ධනාත්මක වාස්තු හැසිරවීම

මාර්තු 25, 2022

 

ද්වන් යනු දොරය. දොරකට කඳන් හතරක් ඇත. දෙපස කඳන් දෙකත් උඩ යට කඳන් දෙකත් වේ. එය උදුම්බරා යනුවෙන්ද හඳුන්වනු ලැබේ. ගොම ආලේප කිරීම අහෝසි වීමත් සමඟම උළුවස්සේ යට පඩි කඳ අහෝසිවිය.

දොරටුවෙහි රියන් ගණනට සමාන අඟල් ගණනක ඝනකම සහිත දැව කොටස් භාවිතා කිරීම යහපත් උසරියන් 4 1/2 වීම මැනවි. ගෙයි ප්‍රධාන උළුවස්ස අනික් උළුවහුවලට වඩා තරමක විශාලත්වයක් තිබිය යුතු වේ. නිවසකට තැබිය යුතු දොර උළුවහු සංඛ්‍යාව ඔත්තේ ගණනක් වීමද ජනේල උළුවහු සංඛ්‍යාව ඉරට්ටේ වීම සුබයි. දැව නොදමා සවිකර ඇති දොරටු හා ආරුක්කු උළුවශයෙන් ගණන් නොගැනේ. හතර වටේ ලී යොදා කම්බිකූරු හෝ දැල් ගැසූ විටද එක්වූ එම ජනේලයකි.

ගෙයි ප්‍රධාන දොරටුව වාලම්පුරියකි. නිවසට සෞභාග්‍යය සම්පත් කන්කීය වේ. මූල්‍යමය සම්පත්කාරක වේ. ගෘහහිමියා ප්‍රමුඛවේ. දේවාශිර්වාදය ලැබේ. දොරකට පියන් සවි කිරීමේ දී දක්ෂිණාවෘතව විවෘතවනසේ සවි කිරීම සුබයි. ප්‍රධාන දොරටුවට හරි කෙලින් බරාදයේ පෝටිකෝවේ හරි මැදින් කණුවක් තිබීම වාස්තු දෝෂයකි.

ප්‍රධාන දොරටුවෙන් ගෙයි කෙලින්ම පිටුපස දොරටුවෙන් මිදුල පෙනීම දෝෂයකි. තවද ප්‍රධාන දොරටුවට කෙලින් විශාල ගසක්, තුඹසක්, මඩ වළක් ගලා බසින ඇලක් ළිඳක්, පොකුණක්, ප්‍රථිමාවක්, චෛත්‍යයක්, ආරාමයක්, විහාරයක්, දේවාලයක්, ගෙයක බිත්ති කොණක්, වැසිකිලි වළක්, ඌරු, කුකුළු කොටුවක්, උළු, ගඩොල් පුච්චන පෝරණුවක්, කම්මලක්, සෙක්කුවක්, මාළු ටැංකියක්, ගවමඩුවක්, උණ පඳුරු තිබීම මහා වාස්තු දෝෂයන්ය. තුන පරිස්සන් කරපන් ඒ ලොකු බාස්උන්නැගේ නිතර කියමනකි. මුදුන් බිත්ති 3 අසුබයි. බිත්ති 3 මත යට ලීය තැබීම අසුබයි. යට ලීයට මූට්ටු 3 ක් හෝ කුරුපා 3 ක් තැබීම දෝෂයකි. කුරුපා 3 ක් වලයට තිබීම දෝෂයක් යටලී කොළවර පරාල 3 ක් සම්බන්ධ කිරීම වාස්තු දෝෂයක් ලී දඬු 3ක් හසුවන මූට්ටුවකට ඇණයක් ගැසීම දෝෂයක්. දොරටු හා ජනේල එක එල්ලේම 3 ් තැබීම දෝෂයක් බිත්ති 3ක් සම්බන්ධ කෙළවර දොරක් තැබීම අසුබයි. දිග බිත්තියට දොරටු 3 ක් තැබීම අසුබයි. ලිපට ලිග්ගල් 3ක් වුවත් ලිප් තුනක් කුස්සියේ බැඳීම දෝෂයක්.

කොන්ක්‍රීට් හෝ විවිධ ආම්පන්න මඟින් සාදන ලද උළුවහුවල දෝෂ නැත. දෝෂ සහිත ඒවා තැබීමෙන් වැය වැඩිවී නිරෝගිබවද නැතිවේ. මුදල් නැතිවේ. වැය අධික වේ. නමුත් මාරක අපල ගෙන නොදේ. එය මිථ්‍යාවක් වාස්තුවට මිථ්‍යා මත පැතිර පවතී.

නිවසක අත්තිවාරම් විකර්ණ ගණ කතිරයට හසුවීම අසුබයි. මාලිමාවක් භාවිතා කර දිසාවන් නිවැරිදිව සොයාගෙන ලණු ඇදිය යුතු වේ. තවද නිවසක් ගෙහිමියාගේ උපන් නැකතට සම්පත්, ක්ෂේම, මෛත්‍රී, පරම මෛත්‍රී, තලයකට හසුවනසේ සැළස්වීම ඇද ගැනීම අනිවාර්ය වේ. ගෘහයේ ක්ෂේත්‍රඵලය තුළ වර්ගරියන් ගණන 9 න් වැඩිකර 8 බෙදන්න. ශේෂය ඉතිරිය 1, 3, 5, 7 සංඛ්‍යාව ඉතාම සුබයි. නැතහොත් ඉතාම අසුබයි. මෙවැනි 11 වර්ග ඉතාම ධනාත්මක සුබ වර්ගීකරණ තත්ත්වයට තිබීම සුබයි. වාස්තු විද්‍යාව ලොවට හඳුන්වා දුන් සෘෂිවරුන් 18ක් පමණ සිටිනවා. එහෙත් විවිධ මත එක තැනකට ධනාත්මක ලෙස හසුරුවා තිබේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.