වර්ණයෙන් කියවෙන පෙම්වතා හෝ පෙම්වතියගේ ගතිගුණ මෙන්න

අගෝස්තු 26, 2022

වර්ණ හෙවත් පාට ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයකි. වර්ණ නැතිනමි පාට අපේ එදිනෙදා ජීවිතයත් සමඟ බෙහෙවින් සම්බන්ධය. ඒ අනුව අපේ ජීවිතය සමඟින් බෙහෙවින් සම්බන්ධ වූ වර්ණයෙන් ඔබගේ ජීවිතයේ සුවිශේෂ වූ චර්යාවන් (හැකියාවන්) චරිත ස්වභාවයන් පිළිබඳ අපට හඳුනාගත හැකිය. අපට එදිනෙදා ජීවිතයේ හමුවන ප්‍රධාන වර්ණයන් ඇසුරු කර ගනිමින් ජ්‍යොතිෂය ඇසුරින් ඔබේ පෙමිවතා හෝ පෙමිවතිය කැමතිම වර්ණය තුළින් ඔහු හෝ ඇයගේ චරිත ස්වභාවය පිළිබඳ නිවැරැදි දැක්මක් ලබා ගැනීම මෙම ලිපියේ මූලික අරමුණ වනු ඇත.

ඔබේ ආදරණීය පෙමිවතා හෝ පෙමිවතිය බෙහෙවින් ඇලුමි කරන්නේ කහ වර්ණය හෝ රන්වන් පාටට නමි ඇය හෝ ඔහු බොහෝ දුරට සෞම්‍ය අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත් වසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනකු විය යුතුය.

කහ වර්ණය ගුරු ග්‍රහයාට අයත් වේ. ඔහු හෝ ඇය බොහෝ දුරට අහිංසක උගත් කෙනකු විය යුතුය.

* ඔබේ ආදරණීය පෙමිවතා හෝ පෙමිවතිය බෙහෙවින් ඇලුම් කරන්නේ සුඳු වර්ණයට නමි ඇය හෝ ඔහු බොහෝ දුරට ඉතාමත් චාමි ගති ගුණ ඇති කෙනකු විය යුතුය. සුදු වර්ණය සඳු ග්‍රහයාට අයත් වර්ණයකි. ධාර්ම්ක අදහස්වලින් පිරි ආගමට දහමට ලැදි ඉතාමත් අවංක ගුණ යහපත් වසනාවන්ත එමෙන්ම ඉතාමත් අහිංසක කෙනකු විය යුතුය.

*බුධ ග්‍රහයාට අයත් වර්ණයක් වන කොළ පාටට ඇලුමි කරන ඔබේ ආදරණීය පෙමිවතා හෝ පෙමිවතිය බොහෝ විට සෘජු අදහස් ඇති කෙනකු විය යුතුය.

ඔවුන් බෙහෙවින් ම ඇලුමි කරන්නේ කොළ වර්ණය හෝ ළා කොළ පාටට නමි ඇය හෝ ඔහු බොහෝ දුරට ධනාත්මක අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත් වසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනකු විය යුතුය. ඔහු හෝ ඇය බෙහෙවින් පරිසරයට ඇලුමි කරන කෙනකු විය යුතුය.

* කුජ හෙවත් අගහරු ග්‍රහයාට අයත් රතු වර්ණය ආක්‍රමණශීලී එඩිතර නිර්භය වර්ණයක් වනු ඇත. ඒ අනුව ඔබේ ආදරණීය පෙමිවතා හෝ පෙමිවතිය බෙහෙවින් ඇලුම් කරන්නේ එම රතු වර්ණය හෝ රෝස පාටට නම් ඇය හෝ ඔහු බොහෝ දුරට රළු අදහස්වලින් පිරි ඉතාමත් සැර පරුෂ කෙනෙකු විය යුතුය. නමුත් ඔහු හෝ ඇය අවංක ය. ගුණ යහපත් ය. එමෙන්ම වසනාවන්ත සේම ඉතාමත් රැඩිකල් කෙනකු විය යුතුය.

* ඔබේ ආදරණීය පෙමිවතා හෝ පෙමිවතිය බෙහෙවින් ඇලුමි කරන්නේ නිල් වර්ණය හෝ ළා නිල් පාටට නමි ඇය හෝ ඔහු බොහෝ දුරට ග්‍රාම්‍ය මෙන්ම පසුගාමී අදහස්වලින් යුතු කෙනෙකි.

නිල් වර්ණය ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාට අයත් වර්ණයකි. ඇය හෝ ඔහු බොහෝ විට වංක අදහස්වලින් යුක්ත විය යුතුය. ගුණ යහපත් වසනාවන්ත කම් අතින් ඉතාමත් අඩු අයකු වනු ඇත. එමෙන්ම ඉතාමත් මන්දගාමී කෙනකු විය යුතුය.

* ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ කළු වර්ණය හෝ දුඹුරු පාටට නමි ඇය හෝ ඔහු බොහෝ දුරට සෘණ ආකල්ප හා මලානික වංචනික අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත්කමිවලින් අඩු කෙනකු විය යුතුය. නමුත් ඔහු හෝ ඇය යම් පමණකට වසනාවන්ත එමෙන්ම කරුණාවන්ත කෙනකු විය යුතුය. කළු වර්ණය රාහු ග්‍රහයාට අයත් පාටකි.

* ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුම් කරන්නේ දම් වර්ණය ට නමි ඇය හෝ ඔහු බොහෝ දුරට සෞම්‍ය අදහස්වලින් පිරි ඉතාමත් අවංක ගුණ යහපත් වසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනකු විය යුතුය.

* ඔබේ ආදරණීය පෙම්වතා හෝ පෙම්වතිය බෙහෙවින් ඇලුමි කරන්නේ තැඹිලි පාටට නමි ඇය හෝ ඔහු බොහෝ දුරට සෞම්‍ය අදහස්වලින් පිරි ඉතාමත් අවංක, ගුණ යහපත් වාසනාවන්ත එමෙන්ම ඉතාමත් කරුණාවන්ත කෙනකු විය යුතුය. ධාර්ම්ක අදහස්වලින් පිරි ආගමට දහමට ළැදි ඉතාමත් අවංක ගුණ යහපත් වාසනාවන්ත හා ඉතාමත් අහිංසක කෙනකු විය යුතුය.

 

ඡ්‍යොතිෂවේද හා වාස්තු විද්‍යා උපදේශක

සම්පත් එස් කල්පගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.