සර්ව වශියකින් ප්‍රයෝජන ගනිමු ද?

ජූලි 1, 2022

වශී ගුරුකම් කියන විටම හිතට එන්නේ ස්ත්‍රියක් පිරිමියෙක් හෝ පිරිමියෙක් ස්ත්‍රියක්ව වශී කරන එක කියලා. සමාජයේ එහෙම කිව්වට මේ වශී මන්ත්‍රය කියවල බලන්නකෝ. මේක මාතාංගේෂ්වරි මන්ත්‍ර වර්ගයට අයත් එකක්. එනම්

“ඕං අයිං ක්‍රලීන් භගවතී ශ්‍රී මාතාංගේෂ්වරී සර්ව ජන මනෝහරී සර්ව මුග වසංකරි – සර්ව සත්ව වසංකරී. සර්ව දේව වසංකරී.

සර්ව, යක්ෂ – පේ‍්‍රත, ගෙවල – කුම්භාන්ඩ වසංකරී සර්ව සභා වසංකරී – සර්ව රෝග හරංකරී. අමුකම්බේ වසමනාය (නම) නාම රාජම් අයිං කලීං හ්‍රං පධ් ස්වාහඞ” මේ මන්ත්‍රය කොපමණ අය වශීකරනවද බලන්න.

මේ වගේ මන්ත්‍රයක් කටපාඩම් කරගත්තොත් අපටම පුංචි වශීයක් කරගන්න පුළුවන්. ඔය ඉරි කෑල්ලක් ඇති තැන අවශ්‍ය අයගේ නම පමණක් සඳහන් කරන්න. පුංචි මන්තරයක් නිසා 108 වරක් මැතුරුවාම ඇති. නිවැරදිව පුද පූජා තබන්න. මෙය සර්ව වශීයක්.

ලෝකයා අප කෙරෙහි වශී වනවා නම් අපි යන කාරණය ඉටුවනවා නම් සාමාන්‍ය පොදු වශයෙන් ගත්තාම හැම කෙනෙකුටම අපිව ආකර්ෂණය වනවා නම් ඒක අපට ලොකු සතුටක්, වගේම ලොකු ශක්තියක්. මේක සර්ව වශියක් කියලත් කිව්වා. කිසිම මන්තරයක් මතුරන විට ඔය එක් එක් බලාපොරොත්තු නැති ශබ්දවලට බයවන්ට එපා. බය වන්ට කාරණාවක් නැහැ. මෙන්න මේ මන්ත්‍රය කටපාඩම් කරගන්න. කරන ක්‍රමය පසුව ලියන්නම්. පුංචි ස්ථිර වශියක්. හැබැයි ටිකක් වෙනස්. මෙන්න මන්තරය.

“ඕං වරකාර්‍ම දේවි - සිවකාවට දේවි නමඞ

ඕං පයියාදා උප්පාදා ඕං අයියා දාසී

උප්පාදායි නමඞ

මේ මන්ත්‍රය තුන් හතර පාරක් කියවල දිවට පුරුදු කරගෙන සිද්ධි කර ගන්න. ඊට පසු සුපුරුදු යන්ත්‍ර මතුරනවා වගේ මල් බුලත් පුටුව හදලා ජප මන්ත්‍රය වෙනුවට මේ මන්තරය 108 වර මතුරා කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන යන්න එච්චරයි. ක්‍රමය සස්සඳ මුලක් සුඳුහඳුන් සමඟ රෝස වතුරෙන් හීනියට අඹරා කරුන්කා පුවක් කෑල්ලක් හෝ පෙත්තක් ආලේප කර නැත්නම් කලවම් කර මද ගින්නෙ වේළුනාම ඉහත කී මන්තරයෙන් මතුරා සාක්කුවේ දමාගෙන යන්න එච්චරයි. ප්‍රයෝජන බොහොමයි. මේක සර්ව වශියක්. මේවා අත්හදාබැලූ ගුරුකම්, ගුරු මුෂ්ටි නැති.

වශී ගුණ කතා කරනකොට වටහා ගැනීම වටිනවා. සාමාන්‍යයෙන් මුඛ භංධන හැරුණාම අනිත් ඔක්කොම වගේ යහපත් ඒවා. අපි හිතමු කලක් ස්ත්‍රියක් සමඟ හාද වී ඉඳලා හැම බලාපොරොත්තුවක්ම දීලා කලකට පසු නිවැරැද්දේ තරහ වෙලා ඇයව අතරමං කළොත් ඒ ස්ත්‍රියගේ අනාගතය ගැන කාටද කියන්න පුළුවන්. කොච්චර හිත වැටෙනවද? සමහර විට සියදිවි හානි කරගන්නත් බැරි නැහැ. මේ වගේ සිද්ධීන්වලදී ඇය අතරමං වනවා. උදව් කරන්න කිසිවෙක් නැතිව යනවා. නීතියේ පිළිසරණ බොහෝදුරට නැතිව යනවා. එකම පිළිසරණය වන්නෙ ගුරුකමක් කරල ඔහුව ගෙන්වා ගැනීම පමණයි. මං හිතන්නෙ මෙවැනි ගුරුකම් කිරීම්වල කිසිම වරදක් නැහැ කියලා. මේ වගේ ගුරුකම් දෙපාර්ශ්වයටම එක වගේ ප්‍රතිඵල දෙනවා. ගුප්තව කරන මෙම ගුරුකම් ගුප්තව ප්‍රතිඵල දෙනවා. තව එකක් කියන්ට ඕනෑ. සමහර අවස්ථාවන් හිදි ගුරුකම කළ කෙනාට නම් භෞතිකව කිසියම් කරදර වන අවස්ථාවන් නැතුව නොවේ.

ලෝකයේ අපි නොදන්න එනමුත් ප්‍රතිඵල ලැබෙන ක්‍රියාවන් ගොඩක් තිබෙනවා. ඒවා ගැන හිතන්න තරම් අපේ ශරීර අවයව සියුම් නැහැ. කොටින්ම කිව්වොත් බල්ලෙක් තරම් අපට ඉව නැහැ. පූසෙක්, බල්ලෙක් තරම් පෙනුමක් නැතහොත් දෘෂ්ටියක් නැහැ. කොටින්ම කිව්වොත් සතුන්ට තරම් විශේෂ දැනුම් අපට නැහැ. මොළය හැරෙන්න. ඒ කිව්වේ යමක් සිතීමේ ශක්තිය. බොහෝ අය ඉන් වැඩ ගන්නෙත් නැහැ.

ගුප්ත ශාස්ත්‍රයේ ඇති මේ වශී ගුරුකම් මහ පුදුම උපදවන බලවේග බව වගකීමෙන් කියනවා. ඒ බලවේගය වරදවා වටහාගෙන ඇති බවක් පෙනෙනවා.

මේ පෘථිවි කක්ෂය වටා වේගයෙන් කැරකෙන ග්‍රහලෝකවලින් විහිදෙන රශ්මි ධාරාව ඉතා සැරයි. ඒවා රශ්මි කිරණ. නමුත් බොහෝ අය හිතා ඉන්නෙ ඒවා ජීව කොටසක් කියලා. ඒ පැරණි මතය අදටත් ඒ අයුරින්ම බොහෝ අය හිතාගෙන ඉන්නවා. අපි දන්න දෙයට වඩා නොදන්න දේ මේ විශ්වයේ පවතිනවා.

පිටිසර පාළු කැලෑවක අප දවසක අතරමං වුවහොත් කොයි විදියකට උත්සාහ කළත් එම කැලෑවෙන් එළියට එන්න මාර්ගය නොලැබෙන අවස්ථාව එමටයි. නමුත් දෙවියන් සිහිකර කොළ අතු කැබැල්ලක් තවත් ගසක එල්ලා පාර ඉල්ලා සිටියෙද ක්ෂණයෙන් නිවැරදි මාර්ගය පෙන්වීම ගැන වගකීමෙන් කිවයුතු වනවා. මෙවැනි අවස්ථා වගකීමෙන් කිව හැකි බවද දන්නවා. මෙවැනි සිදුවීම් පුරාණයේ සිට පැවතෙන සත්‍ය සිදුවීම් වුවත් කෙසේ සිදුවේද කවුරු කරනවද කියා කිව නොහැකි බව සඳහන් කළ හැකිය.

තවත් අයුරකින් සඳහන් කළොත් අපි නොදන්නා දේ සොයාගත් දෙයට වඩා විශ්වයේ ඇති බව නොරහසකි. වශී ගුරුකම් ද එවැනිම බලවේග බව කිවයුතුමයි.

ප්‍රතිඵලය එසේ වුවත් එය කෙසේ සිදුවේද යන්න තවත් කෙනෙකුට වටහා දීම කළ නොහැකි බවද කිවයුතුමය. වශී ගුරුකම්ද එසේම ය.

පාරම්පරික ගුප්තවේදී /ඡ්‍යොතිෂවේදි

මීපේගනිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.