ගැටලුවකට විසඳුම සියදිවි හානිකර ගැනීම ද?

මැයි 20, 2022

ජීවිතයට පැමිණෙන නොයෙකුත් ගැටලු, බාධක හා අභියෝග ආදියට මුහුණ දෙමින් ස්වකීය ඉලක්ක ජයගැනීමේ අධිෂ්ඨානයෙන් ජීවත් වීම සාමාන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවයයි. එකී මනුෂ්‍ය ප්‍රජාව තුළ අනේකවිධ ජීවන අරගලයන්ට මුහුණ දෙමින් ජීවිතය ඉතා හරවත් අයුරින් ගත කරන්නට සමත් වන්නන් බහුතරයක් වන අතර පදනම් විරහිතව අකාලයේ ජීවිතයෙන් සමුගන්නා පිරිසක් ද සිටින වග එදිනෙදා සමාජ මාධ්‍ය වාර්තාවන් ඔස්සේ පැහැදිලිවම සනාථ වේ. කෙසේ නමුත් ලෝකයේ ඕනෑම රටක සියදිවි හානි කරගැනීමේ සිදුවීම් වාර්තා වන නමුත් ලොව සියලු රටවල් අභිබවමින් ප්‍රමාණාත්මක වශයෙන් සියදිවි හානි කරගැනීම් අති විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තා වන බවට 2020 වසරේ නවතම පර්යේෂණ දත්තයන් මඟිින් ද තහවුරු වී තිබීම කණගාටුදායක තත්ත්වයකි. වක්‍රාකාරව එමඟින් ගම්‍ය වන්නේ ශ්‍රී ලාංකිකයන් බහුතරයකගේ මානසික සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බවයි. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සිය දිවි හානි කරගැනීමේ සිදුවීම් පිළිබඳ සලකා බැලීමේදී ඒ සඳහා පෙළඹෙන බහුතරයක් වයස අවුරුදු 30 ට අඩු තරුණ වියේ පසු වන පිරිමින් වන අතර ඉන් බොහොමයක් වයස අවුරුදු 15ත් 24ත් අතර පසුවන්නන් බව සඳහන් වේ.

ප්‍රබලව බලපාන හේතු

ඕනෑම මනුෂ්‍යයකු සියදිවි හානි කරගැනීමට අදහස් කිරීම (ඉභඪජඪඤචත ධ්ඤඥචබඪධද) උදෙසා හේතු සාධක බොහොමයක් බලපෑ හැකිය. ඒ සියල්ල පාරිසරික (ඡ්දමඪපධදථඥදබචත), මනෝවිද්‍යානුකූල (ර්‍ථඵරජඩධතධඨඪජචත), සමාජීය (ඉධජඪධතධඨඪජචත) සහ ජීවවිද්‍යානුකූල (ඕඪධතධඨඪජචත) ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකිය. ලිංගිකත්වය හා සම්බන්ධ ගැටලු ආදී අනේකවිධ ගැටලු හේතුවෙන් අධික ලෙස පීඩනයන්ට පත්ව ගැටලුවෙන් මිදීමේ මගක් ලෙස දිවි හානි කරගැනීමට යොමුවන පිරිස ද බොහෝ වෙති.

ඉවසීම හා දරාගැනීම ප්‍රගුණ කිරීමේ වටිනාකම

මිනිසාගේ සියදිවි හානි කරගැනීමේ චර්යාව (ඉභඪජඪඤචත ඕඥඩචමඪධප) සමාජයෙන් තුරන් කිරීම අරබයා අධ්‍යාපන ක්‍රමවේදයේ ද යම් යම් වෙනස්කම් ඇති කළ යුතුව ඇත. මන්ද, මෑතකාලීන අධ්‍යාපන ක්‍රමය අධික තරගකාරිත්වයකින් යුතු වන්නා සේම ග්‍රන්ථ මූලික නමුත් පුද්ගල හැකියා සංවර්ධනය කිරීමෙහි ලා අවධානය යොමු කොට නොමැති බැවිනි.

විශේෂයෙන් දරාගැනීමේ හැකියාව, නිවැරැදිව තීරණ ගැනීමේ හැකියාව, විවෘත සන්නිවේදනය ආදී බොහොමයක් අත්‍යවශ්‍ය පුද්ගල හැකියා අධ්‍යාපන ක්‍රමවේදයේ අන්තර්ගත වන්නේ නම්, පවතින ශෝකජනක තත්ත්වයෙන් මිදී සමාජයට හිතකර ප්‍රජාවක් සමාජගත වීම නිතැතින්ම සිදුවනු ඇත.

සමාජ මාධ්‍ය මඟින් කෙරෙන බලපෑම

පුද්ගල ජීවිත හැඩගැස්වීමෙහි ලා විශාල කාර්යභාරයක් සමාජ මාධ්‍ය වෙත පැවරී ඇති බැවින්, සමාජ සුබසිද්ධිය උදෙසා හරවත් අයුරින් මාධ්‍ය හැසිරවීමට අදාළ නිලධාරීන් වගකීමෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එනම් හරසුන් වැඩසටහන් ඉදිරිපත් කරනු වෙනුවට, ජීවිතයේ මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් හමුවේ, ධෛර්සම්පන්නව කටයුතු කරන ආකාරය හා ප්‍රශ්නවලින් පලා නොගොස් නිවැරැදිව ප්‍රශ්න විසඳාගන්නා ආකාරය ආදී හරවත් දෑ ඇතුළත් ප්‍රායෝගික වැඩසටහන් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අති විශාල සමාජ සත්කාරයක් සිදුවන්නා සේම, නිරෝගී මානසික තත්ත්වයෙන් යුත් සමාජයක් ගොඩනැඟීම උදෙසා එය මහත් රුකුලක් වනු ඇත.

ක්ෂණික තීරණ

පවත්නා සමාජයේ බොහොමයක් තරුණ පිරිස සංස්කෘතිකමය රීතීන් හමුවේ දැඩි අපහසුතාවන්ට පත්වී පීඩාකාරීව ජීවත් වන බව පෙනෙන්නට ඇති අතර බොහොමයක් වැඩිහිටියන්ගේ අනිසි බලපෑම් ආදිය තරුණ තරුණියන්ගේ ක්ෂණික තීරණ හා ස්වයං පාලනයෙන් තොර හැසිරීම් රටාවන්ට ඍජුවම බලපාන බවද කිව යුතුය. විශේෂයෙන් නව යොවුන් වියේ පසු වන්නන්ගේ ප්‍රෙම් සබඳතා පිළිබඳ කටයුතු කිරීමේදී මාපියන් හෝ අනෙකුත් වැඩිහිටියන් ඉතා බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කිරීම අනිවාර්ය වේ. මන්ද, ප්‍රේම සබඳතා මූලික කොටගෙන එල්ල වන බලපෑම් හමුවේ තරුණ තරුණියන් ඉතා සංවේදීව ක්‍රියා කරන අතර බොහොමයක් තරුණ පිරිස සිය වටිනා ජීවිතවලින් වන්දි ගෙවීමට මෙය හේතුවක් වී ඇති බැවිනි.

මත්ද්‍රව්‍යවල බලපෑම

වත්මන් සමාජය තුළ බොහොමයක් තරුණ පිරිස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම ඉතා ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතින අතර තරුණ ජීවිත අකාලයේ විනාශ වීම කෙරෙහි මෙය ද හේතුවක් ලෙස දැක්විය හැකිය.

එනම් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම ඔස්සේ ඇති වන අතුරු ප්‍රතිඵල වන සමාජයේ අගෞරවයට පාත්‍ර වීම, මුදල් පරිහානිය, පවුල තුළ ඇති වන ගැටලු, සෞඛ්‍යමය ගැටලු, අධික ලෙස මතට ඇබ්බැහි වීම නිසා ඇති වන මානසික ව්‍යාකූලතා මෙන්ම, දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා ඇතිවන මානසික වියවුල් බව සියදිවි නසා ගැනීම දක්වා දුරදිග යා හැකිය.

මානසික රෝග

ඇතැම් මානසික රෝගී තත්ත්වයන්හි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් සියදිවි හානි කරගන්නා බව ද සත්‍යයකි. පුද්ගල මනෝ භාවයන් (ර්ධධඤඵ) මූලිකව ඇතිවන විෂාදය (ච්ඥනපඥඵඵඪධද) ලාංකීය ජන සමාජයේ බහුල වශයෙන් ව්‍යාප්තව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව තහවුරු වන්නා සේම සියදිවි නසාගැනීමේ පුද්ගල සංඛ්‍යාව වැඩි වීම කෙරෙහි මෙකී රෝගී තත්ත්වය ද යම් ආකාරයකින් බලපාන බව ඒ ඔස්සේ පැහැදිලි වේ. මෙහිදී මානසික සෞඛ්‍යය නඟා සිටුවීමෙහි ලා විශාල සමාජ වගකීමක් අදාළ වෘත්තීය නිලධාරීන් වෙත පැවරෙන අතර මනෝ වෛද්‍ය සේවය (ර්‍ථඵරජඩඪචබපර) මෙන්ම මනෝ උපදේශන සේවය ද (ඛ්ධභදඵඥතතඪදඨ) රට තුළ නිසි ලෙස ස්ථාපිත කිරීමට යුහුසුළුව කටයුතු කරන්නේ නම් එය මුළු මහත් සමාජයටම හිතකර වනු නොඅනුමානය.

ඒ.සී.එස් නවීලා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.