වාසයට සුදුසු පරිදි නිවස සකසා ගනිමු

පෙබරවාරි 25, 2022

නිවසක් සැලසුම් කිරීමේදී වැඩි දෙනකුගේ අවධානය යොමු වන්නේ නිවසේ ආලින්දය, විසිත්ත කාමරය වැනි ස්ථානයන් වෙතය. නමුත් වාස්තු විද්‍යානුකූලව මුළුතැන්ගෙය හෙවත් කුස්සිය නිවසක සුවිශේෂී තැනක් හිමිවන ස්ථානයක් ලෙසට පිළිගැනේ. ආහාරපාන සැකසීම සඳහා ගාහණිය වැඩි කාලයක් එහි ගත කරන අතර පවුලේම පෝෂණය රැ¼දී ඇත්තේද එම අවකාශය තුළය. මේ නිසා මුළුතැන්ගෙයි උපරිම ගුණාත්මකභාවය රඳා පවත්වා ගැනීමට නම් නිවසේ ගිනිකොණ දිශාවට වන්නට සැලසුම් කිරීම වඩා උචිතවේ. එසේම එය ප්‍රධාන දොරටුවෙන් මෑත්වන අන්දමට සැලසුම් කිරීම සුදුසුය.

 

සාලයට මුළුතැන්ගේ හොඳද?

 

වත්මන් ගෘහ නිර්මාණ සැලසුම්වල මුළුතැන්ගෙයද සාලයේම කොටසක් ලෙස නිර්මාණය කර තිබෙන අවස්ථා දැක ගත හැක. ර්‍ණනඥද ර්‍ථචදබපර ලෙසින් හැඳීන්වෙන මෙබඳු මුළුතැන්ගෙයක් නිර්මාණාත්මක වශයෙන් අලංකාරයක් ගෙන දුන්නත් වාස්තු විද්‍යාත්මක සිද්ධාන්ත වලට අනූව නම් එතරම් සුදුසු නොවන බව පිළිගැනීමය. කෙසේ වෙතත් බටහිර ගෘහ නිර්මාණවල ආභාෂය තුළින් මෙබඳු අංගයන් අපේ රටේ ගෘහ නිර්මාණ සඳහා එක්වූවා වන්නට ඇතිමුත් ඒවා අපිට සරිලන පරිදි ගලපා ගත යුතුය.

මහල් නිවසක මුළුතැන්ගෙය හැකිනම් නිවසේ අනික් කොටස්වලට වඩා තරමක් පහළින් සකසා ගැනීම ඵලදායකය. මුළුතැන්ගෙය කිසි විටෙකත් අනික් කොටස්වලට වඩා ඉහළින් නොතිබිය යුතුය. සම මට්ටමේ තැබීම වරදක් නොවේ.

මුළුතැන්ගෙය ගින්දර මුල් කරගත් කටයුතු සිදු කෙරෙන ස්ථානයක් බැවින් වාස්තු විද්‍යානුකූලව මුළුතැන්ගෙය ඉදිකර ගැනීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ ගිනිකොණ දිශාව බවට නිර්දේශ කෙරේ. ගිනිකොණ යනු ගින්න නමැති මූලධාතුවට අයත් දිශාව වේ. නමුත් සෑම කෙනෙකුටම මෙම දිශාවේම මුළුතැන්ගෙය ස්ථානගත කිරීමට අපහසු වන බැවින් ගිනිකොණ දිශාව තෝරා ගැනීමට නොහැකි අවස්ථාවල වයඹ දිශාව ඒ සඳහා යොදා ගැනීමට පුළුවන. ගිනිකොණ දිශාවේ සැකසූ මුළුතැන්ගෙයි නැගෙනහිර දිශාව බලා ආහාර සකස් කිරීමට යොදා ගැනීම තුළින් ආහාර වලට ජිව ශක්තියක් එක්වන බව වාස්තු විද්‍යාත්මක පිළිගැනීමය. නමුත් නිරිත දිශාවට මුහුණ යොමාගෙන ආහාර සකස් කිරීම සෞඛ්‍ය ගැටලු ඇති කරවන බවට හා උතුරට මුහුණලා ආහාර පිළියෙල කිරීම ධනය විනාශ කරවන බවට වාස්තු විද්‍යාවේදී දක්වා ඇත. සින්ක් එක මුළුතැන්ගෙයි ඊසාන දිශාවටත් ශීතකරණය හා ආහාර ගබඩා කරන ස්ථාන දකුණ හෝ බටහිර බිත්තිවලටත්, ළිප් ගිනිකොණ දිශාවටත් ස්ථානගත කර සැකසීම ඉතාමත් සුබඵල ගෙන දෙන බව වාස්තු විද්‍යානුකූල පිළිගැනීමය.

 

කෑම කාමරයේ දොස් නිවැරදි කර ගනිමු

නිරතුරුව කෑම කාමරයට ලා පැහැති වර්ණයන් ආලේප කිරීම සුදුසු වන අතර ඒ සඳහා විශේෂයෙන් කොළ හෝ නිල් පැහැය යොදා ගත හැකි නම් ප්‍රතිඵලදායකය. කෑම කාමරය අවට පරිසරය ඉතා නිරවුල් නිදහස් අවකාශයක් වීම අත්‍යාවශ්‍යය. කෑම කාමරය තුළ පලතුරු වට්ටියක් හෝ එබඳු පින්තූර තැබීම සෞභාග්‍යය සංකේතවත් කරයි.කෑම කාමරය ස්ථාන ගත කළ යුත්තේ නිවසේ බටහිර දිශාවට වන්නටය. මුළුතැන්ගෙයින් බැහැරව වෙනම කොටසක් ඒ සඳහා වෙන් කර ගැනීම සුදුසුය. එහෙත් තරමක් විශාල මුළුතැන්ගෙයක නම් ආහාර අනුභවය සඳහා කොටසක් වෙන් කර ගැනීමට පුළුවන. නව සංකල්පයන්ට අනූව ගෘහ නිර්මාණවල ර්‍ථචදබපර ) ච්ඪදඪදඨ එකම අවකාශය තුළ භාවිත වේ. ඉඩපහසුකම් ඇත්නම් එසේ පිළියෙල කරගැනීමේ වරදක් නැත. නමුත් කෑම කාමරයට විවෘත වන පරිද්දෙන් වැසිකිළි හෝ නාන කාමර දොරටු තැබීම යෝග්‍ය නැත.

කෑම මේසය ඍජුකෝණාශ්‍රාකාර විය යුතු අතර කෑම ගන්නා විට බටහිරට හෝ නැගෙනහිරට මුහුණලා හිඳ ගැනීමට හැකිවන පරිදි මේසය ස්ථානගත කිරීම යහපත්ය.මුළුතැන්ගෙයක් හා කෑම කාමරයක් භාවිතයේදී පිරිසිදුකම හා පිළිවෙල ඉතා වැදගත් වේ. නිරතුරුව මෙබඳු ස්ථාන අපිරිසිදු වීමේ හැකියාවක් පැවතියත් සෑම විටම පවිත්‍රතාවය ගැන ගෘහණියන්ගේ විශේෂ අවධානයක් යොමු විය යුතුය. පිළිවෙලකට නොමැති අපිරිසිදු මුළුතැන්ගෙය හා කෑම කාමරය නිවසට ගෙන දෙන්නේ අසුබදායක තත්ත්වයකි.

වර්තමානයේ පවතින ඉඩකඩ සීමා සහිත වීම් තුළ වාස්තු විද්‍යානුකූලව සියයට සියයක් ගැළපෙන පරිද්දෙන් නිවසක් ඉදිකර ගැනීම අපහසු වීමට පුළුවන. නමුත් නිසි වාස්තු විද්‍යානුකූල උපදේශයන් මත වැරදි අඩුපාඩුවලින් තොර නිවසක් ඉදිකර ගැනීමට හැකියාව ඇත. කෙසේ වෙතත් තමන්ට ඇති ඉඩකඩෙහි අපහසුවකින් තොරව දෛනික කටයුතු සිදු කර ගැනීමට හැකි ආකාරයට නිවසේ සැලසුම නිර්මාණය කර ගැනීම වැදගත්වේ. එසේ නොවන විට මානසිකව වැඩ කටයුතු කිරීමේ අපහසුතාවයක් අකමැත්තක් හෝ අලස බවක් ඇතිවීම තුළින් නිවසේ කටයුතු අසාර්ථක වීමට පුළුවන.

 

ප්‍රධාන දොර අවට

නිවෙසකට සුබ ශක්තීන් ගලාගෙන එන නිවසේ ප්‍රධාන දොර පිහිටන ස්ථානය අනූව එම නිවෙසට බලපාන සුබ අසුබ කාරණා බොහොමයක් තීරණය වෙනවා. ඒ අනූව අපේ නිවසට සුබ ශක්තීන් ඇතුළුවෙන ප්‍රධාන දොර පිහිටි ස්ථානය සහ ඒ අවට සකස් කර ගන්නේ කොහොමද ? නිවැරදිව ස්ථානගත කළ යුත්තේ කොතැනකද ?

නිවසේ ප්‍රධාන දොර ස්ථානගත කිරීමේදී ඉදිරිපස බිත්තියේ හරි මැදට සිටින සේ තැබීම නොකළ යුතු දෙයක්. ඒ කියන්නේ කවර හෝ පැත්තකට බර වන ආකාරයට තමයි නිවසේ ප්‍රධාන දොර ස්ථානගත කළ යුතුවන්නේ.

ඒ වගේම ප්‍රධාන උළුවස්ස පටුවීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. අඩි හතරක්, හතරහමාරක් පළල් දොරක් තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එමඟින් සුව ශක්තිය, ශ්‍රියා කාන්තාවගේ බැල්ම නිරන්තරවම ඒ නිවස තුළට ආකර්ෂණය කරගත හැකිය.

ප්‍රධාන උළුවස්ස අවට අඳුරු ස්වාභාවයක් ගන්නවා නම් අබලන් වූ බඩු භාණ්ඩ හෝ ඒ අවට ගොඩගසා තිබෙනවා නම් ඒ අනවශ්‍ය දේවල් ඉක්මනින් ඉවත් කරන්න. එහෙම වෙනකොට සුබ ශක්තීන් වගේම ශ්‍රියා කාන්තාවගේ බැල්මත් නිවස තුළට ඇතුළුවීම වළකනවා. ඒ අනූව ඉතාමත් පැහැදිලිව පිරිසිදු ආකාරයට කළඑලි වන ආකාරයට ප්‍රධාන උළුවස්ස අවට පිරිසිදුව තිබීම ඉතාම වැදගත්.

 

ප්‍රධාන දොර ඉදිරියට කටු සහිත ශාක හා පැල එපා

බොහෝ දෙනෙක් නිවසේ ප්‍රධාන උළුවස්ස අවට අලංකාරය පිණිස විවිධ විසිතුරු ශාක වර්ග හා පැළ වර්ග ස්ථානගත කරයි. උල් පත්‍ර සහිත පැළ සහ කටු සහිත පඳුරු ප්‍රධාන උළුවස්ස අවට තැබීම ඉතාමත්ම අසුබයි. එවිට ඔබේ නිවසට ගෙන එන මුදල් පරිහානියට පත්වෙනවා. අඹු සැමියන් අතර තියෙන හොඳ හිත නැතිව ගොස් නිතර ආරවුල් ඇතිවනවා. මනස ව්‍යාකූල තත්ත්වයට පත්වෙනවා.

 

ඉදිරිපස දොර හා අසුබ තවත් දේ

 

ප්‍රධාන උළුවස්සෙන් ඇතුළට එන විට ඒ ඉදිරිපසින් නාන කාමරයක හෝ වැසිකිළියක දොරක් පෙනෙන එක ඉතාම අසුභයි. ඉන් සිද්ද වෙන්නේ විශ්වය හරහා පැමිණෙන්නාවූ වාසනාවත් දෙවියන් හරහා පැමිණෙන්නාවූ සුබ ශක්තීන් නිවස තුළ ගබඩා නොවී ක්ෂය වී යාමයි. එවන් පිහිටීමක් ඔබ නිවස තුළ තිබෙනවා නම් හැකි ඉක්මනින් ඉවත් කරන්න.

ඉදිරිපස දොරට සමාන්තරව බැහැරට යන පිටුපස දොරක් පිහිටීම ඉතාම අසුබයි. මෙවන් විටක නිවස තුළට පැමිණෙන සුබ ශක්තීන් ඒත් එක්කම නිවසෙන් පිට වෙනවා. එහෙම වුණාම ධන වාසනාව නොලැබී යනවා. රැකියාවලින් ව්‍යාපාර කටයුතුවලින් අපේක්ෂා කරන තරම් සුබ ප්‍රතිඵල අත් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පිහිටීමක් නිසා උළුවස්ස කඩා දැමීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබට පුළුවන් ඒ අතරට තිරයක් හෝ යම් ආවරණයක් ස්ථානගත කර යම් ආකාරයක බාධකයක් යොදන්න. ඒ කියන්නේ වාතය හරහා එන ශක්තීන් එළියට යන්න තියෙන අවකාශය සීමා කරන එක. එහෙම බාධා කළාම නිවසට ඇතුළු වන ශක්තිය නිවස තුළම රඳවා ගන්න පුළුවන්.

සීනු හඬ

 

බොහෝ නිවෙස්වල ප්‍රධාන උළුවස්ස ඇතුළු පැත්තෙන් දොරේ නාද වන සීනුවක් එල්ලා තබනවා. එය ගොඩක්ම හොඳ දෙයක්. ඒ සීනු ශබ්දය නැගෙන හඬ හරහා විශ්වය තුළ තිබෙන සුබ ශක්තීන් ඔබේ නිවෙසට අද්දවා ගැනීමට ඔබට හැකියි. එය ධන වාසනාව ගෙන ඒමක්. මානසික නිරවුල් බව, පවුලේ සතුට සමගිය ආරක්ෂා කරන දෙයක්. ඒ වුණත් පසුපස දොර හෝ වෙනත් දොරක එවන් සීනුවක් එල්ලා තැබීම ඉතාමත් අසුබයි.

 

තරප්පු පෙළ

ඔබේ නිවසට පිවිසෙන ප්‍රධාන දොරට හරි කෙලින් තරප්පු පෙළක් තැබීම ඉතාමත් අහිතකර දෙයක්. යම් ආකාරයකින් එවන් පිහිටීමක් තිබෙනවා නම්, තරප්පු පෙළ පාමුල සජීවී මල් පැළ දෙකක් දෙපසින් තැබීමෙන් සහ තරප්පු පෙළ පාමුලට ඉහළින් සීනුවක් නාදවෙන ආකාරයට එල්ලා තැබීමට පුළුවන් නම් ඒ අහිතකර තත්ත්වය යම් තාක් දුරකට මග හරවා ගන්න පුළුවන්.

ඊසානේ වාසනාව

අධ්‍යාපන කටයුතු වල යෙදෙන දූ දරුවන් ඊසාන දිශාවේ කාමරයක ඉන්නා විට අධ්‍යාපනයෙන් දියුණුවක් වගේම අධ්‍යාත්මික සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊසාන දිශාවේ කාමරයක ඉන්න තරුණ ළමයෙක් අධ්‍යාපනයට නැඹුරු වෙනවා මිස අනවශ්‍ය දේට යොමු නොවේ.

 

නිරිත පිරිමි දරුවාට වයඹ ගැහැණු දරුවාට

 

පිරිමි ළමයෙක් කියන්නේ ඒ භූමියේ පාලකයෙක් බවට පත්වෙන කෙනා. ඔහුව සලකන්නේ එම නිවසේ ප්‍රධාන නිදන කාමරයට උරුමකම් කියන පුද්ගලයා වශයෙන්. නිරිත දිශාවේ කාමරයක් තමයි ඔහුට වඩාත් ගැළපෙන්නේ.

වයඹ පැත්තෙ කාමරයක පිරිමි ළමයෙක් ඉන්නව නම් හැමවෙලාවෙම ගෙදරින් පිටවෙලා ඉන්න ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඔහු නිරතුරුවම අතිශය වැඩ රාජකාරි බහුල අයෙක්.

ගිනිකොන දිශාවේ කාමරයක පිරිමි ළමයෙක් වාසය කරනවා නම් ඔහුගේ ආවේගශීලී බව වැඩියි. කේන්ති යන ගතිය වැඩියි. ඔහු නිතරම ඉන්නේ මව්පියන් එක්ක මත ගැටුමෙන්.ඔහු පිටතින් ආදරය, සෙනෙහස, කරුණාව, දයාව බලාපොරොත්තු වෙනවා. පෙම් සබඳතාව ඇතුළෙ ආදරය සෙනෙහස ලැබුවත් ගෙදර පරිසරය තුළ කඨෝරයි. ඒ අනුව ගෙදරත් එක්ක සාකච්ඡාමය විසඳුමකට එන්න බැරි වෙනවා. පදිංචි කාමරයේ පැත්ත වෙනස් කළොත් ඒ දේවල් මඟ හරවාගන්න පුළුවන්.

ගැහැණු ළමයෙක් නිරිත පැත්තෙ කාමරයක වාසය කළොත් ආර්ථිකය හසුරවන්න, අනාගතය ගැන හිතන්න, මව්පියන් ගැන හිතන්න, උපයා ගැනීම් සඳහා යොමුවෙන්න වගේ වගකීම් නිරතුරුවම ඇතිවෙනවා. නිරිත පැත්තෙ අවුරුදු දෙක තුනක් ජීවත් වෙනකොට ඇගේ ඇඟට ඒ වගකීම ආවේශ වෙනවා.

හැබැයි නිරිත දිශාවෙ කාමරයක ඉන්න ගැහැණු දරුවා වයඹ දිශාවෙ කාමරයකට මාරු වුණොත් ඉහත වගකීම් සියල්ලෙන්ම ඇය නිදහස් වෙනවා. එසේ වූ විට විවාහය සඳහා ඇගේ මානසිකත්වය හැදෙනවා. වයඹ තමයි ගැහැණු ළමයෙකුට සැහැල්ලුම කාමරය. විවාහ වෙන්න බලාගෙන ඉන්න ගෑණු ළමයෙකුට වයඹ දිශාවේ කාමරයක් වෙන් කරලා බලන්න ඔබට පුලුවන්. ඇයගේ විවාහ ගැටලුව ඉකිමනින් විසඳෙනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.