නිවෙසට හරියටම හරියන ළිඳක්

අගෝස්තු 26, 2022

ළිඳ නිවෙසට සම්පතකි. ළිඳක් නිවැරැදිව කපන්නේ කෙසේදැයි විමසා බලමු.

අට දිසා සටහන

උතුර - සැප,

වයඹ - සතුරු පීඩා,

බටහිර - සම්පත්,

නිරිත - මර,

දකුණ - ස්ත්‍රී විනාශය,

ගිනිකොණ - පුත්‍ර විනාශය,

නැගෙනහිර - ඉසුරු,

ඊසාන - සැප

ගෙබිමෙහි පිහිටි ළිඳ ගෙහිමියාට සෞභාග්‍ය ළඟා කර දෙන සම්පතක් වශයෙන් ඉසිවරයන් විසින් අගය කොට සලකා ඇත. එහෙත් ගෙබිමෙහි පිහිටි ළිඳ වාස්තු විද්‍යානුකූලව ගොඩනැගීම හේතුවෙන් ගෙහිමියාට පමණක් නොව එම නිවසෙහි වසන අයට ද නොයෙක් විපත් කරදර ඇතිවන බව ‘කැප’ ශාස්ත්‍රයෙහි දක්වා ඇත.

ළිඳක් කැපීමට සුබ දිසා තෝරා ගනිමු

ළිඳක් කැපීමේදී ආවාට ගියාට කටයුතු නොකළ යුතුය. විශේෂයෙන් ගේ බිමෙහි ළිඳක් කැපීමට පළමුව සුභ දිසාවක් තෝරාගත යුතුයි.

රියන් 12-44 කින් ළිඳ පිහිටීම පුත්‍රයන්ට විපත් ඇතිවේ. එනිසා නිවෙසේ සිට ළිඳ පිහිටන දුර ප්‍රමාණය විමසිලිමත් විය යුතුයි.

1. ගර්ග සෘෂි මතය වන්නේ, වඩුරියන් 15කින් ළිඳ කපන්න යනුවෙනි.

2. ශ්‍රී ධර මතය වඩුරියන් 20කින් ළිඳ කපන්න යනුවෙනි.

මේ පැරණි මතයකි.

පුරාණ ‘මය’ නම් ඉසිවරයාගේ ඡ්‍යොතිෂය මතය කවියෙන් මෙසේ කියැවේ.

සවුදිග රියන් ළිඳ බී අය නසිනූ

පස එකොළොස් විස්ස සිය අඹුවන් නසිනු

තෙසාල් හතළිස් අට හිමි නසිනූ

පසාළිස දොස් රියනෙන් පුතු නසිනූ

සුබ රියන්

සත දහතුන පසළොස් මේ රියන් ගනූ

හතළිස් විසි හතක් ගතහොත් ලාභ වනූ

තේ විසි සූවිස්ස විසිහත ලාභ වනූ

මෙකී රියන මැන ගෙට දිය ළිද කපනූ

ශුභා ශුභ දිසා

වරුණ දිසාවට ළිං නොකපන්නේ

සියලු දෙයින් අවැඩයි පැමිණෙන්නේ

ඊ සානය කැපුවො තින්නේ

ආසිරි වඩවයි එගෙට බොලන්නේ

සුදුසු කාල

බක් මාසය අප්‍රේල් ළිඳ කැපුවොත් ධන ලාභ ඇති වේ.

මැයි මාසය ළිඳ කැපුවොත් සම්පත් ලැබේ.

පොසොන් මස (ජූනි) ළිඳ කැපුවොත් අමනුෂ්‍ය දෝෂ ඇති වේ.

ඇසළ මස (ජූලි) ළිඳ කැපුවොත් දුක් කරදර ඇති වේ.

නිකිණි මස (අගෝස්තු) ළිඳ කැපුවොත් සැප සම්පත් ලැබේ.

බිනර මස (සැප්තැම්බර්) ළිඳ කැපුවොත් සතුරු භය ඇති වෙයි.

වප්් මස (ඔක්තොම්බර්) ළිඳ කැපුවොත් රෝග බය ඇති වේ.

ඉල් මස (නොවැම්බර්) ළිඳ කැපුවොත් දුක් කරදර ඇති වේ.

උඳුවප් (දෙසැම්බර්)මස ළිඳ කැපුවොත් කීර්තිය ඇති වේ.

දුරුතු මස (ජනවාරි) ළිඳ කැපුවොත් සැප සම්පත් යාන වාහන ලැබේ.

නවම් මස (පෙබරවාරී) ළිඳ කැපුවොත් ගිනි බය ඇති වේ.

මැදින් මස (මාර්තු) ළිඳ කැපුවොත් සෞභාග්‍යය ඇති වේ.

පක්ෂ බලය

පුරපස ගුරු සහ සිකුරු බලවත්ව සිටින අවස්ථාවක සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයක ළිං කැපීමෙන් පිරිසුදු ජලය ලැබේ.

සුබ නැකැත්

සඳු හිමි රෙහෙන- කුජ හිමි මුවසිරස, ශනි හිමි පුස, කේතු හිමි -මා, රවි හිමි -උත්‍රපල්, සඳු හිමි -හත, ශනි හිමි -උත්‍රපුටුප, බුධ හිමි- රේවතී යන නැකතකින් ළිං කැපීමෙන් සෞභාග්‍ය උදාවන බව ඉසිවර මතයයි.

මිහිරි ජලය

මීන රාශිය වී පුර සඳු සමඟ බුධ, ගුරු හෝ ශුක්‍ර ලග්න ගතව සිටියදී කණින ලද ළිඳ බොහෝ කාලයක් මිහිරි ජලයෙන් පිරී පවතියි. බලවත් ශුභ ග්‍රහයන්ගේ කේන්ද්‍රස්ථානවල තබා ද ශනී තුන්වැන්නේ තබා ද කණින ලද ළිඳෙහි ජලයෙහි යහපත සැලසෙයි. එසේම ධනය හා සම්පත් ලබාදෙයි.

වෑගොව්වේ

ඇන්. පී. ආතර්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.