පූර්ණ චන්ද්‍රග්‍රහණය...

මැයි 6, 2022

 චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණ ඒක රේඛීය වීමෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයාමතට වැටීමෙන් ඇතිවන සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳීන්වේ. චන්ද්‍ර ග්‍රහණයක් සිදු වන්නේ පුර පසළොස්වක දිනයකදීය. ඒ අනුව මැයි 16 දින සිදු වන චන්ද්‍රග්‍රහණයේ දී සඳ රළු රතු පැහැයට හැරේ. මෙය ”ලේ සඳ” ලෙස හැඳීන්වේ.

චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා රතු පැහැයෙන් දිස්වීමට හේතුව පෘථිවියේ වායුගෝලයයි. පෘථිවිය සතුව වායුගෝලයක් නොපැවතියේ නම් චන්ද්‍රයා සම්පුර්ණයෙන් නොපෙනී යනු ඇත. චන්ද්‍රග්‍රහණයක් ඇති විටෙක දී ගර්භනී කාන්තාවන් චන්ද්‍රග්‍රහණ දිනයේ පිටතට යාමෙන් වැළකී සිටිය යුතු බවටත් මෙදින අනවශ්‍ය ලෙස විනෝදවීම නොකළ යුතු බවටත් ජලය ආශ්‍රිත විපත් සුලබ වීමට ඉඩකඩ ඇතිබවටත් එබැවින් නිවෙසට වී ආගමානුකූලව කටයුතු කිරීම සුදුසු බවත් ජ්‍යොතිෂශාස්ත්‍රයේ සඳහන් වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.