ඔබ හොල්මන් විශ්වාස කරනවාද

පෙබරවාරි 5, 2021

මේ සටහන සත්‍ය කතාවක් ඇසුරෙන් ලියන නිසා හොල්මන් අවතාරවලට තිගැස්සෙන කවුරුවත්ම මේ සටහන නොකිව්වොත් හොඳයි.

විශේෂයන්ම මනුෂ්‍යයන්ට මෙන් ඕනෑම සත්වයකුට මරණාසන්න අවස්ථාවේදී කිසියම් අදහසක් හෝ සිතුවිල්ලක් පහළ වනවා. ඒ සිතුවිල්ල මත ඊළඟ ඉපදීම සිදුවනවා. එය යහපත්ව හෝ අයහපත්ව සිදුවීම පැවැත්ම මත ඉටුවනවා. මේ චුති චිත්තයයි. මරණාසන්න සිතිවිල්ල යහපත් හෝ අයහපත් බව මත මීළඟ භවය ලැබීම සිදුවනවා. එය හුදෙක් කළ කුසලය හෝ අකුසලය මතද රඳා පවතින බව ධර්මානුකූල ග්‍රන්ථයන්වල සඳහන් වෙනවා.

අප සමාජයේ හොල්මන් අවතාර කිව්වොත් බොහෝ දෙනෙක් පවසාවි සෙලවෙන මනස කියලා. ඔය මනෝචිකිත්සක මහත්වරු නම් ටිකක්වත් විශ්වාස කරන්නෙ නැහැ. ඒ හිතේ ගැස්ම කියල අත පිසදා ගන්න අය බොහොමයි.

යක්ෂ, පේ‍්‍රත, ගෙවල ,අවතාර මේ ලෝකේ නැතිනම් විශ්වයේ නැතිනම් බුදුහාමුදුරුවො කරණීය මෙත්ත සූත්‍රය හැඳින්වූයේ දේශනා කළේ කාටද ,මොකටද රතන සූත්‍රය රෝග බිය වසංගතයන්ට අදත් පාවිච්චි කරනවා. මේ විදිහට බලන කොට බුදුහාමුදුරුවන්වත් අමතක කරන අය ඉපදුනාට පුදුම වන්ට ඕනෑ නැහැ.

මේ රට නොදියුණු කාලේ ඒ කිව්වේ වර්තමාන තාක්ෂණය දියුණුූ නැති කාලේ අපි මීට වඩා දියුණු දේවල් කළා. දඬුමොනරය, මහා දාගැබ් , වෙහෙර විහාර හැදුවේ අපි. ගස්වල කොළ,පොතු ඉස්ම වගේම පස්පංගුව ඒ කල අපිට බොහෝ සේ පිහිට වුණා. බටහිර විද්‍යාව දියුණු වුණත් හරි සිංහල වෙදකම මැකී යාමේ තර්ජනයක් ඇති වුණා. සමහර අරිෂ්ඨවලින් ලෙඩ සුව කළ අපේ සිංහල වෙද මහතාට ඒවා රෝගින්ට බෙදාදීම වර්තමානයේ තහංචියකුත් පැනවෙනවා. ඒ එම අරිෂ්ඨ වකුගඩු රෝගවලට බලපෑමේ අදහසක් උඩයි. මේවා කොහොම කිව්වත් අලුත් දේ උපදින කොට පරණ දේ ටික ටික ගිලිහී යනවා. ඒක අරුමයක් නොවේ.

සිංහල වෙදකමින් රෝගයක් නිට්ටාවට සුවකළත් බටහිර වෙදකමින් කරනුයේ . එම රෝගය පාලනය කිරීමක් බව අමතක නොකළ යුතුය. මනුෂ්‍ය ශරීරයේ නිලවල ආබාධයන්ට බටහිර වෛද්‍ය ක්‍රමයෙන් මෙතෙක් ප්‍රතිකාරයක් සොයගෙන නැත. එසේ තිබුණත් ඒ ඉතා ස්වල්ප වශයෙනි. රටක විද්‍යාවන් නව සොයාගැනීම් සිදු වන අවස්ථාවලදී එසේත් නැත්නම් තාක්ෂණය දියුණුවන සෑම අවස්ථාවක ආදරය. කරුණාව,සෙනෙහස පෑල දොරින් පිටවන බව පැහැදිලිය.

පැරණි කාලයේ නොතිබූ පන්තිභේදය වර්තමානයේ ඉතා ශීඝ්‍රව තිබීම කදිම නිදසුනකි. වර්තමානයේ ශීඝ්‍රයෙන් දියුණුවන නවීන උපකරණ මිනිසාගේ ආයුෂ අඩු කිරීමේ එක් පැතිකඩකි. ඒ දවස්වල මහලු මඩම්වල අපේ වයසක මවුපියන් රඳවා දරුවන් සුඛෝපභෝගී ජීවිත ගත කළ අය නැති තරම්ය. සෙනෙහසින් ආමන්ත්‍රණය කළ ලොකු අයියා , හින්නි අයියා, මද්දුමයා, බාලයා ඇමතීම් සඳහටම නැතිවී ගොස් හමාරය. අම්මට තාත්තට ඔයා මෙයා යනුවෙන් ඇමතීම වෙනස් වුණා. ඉතා ස්වල්ප වශයෙන්වත් පැවතීම රටකට ආඩම්බරයකි. කොටින්ම කිව්වොත් රට ඉමිටේෂන් වුණා.

මේ අලුත් රැල්ලට හොල්මන් අවතාර විහිළුවක්. නමුත් අදත් පැරණි ප්‍රදේශවල පැවැති මේ අවතාර හොල්මන් දුටු සමහර අය අද හොල්මන් වෙලා. ඒ අයට පුංචි භයක්වත් දරාගැනීමේ ශක්තිය නැහැ. මේ ගැන නම් ඕනෑවටත් වඩා සාක්ෂි වගකීමෙන් කිවහැකියි.

හොල්මන් අවතාර නැහැයි කියන කිසි කෙනෙක් පාළු ගම්මාන ප්‍රදේශයක පවතින මිනී පිට්ටනියක් ළඟින් මධ්‍යම රාත්‍රියේ තනිවම නොයන බව රහසක් නොවේ. නමුත් හොල්මන් අවතාර විශ්වාස නොකරන බව කියයි. මේ ප්‍රකෘති විශ්වයේ මිනිසුන් තිරිසන් සතුන්, ගස්වැල් – යක්ෂ, පේ‍්‍රත, ගෙවල බලවේගයෙන් ඕනෑතරම් තිබෙනවා. ඒවා ඇති වීමට පූර්ණ ආරම්භයක් ද තිබෙනවා.

විශේෂයන්ම මනුෂ්‍යයන්ට මෙන් ඕනෑම සත්වයකුට මරණාසන්න අවස්ථාවේදී කිසියම් අදහසක් හෝ සිතුවිල්ලක් පහළ වනවා. ඒ සිතුවිල්ල මත ඊළඟ ඉපදීම සිදුවනවා. එය යහපත්ව හෝ අයහපත්ව සිදුවීම පැවැත්ම මත ඉටුවනවා. මේ චුති චිත්තයයි. මරණාසන්න සිතිවිල්ල යහපත් හෝ අයහපත් බව මත මීළඟ භවය ලැබීම සිදුවනවා. එය හුදෙක් කළ කුසලය හෝ අකුසලය මතද රඳා පවතින බව ධර්මානුකූල ග්‍රන්ථයන්වල සඳහන් වෙනවා. කෙනකු මළ පසු මරණානුස්මුති චුති සිතිවිල්ල විශ්ව ආකාශයට ඉතිරි වී සියල්ල පොළොවට පස්වනවා. එම සිතිවිල්ල කර්මානුරූපව කාගේ හෝ කුසලයකට ඇතුළු වනවා. ඇතුළුවීමට තරම් ශක්තියක් නොමැති නම් ඒක ශෛලික වශයෙන් විශ්වයේ සැරිසරනවා. මේ අවස්ථාව කළ පව් පින් අනුව විපාක දෙනවා. පේ‍්‍රතයා ඇතිවන්නෙ මෙම අවස්ථාවේ බව පේ‍්‍රත වස්තුවේ සඳහන් වනවා. මෙම අවස්ථාව ඉතා සංකීර්ණ වනවා.

කිසියම් කුසලයක් ලැබුණත් කිසියම් හෝ දෙයකට කෙනකුට හෝ වෙනත් එකකට අප්‍රමානව බැඳී යාම උඩ කිසියම් කුසලයක් ලැබීම අහෝසි වනවා. පෙර භවයෙන් ගෙනා පුරුදු උඩ රඟපෑම් කරනවා. ඒ සියලුම කරුණු සිදුවන්නේ තාවකාලික බව පැහැදිලියි. කිසියම් හෝ කුසලයක් ලබා ගැනීමට භාග්‍යයක් නෙැමැති වූ හැම විටකම ඔහුගේ අයිතිවාසිකම බල පැවැත්වේ. ඒවා බොහෝ තැන්වල අන්වීක්ෂය වැනි සියුම් උපකරණවලින් බලා ගත හැකිය. පැරණි පාළුවට ගිය බංගලාවල, සමහර ස්ථානවල හුදෙකලාවල මේ සංඥා නැත්නම් රූප කාය, පෙනෙනවා.

සමහර තැන්වල ශබ්ද කාය ඇහෙනවා. ඇසට නොපෙනුනත් මේ ස්වාභාවය පවතිනවා. බුදුන්ගේ කාලයේ අමර නදිය සමීපයෙන් ආනන්ද හාමුදුරුවන් සමඟ වඩිනා විට එක් පෙරේත ආත්මයක් එම ගඟ මැද තරමක වර්ෂාව මද්දේ හඬමින් හිටියා. ඔහු හඬන්නේ ඇයි දැයි විචාල කල්හි වතුර පිපාසය නිසා. අඬන බව ආනන්ද හාමුදුරුවන්ට පැවසීය. මේ පිළිතුර විභාග කළ ගෞතමයාණෝ පෙරකළ අකුසලයක් නිසා බැව් වදාළ බුදුන් එම පෙරේත ආත්මය සිටින්නේ ගහ මැද වුවත් උඩින් වර්ෂාව තිබුණත් පෙර භවයක කෙනකුට පිපාසයට ජලය පානය කිරීමට ඉඩ නුදුන් පාපකර්මයට මේ භවයෙදි ජලය බීමට පින නැති බව මොනවට විස්තර කර දුනි. මේ අනුව බලන කල පේ‍්‍රත ආත්ම, හොල්මන්, අවතාර නැතුව නොවේ.

අපේ සමහර ගොඩනැගිලි වල මනුෂ්‍ය වාසස්ථානයක් නොමැති අවස්ථාවලදී ජල කරාම ඉබේම ඇරෙනවා. ජනෙල් දොරවල් නිකම්ම ඇරෙනවා. විදුලි බුබුලු දැල්වෙනවා. එතැනම ගියාම කවුරුත් නැහැ.සවසට නානා ප්‍රකාර ශබ්දයන් එනවා. පේ‍්‍රත ආත්ම හැටියට බිත්තර තම්බන හුමාලය,අලුත් ගසක් කැපූවිට හමන හුමාලය, අසූචි පෙනෙන්නට නැතත් එම හුමාලය, මඳ වේලාවක් පවතිනවා. එම අවස්ථාවේදි ඔබ ඉලපතකින් හෝ පැරණි ඉදලකින් ඒ ස්ථාන පිසදැම්මොත් ඒ හුමාලය ක්ෂණයෙන් නැති වේවි.

මතක හැටියට මීට අවුරුදු තිහකට තිස් පහකට කලින් විය හැකිය. කුරුණෑගල, මහනුවර ප්‍රසිද්ධ පාරේ මාවතගම ප්‍රසිද්ධ ගම පසුකරන කොට නුවර පාරේ මයිල හතක් පමණ උඩදිශාවට යනවිට දුර්භික්ෂයක් හමුවනවා. පොලිසියට මඳක් පහළින් වම් පැත්තේ වතුර දොළක් බැසයනවා. මේ ස්ථානයේ ගෙවල් තිබුණේ නැහැ. දොළට උඩහින් විශාල ගල් පර්වතයකි. මේ ස්ථානය එවකට ගැමියෝ මාවත්තුඩුව නමින් හැඳින්වූවා විය හැකිය. මෙම ස්ථානයට එනවිට පන්සල් 3 ක් පසුකරන්න සිදු විය. අපවත් වූ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ට සම්බන්ධ වූ එක් පන්සලකි. එහි පුංචි පුංචි ගුරුකම්ද කළ බව පැහැදිලිය. මා එනතෙක් මාගේ ලොකු ගුරුන්නාන්සේ මෙම පන්සල ඉදිරිපිට හිටියා.

මා ගෙන ගිය පොල් රොටි එකක් ගුරුන්නාන්සෙට දී එකක් මා කෑවා. ගලා යන දොළෙන් වතුර ටිකක් බී අප අවශ්‍ය තැනට යනකොට රාත්‍රි 8 පසු වුණා විතර උනාට මඟදෙපස තද අමාවක දිනයක් වගේ වුණා. අවශ්‍ය කරන වතු බංගලාවට යාමට ප්‍රථම හැරෙන හන්දියේ තිබූ බෝක්කුවක් උඩ එක හැඩි දැඩි මිනිහෙක් අපව පිළිගෙන මෙහෙම කිව්වා. හා යමු ඔබල එන බව මම දන්නවා. එහෙම කියා අවශ්‍ය තැනට පෙනෙන දුරින් අපව හැරදාලා ඔහු ආපසු ගියා.

රෑ බෝවී ගෙන එන නිසා මා බංගලාව වටේට ආරක්ෂක තුන්පට නූල ඇද්දා. මට පොඩියට සැකයක් ද ආවා. ඒත් මේ රෑ කවුද, මම ගණන් ගත්තෙ නැහැ. මට තේරුනා නූල කවුදෝ අදිනවා වගේ. මම හිතුවා අර හිටි මනුෂ්‍යා කියලා. ඉතිරි අපේ වැඩ කළා. බංගලාවේ හිටියේ වයසක ජෝඩුවක් වයස 65-70 අතර විය හැකියි. දෙදෙනාම වැහැරිලා. රාත්‍රී 11 විතර වැඩය ඉවර කරන්න හැකි වුණා. මං හිතන්නේ ඒ බංගලාවේ තිබූ පේ‍්‍රත තර්ජනයක්. අපේ වියදමට මුදල් හා තවත් කුරුඳු – සාදික්කා අඩංගු මල්ලකුත් තෑගි වශයෙන් දුන්නා.

දැන් අපට නැවත එන්න වාහනයක් නැහැ. පයින්ම කුරුණෑගලට එන්න හිතා ගෙන මහ පාරට බැස්සා. හැතැම්ම 6 ක් විතර එන විට වත්තෙගෙදර ජේමිස් අය්යාගේ බර කරත්තය හමු වුණා. අපි ඒකේ නැඟලා ඇවිල්ලා කුරුණෑගලට සැතපුම් දෙකක් තිබිලා මාව බස්සවලා ඒ දෙදෙනා යන්ට ගියා. දැන් හරියටම වේලාව රාත්‍රී 1 පහුවෙලා විනාඩි 50 යි. මම තැපැල් දුම්රියට නැංගා. කෝච්චි පෙට්ටි 4 යි මිනිසුන් 10 ක් වත් නැහැ. මේ අඟුරු කෝච්චියේ කවුරුවත්ම නැති පෙට්ටියක මම ඉඳගෙන ටිකක් නිදාගන්න සිටි එක හේත්තු වුණා.

නින්ද යාගෙන එනකොටම අර හැඩිදැඩි හමුවූ මිනිහා මගේ කෝච්චි පෙට්ටියට ගොඩ වෙලා මමත් කොළඹ යනවා කියලා මා ළඟින්ම ඉඳගත්තා. ඉතාම ටික වේලාවක් අපි කතා කර කර ඉඳලා එක පාරටම මේ වේගයෙන් යන කෝච්චියෙන් ඉවතට පැන්නා. මම හරියට භය වුණා. අල්ලපු පෙට්ටියේ මඳ නින්දේ සිටි මිනිහට කතා කරල වූ සිද්ධිය කිව්වා. ඔහු මට අර මිනිහගෙ හැඩ හුරුකම් කියන්න කිව්වා. මා කිව්වා එතකොට එයා කියනවා ඒ මනුෂ්‍යයෙක් නොවේ අවතාරයක්. මීට අවුරුදු කීපයකට උඩදි මෙතැනින්ම මේ කෝච්චියෙන් පැන සියදිවි හානි කරගත් කරුපයියා කියා ඔහු නැවතත් සීට් එකට ගොස් නිදාගත්තා.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.