ඔබේ නෙත ඔබට එකඟ ද?

මැයි 7, 2021

සත්වයෙකුගේ හිස්කබලෙහි (මුහුණෙහි) පිහිටි අස්ථිවලින් නිර්මාණය වන ලද අස්ථිමය කුහරයක ආරක්ෂාකාරිව තැන්පත්ව ඇති ‘ඇස” බාහිර උපද්‍රවයන්ගෙන් ආරක්ෂාකාරිවීම සඳහා ඇසිපිය යුගලක් ද නිර්මිතව පැවතීම අපූරු ලක්ෂණයක් වීම විශේෂයකි.

 

මෙලෙස නෙතු පිය සඟළෙහි පිහිටීමේ අවශ්‍යතාවයට අනුව ඇසට හානි පැමිණෙන උපද්‍රවයන් වන කෘමීන්, දූවිලි, ඇතැම් කුඩා රොඩු කැබැලි, අධික විදුලිධාරා යනාදියෙන් ඇස සුරැකීම සඳහා ඇසිපිල්ලන් පිහිටා ඇත. මෙසේ බාහිර උපද්‍රවයන් ඇසට එල්ල වන විට ප්‍රතික්‍රියාවක් ලෙස ඇසිපිය තමන් හට නොදැනුවත්වම වැසී ඇස ආරක්ෂාවනු ලැබේ. එමෙන්ම හදිසියේ ඇසට දූවිලි, කුණු ආදිය පතිතවීම නිසා අශ්‍රැ (කඳුළු) ග්‍රන්ථි ක්‍රියාත්මක වී ඇසට කඳුළු උනාවිත් එහි තිබෙන රොඩු කැබැලි පලවා හරින්නට සහාය දෙනු ලබයි.

ඇසට පෝෂණය ලබාදීමට සහාය දෙනු ලබන්නේ “චක්ෂුෂ ධමනියයි’ මෙය ඇසට සම්බන්ධවන්නේ ස්වච්ඡ මණ්ඩලයට යටින් ශාඛාවක් විහිදීමෙන් බව ඇස හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පෙනීයන කරුණකි. “අම්මය රසය” ලෙසින් හඳුන්වන ඇසේ පක්ෂ්මීය දේහය විසින් පෙරාහරිනු ලබන අකාබනික ලවණ විශාල වශයෙන් දිය වී ඇති විශේෂ අත්තෘ අක්ෂමයි. තරලයක් ද මෙම ඇස් පෝෂණය සඳහා ඉවහල් වනු ඇත.

වස්තුවක සිට එන ආලෝක කිරණ අක්ෂිකාචයට ළඟාවූ විට එය පැහැදිලි ප්‍රතිබිම්බයක් දෘෂ්ටි විතානය මතට ලැබෙන අයුරින් කාචයේ නාභිය දුර ස්වයංක්‍රීයව වෙනස්වනු ඇත. ඒ කාචය රඳවාගෙන සිටින ප්‍රතියෝජක පේශිවල ක්‍රියාකාරිත්වයත් අක්ෂිකාචය සෑදී ඇති ද්‍රව්‍ය හේතුවෙන් එයට හිමිවී තිබෙන ප්‍රත්‍යක්ෂ (ඇදෙන සුළු බව) හිමියැ. එහෙත් සාමාන්‍ය කැමරාවක නම් එම නාභිය දුර අප විසින් සකස් කළ යුතුවේ. එහෙත් කැමරාව තුළට ඇතුළුවන ආලෝක ප්‍රමාණය පාලනය කෙරෙන්නේ එහි විවරයෙනි. මීට සමානම කාර්යයක් ඉටුකරන ඇසේ බබා (කුණිතය) පරිසරයට අනුකූලව සුදුසු ආලෝක ප්‍රමාණයක් ඇස තුළට ලබාදෙනු ඇත.

මෙහිදී මෙම සිදුරේ ප්‍රමාණය පාලනය කරන්නේ තාරාමණ්ඩලය නම් කොටසෙනි. එය කළු ඉංගිරියාව නමින් හඳුන්වනු ලබයි. පැහැබර පරිසරයකදී ප්‍රමාණයෙන් කුඩා වෙමින් කුඩා ආලෝක කදම්භයක් ඇස තුළට යැවෙන අතර, අඳුරු විටෙකදී විශාල ආලෝක ධාරාවක් ඇතුළු කරගනු පිණිස එය වඩාත් පුළුල් වේ. මෙහිදී දෘෂ්ටි විතානය ඡායා පටලයෙහි කාර්ය භාරය ඉටුකරනු ඇත. එහි ආලෝකයට සංවේදී වන ස්නායු සෛල විසිරී පවතී. එබඳු සෛල දෙවර්ගයකි. සංඛ්‍යාවෙන් වැඩි යෂ්ටි සෛල (අධඤඵ) දිවාකල මෙන්ම රාත්‍රියේ ද පෙනීම ලබාදීමට සමත්වෙනු ඇත. මේවා බහුලව විසිරී ඇත්තේ දෘෂ්ටිවිතානයේ මධ්‍ය ප්‍රදේශයේය. එහෙත් සංඛ්‍යාවෙන් අඩු කේතු සෛල දිවා කල්හි පෙනීමට සහ වර්ණ හඳුනා ගැනීමට උපකාරිවන අතර, ඒවා බහුලව විසිරී ඇත්තේ දෘෂ්ටි විතානයේ මධ්‍ය ප්‍රදේශයේයැ.

අප අතට පත්වෙන මුද්‍රිත සේයාරුවක් උඩුකුරු කර බලනසේම අපේ මොළය ද ඇස විසින් සැදු යටිකුරු ප්‍රතිබිම්බයට උඩුකුරු කොට නරඹයි. එවිට අපට වස්තුව දැකිය හැකිය. පැහැදිලි පෙනුමක් ජීවිත කාලයක් පුරා ලබාදෙන ඇස ආරක්ෂා කිරීමට සැදුම්ලත් බළකායක් ද ඇස වටා රැක වල් ලාගෙන සිටිනු ඇත. ඇසිපිය සැලීම මඟින් මිනිසකු දෙවියෙකුගෙන් වෙන්කොට හඳුනාගැනීමට උපකාරි වන බවක් අපේ සාහිත්‍යයේ දැක්වේ. එය ඉබේ සිදුවන ක්‍රියාවලියකි.

එය කඳුළු ඇස පුරා පතුරුවමින් කුනිතය තෙත්ව තබයි. මේ කටයුත්ත පැහැදිලි පෙනීමක් සඳහා ප්‍රමුඛ අවශ්‍යතාවයකි. එපමණක් නොව අප හොඳින්ම දන්නා පරිදි යමක් ඇසෙහි වැදෙන්නට වෙද්දී ඇසිපිය ඉබේම පියවී යමින් ආරක්ෂා කොට දෙයි.

ඛ්ධදණභදජබඪමච -(කන්රක්ට්වා)

ඇසිපියවල ඇතුළු පැත්ත සහ ඇස බෝලයේ පිටපැත්ත මත තනි සිවියක ආකාරයෙන් පිහිටි මෙම ශ්ලේෂ්මල පටලය අසාදනවලට හේතුවන විෂබීජ ඇස තුළට යාම වළකාලන ආරක්ෂක බැම්මක් ලෙස ගණන් ගත හැකියැ.

කඳුළු (අශ්‍රැ) ග්‍රන්ථි

මිලිමීටරයක් පමණ ඝනකමින් යුත් පටලයක් ලෙස කඳුළු අප ඇසෙහි කුනිතය සහ ශ්වේත පටලය (ස්වච්ඡය) මත රැඳී ඇත. මේවා නිපදවෙන්නේ කඳුළු ග්‍රන්ථි මඟිනි. කඳුළු බිඳුවක් නිමවී ඇත්තේ ජලයෙන් පමණක් නොවේ. එහි ජලයට අමතරව ලිපිඩ, ප්‍රෝටීන සහ විෂබීජ නාශක රසායනික ද්‍රව්‍ය රැසකින් ද යුතු වෙයි. කඳුළු බිඳුවක් මුවග ගැටුණහොත් ලවණ රසයක් දැනේ. එබැවින් ඒවායේ ලුණු ද අන්තර්ගතව ඇත.

මේ අනුව කඳුළු මඟින් කුනිතය මතුපිට තෙත්ව තබා ගැනීමත් එය නිරතුරු සෝදා හැරීම සහ බැක්ටීරියා වැනි රෝගකාරක මර්දනය කිරීමත් සිදුවේ. මේ අතරම නාසික කඳුළු මාර්ගයෙන් කඳුළු වලින් කොටසක් නාසය තුළට කාන්දු වේ. හඬන විටදී දෑසින් ගලායන කඳුළුවලට අමතරව නාසය ඔස්සේ ද එහි ශ්ලේෂ්මල සමඟ එක්වෙමින් ඒවා රූරා වැටෙනු සැවොම අත්දැකීමෙන් දන්නා කරුණකි.

මෙම ප්‍රධාන ආරක්ෂණයන්ට අමතරව අක්ෂි කුහරය තුළ ඇස පිහිටා තිබීම ද ඊට ඉහළින් ඇහි බැම පිහිටීම ද දෙනෙතෙහි සුරක්ෂිත බව තර කරයි.

කහලපය යනු

කේතු සෛල පමණක් ඒකරාශි වූ තැනක් දෘෂ්ටි විතානයේ හරි මැද පිහිටා ඇත. මේ නිසාම ආලෝකමත් පරිසරයකදී ඉතා පැහැදිලි තියුණු පෙනීමක් ලබන්නේ මේ මතට ප්‍රතිබිම්බය පතිතවූ විටයි එය කහලපය වේ.

අන්ධ බින්දුව යනු :– අප කිසිවෙකුත් අන්ධ නැතැයි සිතන අප එනිසාම සියල්ල දැකිය හැකි යැයි සිතමු. අපේ දර්ශන පථයේ ඇති වස්තුන් අතරින් දෘෂ්ටි විතානයේ එක්තරා ස්ථානයකට වැටුණු ප්‍රතිබිම්බ අපට දිස් නොවන බැවිනි. එතැන දෘෂ්ටි විතානයෙන් නික්මෙන මෙම විශේෂිත ස්ථානයට අන්ධ බින්දුව යන නාමය ලැබෙන හේතුව එයයි.

දෑසේ පාට කුමක්ද?

දෑස නිළුපුල් නෙතේ කාන්තාවකගේ දෙනෙත කවියෙකුගේ පන්හිඳ කාන්තාවක දෑසට සමවූයේ එලෙසය. ඒ වෙනස් වන්නේ තාරාමණ්ඩලයේ (තපඪඵ) පිහිටි වර්ණක සෛල ප්‍රමාණය අනුවයි. (නිල් . දුඹූරු,කහ මේ වර්ණ පැහැයට කාගෙත් නෙත් ඇතුළත් වේ)

සිවිකාචය ගැන තොරතුරු

කුනිතය ඉදිරිපසින් තැන්පත් ලූනු සිවියක් බඳු තුනී වූ සිවිකාචයේ ප්‍රමාණය පරිප්පු ඇටයක් පරිදි වේ. වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ ද්‍රව්‍යවලින් නිපදවෙන නව සිවිකාව වෙළඳපොළට පිවිසෙමින් තිබෙන අවදියෙක එහි ප්‍රධාන සිවිකාච වර්ග දෙක හඳුනා ගනිමු. එනම් දැඩිකාච (ඩ්චපඤ තඥදඵ) මෘදුකාච (ඵධටබ තඥදඵ) දෙවර්ගයයි. දැඩි කාච නිර්මාණය කර ඇත්තේ අක්‍රයිලේට් සහ සිලිකෝන් රබර් මිශ්‍රණයකිනි. මෙම මිශ්‍රණය හේතුවෙන් කාචය හරහා වාතයට ගමන් කළ හැකියැ.

අධික ජල ප්‍රතිශතයක් අඩංගු ආකාරය සහ එය සාදා ඇති ද්‍රව්‍ය මොනවාදැයි විමසා බලමු. අධික ජල ප්‍රතිශතයක් ඇති පොලිහයිඩ්‍රොක්සි ඊතයිල් මෙතත්‍රයිලේට් සංයෝගයෙන් මෘදු කාච නිපදවී ඇත. සිවිකාචයක ආයුකාලය කෙතරම් දැයි ඔබ දනනවාද? එය ඔබ සිවිකාච භාවිතා කරන ආකාරය සහ සාදා ඇති ද්‍රව්‍ය මත රඳාපවතී. දිනපතා පලඳන මෘදු කාචයක භාවිතා කරන ආකාරය සහ සාදා ඇති ද්‍රව්‍ය මත රඳාපවතී. දිනපතා පලඳන මෘදු කාචයක ආයුකාලය වසරක සිට වසර දෙකක් පමණ වන අතර, දැඩිකාචයක් වසර දෙකක සිට දහයක් දක්වා වේ. එබැවින් සිවිකාච පැලඳීම තාවකාලික බව මෙහිදී පසක් කළ යුතුයැ. ඇසේ සුද ඉවත් කිරීමෙන් පසු සිවිකාච යෝදා උපැස් යුවලක්ද භාවිතා කළ යුතුයැ. සිවිකාච පැලඳීමේදී අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවේ.

සිවිකාච පැලඳීම ආරම්භයේදී මදක් අපහසුයැ. සමහර විට කාචය සාදා ඇති ද්‍රව්‍යයට ඇසේ අසාත්මිකතාවයක් දැක්වීම, සමහර විට එය ගැලවීයාම , ස්නානය කරන විටදී මුහුණ දෝවනය කරන විටදී හෝ දෑස් නොවසා සිටිය හොත් සිවිය ගැලවී යා හැකියැ.

කුඩා දරුවනට පෙර වියපත් අයට තනිවම මෙම කාච භාවිතය අපහසුවිය හැක. ඔබ දැනටමත් සිවිකාච භාවිතා කරන්නෙක් නම් පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කරන්න.

කාචය පළුදු වූ පසු ඇසට වේදනාවක් දැනේ ද? එසේ නම් කාචය මත දූවිලි හෝ වෙනත් අපද්‍රව්‍ය රැඳී තිබීමට පුළුවන. එවිට කාචය කැඩීයාමට පුළුවන. ඔබේ ඇස තුළට කාචය පලඳින අවස්ථාවේදී බාහිර අපද්‍රව්‍යයන් ඇතුළුවීමට පුළුවන. ඔබේ කුනිතය තුවාලවීමට ද පුළුවන. එබැවින් සිවිකාචයක් පැලඳීමට පෙර එහි ප්‍රතිවිපාක කෙළෙසක දැ’යි සිතා බැලිය යුතුය. ආයුර්වේද ප්‍රතිකාර පතන විට එය දීර්ඝකාලීන පැවැත්ම සහ සුවදායක සැනසිලිදායක බව ගැන සිතා බැලිය යුතුය. එය ස්වභාවික ඖෂධවලින් සුද ඉවත් කරන අතර, ඇසට වේදනාවක් රහිතව නිරුපද්‍රිතව ප්‍රතිකාර පන්තිය කරගෙන යා හැකියැ. (සිවිකාච පැලඳීම මෑතක සිට ප්‍රචලිත වන ලද වසංගතයක් වැනි ප්‍රතිකාර (තාවකාලික) ක්‍රමයක් බව ප්‍රකාශ කළ යුතුයැ) මෙම ක්‍රමය සාතිම්‍ය වන්නේ 40% කට අඩු පිරිසකට බව පෙන්වා දෙන්නේ ඉතාමක් කනගාටු සහගත සිතුවිල්ලෙනි. මීට වසර 30 ට 40 ට පෙර සිවිකාච පැලදීම එතරම් ප්‍රචලිත නොවූ අතර, දැන් එය උණ, සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙසට ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.ඇසේ සුද පැතිරීමට බොහෝ කරුණු ඉවහල් වන බව දැක්වීම යුතුකමෙකි.

වාත, පිත්ත, කඵ යන දෝෂයන්ගේ විෂමතාවය නිසා ද

රස, රක්ත, මාංශ, මේදස් , අස්ථි, මජ්ජා ශුක්‍ර යන සප්තාධාතුන්ගේ දූෂ්‍ය වීම නිසා ද

ඕසෝන් ස්තරය සිදුරුවීම හේතුවෙන් වායුගෝලය හරහා පෘථිවි තලයට පතිතවන හිරුකිරණ නිසා ‘ඇස සුද’ චර්ම පිළිකා ආදි රෝග රැසකට සත්වයින්ට මුහුණ පාන්නට වන බව පෙන්වා දිය යුතුය.

එමෙන්ම වර්තමානයේ භාවිතාවන විෂම ආහාරපාන හේතුවෙන් අප ශරීරය තුළ සිදුවෙන විපර්යාසයන් නිසා හටගනු ලබන ඇස සුද මෙන්ම වෙනත් එවැනි රෝගවලට විරුද්ධව ක්‍රියාත්මක වන ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම තුළින් රෝග ව්‍යාපශමණය (සුවපත් කිරීම) පර්යේෂණාත්මකව සිදු කරන බව මෙහිදී හඳුන්වාදීම වැදගත් වනු ඇත.

 

පාරම්පරික අක්ෂිරෝග විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.