ඔබගේ ව්‍යාපාරය ඇදගෙන වැටුණේ ඇයි?

නොවැම්බර් 27, 2020

ව්‍යාපාර හෝ නිවෙස් නම් ඉක්මනින්ම දියුණු වී නොසිතූ ලෙස පල්ලම් බසියි. එක දිගට ව්‍යාපාරයක් කරගෙන යාමට බාධා පැමිණේ. වැසීමට හේතු යෙදේ. පාඩු පිට ගමන් කරයි. නිවාස අසල නම් බැසීමට හේතු යෙදේ. අඹුසැමි විරෝධතා මතුවේ.

 

මැලේසියාව සිය නිජභූමිය කරගෙන ව්‍යාප්ත වුණූ කොට්ටන් ශාකය ලංකාවේ ලුණු පස හා මඩවගුරු සහිත භූමි . ගංගා ආශි‍්‍රතව ඉතා සරුවට වැඩේ. කොට්ටන් ප්‍රභේද කිහිපයක් දකින්නට ලැබේ.

විශාල පත්‍ර සහිතව “උත්ස්වේදනය” කටයුතු අවම කර ගැනීමට අනුවර්ථනය වූ රතු කොට්ටන් ප්‍රභේදය ආයුර්වේද ඖෂධයක් ලෙස ද, ගෙඩිතලා මද ආහාරයක් ලෙසද, මිනීපෙට්ටි නිෂ්පාදනයට ලෑලිද, ගෘහ කර්මාන්තයේ රීප්ප ලෙස ඉරා දැව ලෙසද ප්‍රයෝජන වේ.

අප ලංකාව තුළ විශේෂයෙන් “සෙවණ” සඳහා දුම්රිය ස්ථාන , පාසල්, රෝහල්, නිවාස, ඉදිරිපිට ගරාජ , වෙළඳසල්, උද්‍යාන, ජනාකීර්ණ තැන්, සොහොන් පිටි, දෙවටවල්, වැටවල්, පන්සල්, කෝවිල්, කාර්යාල , මංමාවත්, හා නොයෙක් තැන්වල කොට්ටන් ගස ඔබ දැක ඇත.

පොහොරක් නැතිව ඉතා ඉක්මනින් අතු විහිදී වැඩෙන ගී‍්‍රෂ්ම ඍතුවේදී. පත්‍ර පත්‍රනය වී නැවත දලු හා මල් හටගනියි. පරාගනයට විශේෂ කාර්යන් ඉටු කරයි. වර්ෂා කාලයේදී සීඝ්‍ර වර්ධනයක් පෙන්වන අතර අකුණු සැරද වැදෙන අතර පත්‍ර සඳහා දළඹු විශේෂ වැඩිවී, ගස යට ඉන්න හිටින්න පවා බැරිවී යයි.

බීජ ව්‍යාප්තිය වවුලන් හා ජලය මගින්, හා පක්ෂින් විසින් ඇති කරයි. විෂ සහිත දළඹුවන් බෝවීම තුළින් දරුවන්ට හානි සිදුවන අතර විශාල ප්‍රදේශයකට අතු විහිදී අරක් ගන්නා ශාකය, “සෙවණ’ සඳහා විශේෂ පිටිවහලක් ලබාදෙයි. ගෙඩි ඉදෙන කාලයට “වවුලන්” මුළු රාත්‍රිය පුරාවටම රංචු පිටින් පැමිණේ. කිරි බී වැඩෙන ක්ෂීරපායි ගණයට මොවුන් වැටෙන අතර “නිශාචර” වශයෙන් හැඳින්වෙයි.

කටින් නිකුත් කරන ශබ්දය මගින් ගමනේ බාධක හඳුනා ගනී. රාත්‍රී කාලයේ සැරිසරණ අමනුෂ්‍ය බලවේග ආත්ම බැඳී පවතී. පාළු ස්ථාන, හුදෙකලා වූ තැන් “වවුලන්ගේ” රජදහනකි.

කොට්ටන් ගසේ අඳුරුව ඇති තැන් හා සීතල මොවුන් පි‍්‍රය කරන අතර දවාලට සැඟවී සිටීමද කොට්ටන් ගස උපයෝගී කර ගනී.

නිශාචර පක්ෂින්වන බස්සා, බකමුණා, සහ උලමා ,බොදිලිමා. වැනි සතුන් ආහාර සොයා පැමිණේ. අඳුර පිරී ඇති නිසා ලැගුම් ගනී.

මෙම ගස පිහිටි තැන අනුව වන බලපෑම පරික්ෂා කරමු

1.නිවෙස/ගෙය/ මාලිගය ඉදිරිපිට හෝ ප්‍රධාන දොර සමීපයේ ඉදිරියේ නම්

අඹුසැමිභේද, රණ්ඩු, මතගැටුම්, ස්ථානයට අමනුෂ්‍ය බැල්ම

මිදුල ප්‍රදේශයේ නම් – ආදායම් මාර්ග බිඳ දමයි. රැකියා කරදර, ලැබෙන්නට තියෙන මුදල් නොලැබේ.

නිතර ගෙදර කෙනෙක් අසනීප වෙයි. දරුවන් අකීකරු වෙයි.

ව්‍යාපාරය ඉදිරිපිට නම් :–

ව්‍යාපාරය සීඝ්‍රයෙන් දියුණුූ වෙයි. මුදුන් පෙත්තට නගී.(ශුභ දශාව තුළ දියුණුවීම – අශුභ දශා කාලය ලැබූ විට වැටීම) යානවාහන, ගෙවල්දොරවල්, ඉඩකඩම් ලබාගනී. ගොඩනඟාගත් “සියල්ල” නොදැනීම සෝදා පාළු වී යයි. බංකොලොත් වෙයි. ණය වැඩිවීම් සීඝ්‍රව ලාච්චුවට වැටුණු මුදල් ක්ෂණිකව අඩුවී යයි.

ණය ගනුදෙනු වැඩිවී යයි. පාරිභෝගිකයින් සමඟ අමනාපකම් ද ඔවුන්ගේ පැමිණීම වෙනත් වෙළඳසල් කෙරෙහිද ගමන් කරයි. අප සතු සමහර බඩු හිඟවේ.

අප එදිනෙදා ගෙනියන ‘රෝල’ ගෙන යාමට නොහැකි වෙයි. හොඳට තිබු ආර්ථිකය “ඍණ” ව ගමන් ගනියි. ව්‍යාපාරයට මුදල් යෙදෙව්වත් බහිරවා “ගිල්ලා” සේ නොදැනිම යළි තිබූ ලෙසටම පත්වේ.

ගුප්ත බලවේග බහිරව, යක්ෂ, පේ‍්‍රත, උවදුරු ස්ථානයට අරක් ගනී. මේවා සිතා ගත නොහැකිව ගුප්තව සිදුවේ. කවුරු මොනව හරි උපදේශයක් දුන්නත් ඒවා ගණන් නොගනී.

දවාලට වඩා රාත්‍රියට මේවා (අඳුර) ප්‍රශ්න වැඩිවේ. නිදි යහනට පවා බලපෑම් ඇතිවේ. නොයෙක් සිතිවිලි වේගයෙන් ක්‍රියාත්මක ෙවි. අදෘෂ්‍යමාන බලවේග රාත්‍රියට බලවත් වෙයි.ගසේ සෙවණ යට හිටියත් මානසික සුවයක් නැත. නිවසට භූත බැල්ම වැටේ.

එදිනෙදා ගෙනි යන රෝල ගෙනයාමට නොහැකි වෙයි. නැති ප්‍රශ්න මතුවේ. එක්කෝ නිවැසින් බැහැර කරයි. මූල්‍යමය ගැටලු උදාවෙයි. ගෘහ හිමියා අසනීප කරවයි. භූත අසනීප මතුවේ.

සමූහ ව්‍යාපාර ඉදිරිපිට කොට්ටන් ගස වැඩී ඇත්නම්, හවුල්කරුවන් සමඟ මතගැටුම්ව්‍යාපාර කඩා වැටේ.

සේවක ප්‍රශ්න, ටෙන්ඩර් ප්‍රශ්න, මහජන විරෝධතා, මංකොල්ලකෑම්වලට ලක්වීම, වැනි අශුභඵල ම ලබා දෙයි.

තුං මංසල , සිව් මංසල, අසල කොට්ටන් ගස, එම ස්ථානයට භූමි විරෝධතා , යක්ෂ, පේ‍්‍රත, උවදුරු ළඟා කරයි.

ව්‍යාපාර හෝ නිවෙස් නම් ඉක්මනින්ම දියුණු වී නොසිතූ ලෙස පල්ලම් බසියි.

එක දිගට ව්‍යාපාරයක් කරගෙන යාමට බාධා පැමිණේ. වැසීමට හේතු යෙදේ. පාඩු පිට ගමන් කරයි. නිවාස අසල නම් බැසීමට හේතු යෙදේ. අඹුසැමි විරෝධතා මතුවේ.

කනත්ත සහ ආදාහනාගාරය,මෘත ශරීර ඇති ස්ථානවලට කොට්ටම් ගස අවශ්‍ය නම් තබාගත හැක. එකී කාර්යයන්වලට එය රුකුල් දෙයි.

ජනශූන්‍ය ප්‍රදේශවලට මෙම ගස සුදුසු වුවද, ජනාවාස වු ස්ථානවලට මේ කොට්ටන් ගස තිබීම අශුභයි.

විශේෂයෙන් ගෘහය හා ව්‍යාපාරය ඉදිරිපිට කොට්ටන් සුදුසු නැත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.