ඔබ කැමති තරුණියගේ හෝ තරුණයාගේ චරිත ලක්ෂණ

මැයි 28, 2021

අපට හමුවන හෝ මුණ ගැසෙන සමාජයේ විවිධ පුද්ගලයන් පිළිබඳව වැඩි වශයෙන් හඳුනා ගැනීමට ලැබෙන්නේ වාචික සන්නිවේදනයට වඩා වාවික නොවන සන්නිවේදනය තුළිනි. මේ නිසාම දැකීම යනු දැනගැනීම යනුවෙන් (ඉඥඥඪදඨ ථඥචදඵ ඬදධඹඪදඨ) ප්‍රකට කියමනක් ඇත.

එහෙත් එමගින් පමණක් අපට යම් අයෙකු පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වේ. මේ සඳහා ඡ්‍යොතිෂය යටතේ එන සාමුද්‍රික ශාස්ත්‍රයට සම්බන්ධ මුහුණ කියවීමේ ක්‍රම භාවිතා කළ යුතුය. මුහුණ යනු යම් අයෙකු හඳුනා ගැනීමට උපකාරිවන ප්‍රධානතම ශරීරාංගය වේ. එමඟින් සෑම අයෙකුගේම චිත්තවේගයන් ප්‍රකාශ වේ. මුහුණ කියවීම ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල මෙන්ම සමහර යුරෝපීය රටවල ද බහුලව භාවිත වේ. මෙම ලිපියේ අරමුණ වන්නේ එවැනි ක්‍රම පිළිබඳව අවබෝධයක් ලබාදීමයි. යම් අයෙක් දිගු කලක් ඇසුරු කිරීමෙන් මිස ඔවුන් පිළිබඳව කෙටි කලක් තුළදී අවබෝධයක් ගැනීම අපහසුය. එවැනි අවබෝධයකින් තොරව කරනු ලබන සමාජ අන්තර් ක්‍රියාකාරිත්වයන් සහ සබඳතාවලදි බොහෝ අය විවිධ කරදර,බාධක, අතුරු අන්තරා වලට මෙන්ම දැඩි අපහසුතාවයනට පත්වන අවස්ථා නිතරම පාහේ අසන්නට,

දකින්නට ලැබේ. මීට විසඳුමක් වශයෙන් යම් අයෙකුගේ මුහුණ දෙස බැලූ පමණින් ඔහු පිළිබඳ චරිත ලක්ෂණ සහ ගති ලක්ෂණ හඳුනා ගැනීමේ විධික්‍රම පිළිබඳව අවබෝධයක් ලබාදීම සඳහා මෙම මුහුණ කියවීමේ ශිල්පීය ක්‍රම සමුද්‍රික ශාස්ත්‍රය මඟින් හඳුන්වා දී ඇත. සමහර සමාගමිවල අලෙවිකරණ ක්‍රියාවලියේදී මෙන්ම සේවකයන් බඳවා ගැනීම සහ සමහර ආවාහ- විවාහ කටයුතු වලදි මෙන්ම ස්ථිර ප්‍රේම සබඳතා ඇතිකර ගැනීමේදී පවා අවශ්‍යවන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා මෙය පුළුල් ලෙස භාවිතා වේ.

එසේම මෙමඟින් බොහෝ කරදර බාධක මෙන්ම අපහසුතා මඟහරවා ගත හැකි අතර සමාජ අන්තර් ක්‍රියාවන් යහපත් අන්දමින් පවත්වාගෙන යා හැකිය. ඡ්‍යොතිෂයට අනුව සාමුද්‍රික ශාස්ත්‍රයට අදාළ බොහෝ විධි ක්‍රම හඳුන්වාදී ඇත්තේ ක්‍රි. ව. 505 දී පමණ සෘෂි වහරමිහිර විසින් රචිත බ්‍රිහත් සංහිතා, නාරද සංහිතා සහ භාරද්වජ සංහිතා යන ග්‍රන්ථ මගිනි . පසුකලිනව ඉන්දියානු වෛදික දාර්ශනිකයෙකු වූ පාතන්ජලි විසින් මෙයට තවදුරටත් කරුණු එකතු කර ඇත. කෙසේ වෙතත් මුහුණු කියවීම (ටචජඥ පඥචඤඪදඨ) යටතේ කරනු ලබන්නේ මුහුණේ හැඩය, නළල සහ ඇස්, කන්,ඇහි බැම,නිකට,තොල්, නාසය යන අවයවයන් පිහිටා ඇති ආකාරය හෝ ඒවායේ හැඩය සැලකිල්ලට ගෙන යම් පුද්ගලයෙකුට ආවේණිකවූ චරිත ලක්ෂණ සහ පළපුරුදුකම් මෙන්ම ජීව ගති ලක්ෂණ පිළිබඳව නිරවුල් අවබෝධයක් ලබාගැනීමයි. මෙම ක්‍රම වල ඇති විද්‍යාත්මක සත්‍යතාවය සෙවීම සඳහා කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යලයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමි 2ක් විසින් තෝරාගත් පුද්ගලයන් 200ක් ඇසුරින් කරන ලද පර්යේෂණයකදී හෙළිවී ඇත්තේ එම පර්යේෂණයට සහභාගි කරගත් පුද්ගලයන්ගේ ඉහත දක්වන ලද කායික ලක්ෂණ සහ ඔවුන්ගේ චරිත ලක්ෂණ අතර ඉහළ විශ්වසනීය මට්ටමක සහසම්බන්ධතාවයක් පවතින බවයි.

මුහුණ කියවීමේ ක්‍රම යටතේ පළමුවෙන්ම මුහුණේ හැඩයට ප්‍රධාන තැනක් හිමි වෙන අතර

ඊට අනුකූලව රවුම්, දිගැටි, හතරැස් සහ ත්‍රිකෝණාකාර යනුවෙන් මුහුණ කොටස් 6කට බෙදා ඇත. එම විස්තර පහත දැක්වේ

රවුම් මුහුණු : ක්‍රියාකාරි මෙන්ම ධනාත්මක සහ සාර්ව ශුභවාදි ප්‍රවේශයකින් යුත් මෙම අය

ඡ්‍යොතිෂයට අනුව ආපෝ සහ පඨවි යන බලවේගවලින් නිර්මාණය වී ඇත. මොවුන් නිහතමානි සහ සමාජශීලී අය වේ. පොරොන්දු ඉටුකිරීමේ නැඹුරුවක් ඇත.

දිගැටි මුහුණු: නිර්මාණශීලි හැකියාවක් ඇති අතර, තම අදහස් සහ පරිකල්පන ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනී. අන් අයට වඩා ප්‍රායෝගික වන අතර කණ්ඩායම් ගත කටයුතුවලදි සාර්ථකතා දක්වයි. කඩවසම් අඟ පසඟ ඇති අතර තම ඉලක්ක කරා යාමට දක්ෂයන් වේ. එහෙත් ආදර සබඳතාවලදි තරමක ගැටලු සහගත චර්යාවන් දක්වයි.

හතරැස් මුහුණු: මෙම අය බුද්ධිමත් වන අතර, විශ්ලේෂණාත්මක මනසකින් යුත් නිවැරදි තීරණ ගැනීමට හැකි අය වේ. එසේම මෙම අයට අවදානමක් දැරීමටත් කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමටත් හැකි බැවින් දක්ෂ ව්‍යවසායකයන් වේ. එහෙත් ක්ෂණිකව වෙනස්වන චරිත ලක්ෂණ පවතී.

සෘජුකෝණික හැඩය ගත් මුහුණු: මෙම අය සමාජයේ ඉහළින් කැපීපෙනීමට කැමැත්තක් දක්වන අතර දේශපාලනික, ව්‍යාපාරික සහ ක්‍රීඩා කටයුතුවලදි මූලිකත්වයක් දරයි. අන් අය පෙළඹවීමට මෙන්ම තමාගේ ඉලක්කය කරා යාමට ද ඉහළ හැකියාවක් ඇත. තරමක මාන්නක්කාර ගති පවතී.

ඕවලාකාර හැඩයෙන් යුත් මුහුණු: මෙම අය සුන්දර සහ සිත් ඇදගන්නා දේහ ලක්ෂණවලින් යුක්ත වන අතර මිත්‍රශීලී සහ කාරුණික අය වේ. ප්‍රියමනාප සිනහවක් ඇති මෙම අය වැඩිවශයෙන් ප්‍රාසාංගික කලාත්මක අංශයට නැඹුරුවන අතර ජනප්‍රිය පුද්ගලයන් වේ. මෙම අය ද ක්ෂණිකව වෙනස්වන චරිත ලක්ෂණ දක්වයි.

ත්‍රිකෝණාකාර හැඩයගත් මුහුණු: බොහෝවිට සිහින් සිරුරක් ඇති මෙම අය ඉහළ නිර්මාණාත්මක හැකියාවන්ගෙන් යුත් අතර, මිත්‍රශීලී සහ කාරුණික අය වේ. මෙම අය ඩැඩි වශයෙන් සංගිතය, නැටුම්, රූපලාවණ්‍ය වැනි ක්‍ෂෙත්‍රවලට නැඹුරු වේ. මෙම අය තුළ ඉක්මනින් කලබලවන සහ කෝපාවිෂ්ඨවන ගතියක් පවතී.

මුහුණේ වඩාත් කැපීපෙනෙන අංගය වන්නේ නළල් තලය සහ නාසයයි.

නාසය ගුරු ග්‍රහයාට අයත්වන අතර,නළල බුධ ග්‍රහයාට අයත් වේ. ජන්ම පත්‍රයේ ගුරු බලවත්ව සිටින විට යම් අයෙකුට කැපී පෙනෙන සෘජු නාසයක් හිමි වේ. යම් හෙයකින් ගුරු ග්‍රහයා සිකුරු සමඟ සංයෝගව පිහිටි විට නාසය වඩාත් දැකුම්කලු ලෙස පිහිටයි. අනෙකුත් විස්තර පහත දැක්වේ.

නාසය පිහිටා ඇති ආකාරයට අදාළ විස්තර පහත දැක්වේ. දිගු නාසය: දැකුම්කලු සහ විවිධ ශිල්පිය දක්ෂතා ඇති අය වේ. කෙටි නාසය: විවිධ ශිල්පීය ක්‍ෂේත්‍රවල සහ යාන්ත්‍රික ක්‍ෂේත්‍රයේ දක්ෂතා ඇති අය වේ

මහත සහ පුළුල් නාසය: තර්කනය, දර්ශනය සහ මනෝවිද්‍යාව යන විෂයයන්වල දක්ෂතා ඇති එමෙන්ම ප්‍රබල ප්‍රකාශන හැකියාවක් ඇති අය වේ.

පහළ අතට නැමී ඇති නාසය: මෙම අයට දේශපාලනය මෙන්ම ගුප්ත ශාස්ත්‍ර ගැන අවබෝධයක් ඇති අතර, තමාගේ හිතුමතයට පමණක් කටයුතු කරන අන් අයගේ උපදෙස් නොසලකන අය වේ. බුද්ධියට සහ මතකයට යෝගකාරක වන බුධ ග්‍රහයාට අයත් වන නළල්තලය පිළිබද විස්තර පහත දැක් වේ.

පුළුල් නළල් තලය: විශේෂයෙන් ආචාර්ය, මහාචාර්යවරු, ගුරුවරු සහ උපදේශන වැනි වෘත්තින්වල නිරත අය අතර මෙම ලක්ෂණය දක්නට ඇත. මෙය බුද්ධිමත්භාවයේ මෙන්ම විවිධ අංශවලින් පරිණතභාවයට පත්වීමේ සංකේතයක් බව ජන ව්‍යවහාරය තුළ පවතී.

කවාකාර නළලක් ඇති අය: මෙවන් අය කලාත්මක අංශයේ දක්ෂයන් වන අතර, ජන්ම පත්‍රවල බුධ සිකුරු සංයෝගව පිහිටා ඇත.

පැතිරුණු පුළුල් නළලක් ඇති අය: කිසියම් බලධාරිත්වයක් හිමි එසේම බොහෝ තැන්වලදී මූලිකත්වය ගන්නා මෙම අයගේ ජන්ම පත්‍රවල බුධ ග්‍රහයා කුජ සමඟ සංයෝගව පිහිටන බව පෙනේ.

කෙටි නළල් තලය: මෙම අය පැරණි හෝ සාම්ප්‍රදායික දේ අගය කරන එමෙන්ම ඒවා රැක ගැනීමට යොමුවූ අය වන අතර, තරමක් මසුරු ගති මෙන්ම සමාජශීලි නොවන ගතියක් දක්න ඇත. මෙම අයගේ ජන්ම පත්‍රවල බුධ ග්‍රහයා ශනි සමඟ සංයෝගව සිටී.

මීළඟට නිකටෙහි හැඩයට ප්‍රධාන තැනක් හිමි වේ.විස්තර පහත දක්වා ඇත. නිකට අයත් වන්නේ ශනි ග්‍රහයාටය.

හොඳින් වැඩුණු නිකට: මෙම අය පොරොන්දු ඉටුකරන විශ්වාසවන්ත අය වන අතර ඕනෑම පීඩනකාරි අවස්ථාවකට මුහුණදීමට හැකි ආත්ම ශක්තියක් ඇති අය වේ.

දුර්වල සහ ගිලුණු නිකටක් ඇති අය: මෙවන් අය නිතරම පාහේ අන් අයගේ සහාය අපේක්ෂා කරන තරමක ආවේගශීලි අය වේ. එසේම රහසිගත හැසිරීම් රටාවක් පවතී. ඕනෑම දෙයකදි සෑහීමකට හෝ සතුටට පත් නොවේ.

රවුම් සහ ඉදිරියට නෙරා ඇති නිකට: මෙම අය දැඩි අධිෂ්ඨාන ශක්තියක් ඇති එමෙන්ම විශ්වාසය සහ රහස් රකින අය වේ.

දෙකට බෙදුණු නිකටක් ඇති අය: බෙහෙවින් උද්යෝගිමත් සහ සෙනෙහෙවන්ත මෙම අය මුදල් ඉතිරි කිරීමේ දක්ෂයන් වේ. එහෙත් ඉවසීම අඩු බැවින් සමහරවිට කලහකාරි හැසිරීමක් දක්වයි

මීළඟට වඩාත් වැදගත් වන්නේ ඇස්වල පිහිටීමයි. වඩාත් කැපී පෙනෙන සහ ආකර්ෂණීය ඇස් ඇති අයගේ ජන්ම පත්‍රවල රවි සහ සඳු යන ග්‍රහයන් බලවත්ව පිහිටා ඇත. එසේම රවිට දකුණු ඇසත් සඳුට වම් ඇසත් අයත් වේ. විස්තර පහත දැක්වේ.

පුළුල් කවාකාර ඇස්: මෙමඟින් මිත්‍රශීලී, පර්කල්පන හැකියාව සහ වාග් චාතුර්යය පෙන්වයි

මධ්‍යම ප්‍රමාණයේ කවාකාර ඇස්: දර්ශනය, මනෝවිද්‍යාව වැනි විෂයයන්වලට දක්ෂතා දක්වන අතර භාවාත්මක අංශයට නැඹුරුවීමක් පෙන්වයි.

කුඩා කවාකාර ඇස්: නිතරම පාහේ සෙවිල්ලෙන් හෝ විමසුමෙන් සිටින මෙවන් අය බොහෝවිට ආත්මාර්ථකාමී චරිත ලක්ෂණ දක්වයිදිගු ඇස් ඇති අය : මෙම අය ආකර්ශනීය දේහ ලක්ෂණ වලින් යුත් අතර ඕනෑම දෙයක් කල්තියා දැනගැනීමේ හැකියාවක් ඇත. එසේම සුහද සහ මිත්‍ර ශිලීවේ. ආධ්‍යාත්මික අංශයට නැඹුරුවක් දක්වයි.

මීළඟට මුහුණ සහ ඊට අදාල අනෙකුත් අංග වැදගත්වේ.මෙහිදී මූලික වන්නේ තොල් සහ දත්ය මේ සම්බන්ධයෙන් රාහුගේ බලපෑම මූලික වන අතර, දත් සම්බන්ධයෙන් කුජගේ බලපෑම මූලික වේ. මුඛය සාමාන්‍ය තත්ත්වයක නැත්නම් දත් සහ තොල් ඉදිරියට නෙරා ඇත්නම් එවැනි අයගේ රාහු ග්‍රහයා ජන්ම පත්‍රයේ යහපත් තත්ත්වයක නොපවතින බව පෙනේ. ලස්සන දත්පෙළක් ඇති අයගේ ජන්ම පත්‍රවල කුජ ග්‍රහයා බලවත්ව ස්ථානගතවී ඇත.

තොල් වල හැඩය බලපාන ආකාරය පහත දැක්වේ. දිගු උඩුතොලක් තිබීම: නිදහස් අදහස් දරණ අතර බොහෝවිට තමා ගැන පුරසාරමි දොඩන අයවෙි

කුඩා තොල් තිබීම:– චරිත ලක්ෂණවල කිසියම් රහසිගත බවක් පවතී. සමහර විට නපුරු චරිත ලක්ෂණ පැවතිය හැකිය

හොඳින් වැඩුණු තොල් තිබීම: සරාගී පෙනුමකින් යුත් ආදරයට ආදරය කරන සෙනෙහෙවන්ත අය වුවත් බොහෝ විට ඉක්මනින් වෙනස්වන සුලුය.

මධ්‍යම ප්‍රමාණයේ හොඳින් වැඩුණු තොල් තිබීම: රාගික වුවත් හික්මුණු සහ තැන්පත් චරිත ලක්ෂණ දක්වන අතර ඉක්මනින් වෙනස් නොවේ.

පුළුල් මුඛයක් තිබීම: මෙම අයට හොඳ කථිකත්වයක් තිබුණත් සමහර විට ගරු සරු නැති හැසිරීමක් දක්වයි

හදවතක හැඩය ගත් තොල් තිබීම:මෙම අය නිදහස් අදහස් දරන අතර තම ඉලක්ක ගැන නිතර සිතන බොහෝ විට අන් අය මුළා කරන සහ සරාගී චර්යාවන් දක්වන අය වේ.

ඇහි බැම පිහිටා ඇති ආකාරය ද මුහුණු කියවීමේදී වඩාත් වැදගත් වේ.

වැඩුණු ඇහිබැම: නව අදහස් ඉදිරිපත් කිරීමට හැකි එමෙන්ම ගැඹුරු පරිකල්පන

හැකියාවන්ගෙන් යුත් මානසිකව ක්‍රියාකාරි අය වේ. තුනී රේඛාවක් බඳු ඇහි බැම තිබීම: එක්වේලාවකදි එක් දෙයක් පමණක් ගැන සිතන සහ ක්‍රියාත්මකකරන අය වන අතර, අන්‍යයන් තමා ගැන දක්වන ප්‍රතිචාර ගැන නිතරම සිතයි. ව්‍යවසායකත්ව හැකියාවන් පවතී

මුලින් ඝනව පවතින අතර අවසානයේදී සිහින්වන ඇහිබැම: මෙම අය සෑම විටකදීම සැලැස්මකට අනුව කටයුතු කරන අතර, නිතරම පාහේ ප්‍රතිඵලදායක වැඩ ක්‍රියාත්මක කරයි. නායකත්ව හැකියාවන් පවති.

එක සමාන ඝනකමකින් යුත් ඇහිබැම: මෙම අයට ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් වටහා ගැනීමේ හැකියාවක් ඇත. මුලින් සිහින්ව සහ පසුව , ඝණව වැඩෙන ඇහිබැම: ඕනෑම කාර්යයක් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ඇති මෙම අය අලුත් විදිහට හිතන සහ වෙනස්වීම අගය කරන අය වේ. කවාකාරව පිහිටි ඇහිබැම: නායකත්ව හැකියාවන් ඇති මෙම අය ඕනෑම සිද්ධියකදි වඩාත් කල්පනාකාරිව සහ බුද්ධිමත්ව ක්‍රියාකරන අතර, නිතරම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. මෙම අය හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන අය වේ.

 

ටී. එම් කුලරත්න

මනෝවිද්‍යා උපදේශක සහ සහ ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.