කොරෝනාවේ ඉදිරි ගමන සහ ඉන් මි‌දෙන ආකාරය

ඔක්තෝබර් 8, 2021

ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව් අකුරු 14 තවමත් ඒ් විදියටම තිබෙනවා තමයි. අකුරු ටික විතරක් නොවෙනස්ව පැවැතීම ගැන කවුරු හරි සතුටු වෙනවද දන්නේ නැහැ. මොකද අකුරු ටික හැරෙන්න ඉතිරි හැම ඒකක්ම දැනටමත් වෙනස් වෙලා නිසා. ඕනෑම රටක, සමාජයක හෝ ඕනෑම තැනක බොරුව හා හොරකම තිබුණොත් ඒක කවදාවත් දියුණු වන්නේ නැහැ. සමහර විට එහි සාරය උරා ගන්නා ලේ මාපිලන් වැනි අය සතුටු වුවත් ඒ ලෞකික වශයෙන් පමණක් බව හිතන්න ඕනෑ. ඒ බුක්ති විදීමේ සතුට ලෞකික වශයෙන් පමණක් බව හිතන්නේ බොහොම ටික දෙනයි‍‍.

ඒ පාප කර්මය අහෝසි කර්මයට නම් පත් වන්නේ නැහැමයි. චුන්ද සූකරී කථාව මතකනේ. එච්චර දුරට හිතන්න ඕන නැහැ. මේ දිනවල පවතින වසංගතයට අහුවෙලා, පෙනි පෙනී මරණයට පත්වන හැටි හිතනවනම් ඒත් ඇති. මේ කරුණු ඕනෑම ආගමකට, දර්ශනයකට පොදු කාරණයක් . කිසිම ආගම ධර්මයකට අයිති නැති ලෙස ජීවත් වන අයත් අනන්තවත් සිටින බව ඔබට මට සැකයක් නැහැ. අනුන්ට අයිති දෙයක් තමා ආහාරයට හෝ ප්‍රයොජනයට ගන්නව නම් ඊට අවශ්‍ය වන කරුණු කාරණා රාශියක් ගැන අපේ සැරියුත් මහරහතන් වහන්සේ සියලුම බුද්ධ පුත්‍රයින් වහන්සේලාට පවා අවබෝධ කරල දීල තිබෙනවා. කොරෝනාව අමුතුවෙන් පැමුණුන වසංගතයක් නොවේ. ගෝලීය විපර්යාස නිසා විශ්ව ග්‍රහ බලපෑම නිසාත් මෙම කරුණු කාලීනව බලපානවා. විශ්ව ශක්තිය, කාලීන වසංගත, සුළි සුලං, ජල ගැල්ම,ගිනි කඳු මඟින් රටේ මිනිසුන් කොටසක් නැති කරනවා. සාමාන්‍යයෙන් බොහෝ දුරට බුදු වදනට අනුව වනවා. මිනිසා කරන කියන හැම දෙයකටම හොඳ හෝ නරක ප්‍රතිඵල විපාක කර්ම හතරක් ඔස්සේ ලුහුබඳීනවා.

කිසිවකුටවත් අයිති නැති මළ මී කුණකින් පෙහොසත් වූ අය ගැන පුරාණ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා. ඒ වුණාට වර්තමානව පොදු මහජන මුදලින් කෝටිපතියන් වූ අය ගැනත් කියවෙනවා. අපි කියන කරන දේ අනුව විපාක දෙන නජජ්ජා වසලෝහෝතී, මනෝ පුබ්බංගමා ධම්මා මෙවැන් ගාථා අපේ දරුවන්ට දහම් පාසල් වලින් උගන්වනවා හරි අඩුයි. එහෙම වෙන්නේ අපේ සමහර බුද්ධ පුත්‍රයින් වහන්සේලාට දේශපාලනය කරන්න මිඩංගු කරන්න අවශ්‍ය නිසා ඒ ගාථා කියා දෙන්න කාලය නැතුව ඇති. විශ්වයේ කර්ම විපාක ගැනත් නිතරම වෙනස් වනග්‍රහ ශක්තීන් ගැනත් ලංකා කේන්දය ගැන අනුලෝමව, ප්‍රතිලෝමව කරුණු විමසලා 2019 වර්ෂයේ අග භාගයේ වසංගත රෝගයේ පැතිරීම ගැන අනාවැකි ලිව්වා‍. ඉන් බේරෙන මන්ත්‍රයකුත් කරන හැටිත් ලිව්වා. ඒසමගම දේශපාලන මරණ කීපයක් ගැනත් ලිව්වා. ඒවා නිවැරදි වුණා. ඊට පසු 2021 වසරේ අවශ්‍ය උපදෙස් නිගමන වරදින බවටත්, ඒවා පිළිපදින අයට වඩා නොපිළිපදින අය රටේ ප්‍රධාන භූමිකා රඟ පෑමක් ගැනත් ලිව්වා. එයත් නිවැරදි වුණා. අදටත් පවතින්නේ ඒ භුමිකාව රඟපෑම නොවේද? ඕනෑම රටක සෞඛ්‍ය හොඳ යහපත් තත්ත්වයක පවතින්න ඕන බව ඇත්ත. නමුත් රටක් දියුණු වන්න තව ගොඩක් දේවල් සම්පූර්ණ වන්න ඕනෑ. සෞඛ්‍ය විතරක් බලල අනිත් අවශ්‍යතා ගැන නොබැලුවොත් කොරෝනාවට වඩා දරුණු පිරිහීමක් ඇති වීම නැවැත්විය නොහැකි කරුණක් වනවා. ජ්‍යොතිෂයේ ග්‍රහ කිරණ ගැන සියුම්ව පරීක්ෂා කරන විට බුධ ග්‍රහයා බලවත් සේ නහර වියලන ස්වභාවයක් දරණ ග්‍රහ කිරණයක් බවත් සිකුරු ග්‍රහයා වසංගත වැනි රෝග පතුරුවන ග්‍රහ කිරණයක් බවත්, පුරාණ ජ්‍යොතිෂ පොත් වල සඳහන් වනවා. මේ බව කලින්ද පැහැදිලි කළා. අඟහරුවාත් පතුරුවන ග්‍රහයෙක් වුණාට සිකුරු වසංගත පතුරුවන්න දක්ෂයා. 2021 වර්ෂයේ නොවැම්බර්, දෙසැම්බර් මාසවල අපි හිතා ඉන්න විදිහට සතුටින් සනීපෙන් ඉන්න හිටින්න බැහැ.මොන විදිහකින් හෝ පිපිරීමක් ඇති වනවා‍. ඕිනෑම කේන්දරයක් දෙවැනි රාශිය හා හත් වැනි රාශිය වෙන වෙනම ගත් කල සුබ රාශීන් තමයි. ඒත් මේ රාශි දෙක එකට යෝග වීම මරණ කාරකයක් බව දන්නවානේ. එහෙනම් ලංකා කේන්දරයේ මෙම රාශි දෙක පරීක්ෂා කර බලමු. එහෙමනම් සිකුරු පතුරුවන්න දක්ෂ නිසා 7 වන රාශිය හිමි ධනු නැත්නම් බ්‍රහස්පති ගුරුහරුකම් දෙන බවත් එකිනෙකට එකක් නොගැලපෙන බව පැහැදිලියි. අනික 2021 සැප්තැම්බර් 14 මකර රාශියට සම්ප්‍රාප්ත වූ බ්‍රහස්පත් හතුරු බවත් මතකයේ තබා ගන්න ඕනෑ. ඒ සමග ඔක්තෝම්බර් 18 වැනිදා නිවෘත වීම ඊටත් වඩා නරකයි. විශේෂයෙන් මකර ලග්න ලාභීන්ට මාරකයක්. අනික කොරෝනාව මේ දිනවල පවතින්නේ අළුයට ගිනි වගේ.

අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය ‌ දෙය හිස ඔසවනවා. මට මතකයි කලින් මගේ ලිපියක ඔය වසංගත රෝග පූර්ව සහන ආරක්ෂක මන්ත්‍රයක් නාරසිංහය කියලා. ඒ නාරසිංහය මන්ත්‍රය අවසානයට ඕං ශ්‍රී හුං පට් ස්වාහං- ඕං නමං සිව සිවාය නමං කියලා අවසාන කරනවා. මතක ඇති මේක මතුරන්නේ තුන්පට කන්‍යා නූල් පොටට සෙනසුරාදා රාත්‍රියේ නින්දට ප්‍රථම, ඉරිදා අළුයම කථා නොකර බඳීනවා. මේ අත්හදා බලපු කෙම් මන්ත්‍රය. ගුරු මුෂ්ටිය නිසා බොහෝ දෙනකු දන්නේ නැහැ. ඕනෑම බෝවන රෝග නිවාරනයක් . පසුගිය දින වල කොරෝනාව වැළඳුණ අය නිවෙස් වලම නිරෝධායනය වුණා. සමහර අයට වැඩිපුර අසාධ්‍ය වෙලා රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ගත්තා. සමහරු මරණයටත් පත් වුණා. මේ අයට කරන නව පුංචි කෙම් ගුරු කමක්, ඔබට අවශ්‍ය නම් පමණක් කරන්න. වැඩිපුර රෝගය ආසාධනය වෙලා රෝහල් වල නේවාසිකව ඉන්න සිදුවුවහොත් හඬන කුඹුරු ඇට තුනක් ගෙන කලින් කිව් මන්ත්‍රය 54 හෝ 108 වරක් ඔබේ අල්ලේ තබාගෙන මතුරා සාක්කුවේ දමාගෙන යන්න. මේ කුඹුරු ඇට 3 ඔබව රෝහල් ගත කළත් මරණයෙන් මුදවාවි. හදිස්සියෙන් හෝ මේ කුඹුරු ඇට හැඬීම නැත්නම් සෙලවීම නැවතුණහොත් නැවත මතුරන්න වේවි. ඒ හැඬීම නැත්නම් සෙලවීම නවතින්නේ විෂ බීජය උරා ගත් නිසයි.

මේවා අප්‍රසිද්ධ පැරණි කෙම් ගුරුකම්.නොමිලේ කරන්න ඕනෑ. ඉතා වැදගත් සිංහල ප්‍රතිකාරයක්. ඔන්න අද තව කෙම් ක්‍රමයක් හඳුන්වා දුන්නා. කැමැති කෙනකුට පමණයි. සිංහල වෙදකම දීර්ඝකාලීන තමා රෝග කාරකයා මුලින්ම නැති කරනවා.අපි ලේසියට පෙති ගිලිනවා. පුංචි උදාහරණයක් තමයි ඔය බටහිර වෙදකමේ මදුමේහය, කොලෙස්ටරෝල් වලට ගන්න බෙහෙත් තාවකාලිකයි. බෙහෙත් බීම නවත්තපු දිනයට රෝගය යළි හිස ඔසවනවා. සිංහල වෙදකම එහෙම නැහැ. කොරෝනා විෂ බීජයට මේ වගේ අසනීප තිබීම භයානකයි. පැතිරී යන ඕනෑම රෝගයක් ඒ පැතිරවීම නවත්වාගතහොත් එච්චරයි. අනිත් රෝග වගේ ලුහු බඳීන්නේ නැහැ.කොරෝනා පමණක් නොවේ ඕනෑම රෝගයකින් ආරක්ෂා වී නිරෝගිමත් සමාජයක් හදමු.

 

පාරම්පරික ඡ්‍යොතිර්වේදී /

ගුප්ත ශාස්ත්‍රඥ

සම්මාන – සහතික ලාභි

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.