ඔබයි විවාහයයි

සැප්තැම්බර් 24, 2021

මනුෂ්‍ය ජීවිතයේ ප්‍රධාන සංධිස්ථානයක් වන්නේ විවාහයයි. එය පුද්ගලයකුගේ දෙවන උපත යැයි සලකනු ලැබේ.

ජන්ම පත්‍රයක සත් වැන්නට අධිපතිකම දරණ ග්‍රහයාද, පුරුෂ කේන්ද්‍රයකක භාර්යාකාරකත්වය දරණ සිකුරුද, ස්ත්‍රී කේන්ද්‍රයක ස්වාමි භාරකාරත්වය දරණ අඟහරු ද ප්‍රධාන විවාහ කාරකයෝ වෙති. මේ හැර ලග්නය දෙවැන්න හා ත්‍රිකෝණාධිපති ග්‍රහයන් ද විවාහ කාරකයන් වශයෙන් හැඳින්විය හැකි ය.

මේ අතර කුජ හා සෙනසුරු විවාහය ප්‍රමාද කිරීමේද, කඩාකප්පල් කිරීමේද ග්‍රහයින් වශයෙන් සලකනු ලැබේ. කුජ හෝ සෙනසුරු හත්වැන්නේ වීම නිසා විවාහය ප්‍රමාද වේ. ග්‍රහලොව චන්ඩියා වශයෙන් හඳුන්වන කුජ විවාහ අපේක්ෂිත එක් අයෙකුගේ කේන්ද්‍රයේ 1, 2, 4, 7, 8, 12 යන ස්ථානවලින් එකක බලවත්ව සිටින විට අනෙක් කේන්ද්‍රයේද ඉන් එක් ස්ථානයක කුජ බලවත්ව සිටිය යුතු ය. එසේ නොවුණහොත් විවාහය අසාර්ථක වේ.

ලග්නයෙන් හෝ සඳු සිටින තැනින් අට වැන්නේ කුජ සිටීනම් එය අෂ්ටම දෝෂයයි. මෙය වැන්දඹු යෝගයක් ලෙස හැඳින් වේ. එහෙත් කුජ 2, 7, 8 යන ස්ථානවල සතුරුව හෝ නීචව යෙදී ඇත්නම් කුජ දෝෂය භංග වන බව දක්වා ඇත. අටවැන්නේ ශනි කුජ හා රවි උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීනම් නිසි කලට විවාහය සිදුවේ. කේන්ද්‍රයක බලවත්ම ග්‍රහයා විවාහ කාරකයා වන බැවින් විවාහයට කලවයස හරිනම්, එම ග්‍රහයාගේ දශා හා අතුරු දශාවලදී විවාහය සිදුවේ. දශාධිපති ගෝචර ගමනින් තමා මුලින් සිටි ස්ථානයට පැමිණි විටද විවාහය සිදුවේ. ගුරුගේ ශුභ දෘෂ්ටි වැටීමෙන් අරිටුදෝෂ භංගවන බව සඳහන් වේ. බුධ හා රාහුද බලවත්ව, යහපත්ව සිටිවිට දශා අන්තර්දශා කාලවලදී විවාහය සිදුවිය හැකිය. යම් ජන්ම පත්‍රයක හත් වැන්නේ රාහු හා සිකුරු සිටීනම් හදිසියේම වාගේ සෙවිල්ලක් බැලිල්ලක් නැතිව විවාහ සිදුවිය හැකි ය. අසනීප නිසා හෝ වෙනත් හේතූන් නිසා මෙවැනි විවාහ අසාර්ථක වේ. බුධ හත් වැන්නේ සිටී නම් බුද්ධිමත් කෙනෙකු සමඟ විවාහය සිදුවේ. මෙවැනි විවාහ සාර්ථක වේ. 7 අධිපතියා 7 වැන්නේම යෙදී ඇත්නම් දියුණු ගුණ යහපත් කෙනෙකු සමඟ විවාහය සිදුවේ. දෙදෙනා සැපෙන් සතුටින් ජීවත් වේ. එමෙන්ම 7 අධිපතියා 10 වැන්නේ සිටී නම් ඉතා හොඳ උසස් විවාහයක් සිදුවේ.

සඳු, සිකුරු, ගුරු, බුධ පාප පීඩිත නොවී හත් වැන්නේ සිටී නම් හොඳ විවාහයක් සිදුවේ. විවාහ අපේක්ෂිත දෙදෙනා එකම නැකැතක නමුත් පාද දෙකකද, පුුරුෂයා පළමුපාදයකද ඉපදී ඇත්නම් ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකි ය.

 

ඡ්‍යොතිෂවේදී

විමල් දුනුසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.