිය. මෙයින් අදහස් කරනුයේ හතරැස් කොටුවක් තුළ තැන්පත්ව ඇති වාස්තු පුරුෂ රූප ලක්ෂණයයි. මෙම රූපයේ දැක්වෙන වාස්තු පුරුෂයා සෑම නිවසකම ඉඩමකම තැන්පත් ව සිටින බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. වාස්තු පුරුෂයා ඊසාන දෙසටත් නිරිත දෙසටත් හැරවී තිබේ. මෙම කියෙවන කරුණු කාරනා ගැන සැලකිලිමත් වන විට මෙම කොටුව තුළ විවිධ බලවේග ක්‍රියාත්මක වේ.මෙම බලවේග ඕනෑම ඉඩමක නිවසක රැඳෙන බව දැන ගත ය යුතුය.

 

වාස්තු පුරුෂයා මඟින් දිස්වන බල වේග බල ව්‍යුහයක් හා සම්බන්ධ වී ඇත. මෙම බල ව්‍යුහයන් නිවසේ ඉඩමේ නිසි ලෙස පාලනය නොකළ හොත් අප්‍රහිතකාරී පීඩාවන් මෙම තුළින් ජනිත වීමට ඉඩ ඇත. මෙහි වෙසෙන අය හට මෙම අප්‍රහිතකාරී පීඩාවන් එකට ඒකතු වී නොපෙනෙන බලයක් සේ ක්‍රියාත්මක වීම තමාගේ දියුණුවට බාධා විය හැකිය. මෙම නොපෙනෙන බලය තුළ මෙම විශ්වයේ ඇති සෑම බලයක් ම ක්‍රියාත්මක වේ. ආපෝ, තේජෝ, වායෝ ජල හා ආකාශ යනු වෙන් වෙන්වද ක්‍රියාත්මක වේ. වාස්තු පුරුෂ මංඩලය සෑදී ඇත්තේ ත්‍රි මුර්තියක ආකාරයෙන් ය. මෙම මූර්තීන් දර්ශන තලයක් මෙන් තුන් ආකාරයකින් මනසට ශරීරයට හා ආත්මයට සම්බන්ධ වී ඇත. මෙය ක්‍රියා කිරීමේදී සූක්ෂම වශෙයන් ද භෞතික වශයෙන් හා ගෘහ නිර්මාණය වශයෙන් ද ක්‍රියාක්මක වේ.

වාස්තු යනු චිත්‍රයක් නිරූපනය කරන කඩදාසියයි. පුරුෂ යනු මෙහි සටහන් කරන රූපයයි. මංඩලය යනු නිර්මාණය කිරීමට උපයෝගී කර ගන්නා වූ යාන්ත්‍රණයයි.වාස්තු පුරුෂ මණ්ඩලය මඟින් දී ඇති සිද්ධාන්තයන් උපයෝගි කර ගෙන නිර්මාණය කරන ලද නිවාසයක් ගොඩනැගිල්ලක් පූජනීය ස්ථානයක් වේ නම් සූක්ෂම විශ්ව රශ්මි කදම්බයක් කැටි කොට බලවත් ප්‍රතිඵලයක් අදාල ඒම ස්ථාන වලට ලබා දෙනවා ඇත. වාස්තු පුරුෂයා මුනින් අතට පොළොවේ වැතීරී සිටින බව සිද්ධාන්තයයි. මෙම ප්‍රති රූපයේ හිස ඊසාන දෙසද පාද යන් නිරිත දෙස ද වැලමිට ගිනිකොණ හා වයඹ දෙස ද පිහිටා ඇත.

ගොඩනැගිල්ලක ජීවය පවත්වා ගෙන යාමට වාස්තු පුරුෂ අංගෝපාංග යන් නිසි ලෙස හසුරුවා ගැනීම ඉතාමත් අවශ්‍ය වේ. කෙසේ වෙතත් මෙම මර්මස්ථාන යම් හෙයකින් පීඩා වූයේ නම් අප්‍රහිතකාරී පීඩාවන්ට ලක්වනවා ඇත. මෙම ස්ථාන වනුයේ වාස්තු පුරුෂයාගේ හදවත, පපු පෙදෙස , හිස හා ලිංග පෙදෙස යන විශේෂ ස්ථානයන් වේ.

ගොඩනැගිල්ලක් නිවසක් සෑදීමේදී බර භාණ්ඩ හෝ ගල් වැලි බර කුලුනු මෙම ස්ථානයන්ගේ ස්ථාන ගත කිරීමෙන් වැළැකී සිටිය යුතු ය. නිවසේ ගොඩනැගිල්ලේ උයන පිහින මුළුතැන්ගෙය අනිවාර්යෙන්ම ගිනිකොණ දිශාවට ස්ථාන ගත කළයුතුයි. මොනම හේතුවක් නිසාවත් ඊසාන දිශාවේ මුළුතැන් ගෙය ස්ථාන ගත කළෙහාත් ඒම නිවැසියන්ට නිතර නිතර අසනීප කරදර වලට මුහුණ දීමට සිදුවන බව වාස්තු විද්‍යානුකූල නියමයයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.