බේකරි කෑම හා පාන්පිටි වල ඔබ නොසිතන සතුරුකම්

මැයි 7, 2021

අපේ රටේ රක්තහීනතාවයෙන් හා දියවැඩියාවෙන් මිලියන ගණනක් ජනතාව දුක් විඳීන්නේ අපට නුසුදුසු ආගන්තුක ආහාර වලට බහුලව ඇබ්බැහි වීමේ විපාකය නිසයි. කුරුට්ට ඉවත් කළ සහල් වලටත් වඩා ප්‍රබලව කුරුට්ට ඉවත් කළ තිරිඟු පිටි (පාන්පිටි) අපට වින කරන තරම ගැනයි මේ ලිපියෙන් ඉතාම සරලව ඔබට ඉදිරිපත් කරන්නේ.

 

පාන්පිටි වල පෝෂණ විරෝධි අම්ලයක්.

එළවළු සහ පලතුරු ආදියේ අඩංගු පෝෂණ ගුණය හා සාපේක්ෂව බලද්දී පාන්පිටි වල පෝෂණ අගයක් නැති තරම්ය. පාන්පිටි වල ඇත්තේ පිෂ්ඨය සහිත සීනි බවට හැරවීමෙන් ලැබෙන තාවකාලික ශක්තියයි. එම තත්ත්වය ශරීරයට හානිදායක බවක් මිස යහපතක් නම් උදා නොකරයි. පාන්පිටි වලින් සාදන සෑම ආහාර වර්ගයකම මේ අහිතකර බව අන්තර්ගතවේ.

ශුද්ධ කළ තිරිඟු පිටි හෙවත් පාන්පිටි වල අඩංගු “පයිටික් අම්ලය” (ඒදබඪදභබපඪඥදබ) මඟින් තිරිඟු පිටි වල ඉතා සුළු වශයෙන් අඩංගුව තිබෙන කැල්සියම්, යකඩ, සින්ක් වැනි වටිනා ඛණිජ පෝෂකද රුධිරයට උරාගැනීමට ප්‍රධාන බාධාවක් සේ ක්‍රියා කරයි.

අහිතකර කොලෙස්ටරෝල් මට්ටමට විශාල තර්ජනයක්.

ස්වීඩනයේ ජාතික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්ය වෛද්‍ය විශේෂඥ චීන ජාතික “චිං පොං චේ” ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණවලට අනුව පාන් අනුභවය මඟින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් (ඩ්ච්ඹ්) මට්ටම ඉහළ නංවන බව නිසැකවම හෙළිකර ගන්නා ලදී. මේ සඳහා ඔවුන් පවුල් ඒකක දහසක් යොදාගත් අතර එම සෑම පවුලක්ම

දිනකට දෙවේලක් බැගින් පාන් ආහාරයට ගන්නා අයයි. මස්, මාළු, එළවළු, පලතුරු ආදී කුමන පෝෂ්‍යදායී ආහාර පාන් සමඟ ආහාරයට ගත්තද පාන් සතු අඩු ඝනත්වයක් සහිත “ලයිප්‍රෝටීන්” තත්ත්වය ඉහළ යන බවද මෙම පර්යේෂණ මඟින් හෙළිවිය. දියවැඩියාවෙන් තොර වුවත් කොලෙස්ටරෝල් තිබෙන ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයන් සැමටම පාන් කෑමෙන් සිදු වන්නේ විශාල අවධානමක් සහිත අයහපතකි.

රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහළ නංවයි.

පාන්පිටි වල අඩංගු කාබෝහයිඩ්‍රේට් සංයුතිය ඉහළ අගයක් ගනී. පාන්වල අඩංගු කාබෝහයිඩ්‍රේට් හෙවත් පිෂ්ටය ආහාර ජීර්ණ පද්ධතියේදී ඉතා ඉක්මණින්ම(පහසුවෙන්) ජීර්ණය වී ග්ලූකෝස් (සීනි) බවට පත්වේ. රුධිරයේ අඩංගු සීනි මට්ටම මෙමඟින් වේගවත්ව ඉහළ නැංවේ. මෙහි බලගතුකම පැණි බීම වර්ග, ටොෆී වර්ග, චොක්ලට් වර්ග වලටත් වඩා ඉහළය.

මේ අනුව පාන්පිටි ආහාර යනු දියවැඩියා රෝගීන්ට ඉක්මණින්ම බොහෝ අයහපත් සංකූලතා තෑගි කරන මාරක ආහාරයන්ය. පාන්පිටි ආහාර අනුභව කළ මොහොතේ කුස පිරුණු බවක් ඉක්මණින්ම ඇති කිරීමට හේතු වන්නේ ද මේ තත්ත්වයයි. රුධිරයේ සීනි පාලනය සඳහා ඉන්සියුලීන් භාවිත කරන දියවැඩියා රෝගියෙකුට වුවත් පාන්පිටි කෑම වලින් සිදුවන මේ අයහපත වළකාගත නොහැකි බව ස්ථීරවම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ස්වීඩනය, ෆින්ලන්තය, චීනය, ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ මඟින් පැහැදිලිවම ඔප්පු කර තිබේ.

අහිතකර ග්ලූටීන් සංවේදිතාවය.

තිරිඟුපිටි වල අඩංගු සුවිශේෂී ගුණාංග සහිත ග්ලූටීන් (ට්තභබඪද) නම් ප්‍රෝටීනමය සංඝටකය සෑම පුද්ගලයෙකුටම ඉතාම අහිතකර මට්ටමින් සංවේදීව ක්‍රියා කරයි. මේ අනුව තිරිඟු පිටි ආශ්‍රිත කෑම ආහාරයට ගත්විට බඩපුරවා දැමීම, බඩේ කැක්කුම ආදී විවිධ ගැටලු මතුවේ. එය එක්තරා අසාත්මික තත්ත්වයකි. මෙම අසාත්මිකතාවය මඟින් මොළයේ විවිධ අහිතකර සංකූලතාවයන් ඇති කරයි. මෙම තත්ත්වයට හේතු වන්නේ ආහාර වල අඩංගු සමහර පෝෂණ සංඝටක සමඟ “ග්ලූටීන්” නම් ප්‍රෝටීනය දක්වන විශේෂ ඇලෙන සුළු බවයි. එම මිතුරුකම සමහර මිනිස් ශරීර තුළදී විවිධ ආබාධ ඇති කරමින් නිහඬ මාරාන්තික සතුරෙකු ලෙස ක්‍රියාකරයි. “ට්තභ – බඪද” නමින් එම සුවිශේෂී ප්‍රෝටීනය හැඳීන්වීමට හේතුවත් එයයි. (ට්තභ - ඇලීම ඇලෙන සුළු) ශරීරයේ විටමින් ඩී සංචිත වේගයෙන් අඩුකරයි.

රක්තහීනතාවයෙන් පෙළෙන බොහෝ අයගෙන් ඔවුන්ගේ ආහාර රටාවන් පිළිබඳ ප්‍රශ්න කළහොත් ඔවුන්ගෙන් 90% ක්ම වැඩි වශයෙන් පාන් ආහාරයට ගන්නා අයයි. දිනකට දෙවේලක්ම පාන් අනුභව කරන හෝ දෛනිකව ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකකටවත් පාන්, රොටී, බනිස්, පාන්පිටි, ඉඳීආප්ප හා බේකරි ආහාර ආදිය අනුභව කරන පුද්ගලයන්‌ගේ ශරීරයේ “විටමින් ඩී” වේගයෙන් පහළ බැසීම සිදුවේ. වේල පිරිමසා ගන්නට බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බොන පුද්ගලයන්ගේ ශරීරයට එමඟින් කිසිදු පෝෂණයක් නොලැබෙන බව අපට කල්පනා නොවීම වර්තමාන අහිතකර ආහාර රටාවේ පවතින නරකම තත්ත්වයයි. මේ අනුව අප විසින් අවබෝධ කරගත යුතු පැහැදිලිම තොරතුර වන්නේ පාන්පිටි ආහාර යනු කිසිදු පෝෂණයක් සහිත ආහාරයක් නොවන බවයි. ඇත්ත වශයෙන්ම “පෝෂණ විද්‍යාඥයන්ට අනුව නම් පාන්පිටි ආහාර යනු කිසිම නිවසකට වැද්දගත යුතු නොවන ප්‍රබල සතුරෙකුට සමානය.” පාන්පිටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් අන්ත්‍රවලට සිදුකරන හානියද ඉතාම බරපතලය. ඒ පිළිකා කාරක පාන්පිටි නිෂ්පාදන වල අඩංගු වීම නිසයි.

බේකරි නිෂ්පාදන වල අහිතකර බලපෑම වැඩිකරන රසායනික ද්‍රව්‍ය.

බේකරි නිෂ්පාදන සෑම දෙයකටම යොදන බාලවර්ගයේ මාගරින්, මෙලෙක් කරන ද්‍රව්‍ය, රසකාරක, වර්ණකාරක, සුගන්ධකාරක යන සියල්ලම කෘත්‍රීමව නිෂ්පාදනය කෙරෙන බව අප අමතක කර දැමීමද බරපතල වරදකි. බේකරි කෑම සඳහා බහුලව යොදා ගන්නා සීනි මෙන්ම අධික ලෙස රස දනවන “පෘක්ටෝස්” අඩංගු “කෝන් සිරප්” වැනි නිෂ්පාදන වල සීනි අධිකව අඩංගු වේ. මෙම පැණිරස කාරක ඇතුළු සියලුම කෘත්‍රීම රසකාරක වර්ග සෘජුවම දෙවන වර්ගයේ දියවැඩියාව ඇති කිරීමට බලපාන සෘජු හේතුවක්ද වේ.

පිළිකා කාරකයක් ලෙස ක්‍රියා කිරීම.

පාන් හා පාන්පිටි ආශ්‍රිත කෑම වර්ග නිෂ්පාදනයේදී යොදන විවිධාකාර ආකලන මඟින් සෘජුවම පිළිකා ඇති කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පෙන්වා දෙයි. පාන් නිෂ්පාදනයේදී මෙන්ම පාන්පිටි ආශ්‍රිත විවිධ බේකරි කෑම වලට යොදන “ලොඩෙට්” (ඹ්ධඤචබඥ) සහ පොටෑසියම් බ්‍රෝමේට් (ර්‍ථධබබචඵඵඪභථ ඕපධථචබඥ) මෙලෙස පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වලට යොදන සුවිශේෂී ආහාර ආකලන දෙවර්ගයකි. මෙයින් පොටෑසියම් බ්‍රෝමේට් මඟින් සෘජුවම ශරීරයේ පිළිකා තත්ත්වයන් බලගන්වන අතර ලෝඩේට් මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ආසාදන ඇති කරවයි. යුරෝපයේ ඇතැම් රටවල් පාන්පිටි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේදී මෙම ආකලන දෙවර්ගයම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතත් බොහෝ ආසියාතික රටවල් තවමත් මෙවැනි ආහාර ආකලන පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීම කණගාටුවට කරුණකි. විවිධ අංක වලින් හා ඉංග්‍රීසි

අක්ෂර වලින් අප රටේ සුලබව විකිණෙන මෙවැනි ආහාර ආකලන පිළිබඳව දන්නා බේකරි හිමියන් 10% ක් වත් නොමැති බව අපේ පෝෂණවේදීන්ම ප්‍රකාශ කරයි. සත්‍ය වශයෙන්ම නොදැනුවත්කම නිසා හෝ අපේ රට වැසියන් තවමත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වලට ඇලුම් කිරීම මොනතරම් බරපතල වරදක් දැයි ඔබ කල්පනා කළ යුතු බව අපි අවධාරණය කරමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.