රහස් ගතිගුණ කියන නාසයේ චමත්කාර සිත්තම්

නොවැම්බර් 19, 2021

සුබ ඵල ගෙනෙන ළයාන්විත පිහිටීමක් ඇත්තේ වරා මලක පොහොට්ටුවක හැඩය ගත් නාසයක් ඇය සතුවී ඇත්නම් පමණි. මෙවන් ස්ත්‍රියක ක්‍රමවත් ලෙස පිළිවෙළකට ජීවිතය හැඩගස්වා ගැනීමට සමත්කම් දක්වයි.

සුන්දර කාන්තාවන් තමන්ගේ ජීවිතයේ අවසන් අර්ධයේදී ඉතාමත් සැපවත් දිවි පෙවෙතකට හිමිකම් කියන්නේ ද, බොහොම ධන ධාන්‍ය ලබන්නේ ද තම පවුල් සංස්ථාවේ ශි‍්‍රයාකාන්තාව ලෙස ඇය බබළන්නේ ද, එසේ නම් ඇතකුගේ සොඬයක හැඩය උකහා ගත් නාසයේ හැඩය චමත්කාරව දිස් වන්නේ නම් එයද ඇය කරකාර බඳිනා සහකාරයා ද පියවරෙන් පියවර කීර්ති ප්‍රශංසා වගේම යසස ද ලබන බව කිව යුතුය.

එසේම තවත් සුබ ඵල ගෙනෙන ළයාන්විත පිහිටීමක් ඇත්තේ වරා මලක පොහොට්ටුවක හැඩය ගත් නාසයක් ඇය සතුවී ඇත්නම් පමණි. මෙවන් ස්ත්‍රියකට ක්‍රමවත් පිළිවෙළකට ජීවිතය හැඩගස්වා ගැනීමට සමත්කම් දක්වයි. එවැනි කාන්තාවන්ට කිසිම දිනක ධනයෙන් අඩුවක් නැත. සැප සම්පතින්ද සපිරිණු පිහිටීමකි.

ලතාවකට හැඩ ගැන්වුණු නාසයක්

ලතාවකට හැඩ ගැන්වුණු නාසයක් ඇති ස්ත්‍රියකගේ දියුණුවේ අත්තිවාරම ක්‍රම ක්‍රමයෙන් ඇය විසින්ම සලසා ගනු ලබයි. කොටින්ම කියතොත් ඇය සැමියාට රසින් පිරුණු මංජුසාවකි. ඇය පුරුෂයන් සෙවීමට මහන්සි නොගනී. පතිවත රකී. වාසනා ගුණ යහපත් දූ දරුවන් ලැබීමට ද ඇය වාසනාවන්ත වේ. ඇය නිතරම සිටින්නේ ජයග්‍රහණය නැතහොත් ජය කණුව ළඟයි.

වරා මලක පොහොට්ටුවේ හැඩය ගත් නාසයක්

එලෙස වරා මලක පොහොට්ටුවේ හැඩය ගත් නාසයක් හිමි තැනැත්තිය සිය පතිවත මැණිකක් රකිනා නා රජකු මෙන් රකී. වාසනා ගුණ යහපත් දූ දරුවන් ලැබීමට ද ඇය වාසනාවන්ත වේ. සැමියාට එක සිතින්ම හිතවත්භාවය දක්වයි.

ඇය ඉතාමත් ක්‍රියාශීලිව කටයුතු කරන තැනැත්තියකි. තම ජීවිතය පිළිබඳව පුදුමාකාර අවබෝධයකින් යුක්තව කටයුතු කිරීමට සමත්කමක් ද දක්වයි. ඇගේ ගති ලක්ෂණ අනුව කාමුක ස්වරූපයක් ගත්ත ද, අධම ගති සිරිත් තම ජීවිතයෙන් බැහැර කරයි.

දිගටි හැඩයෙන් යුත් සිහින් නාසයක්

දිගටි හැඩයෙන් යුත් සිහින් නාසයක් ඇති ස්ත්‍රියකගේ කිසියම් විධියේ යහපත් ලක්ෂණයක් නැත.ඇය වෛශ්‍යා ස්ත්‍රියක් සේ දුටුවන් සතපවයි. එපමණක් නාව සන්තර්පණයට පොලඹවයි. ඇය ජීවිත කාලය තුළ රහසින් හෝ පස් පව්වලින් බරව කටයුතු කිරීමට පෙළඹේ. එපමණක් නොව කාමාශාවෙන් පිරුණු මෙවන් ස්ත්‍රීන් අධික ලෙස කාමසුඛල්ලිකානු යෝගීව හැසිරීමට සමත්කම් දක්වයි.

සිය ජීවිතයේ නොමැති කොටින්ම ඇයට අවශ්‍ය වන්නේ ද එයයි. කිසිම පැකිලීමක් නැතිව වරදේ බැඳෙන්නට තරම් ඇය සමත් වෙයි. රහසේ තම කටයුතු ඉටු කර ගැනීමට සමත්කම් දක්වයි. කපුටු බඩගින්න මෙන් ඇගේ රාගයේ ගින්න නිමක් නැත. නොයෙක් සමත්කම් දක්වයි. ඇයගේ යුග දිවියේ සැනසීමක් කිසිදු විටෙක නොබලන්නට තරම් ඇය අවාසනාවන්තය. කිහිප වරක් සරණ බන්ධනයට ඇතුළු වුවත් ඇය කිසිම සැනසීමක් ලබන්නට තරම් සමත් නොවේ. කොටින්ම කිව හොත් මැය විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන තැනැත්තියකගේ ලක්ෂණ ගනී.

හුරුබුහුටි නාසය

යම්කිසි කාන්තාවකගේ ජීවිතය ඉතාමත් පිරිපුන් බවකින් හැඩ වන්නේද ඇයගේ නාසයද හුරුබුහුටිය. එසේම කලාත්මක ස්වරූපයක් හඟවයි. මැය ඉතාමත් වාසනාවන්ත තැනැත්තියකි. තල මලක දිස්වෙන චමත්කාර බව මෙවන් වාසනාවන්ත ස්ත්‍රියකගෙන් ප්‍රදර්ශනය වේ. සමහර ස්ත්‍රීන්ගේ නාසයේ අග කොටස පමණට වඩා මහත් බවක් දක්වයි.

නාසයේ මධ්‍ය කොටස සමහර විට එබී ගිය ස්වරූපයක් නම් මෙය විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ මේ පිහිටීම ඉතාමත් අසුබ ලක්ෂණයක් බවයි. තවත් අතකට බලන විට සුබ ඵල හීන කරන ලක්ෂණ නාසයෙන් දක්නට ඇත. නාසයේ මැද ඉරක හැඩය දිස් වන්නේ නම් එය ද සුබ ඵල හීන කරන අසුබවාදී ලක්ෂණයකි. පුරුෂයන් ඉක්මනට වසඟයට ගන්නා තැනැත්තියගේ අග කොටස උඩට නෙරා ගොස් ඇත. එසේම අර්ධ කවාකාර හැඩයක් ගනී. මෙවන් තැනැත්තියන් පුුරුෂයන් රාග ගින්නට හසු කර ගනී. එසේද ඔවුන් අසහනයට මෙන්ම දැඩි පීඩනයට ද පොලඹවමින් තම තෘප්තියට නතු කර ගනී. සමහර කාන්තාවන් යහපත් ඇසුරකට සුදුසු නොවන්නේ තැන්පත් කෙනකුගේ ගති ලක්ෂණ ඔවුන් සතු නොවන නිසාය. මොවුන් ඔබ දැක තිබේදැයි මතක් කර ගන්න. මෙවැනි තැනැත්තියන් නාසය ගස්සයි. සෙලවෙන ස්වරූපයක් ගනී. ඔබට ඔවුන් හමුවී තිබේ නම් පරෙස්සම් වන්න. ඔවුන් ඇසුරට සුදුසු නොවේ.

කෙටි නාසය ඇති තැනැත්තිය

ඉතාම පහසුවෙන් වරදේ බැඳෙන ස්ත්‍රීන් ඔබ දැක ඇතුවාට සැකයක් නැත. ඔවුන් ගැන විග්‍රහ කරතොත් ඔවුන් තුළ මෝඩකම් ඉහවහා ගොස් ඇත. එසේම බුද්ධිය පලා ගොස් ඇත. අනුවණ කමින් කටයුතු ඉටුකර ගැනීමට පෙලඹේ. මෙවන් ගති ලක්ෂණ ඇති තැනැත්තියගේ ඇත්තේ ඉතා කෙටි නාසයකි. පළල් වූ නාසය ඉතාමත් සරාගී බවක් දක්වන ස්ත්‍රීන්ගේ නාසය පිහි තුඩක උල් පිහියක ආකාරයක් දක්වයි. ඉතාමත් සූක්ෂ්ම අන්දමින් කම්සැප ලබා දෙන පිරිමි මෙවන් ස්ත්‍රීන්ට හමුවේ. එවිට ඔවුන් මෝහනය කර ගැනීමට ස්ත්‍රීහු දක්ෂ වෙති.

කලාත්මක නාසයක් හිමි කත

සමහර ස්ත්‍රීන් සුරදූතිකාවන්ගේ ස්වරූපයක් ගනී. ඇය දෙවඟනක් සේ දිස්වේ. ඔබටත් කලාත්මක නාසයක් ඇත්නම් ඔබ ද සුරඟනකි. එසේම සුරදූතියෙකි. ලෝකයේ අග්‍රගණ්‍යයේ සුන්දර පිරිමි ලැබීමට තරම් මෙම ස්ත්‍රීන් වාසනාවන්ත වෙයි.

උස්වූ කවාකාර

නාසය හිමි කත

සමහර ස්ත්‍රීන් හරිම සංවේදී බවක් දක්වයි. යහපත් ගතිගුණ පිහිටයි. බුද්ධිමත්ව කටයුතු කරයි. චාම් දිවිය උසස් ලෙස හැසිරීමට මෙන්ම පිළිගැනීමට ද ලක්වේ. එවන් ස්ත්‍රීන්ගේ නාසය උස්වූ තරමක් කවාකාර හැඩයකට හිමිකම් කියන්නේය.

කුල්ලක හැඩය ගත්

නාසය හිමි කත

සමහර ස්ත්‍රීන් හරිම දුප්පත්ය. එසේම දිළිඳු වී උපදී. නොයෙක් තැන්වල මෙහෙකාරකමට පත්වේ. ඔබ හොඳින් ඇය දිහා බලන්න. කුලු නැටුමකට දිස්වන කුල්ලක හැඩය ගන්නා ඇයගේ වැන්දඹු ගති ලක්ෂණ පහළ කරයි.

මාල ගිරා හැඩය ඇති නාසය හිමි කත

සමහර ස්ත්‍රීන්ගේ නාසය මාල ගිරවෙකුගේ හැඩය ගනී. ඔබ ඔබ ගැනම තක්සේරුවක් කර බලන්න. මේ අයුරින් ඔබේ ගතිගුණ ඇති වාසනා මහිමය උරගා බලන්න. සියල්ල ජයගනී. තවද ඔබ ඔබේ සිතින් මැන බලන්න. එවිට ඔබ සිටිනා තැන ඔබේ ගති ලක්ෂණ කණ්ණාඩියෙන් පෙනෙන රුව මෙන් මතකයේ සටහන් වෙනු ඇත.

දේශමාන්‍ය දේශබන්ධු

ජාත්‍යන්තර ඡ්‍යොතිෂ විද්‍යා විශාරද

මහාචාර්ය හේමපාල පතිරණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.