ජීවිතයට ජීවය දෙන කඳුළ

අප්‍රේල් 23, 2021

සිතට ශෝකේ ජය පරාජය, අපටමයි මේ ලෝකයේ. මේ සෑම අවස්ථාවකදීම අපට කඳුළ සමීපවනු ඇත. ඔබගේ නෙතින් කවදා හෝ කඳුළක් පිට නෙනාවුවා නම් එය පුදුම සහගතය. අප මෙලොවට බිහිවන්නේ හඬමින් යැ.

 

මෙම කඳුළු තැන්පත් වී ඇත්තේ ඇසට ඉහළින් පිහිටි අශ්‍රැ ග්‍රන්ථිය තුළය. එය කඳුළු ගබඩාව ලෙස හඳුන්වයි.

අධික සංතාපයක් හෝ අධික සතුටක් සිතට දැනුන විටදී, නෙතට කඳුළක් උනා එය කම්මුල දිගේ පහළට රූරා මුවට පැමිණි කල්හි ලවණ රසයක් දිවට දැනෙනු ඇත. මෙසේ ඉතා ඉකි ගසමින් හඬන විටදී කඳුළු ග්‍රෑම් භාගයක් පමණ වැඩිපුර නිපදවිය හැකිය.

කඳුළුවලින් 99% ක්ම ජලයවන අතර, ඉතිරි 1% ලවණ වේ. මේ ලවණ අතරිනුත් අඩංගු වන්නේ ආහාරයට ගනු ලබන සෝඩියම් ක්ලෝරයිඩ් නම් ලවයැ. මේ හැරුණු විට විෂබීජ නාශක හැකියාවක් ඇති ලයිසොයි සොයිම් නම් ද්‍රව්‍යයක් ඇසින් නිපදවෙන කඳුළුවල අඩංගු යැ. ඒවා නිසා ඇස ආරක්ෂාවීම ද බාහිරින් පැමිණෙන විෂබීජ පලවා හැරීම ද වේ.

නිරන්තරයෙන් කඳුළු නිපදවුණ ද ඒවාට සිදු වන දෙයක් නොදන්නා බව හැඟී යන කරුණකි. එසේ ඇස දෝවනය කරමින් ගලා එන කඳුළු ඇස මුල නාසයට සමීපයෙහි තරමක් උස් වී ඇත.

“කඳුළු සිදුර” නම් ස්ථානය පියවී ඇසට යම්තමින් පෙනෙන ආශ්‍රැමඩිය නම් කෝෂයට ඇතුළු වෙනු ඇත. කඳුළු සිදුරේ සිට කඳුළු කෝෂය දක්වා කඳුළු ගෙන යන කුඩා නාළ කඳුළු නාලිකා ලෙසින් හඳුන්වනු ඇත. නිරන්තරයෙන් නාසය තුළට ඇතුළුවන කඳුළු අප හට නොදැනීම ආශ්වාස ප්‍රශ්වාසයේදී වියළී යනු ඇත. එනමුත් අප හඬන විට ආශ්‍ර ග්‍රන්ථි වේගයෙන් ක්‍රියාත්මක වී වැඩි වශයෙන් කඳුළු නිපදවෙන අතර, එම කඳුළු වැඩි වශයෙන් ආශ්‍රැ ග්‍රන්ථය තුළින් නාසයට ඉහළින් ආශ්‍රැ සිදුරට ඇතුළු වනු ඇත.

එසේ හඬන විට දි නාසයෙන් සොටු ගලන ලෙසක් දැනෙනු ඇත. එලෙසම ඇස ඇතුළට ගලා එන මුළු කඳුළු ප්‍රමාණයම කඳුළු සිදුර තුළින් ගලායාමට අසමත්ව ඇස මුල එකතු වී දෙකම් මුල් මතින් පහළට ගලා යනු ඇත. මෙසේ නිපදවෙන කඳුළුවලින් සිදුවන සේවය කවරේ දැයි අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ.

ඇසේ ක්‍රියාකාරීත්වය පහසු කිරීම සඳහා ඇස් තෙත්ව තිබිය යුතු ය. එසේම ඇසිපිය හෙළන විට ඇස කඳුළුවලින් නහවා ඇස මත ඇති දූවිලි, අපද්‍රව්‍යය සහ විෂබීජ ඉවත් කිරීම ලයිසොසයිම ද්‍රව්‍යයේ ආධාරයෙන් ඇස තුළට ඇතුළුවන විෂබීජ විනාශ කර දැමීම ආදිය ඉන් සිදුවන සේවයයි.

එමෙන්ම දුක, වේදනාව, ශෝකය, පී‍්‍රතිය ආදී චිත්ත වේගයන් පිළිබිඹු කිරීමට ද කඳුළු සමත් වනු ඇත. බාහිර උපද්‍රවයක් නිසා දෑසින් වැඩි වශයෙන් කඳුළු පිටවන අවස්ථා ද ඇත. එනම් දෑසට දූවිලි වැදීම ද, කුණුරොඩු වැටීම, දුම් වැදීම, තැලීම්, පෙළීම් ආදියෙනි. අනෙක් සතුනට වඩා මිනිසාට ඇති විශේෂ හැකියාවකි කඳුළු සැලීම. දුකේදී ද සතුටේදී ද එම ක්‍රියාව වැළැක්විය නොහැක.

ඔබේ ඇස් දෙකින් වැඩිපුර කඳුළු පිටවී ද ඇසේ රත දාහය (දැවිල්ල) ඇතිවී ද, ඇසේ වේදනාව ඇතිවන්නේ ද එවිට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් මෙහි දක්වමි.

අරළු, බුළු, නෙල්ලි, රත්හඳුන්, සුදුහඳුන්, වැල්මී, වෙනිවැල්, ඉගිණි ඇට යන මේවායේ කුඩු රැගෙන ඒවා සමඟ කෝමාරිකා මද ගොඩමානෙල් අල, සියඹලා කොළ සමඟ එළකිරෙන් තම්බා අඹරා ඇස වටා ගෑමෙන් අක්ෂි ආබාධ නිවාරණය වේ.

ඇසෙන් කඳුළු පිට නොවීම නිසා ඇසේ වේදනාව ඇති වේ. ඒ සඳහා ඇසට ඔසු යෙදීම ද බීම සඳහා ඖෂධ පානයන් යෙදීම ද ඇස වටා ප්‍රලේප වර්ග යෙදිය යුතු ය. අක්ෂි ආබාධයක් තිබෙන විට ඇස් වෙහෙසට පත් කිරීම නුසුදුසුය.

එවිට පොත් පත් බැලීම, රූපවාහිනී නැරඹීම නිසා රෝගය වැඩිවීමට පුළුවන.

 

 

ඕපනායක මොරතොට

පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය, අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය

ශාස්ත්‍රී ඩී.ඒ.

සුසිලා නාලනී ගොඩලියද්ද

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.