නැකැත් චාරිත්‍ර නොසලකන නවීන මංගල උත්සව

දෙසැම්බර් 17, 2021

මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංදිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය, හා මරණය හෙවත් මනුෂ්‍යාගේ විපතයි.

මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. පෙරුම් පුරා වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන විවාහය, එසේත් නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩ ඉම, සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාගය විවාහයයි. අපට අවශ්‍ය ලෙස කළ යුතු, ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන විවාහය, නමුත් අප පාලනය නොකරන එකම සාධකය ද විවාහයයි. මා එසේ පවසන්නේ ඇයි ? එයට හේතු රාශියක් ඇත. එම හේතු මොනවාද ? අපේම විවාහය අපට අවශ්‍ය ලෙස පැවැත්විය නොහැකිද? මෙම ලිපිය මඟින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එම කාලීන මාතෘකාවයි. ඡ්‍යොතිෂය විවාහය තුළදී අත්‍යවශ්‍ය සාධකයකි. විවාහයේ මුල සිට අගටම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ සහාය ලබා ගැනීම පුරාණයේ සිට අද දක්වාම ලාංකික සමාජයේ පැවත එන සාම්ප්‍රදායික චාරිත්‍රයකි. එසේ නම් ඒ උතුම් වටිනා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය නිවැරදිව අප විවාහය තුළට යොදා ගත යුතු නොවේද? එවිට විවාහයේ ගැටලු බොහෝ දුරට අඩු වනු ඇත. නමුත් වර්තමාන විවාහ මංගල උත්සව වලදී අප ඡ්‍යොතිෂවේදීන් ලෙස දැක ඇති අඩුපාඩු රාශියකි. විවාහ පොරොන්දම් බැලීමේ සිට විවාහ උත්සවය අවසානය තෙක්ම මෙම අඩුපාඩු රාශියම දැක ගත හැකිය. සමහර දෙමාපියන් මෙන්ම යුවතිපතියන්ද පොරොන්දම් පවා බලන්නේ තමාට අවශ්‍ය නිසා නොව අන් අයගේ අවශ්‍යතාව මතය. සමහරුන්ට ඒ ගැන විශ්වාසයක් නැත. තවත් අයට ඒ ගැන අවබෝධයක් නැත. තවත් කෙනෙක් ඒවා ගණන් නොගනී. ජීවිතයේ වැදගත්ම මෙන්ම වටිනාම අවස්ථාව වන විවාහ මංගල උත්සවය වර්තමාන සමාජයේ අදාළ විවාහක යුවළගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ පාලනයෙන් තොර වූවක් බවට පත් වී ඇත. එයට හේතුව වන්නේද ඔවුන්ගේ නොදැනුවත් කමයි. අද විවාහය සිදු වන්නේ හෝටලයේ දින ඉතිරි වී ඇති ආකාරය, රූපලාවන්‍ය ශිල්පීන්ගේ අවශ්‍යතා ඥාාතීන්, යාළුවන්, හිතවතුන්ට සහභාගී විය හැකි දින, සේවා ස්ථානයේ නිවාඩු ගත හැකි දින, විවාහයට ආහාර සපයන්නන්ගේ ඉතිරි හා ඔවුන්ට අවශය, හැකි දින, ඡයාරූපකරණයේ නියුතු කැමරාකරුගේ අවශ්‍යතා වැනි බාහිර පුද්ගලයන්ගේ අවශ්‍යතා මතය. මංගල උත්සවයේදී කැමරාකරුගේ අණට යුවලට අවනත වීමට සිදුවන අවස්ථා බහුලව දැක ගත හැකිය. විටක මනාල යුවල රංගන ශිල්පීන්ටත් වඩා දක්ෂ විය යුතුය. සමහර අවස්ථා ටෙලි නාට්‍ය රූගත කිරීම් වැනිය. නමුත් මේ කෙසේ වුවත් අවසානයේ ඡයාරූප ඇල්බම් ස්ටුඩියෝ වල ගොඩ ගැසී ඇත.

විවාහ මංගල උත්සව සඳහා නැකැත් සෑදීමට අප වෙත පැමිණෙන සේවා දායකයින් කරනු ලබන ප්‍රකාශ නිසාද අපද විටෙක අපහසුතාවයට පත්වන අවස්ථාද ඇත. කෙනෙක් මට අසවල් දිනේදී නැකැත් සාදා දෙන ලෙස පවසන අතර තවත් විටෙක අපේ අසවල් ඥාාතියා, මිතුරා පැමිණෙන්නේ මෙම දිනයට බැවින් එයට අදාලව නැකැත් සාදා දෙන ලෙසද පවසයි.

නමුත් කිසිදු අවස්ථාවක එසේ හදිස්සියේ ක්ෂණිකව ඵලදායි නැකැතක් සෑදිය නොහැකිය. උගත් අවංක ඡ්‍යොතිෂවේදියා කිසි විටක එසේ දඩි ඛිඩි නැකැත් නොසාදයි. නමුත් සමහර

ඡ්‍යොතිෂවේදීන් පෙරැත්ත නිසාම එසේ සේවාදායකයාගේ අවශ්‍යතාවය සපුරණ අවස්ථාද ඇත.

නමුත් එවැනි නැකැත් වල කිසිදු ඵලදායිතාවයක් නම් නැත. අද උසාවි වල දික්කසාද පෝලිම දික් ගැසී ඇත්තේ මේ නිසාවෙනි. විවාහයකට යුවලකට නැකැත් සෑදීම ඉතාම භාරදූර කාර්්‍යයකි.

දෙදෙනාගේම උපන් නැකැතට ගැළපෙන දිනයක් සොයා ගැනීම මෙන්ම ඊට අදාල තවත් කටයුතු රාශියක් නිසා නැකැතක් ගැනීම ඉතාම භාරදූර කටයුත්තකි. එය කල්වේලා ඇතිව ජ්‍යොතිශානූකූලව සිදුකිරීම තුළින් ඉහත ගැටලු බොහෝ දුරට විසඳා ගත හැකිය. නමුත් අද විවාහයේදී සාම්ප්‍රදායික නැකැත් චාරිත්‍රයට මුල් තැන දෙනවා වෙනුවට පුහු බාහිර සෝබන කටයුතු වලට මූලිකත්වය දී ඇත. නැකැත හාස්‍යට ලක් වී බාහිර ආටෝප සාටෝප ඉදිරියට පැමිණ ඇත. මධුවිත, සත්ව මාංශ කන් ඛිහිරි කරවන සංගීත නාද වැනි දේ විවාහ සතුට උදුරාගෙන ඇත. විවාහයේ පරමාර්ථයන් පලා ගොස් ඇත. අවසානයේ මනාල යුවල අනාගත ණය කාරයන් බවට පත්වී ඇත. මනාලිය නිවසින් පිටවීම, මනාලයා නිවසින් පිටවීම, පෝරුවේ චාරිත්‍ර, දෙවන දිනයේ යුවල නිවසට පැමිණීම වැනි ඉතාම වැදගත් කටයුතු වලට අදාල නැකැත් අද විවාහ උත්සව වල

ඉටු නොවන තරම්ය. මනාලිය නිවසින් පිටවීමට රූපලාවන්‍ය හරස් වී ඇත. මනාලිය නිවසින් පිටවීම, මනාලයා නිවසින් පිටවීමට ඡයාරූපකරණය හරස් වී ඇත. පෝරුවේ චාරිත්‍රවලදී අවශය අෂ්ටක නොකිවන තරම්ය. එයට කාලය හරස් වී ඇත. එම කාලය ඡයාරූපකරණයට ගත වී හමාරය. රූපලාවන්‍ය කටයුතු, ඡයාරූපකරණය, සංගීතය, වැනි දෑ අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණක් යොදා ගත යුතුය. ඡයාරූප, රූපලාවන්‍ය නිසා විවාහය නොව විවාහය සදහා ඡයාරූප, රූපලාව්‍ය විය යුතුය. මනාල යුවල දෙවන දින නිවසට පැමිණෙන්නේ ඉර අවරට ගියාට පසුවය.

ඉතින් ඉර අවරට ගිය පසු සුබ නැකැත් කොහින්ද? විවාහයේ මූලිකම පරමාර්ථය සමාජයට යහපත් නිරෝගී දරු පරපුරක් ඛිහි කිරීමයි. ඒ සදහා මනාල යුවලගේ ප්‍රථම එක් වීම සඳහා ඊට අදාල සුබ නැකැතක් විය යුතුය. නමුත් අද ඒ සදහා නැකැත් නොසාදන තරම්ය. මනාල යුවළද දින ගණනක චාරිකාවකින් පසු සිටින්නේද විඩා බර ගතකින් හා මනසකිනි. එවැනි අවස්ථාවක නිරෝගි දරුවකු ඛිහි විය නොහැකිය.සියලු දෙනා මෙසේ නොවුනත් බහුතරය මෙසේ හෙයින් මෙවැනි ලිපියක් ලිවීමට සිත් විය. එසේ නම් ඔබගේ ජීවිතයේ වැදගත්ම සංදිස්ථානයක් වන විවාහ මංගල උත්සවය අනුන්ට වුවමනා ලෙස නොව තමුන්ට උවමනා ලෙස චාම්ව නමුත් වැදගත්ව සුබ නැකැතට මුල්තැන දෙමින් ඡ්‍යොතිශානුකූලව පැවැත්වීමට ඔබත් උත්සාහ කරන්නේ නම් ඉතා අගනේය. එවිට එය අනුන්ගේ වූ තමුන්ගේ විවාහය ක් නොවනු ඇත. එය තමුන්ගේම සුබම සුබ විවාහයක් වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.