ඔන්ලයින් ක්‍රමයට වාස්තු පරීක්ෂා කළ හැකිද?

ජූලි 7, 2023

 

අපේ රටේ වාස්තු ශාස්ත්‍රය විද්‍යාවක් බවට පත් වූයේ ඉතා මෑත භාගයේදී ය. එතෙක් එය පැවතියේ ගුප්ත ශාස්ත්‍රයක් ලෙසයි.

එසේ වුවත් මේ වන විට වාස්තු විද්‍යාවේ ගැඹුර නූතන මූල ධර්ම අධ්‍යයනය කරමින් ඉතා ශාස්ත්‍රීය පදනමකින් මේ විෂයය භාවිත කරන බව පෙනේ.

 

ඔවුන්ගේ ගැටලුව නම් ඍෂි භාෂිතයේ වසර දහස් ගණනක් පැවති සම්ප්‍රදායිකව ලබා ගත යුතු දැනුම හා අවබෝධය ලබා ගැනීමට ඇති නොකැමැත්තයි. පුරාතන සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රීය ඥානයත්, ලෝක පරිමාණ නූතන වාස්තු විද්‍යාත්මක දැනුමත් තුලනය කර ගැනීම වාස්තු විද්‍යාව භාවිතයෙන් තම ජීවිතයේ සාර්ථකත්වය අපේක්ෂා කරන්නා වූ සේවාලාභීනට සෙත සලසා දීමට ක්‍රියා කළ යුත්තේ මේ තත්ත්වය යටතේය.

අද බොහෝ කටයුතු භෞතිකව පමණක් නොව මාර්ගගතව (ර්‍ණදතඪදඥ) සිදුවීමේ අත්දැකීමට අපි මුහුණදී සිටිමු. පාරිභෝගික භාණ්ඩ සපයා ගැනීමේදී මේ තත්ත්වය අතිශයින් සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බව කිය යුතුව තිබේ. පෙර මෙන් කරදරකාරි ලෙස වෙළෙඳ පොළකින් භාණ්ඩ තෝරා ගැනීමටත් ඒවා නිවෙස වෙත ප්‍රවාහනය කර ගැනීමටත් කාලයත්, වෙහෙසත් දරා සිටීමේ අවශ්‍යතාවක් අද නැත. බොහෝ දේ නිවෙසටම ගෙන්වා ගැනීමේ හැකියාවක් විශ්වාසනීය ආයතන හරහා සිදු කර ගැනීමට අද පහසුව සැලසී තිබේ.

ඡ්‍යොතිර්විද්‍යාවේදී ද අද වන විට ජන්මපත්‍ර පරික්ෂා ආදී කටයුතු මැනැවින් මාර්ගගතව (ර්‍ණදතඪදඥ) සිදු කරන බව අපි දැක ඇත්තෙමු. එයින් පෙරට වඩා සාර්ථක විශ්වසනීය සේවාවක් සැලසෙන බැවින් එවැනි කටයුතු වඩ වඩාත් ප්‍රවර්ධනයට දිරි දීම සමාජයේ ඉදිරි ගමනට ඉවහල් වන බව අවධාරණය කළ යුතුව තිබේ.

මේ තත්ත්ව යටතේ වාස්තු විද්‍යාව මාර්ග ගතව සිදු කිරීම පිළිබඳව අපගේ අවධානය දැන් යොමු කරමු. මේ කාර්යය මඳක් පැහැදිලි කරන්නේ නම් අදාළ වාස්තු ශිල්පයට ඉතා දුර ප්‍රදේශයක ජීවත් වන සේවාලාභියකුට තම සේවාව සපයා ගැනීමට විශාල ප්‍රවාහන පිරිවැයක් දැරීමට සිදුවීමත්, වාස්තු ශිල්පියාට වාස්තු කටයුත්තට වඩා විශාල කාලයක් හා ශ්‍රමයක් එහිදී අමතරව වැය කිරීමට සිදුවීමත් පෙන්වා දිය යුතු වේ. දිනකට එක් වාස්තු පරීක්ෂාවක් පමණක් සිදු කිරීමේ තත්ත්වයට ශිල්පීන් පත්වීම නිසා ඔවුන් විසින් විශාල ගාස්තුවක් අය කිරීම සාධාරණ තත්ත්වයක් අද උද්ගතව තිබේ. මෙයට දිය හැකි සාර්ථකම විසඳුම ලෙස මාර්ගගත වාස්තු පරීක්ෂාව සිදු කරනු ලබන ආකාරය පිළිබඳව පියවරෙන් පියවර කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ වාස්තු සේවාලාභීන් මෙන්ම වාස්තු ශිල්පීනට ද නිසි මඟ පෙන්වීමක් සලසනු සඳහාය.

අද වන විට පළාත් පාලන ආයතන විසින් ඉදිකිරීම් සැලසුමක් අනුමත කිරීම අනිවාර්ය අංගයක් වී තිබේ. එසේ වුවත් ඈත පළාත්වල නව නිවාස මෙන්ම පැරණි ඉදිකිරීම්වල ඉදිකිරීම් සැළසුම් සොයා ගැනීම අපහසු වේ. එසේම බොහෝ ඉදිකිරීම් සිදු කර ඇත්තේ සැලසුමේ දක්වා ඇති ආකාරයටම නොවන බව අපගේ ප්‍රායෝගික අත්දැකීමයි. ඉතා ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියකු ලවා ඉදිකිරීම් සැලසුම නිර්මාණය කර ගනු ලැබූවද ඉදිකිරීම සිදු කිරීමේදී පෙදරේරුවන් විසින් සද්භාවයෙන් සැලසුමට වඩා බොහෝ වෙනස් කිරීම් සිදු කරමින් කළ ඉදිකිරීමේ ස්වභාවය සැලසුමෙන් නිරූපණය නොවේ. මේ තත්ත්වය නිසා ඉදිකිරීම් සැලසුම පරීක්ෂා කිරීමෙන් නිවරැදි තක්සේරුවක් ඉදිකිරීම පිළිබඳව ලබා ගැනීම පහසු නොවේ. මේ නිසා නිවැරැදි දිග, පළල, ප්‍රමාණ ඇතුළත් කළ කටු සටහනක් හෝ සකස් කර තැබීම බොහෝ ඉදිරි කටයුතුවලදී නිවැසියනට ප්‍රයෝජනවත් බව කිව යුතුයි.

සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබූ පවුලේ සාමාජිකයකු හා මිනුම් උපකරණයක් යොදා ගනිමින් තමන් ජීවත් වන නිවසේ නිවැරැදි මිනුම් ලබා ගැනීම අපහසු කටයුත්තක් නොවේ. එයට අපහසු නම් පෙදරේරු හෝ වඩු ශිල්පියකු ලවා නිවෙස මැන නිවෙසේ කටු සටහනක් සකස් කර ගැනීම අපහසු නොවේ. (මෙහිදී ගෘහ නිර්මාණ ශිල්පියකු මෙන් පරිමාණයට සකස් කළ රූපයක් ඇඳීම අත්‍යවශ්‍ය නොවේ) මෙසේ සකස් කර ගත් කටු සටහනක් තිබීම වාස්තු කටයුතුවලදී පමණක් නොව නව ඉදිකිරීම් හෝ තීන්ත ආලේපය ආදී නඩත්තු කටයුත්තකදී පවා ප්‍රයෝජනවත් වේ.

මෙසේ සකස් කරගත් නිවෙසේ කටු සටහන පරිමාණ රූපයක් බවට පත් කර ගත නොහැකි වාස්තු ශිල්පියකු වාස්තු පරීක්ෂාවක් සඳහා උචිත නොවන බවද මෙහිදී අවධාරණය කළ යුතු වේ. එයට හේතුව වන්නේ එවැනි සරල කටයුත්තක් කළ නොහැකි අයකුට නිවෙසේ මධ්‍යය හෙවත් බ්‍රහ්ම බින්දුව සොයා ගැනීම පහසු නොවන බැවිනි. එසේම නිවෙසක් හතරැස් (ඍජුකෝණාස්‍රාකාර) (අඥජබචදධදඥ) හෝ හරි හතරැස් (සමචතුරස්‍රාකාර -ඉඳභපන) නොවූ විට නිවැරැදි ලෙස මැද සොයා ගැනීම නම් බොහෝ ශිල්පීනට කළ නොහැක්කකි. එවිට ඔවුන් නිවෙසේ වැඩිම දිග හා වැඩිම පළල අනුව හිතෙන් සකසා ගත් (හිතළු) මධ්‍යයක් තෝරාගනු ලැබේ. එය අතිශයින් වැරැදි බව කොතෙක් පෙන්වා දුන්නද පුරුද්ද අනවබෝධය හා අලසකම නිසා නිවැරැදි ලෙස මධ්‍යය සොයා ගැනීමට ඔවුහු අපොහොසත් වෙති.

මධ්‍යය ඉතා නිවැරැදි ලෙස සොයාගැනීම අත්‍යවශ්‍ය වන්නේ දිශා සෙවීම සිදු කරනු ලබන්නේ එකී මැද අනුව බැවිනි. ඒ අනුව මැද වැරැදුණු විට දිශාවන්ද අනිවාර්යයෙන් වැරැදෙන බව වටහා ගත යුතු වේ. දිශාවන්ද වැරැදී ගිය පසු වාස්තු පරීක්ෂාවක නිවැරැදි බවක් ඉතිරි නොව්. මේ හේතුව නිසා වැරැදි වාස්තු පරීක්ෂාවන්ගෙන් ලබා ගන්නා නිගමන හා නිර්දේශ ප්‍රතිඵලදායක නොවේ. සිදු කරන ප්‍රතිකර්මයන්ද පල නොදරන්නේද එබැවිනි.

දැන් නැවතත් මාර්ගගත වාස්තු පරික්ෂාව පිළිබඳව අපගේ අවධානය යොමු කරමු. නිවැරැදි ප්‍රමාණ දක්වා ඇති නිවෙසේ කටුසටහන වාස්තු ශිල්පියා විසින් නියමිත පරිමාණයකට අනුව (අඩි 8ක් අඟලකින් පෙන්වන ආකාරය වැනි) තරමක් ඝනකම ඇති කඩදාසියක (100ඨඵථ ප්‍රමාණයට වැඩි) ඇඳ එහි අත්තිවාරම , බිත්ති හා පියස්ස යන කොටස් තුනම ඇති ප්‍රදේශවලින් වට වූ පරිදි නිවෙස කපා සකස් කර ගනු ලැබේ. එවැනි ඝන කඩදාසියක් කපා සකසා ගත් නිවාස සැලසුම විවිධ තැන්වලින් කටුවක ආධාරයෙන් එල්ලා ඒ ලක්ෂ්‍යය හරහා සිරස් රේඛා ඇඳ ඒ ඒ සිරස් රේඛා කැපෙන ලක්ෂ්‍යය සොයා ගනු ලැබේ. මෙසේ නිවැරැදිව සොයා ගත් මැද හරහා උතුරු දිශාව ඉඩමේ මිනින්දෝරු සැලැස්මද ආධාර කොටගෙන ලකුණූ කර ගැනේ. එයින් පසු දිශා අට ලකුණූ කර ගනිමින් වාස්තු පරීක්ෂාව, දෝෂ නිර්ණය හා ප්‍රතිකර්ම සිදු කිරීම මාර්ගගත උපදේශකත්වයෙන් සිදු කළ හැකියි.

මෙසේ පිළියම් සඳහා යෝජනා රූප පට හා හඬපට ලෙස වුව ලබා දීමෙන් වඩාත් කල්පවත්නා ලෙස තබා ගැනීමට සේවාලාභී නිවැසියනට අවස්ථාව උදාවේ. මෙය වසර හතරක් පමණ අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබාගත් ක්‍රමවේදයක් බවද අවසාන වශයෙන් අවධාරණය කළ යුතුව තිබේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.