ජීවිත කාලයටම බලපාන්න ගෙවල් ඉඩම් ආරක්ෂා කරගන්නේ මෙහෙමයි

නොවැම්බර් 5, 2021

මොහොතකට සිතන්න, මෙච්චර කාලයක් තිස්සේ ඔබගේ ගෙවල් ඉඩම් සම්බන්ධයෙන් පැණ නැගුණු ප්‍රශ්න නිසා සහ ඒවාට විසඳුම් සොයමින් එහා මෙහා ගිහින් ඔබගේ සිත ඔද්දල් වෙලා ඇති. නමුත් මේ වන විටත් ඒවාට නියම විසඳුමක් ලැබී නැහැ නේද? අතන හොඳයි, මෙතන හොඳයි කිය කියා තවමත් තැන් තැන්වල ඇවිදිනවා. අතේ තියෙන කීයක් හරි නිකරුණේ වියදම් කර ගන්නවා.

 

ජීවිත කාලයම හරි හම්බකර ගත්තු දෙය යට කරලා අරගත්තු ඉඩමේ හෝ ගෙයි ජීවත් වෙන්න බැරි නම්, යම් යම් බලගතු දෝෂ පවතී නම් ඇත්තටම එය මහා ගැටලුවක්. සමහරුන්ට කොච්චර මිල මුදල් ගෙදරට ගෙන ආවත් දවසයි දෙකයි. දින දෙකකට, සතියකට පස්සේ අතේ සතේ නෑ. සමහර වෙලාවට අහල පහල ගෙවල් වලින් ණයට ඉල්ලනවා. එදිනෙදා කන බොන, ජීවත් වෙන්න අවශ්‍ය බඩු බාහිරාදිය ටික ගන්නෙත් ණය වෙලා. බොහොම අමාරුවෙන්. සමහරුන්ට, මෙහෙම ජීවත් වෙලා මොකටද? කියලාත් හිතෙනවා කියපු වාර අනන්තයි. හැබැයි මේ හැම දේටම බලපාන ඔබේ කේන්ද්‍රයේ මේ කාලයේ, එනම් ගොචරයෙන් යන දශාවන් සහ අතුරු දශාවන්වල තත්ත්වයන් මොන වගේද කියලාත් ප්‍රථමයෙන් බැලිය යුතුයි. ඒවා හොඳින් තෙවැනි ඇසකින් බලා අනාවැකි පල කරන ඡ්‍යොතිෂවේදියකුගෙන් පරීක්ෂා කරවාගෙන මතු දැක්වෙන සියලු දෝෂ දුරු කරවාගෙන යහපත සලසා ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඔබ වෙත ගෙන එනවා. නමුත් සඳහන් කෙරෙන කාරණා නිසි අයුරින් සිදු නොවුණහොත් ප්‍රතිඵලද බලවත් නොවන බව සිහි තබා ගන්න.

බුදු දහමට එහා ගිය සහ බුදු දහම නෙරපා හරිමින් ඉදිරියට ගිය ලොවේ කිසිවක් නෑ. ඡ්‍යොතිෂය, වාස්තු සහ සියලු ගුප්ත කටයුතු බුදුදහම සහ බැඳී පවතිනවා. එනිසා මා මෙතෙක් ලද අත්දැකීම් අනුව, තත්කෙටම අතුරු අන්තරාවලින් ආරක්ෂාවී සියලු දියුණුව සලසා ගත හැකි ආරක්ෂා මන්ත්‍රයක් මෙන්න. නමුත් මේ කාරණාවට බැසීමට පෙරාතුව ඔබ නිවසේ හිමිකාරයා හෝ ගෘහමූලිකා නම්, ඔබගේ ජන්ම නැකැතට සීහෙන ශුභ නැකැතක් සොයා, පංචාංග ශුද්ධිය තුළින් බලවත් කෙරෙන ශුභ මුහුර්ථයක් යොදාගත යුතු ය. මෙම ප්‍රබල වීම ආරක්ෂා මන්ත්‍රයේ ගුණ දෙගුණ තෙගුණ වීමටත්, දහස් වරක් බලාත්මක වීමටත්, බලපාන බව කිව යුතු ය. නිවසක් තැනීමේ දී පාදම ශක්තිමත් නොමැති නම්, ගොඩනැගිල්ලේ පැවැත්ම අස්ථාවර සේම, පංචාංග ශුද්ධිය රහිත නැකැත් සීහුම නොමැති නම් මතු කී තත්ත්වයම බව තරයේ සිහි තබා ගත යුතු ය.

පළමුවෙන් අදාළ ස්ථානය කහ දිරෙන් පිරිසුදු කර ගන්න. මීළඟට මොනයම් ආකාරයකින් වත් නොපෑගුණු, ගලායන වතුරකින් සිහින් වැලි සහ ගල් කැට යම් ප්‍රමාණයක් (නිවසේ හතර මුළු සහ ඇතුළත මුළු, සඳහා අවශ්‍ය ප්‍රමාණය) තඹ කොලයක්, කුඩා වීදුරු කුප්පි, වී ඇට, තල තෙල්, පොල් තෙල් සහ අබ තෙල්, සාම්බ්‍රානි, මල් යහන සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගන්න. (මෙහි මුලින් සඳහන් කරන ලද ැලි සහ ගල් ශුභ වේලාවකින් ලබාගත හැකි නම් වඩාත් සුදුසුයි.)

පංචාංග ශුද්ධිය සහිත ශුභ මුහුර්ථය උදාවූ මොහොතේ සියලු දේ සකසා මල් යහනේ තබා දේවාරාධනාව සිදු කොට, මන්ත්‍රය 108 වරක් ජීවම් කිරීම ආරම්භ කරන්න. සත්‍ය ආකාරයටම සිදුකරගතහොත් ජීවම් කිරීම අවසානයේ ලබා ගන්නා පැන් සිහිමුර්ජා වූවකුගේ මුහුණට ඉසීමෙන් නියම ප්‍රකෘති සිහිය ලැබීමට තරම් ශක්තිමත්ය. සියලු දෝෂ ඉවත් වේ.

 

මෙන්න මන්ත්‍රය

නමෝ අරික්කාල් මුප්පත්තු නයිරික්කාල් ස්වාමියානේ මුච්චං පදිනෙට්ටුං කරියානේ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං සූර කට්ටු අසුර කට්ටු විෂ්ණු කට්ටු කන්ද කුමාර කට්ටුනේන් ප්‍රලයයං තෝස්වාහං

ඕං හි‍්‍රං භගවතී ඕං පුණ්ඩරිකාක්ෂං ඕ ස්වස්ති සිද්ධම් ර ර ර ර ඒස්වාහං, ඕං හි‍්‍රං මිනීලකාල වසවත් තුප්පානේ තෝස්වාහං, ඕං හි‍්‍රං ඉන්දු කුලන්දු හැර පලයන් තොස්වාහං

 

ජීවම් කිරීම ආරම්භයේද පළමුවෙන් කහ දියර නිවස ඇතුළත පිටත සහ ඉඩම පුරා ඉසින්න. පසුව කුඩා කුප්පි අවශ්‍ය ප්‍රමාණයට ගෙන එහි 1/4 ක් පමණ ජීවම් කළ තෙල් යොදා, වී ඇට, තඹ පත් කැබලි, වැලි සමානුපාතිකව යොදා හොඳින් වසා නිවසේ හතර කොණේත්, ඇතුළත බිත්ති මුළුවලත්, ඉඩමේ හතර කොණේත් තැම්පත් කරන්න. පසුව ඉතිරි වැලි ඉඩම පුරා ඉසින්න. ගල් කැටද එසේම සිදු කරන්න. ඉඩමට ඇතුළුවන ගේට්ටු දෙපස සහ ඉඩමින් පිටවන ස්ථාන ඇත්නම් ඒවායේද භූමියේ යට තැම්පත් කරනු. ආරක්ෂාව සිදු කළ දිනට සතියක් පුරා සහ පසුව සතියක් පුරා නිවැසියන් මස් මාංශවලින් වැළකී සිටිය යුතු ය. ගෙට නොගත යුතු ය. කිළි සහිත දෙයින් ඈත් විය යුතු ය. එවන් බාහිර පුද්ගලයින්ද නිවස තුළට ගැනීමෙන් වැළකී සිටිය යුතු ය. පසුව දිනපතා නිවස තුළ බුද්ධ වන්දනාව සිදු කොට දෙවියන්ට පින් දීම සිදු කරන්න. ප්‍රත්‍යක්ෂ සහනය ලැබේ. ස්ථිරයි.

 

කේ.පී. ක්‍රිෂාන්ත පි‍්‍රයදර්ශන සුරවීර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.