අලුත් අවුරුද්දට කලඑළි බසින අපේ ඉපැරැණි ජන ක්‍රීඩා

අප්‍රේල් 9, 2021

“ක්‍රීඩාව” පුද්ගලයෙකුගේ සෞඛ්‍යය වර්ධනයට මෙන්ම සියලු මිනිස් වර්ගයාගේම චර්යා සංවර්ධනයට ද වැදගත්‌ වේ. එපමණක් නොව “ක්‍රීඩාව” අපගේ ආධ්‍යාත්මික සුවයටත් ඉතාම හිතකර වූවකි. අනාදිමත් කාලයක සිට දෙවියන් මිනිස් ජීවිතයට තදින්ම බලපෑම් කරන විශ්වාසයක් බවට පත් වී තිබේ.

 

අනුරාධපුර යුගයේ පටන්ම අප රටේ දේව ඇදහිලි හා දේව වන්දනා පැවතී ඇත. හින්දු ආගමේ ප්‍රධානියා වන ‘ශිව’ දෙවියන් වෙනුවෙන් ලංකාවේ මහාතිත්ථ, ගෝකණ්ණ, අනුරාධපුර ප්‍රදේශවල ශිව දේවාල ගොඩනැඟුණු බවට සාක්ෂි හමුව ඇත.

 

දෙවියන් පිළිබඳව පවතින යම් යම් විශ්වාසයන් නිසාම දුරාතීතයේ පටන්ම මිනිසා “දෙවියන්” ඇදහීමට පුරුදුව සිටියේය. මෙම දෙවියන් ඇදහීම මිනිස් ජීවිතයට කොතරම් බලපෑම් කළා දැයි කිවහොත් දෙවියන් ඇදහීම නිසාම යම් යම් ජන ක්‍රීඩා පවා බිහි වූ බවට සාක්ෂි හමුවේ. එහි ප්‍රබලම සාක්ෂිය අපට හමුවන්නේ ග්‍රීසියෙනි. ග්‍රීකදේව කතාවල දැක්වෙන පරිදි යුද්ධයෙන් ජයගත් ග්‍රීක ජනයා “සියුස්” නම් දෙවියාට උපහාර දක්වනු පිණිස සියුස් දෙවියන්ගේ වාසභවන ලෙස සැලකූ “ඔලිම්පස් කන්ද” පාමුල දින පහක් තිස්සේ “මළල ක්‍රීඩා” පැවැත් වූ බවට ග්‍රීක ඉතිහාසයේ සඳහන් වේ. මේ අනුව බිහිවූ ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම අදටත් එම දේව විශ්වාසය මත සිදුවේ. ඉන්දියාව, නේපාලය, බෙංගාලය, පිලිපීනය හා ශ්‍රී ලංකාව වැනි රටවල ද යම් යම් දෙවිවරුන් පිළිබඳ විශ්වාසයන් පදනම් කරගෙන දෙවියන් පිදීමේ ජන ක්‍රීඩා බිහි වී ඇති බවට සාක්ෂි හමු වේ.

අනුරාධපුර යුගයේ පටන්ම අප රටේ දේව ඇදහිලි හා දේව වන්දනා පැවතී ඇත. හින්දු ආගමේ ප්‍රධානියා වන ‘ශිව’ දෙවියන් වෙනුවෙන් ලංකාවේ මහාතිත්ථ, ගෝකණ්ණ, අනුරාධපුර ප්‍රදේශවල ශිව දේවාල ගොඩනැඟුණු බවට සාක්ෂි හමුව ඇත. මෙකල බ්‍රාහ්මණ, විෂ්ණු, ඊශ්වර ත්‍රිමූර්තිය හා පත්තිනි, ගණදෙවි ආදී දේව වන්දනා ජනප්‍රියව තිබී ඇත. හලාවත මුන්නේශ්වරම්, ත්‍රිකුණාමලයේ තිරුකෝනේශ්වරම්, අනුරාධපුරයේ ලඝුනේශ්වරම් ඇතුළුව ශිව කෝවිල් පහක් ලංකාවේ හින්දුන්ගේ වන්දනාවට පාත්‍ර වී තිබුණු බවට ද තොරතුරු පවතී. මෙම කෝවිල් දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි අයගේ ආගමික කටයුතු වෙනුවෙන් ඉදි කරන්නට ඇතැයි විශ්වාසයේ පවතී. තම පිය රජුගේ කාලයේ දකුණු ඉන්දියාවට ගෙන ගිය සිරකරුවන් 12000 ක් ගෙන ඒමට ඉන්දියාව ආක්‍රමණය කළ “ගජබා රජු” ආපසු මෙරටට පැමිණියේ ඉන්දියාවෙන් පුද්ගලයන් 24000ක් ද සමඟිනි. මේ සමඟම ගජබා රජු විසින් ඉන්දියාවේ සිට “පත්තිනි” දෙවියගේ සලඹ ද රැගෙන පැමිණි බව සඳහන් වේ. අනුරාධපුර යුගයේ බෞද්ධාගම ප්‍රධාන ආගම බවට පත් වී තිබුණත් ශිව, ජෛන, පරිබ්‍රාජක, සරස්වති, විෂ්ණු, ඊශ්වර, ගණදෙවි හා පත්තිනි දේව වන්දනා ඉතාම තදින් පැවති ඇත. අදටත් එය එසේය. පත්තිනි දේවිය වෙනුවෙන් ජනක්‍රීඩා රැසක් බිහි වේ.

අද දරුවෙකු ලැබීමට සිටින මවක් වෙනුවෙන් භාරහාර වන්නේ පත්තිනි දෙවියන්ටය. දරුවන් නොමැති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් භාරහාර වන්නේ ද පත්තිනි දේවියන්ටය.

අතීතයේ පටන්ම වසංගත රෝග ශ්‍රී ලංකාවේ සුලබව දක්නට ලැබිණි. මෙම වසංගත රෝග (දෙවියන්ගේ ලෙඩ) සෑදෙන්නේ “පත්තිනි දෙවියන්” මිනිසුන් හා උරණ වූ විට යැයි පොදු ජන විශ්වාසයේ තදින්ම පැවතිණි. අද මෙම “දෙවියන්ගේ ලෙඩ” සඳහා ජනතාව බටහිර වෛද්‍ය ක්‍රම අනුව ප්‍රතිකාර කළත් අතීතයේදී මෙම වසංගත රෝග බිය දුරුකොට සෞඛ්‍යය සම්පන්න වීමට පත්තිනි දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිරිතක්ව පැවතිණි. එම පුද පූජා සමහරක් ක්‍රීඩා විලාශයක් ගැනීම පසු කලෙක සිදු වී ඇත. ජනතාව අතර සාමූහිකත්වය හා එකමුතුව බි¼දී යාමෙන් පත්තිනි දේවියන් කෝප වී මෙම රෝගය ඇති කරන බව පැරැන්ණන් විශ්වාස කළහ. මේ නිසාම සාමූහිකත්වය, එකමුතුකම පිළිබිඹු වන ජන ක්‍රීඩා බොහෝමයක් බිහිවීම සිදුව ඇත. මෙම ක්‍රීඩාවල ද නිරත වෙමින් වසරේ එක් එක් කාලවල දේව ආශිර්වාද පූජා පැවැත්වීම චිරාගත සම්ප්‍රදායානුකූලව අද ද සමහර පැරණි ගම්වල සිදුවේ. මෙයින් පත්තිනි දේව ආශිර්වාදයට ලක් වූ පොදු ජන ක්‍රීඩා අතර සමහර ක්‍රීඩා “සිංහල අලුත් අවුරුදු සමයේදී පවා ක්‍රියාත්මන වන බව දක්නට ලැබේ. දෙවියන්ගේ ලෙඩරෝගවලින් මිදී නිදුක් නිරෝගි ජීවිතයක් පතා අතීතයේ අපේ රටේ ආරම්භ වූ ක්‍රීඩා කීපයක් මෙසේය,

 

අං කෙළිය, පන්තේරු කෙළිය, සොකරි නැටීම, නෙරෙංචි කෙළිය, චතුරංගනී කෙළිය,ගුඩු කෙළිය, මුතු කෙළිය,පංච කෙළිය, පොර පොල් කෙළිය, ඔළිඳ කෙළිය

සටහන

කීර්ති එස්.කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.