ජූනි 12දා සිකුරු යුරේනස් දැවැන්ත සංග්‍රාමයක

සිකුරු යුරේනස් සංග්‍රාමයෙන් යුරේනස් සිංහාසන ගත වෙයි
ජුනි 3, 2022

 

උත්තරායනය, ගී‍්‍රෂ්ම ඍතුවෙහි වෘෂභ රවි 29 භාග පොසොන් මස පුර එකොළොස්වක තිථියලත් ජුනි මස 12 වෙනි රිවිදින අලුයම 04.28ට රසකාමි සිකුරු ඉන්ද්‍ර හෙවත් යුරේනස් සමඟ ග්‍රහ සටනෙන් යුරේනස් “විජයග්‍රහණය” කරන්නේය.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි උදා රාශිය සිකුරු හිමි වෘෂභ වෙන අතර රවි සතුරුව ඤාණකාරක බුධ වක්‍රව මිත්‍රව ද චන්ද්‍ර සමව සතුරුව 06 වැන්න වූ රෝග සතුරු ස්ථානගතව ද ප්ලූටෝ වක්‍රව සතුරුව 09 වැන්න වූ භාග්‍යස්ථානගතව ද සෙනසුරු වක්‍රව ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව 10 වැන්න වූ කර්මස්ථානගතව ද කුජ මිත්‍රව ගුරු ස්වක්ෂේත්‍රව නැප්චූන් ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව ද අයස්ථානය වූ 11 වැන්නේ ද රාහු සතුරුව සිකුරු සමව යුරේනස් සමව 12 වැන්නවූ වැයස්ථානගතව තැම්පත්ව යෙදී ඇත. මෙකී විපරීත ග්‍රහචාරය විශ්වතාරකා මන්දාකිණියෙහි යුගකාලීන තත්ත්වය අහිතකර බවක් ද නිර්මාණය වෙමින් පවතිනු ලබයි.

ඉන්ද්‍ර හෙවත් යුරේනස් 1781 මාර්තු 13 දින රාත්‍රිය දුර දක්නා තාරකා වූ විලියම් හර්ෂල් අහස නරඹමින් සිටි අවස්ථාවක සොයා ගන්නා ලද අතිශය වැදගත් ග්‍රහතාරකවකි. කාර්මික ක්ෂේත්‍රයට ඉතා වැදගත් හිතකර ග්‍රහ තාරකාවක් වන බැවින් දියුණු උගත් රාජ්‍ය තාන්ත්‍රිකයනට සුවිශේෂී වූ බලයක් මෙමඟින් හිමිවේ.

සූර්යයා කෙරෙන් සැතපුම් දශලක්ෂ ගණනක දුරක පිහිටි යුරේනස් හි විශ්කම්භය සැතපුම් 31570කි. එක් පරිභ්‍රමණ වටයක් සඳහා පෘථිවියට වර්ෂ 84ට ආශි‍්‍රත කාලයක් ගතවෙනු ලබයි.

සිකුරු, යුරේනස් සංග්‍රාමයෙන් යුරේනස් ජය ගැනීම යම් ආකාරයක සමාජීය විපර්යාසයක් සිදුවන කාලවකවානුවක් බව නොකියා බැරිය. විශේෂයෙන් ආර්ථික අස්ථාවරත්වය, සමාජීය ගුණධර්ම පිරිහීම, සිවිල් ජනතාව මහමඟට බැස රණ්ඩු දබර කරවීම මෙහිදී දක්නට ලැබේ. මෙය සමාජයේ විපරීත කාලසීමාවක් ලෙස නම් කළ හැකිය.

ජුනි 12 සිකුරු යුරේනස් යුද්ධය අනුව ලග්න පලාපල මෙසේය.

මේෂ

ස්ථාවර උත්සාහය, උනන්දුව මත වූ ක්‍රියාකාරකම්හි සතුටුදායක බවක් නිර්මාණයව පවතියි. කාලය/දීපය/අනුව ඉදිරි දියුණුව ද ආරම්භක කරුණු කාරණා මන්දගාමි බවකට දැඩිව පරිවර්තනය වී ඇත. ලැබීම් මාර්ග විපරීත වෙයි.

වෘෂභ

අනපේක්ෂිත ම්ලේච්ඡ ක්‍රියාකාරකම් හේතු කොටගෙන ආශි‍්‍රත සමාජගත වියරුව ඔබගේ රැකියා ආදායම් මාර්ගයන් සහ දෛනික පරිභෝජන රටාව අතිශය සංවේගශීලිවෙයි. සියලු ආකාර ලැබීම් අඩපණ වුවද දවස ගත කිරීමේ ප්‍රවණතාවය සතුටුදායක වෙයි.

මිථුන

අනීතිය, අයුතු අසාධාරණ මානසික ආබාධ හේතුකොටගෙන ඇතමුන්ගේ සැනසුම සතුට, සම්පත බොදවී යයි. මන්දගාමී උම්මත්තක සමාජගත වියරුවෙන් අරපරෙස්සමෙන් යුගකාලීන ස්වභාවය රැකගැනීම ඉදිරිය ශුභවාදී හිතකර බවට හේතුවෙයි.

කටක

කටුක අභිරහස් කුමන්ත්‍රණ ජීවත්වෙන සමාජයේ ඉස්මතු විය හැක. අස්ථාවර දේශයෙහි බලපෑම ප්‍රබලව ඔබලාට බලපානු ඇත. දෛනික රැකියා ආදායම් තත්ත්වය උපරිම මට්ටමට පිරිහීම කරා තුඩුදෙයි. උත්සාහය,උනන්දුව අනුව තරමක සහනය ගෙන දෙයි.

සිංහ

ආශි‍්‍රත සමාජගත දැවැන්ත ම්ලේච්ඡ අමානුෂික වියරුව ඔබගේ රැකියා ආදායම් මාර්ග වාෂ්පීකරණයට හේතු සාධකයි. කැරලි කෝලාහල ප්‍රචණ්ඩක්‍රියා අඩුලුහුඩුකම් , හදිසි තීරණ, ඉක්මන් කෝප ඉහවහ යන අදූරදර්ශී කාල සීමාවෙකි.

කන්‍යා

රෝගාබාධක ආත්මදෝෂ, සතුරුබලපැම, හේතු කොට ගෙන සිතෙහි අසහනකාරි බව ද නඩුහබ, ආදායම් මාර්ග අඩපණ වීම ද දෛනික දිවි පෙවෙත පැවැත්වීමේ මහත් තර්ජනයකට බලපා ඇත. වියරු වැටුණ සමාජගත ක්‍රියාකාරකම් බලපෑම් ඇත.

 

තුලා

පවුලේ සාමකාමී සහජීවනයට බාධකයි. මානසිකත්වය නිතර ආකූල ව්‍යාකූල බවක් උසුලයි. පදිංචියෙහි අර්බුද බවක් නිර්මාණය වෙයි. ශාරිරික මෙන්ම මානසිකත්වය ද ආකූල ව්‍යාකූලයි. ශාරිරික රෝගාබාධ කෙරෙහි තුන්දොස් කිපීම් මළගිය ඥාතිහිතෛෂි දෝෂයි.

වෘශ්චික

අප්‍රතිහත ධෛර්යයෙන් නොපසුබට උත්සාහයෙන් දවස ගෙවාදැමීම බොහෝදුරට සිදු කෙරෙයි. රෝගාබාධක මෙන්ම හදිසි අනතුරු ද සතුරු බලවේගයෙන් ද අතරතුර ප්‍රබලව යෙදෙයි. හිත මිතුරු ඇසුරුකම් තුළින් බාධක අතරේ දුෂ්කරතා බහුලව බලපානු ඇත.

ධනු

සතුරු පිරිස් අබිභවා අභියෝගාත්මක බලවේග මර්දනයට වර්තමාන ක්‍රියාකාරකම්හි ස්වභාවය වැඩි දියුණුකර ගැනීම අතිශය යහපත් වෙයි. අනවශ්‍ය වියදම් බහුල නොකෙරෙයි. අරාජික රාජ්‍යයන් අතර පවතින භේදභින්න කම් දිනෙන් දින බහුල වෙයි.

මකර

නිර්මාණශීලි කාර්යභාරයන් කෙරෙහි ප්‍රබල එදිරිවාදීන් පිරිසක් ද නිර්මාණය විය හැක. භිෂණය, දූෂණය, ම්ලේච්ඡබව ඉහවහාගිය සමාජ තත්ත්වය ඔබගේ කුසලතා නිපුණතා මුලිනුපුටා දමයි. කෙසේ නමුදු ඔබ ඔබගේ දිවිමඟෙහි ගමන්මඟ සාර්ථක කරගනු ලබයි.

කුම්භ

සෙනසුරු ලග්න ඒරාෂ්ඨක බලපවත්නා වර්තමාන කාල පරිච්ඡේදය ඉතා බිහිසුණු බවක් නිර්මාණය කෙරෙයි. වාදභේද නොරිස්සුම් ගති මෙන්ම විෂමාචාර කාලපරාසයකට මුහුණ දි ඇති බවක් පෙනී යන්නේය.

මීන

අරාජික දේශයක අක්‍රමික ක්‍රියාකාරකම් අතර සැළසුම් කරන අධිෂ්ඨානයන් බොඳවෙයි. තිරසර සමාරම්භක ක්‍රියාකාරකම් සක්‍රිය වෙමින් උත්සාහය උනන්දුව ඇතිවිය හැකියි.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

විජිත ඩී. ලියනාරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.