ළමා වියෙන් තුරුණු වියට පා තබන

සැප්තැම්බර් 2, 2022

ශ්‍රී ලංකාව වූ කලී සිංහල බෞද්ධ ජන පදනම මූලික කොටගත් ඉතාමත් සාරවත් දියණු සංස්කෘතියකට උරුමකම් කියන රටකි. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාව ඈත අතීතතයේ සිටම පැවත එන චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි දක්වන්නේ ඉතාම යහපත් වූ ආකල්පයකි. එය අපගේ ජාතියේ ප්‍රගමනයටත් යහපත් සමාජයක පැවැත්මටත් ඉතාම වටිනා කාරණයකි.

මේ අතරින් කාන්තාවන්ට ම සුවිශේෂි වූ චරිත්‍රයක් වන මල්වරයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. වැඩිහිටි කාන්තා උපදෙස් අනුව මල්වරයේදී යුවතියක් කටයුතු කළ යුතුය. යුවතියක් නැතිනම් දැරියක් මල්වර වීම වර්තමාන ජනසමාජයේ බොහෝ විට මංගල කාරණයක් ලෙස සලකනු ලබයි.

ඒ අනුව දැරියකගේ මල්වර චාරිත්‍ර ඉටු කිරීමේදී ඈත අතීතයේ සිට පැවත එන ජ්‍යොතිෂයට ද හිමි වනුයේ ඉතාම වැදගත් ප්‍රමුඛ ස්ථානයකි. මෙහිදී අප ජ්‍යොතීෂානුකූලව දැරියකගේ මල්වරය ලෙස හඳුන්වනු ලබන්නේ යම් ස්ත්‍රී ජන්ම පත්‍රයක ජන්ම ලග්නය හෙවත් උත්පත්ති ලග්නයෙන් 1, 2, 4, 5, 7, 8, 9, 12 යන කේන්දරයේ අනුපචය ස්ථානයකට චන්ද්‍රයා ගෝචරයෙන් පැමිණි කළ එම සඳු කුජ හෙවත් අඟහරු විසින් දකින ලද්දේ නමි එකල්හි යම්ි ස්ත්‍රියකගේ මසක් පාසා ඔපසවීම සිදුවේ. මෙකී අනුපචය රාශියක් නර රාශියක්ව (එනමි මිථුන, කන්‍යා, තුලා, ධනු, පූර්වාර්ධය, කුම්භ යන රාශි ) චන්ද්‍රයා එහි සිට අගහරු විසින් දුටුවේ නමි ඒ අනුව ද එම දැරියගේ සුදුසු වයස පැමිණි කළ ප්‍රථම මල්වරය සිදුවන බව ජ්‍යොතිෂය තුළ පුරාණ ඉසිවරු කරුණු දක්වා ඇත. මේ ආකාරයට මෙම ක්‍රම දෙකටම මල්වරය සිදුවනු ඇත. මල්වරය සිදු වූ දින සිට මස්මාංශ හා කිළි යැයි සමිමත ආහාරයෙන් වැලකී පිරිසුදුව පිරිමින් මුණ නොගැසෙන ලෙස සිටිය යුතුය.

නිරෝගී දැරියකගේ මල්වරය වයස අවු 10 ත් 14 ඇතුළතදී සිදුවන අතර කලාතුරකින් වයස අවුරුදු දහයට පෙර හා 14 පසු සිදුවන මල්වර වීම ද දක්නට ඇති අතර එය විවිධ රෝගා බාධ හා ස්ත්‍රියගේ ශාරීරික තත්වය මත සිදුවන්නකි. යම්ි ස්ත්‍රියකගේ ගර්භාෂය දරුවන් බිහි කිරීමට සකස් වීම නැතහොත් පළමු සෘතුවීම ප්‍රථම ඔපස් වීම යනුවෙන්ද මල්වරය හඳුන්වනු ලබයි.

මෙසේ දැරියක් ප්‍රථමයෙන් මල්වර වූ කල්හි දෛවඥා මහතකු කරා ගොස් එහි සුබ අසුබ පරීක්ෂා කිරීමත් ඊට අදාළ මල්වර කේන්දරය හා මල්වර නැකැත් සාදා ගැනීමත් සිදුකරනු ලබයි. යුවතියක් මල්වර වන අවස්ථාවේදී දවස, නැකත, තිථිය, ලග්නය, මාසය, හැඳ සිටි වස්ත්‍රය හා ස්ථානය පදනමි කොට ගෙන මල්වර ඵල ප්‍රකාශ කරනු ලැබේ.අවුරුදු 10, 12, 14 යන ඉරටිටෙි සංඛ්‍යාවන්ට ගැනෙන වයසේ සිදුවන මල්වරය ඔත්තේ සංඛ්‍යාවලදී සිදුවන මල්වරයට වඩා සුබ දායක වේ. වයස 10ට අඩු වයස්වල සිදුවන මල්වරය එතරම් සුබ දායක නැත. වයස 14 ඉක්මවා සදුවන මල්වරයද සුබ ඵල ඇති නොකරනු ඇත.

ඉහත සඳහන් කරණු පදනම් කරගෙන සකස් කරන කේන්දරය මල්වර කේන්දරය ලෙස හදුන්වනු ලබයි. ඒ අනුව මෙම මල්වර කේන්දරය අනුසාරයෙන් පලාපල විමසා බැලෙන අතර කෙසේ වෙතත් මල්වර කේන්දරය මෙන්ම යුවතියගේ ජන්ම කේන්දරය ද පදනම්ි කර ගෙන පලාපල හා සුබ අසුබ පරීක්ෂා කිරීම සුබ දායක වනු ඇත. විශේෂයෙන් යම් අවස්ථාවක මල්වර කේන්දරයට වඩා ජන්මපත බලවත් විය හැකි අතර, තවත් විටෙක ජන්ම පතට වඩා මල්වර කේන්දරය බලවත් විය හැකිය. මේ නිසා මෙම කේන්දර දෙක කෙරෙහිම අවධානය යොමු කිරීම නුවණට හුරුය. යම් යුවතියක් මල්වර වූ ස්ථානය අනුව ඇයගේ අනාගත ජීවිතයේ සුබ අසුබතා මෙසේ දැක්විය හැකිය.

* තමා පදිංචි නිවස ඇතුළේ දී මල්වර වීම ඉතාම සුබ දායක වන අතර තම ගෞරවය ආරක්ෂා කර ගනිමින් දියුණුවෙන් දියුණුවට පත් වනු ඇත.

* ගෙදරින් පිට තනිවම සිටින අවස්ථාවක නම් අනාගත ස්වාමියාට අසුබදායක අතර තමාට දුක් කරදර ඇතිවනු ඇත.

* ඥාතී නොවන ගෙයක හෝ අතර මගකදී නම් තම කල්ක්‍රීයාව යහපත් නොවන අධික වියදම්කාරියක වනු ඇත.

* නෑ ගෙදරකදී මල්වර වූ යුවතිය තම ඥාාතීන්ට හිතවත් වන අතර ඇයට එම ඥාාතීන්ගෙන් උදව් උපකාර බෙහෙවින් හිමි වනු ඇත.

* තමා පදිංචි ග්‍රාමයේ නොව පිට ගමකදී නම් ගමන් බිමන් වැඩි අතර පිට අය සමඟ ආශ්‍රයද ඉතාමත් වැඩිය.

* යම් උත්සව අවස්ථාවකදී හෝ ජනකායක් මැදකදී මල්වරය සිදු වූයේ නම් ඇයට සියලු සැප සමිපත් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා දියුණුව ලැබී යහපත්ව වාසය කිරීමට ලැබෙනු ඇත.

* ස්නානය කරන විට හෝ ළිඳක්, ගඟක්, හෝ ජලාශයක් අසළ නම් ආයුෂ වැඩි වන අතර, නිරෝගී භාවය ඇති වනු ඇත. ඇය බෙහෙවින් අනුන්ට උපකාර කරන තැනැත්තියක් වන අතර ඇයට බොහෝ අලංකාර වස්තු ද ලැබෙනු ඇත.

* තමා ජීවත් වන ගමේ අසල් වැසි ගෙවල් අසළ නම් එම යුවතිය නිතරම අසල් වැසි ගෙවල්වලට යාමට කැමති වනු ඇත.

* ස්ත්‍රීන් මධ්‍යයේ මල්වර වූ යුවතිය ට වස්තුව, සැප සම්පත් ලැබී සැපසේ වාසය කිරීමට ලැබෙන අතර, පිරිමින් අසළ දී මල්වර වූ යුවතියට එසේ නොවන අතර ඇයගේ ශරීර ශක්තිය අඩු වන අතර, ඇය සතු ලැජ්ජා බය ද නැති වී යයි. එවන් වූ කාන්තාවගේ ජීවිතය සැපවත් නොවේ ගවයන් සමීපයේ හෝ ගව ගාලක් අබියසදී මල්වර වූ ස්ත්‍රයගේ ගති පැවතුම් ඉතා යහපත් වන අතර ඇයට කෑම බීම ගිඟ වන්නේ ද නැත.

* සොහොනක් අසළ, දේවස්ථානයක් අසළ, මළ ගෙදරකදී දින 7ක් ඇතුළත නම් හා හිස් භාජනයක් රැගෙන එන විට ඉදිරියට මුණ ගැසුණු විට මෙන්ම වාහනයක ගමන් කරන විටදී හෝ සිටගෙන සිටින විට යම්ි යුවතියක් මල්වර වූවොත් එම මල්වරය ඇයට එතරම්ි සුබ දායක නැත.

* තම පාසලේ, පන්තියේ හෝ ළමයින් මධ්‍යයේ හෝ සභාවක් මධ්‍යයේ මල්වර වූ යුවතිය ඉතාම නිර්භීත වන අතර ඕනෑම තැනක ඉදිරියට යාමට පසු බට නොවනු ඇත. ලැජ්ජාව හා සබකෝලය ඉතාම අඩුය. ඕනෑම තැනක යාමට බය නැත. ඉහළට යාමට හා උසස්වීමට මහත් වූ අශාවක් දක්වයි. අනුන්ට යටත් නැති අතර තම මතයටම අනුව කටයුතු කරයි. තම ස්ථීර විවාහයට කලින් ප්‍රේම සම්බන්ධතා රාශියක් ගොඩ නගා ගනී.

* නිදාගෙන සිටින විට, සෙල්ලමි කරමින් සිටින විට, පිරුණු භාජනයක් රැගෙන එන විට ඉදිරියට මුණ ගැසෙන පරිදි, හෝ විහාරස්ථානයකදී, වන්දනා ගමනක් යන විටදී, ධාන්‍ය සහිත කමතකදී, වී, හාල් එලවළු තිබෙන කැනකදී , හෝ ගොයමි නොකැපූ කෙත් යායක් අසළ දී යම්ි ස්ති‍්‍රයක් මල්වර වූවොත් ඇය ඉතාම වාසනාවන්ත වන අතර සියලු සැප සමිපත් අනාගතයේදී ලැබෙනු ඇත. ගෙවල් දොරවල් යාන වාහන හිමි වනු ඇත. එසේම ඇය නිරෝගී වනු ඇත. ඇයගේ දෙමාපියන්ටත් සුබදායක වන අතර එවන් වූ ස්ත්‍රීයට යහපත් මෙන්ම සාර්ථක විවාහ වාසනාවද හිමි වන්නේය. ඇයගේ ස්වාමියාට ඉතාම සුබ දායකවේ.

යම් යුවතියකගේ මල්වරය සිදු වූ රුධිර බින්දු ගණන අනුව ඇයට අනාගතයේ ලැබෙන්නේ ගැහැනු දරුවන්ද පිරිමි දරුවන්ද යන්න අපට සොයා ගත හැකිය. ඒ අනුව එම ගණන ඔත්තේ වූයේ නම් පිරිමි දරුවන් ලබන අතර ඉරටටේ වී නම් ගැහැනු දරුවන් ලබනු ඇත.

වෙසක්, නිකිණි, වප්, උඳුවප්, නවම්, යන මාස වලදී මල්වර වන යුවතිය ඉතාම වාසනාවන්ත වන අතර යහපත් විවාහ, දූ දරු ලාභ හිමි, උසස් අධ්‍යාපනයක් සහිත ධනයෙන් අනූන නීරෝගි ආගම දහමට ලැදී යහපත් පැවතුම් ඇති වනු ඇත. බක් පොසොන් ඇසළ බිනර ඉල් දුරුතු මැදින් යන මාස වලදී මල්වර වන යුවතිය එතරම් වාසනාවන්ත නැත.

වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, කුම්භ, මීන යන ලග්න වලින් මල්වර වන යුවතියන් හට ඉතාම වාසනාවන්ත වන අතර සියලු සැප සමිපත් අනාගතයේදී ලැබෙනු ඇත. ගෙවල් දොරවල් යාන වාහන හමි වනු ඇත. එසේම ඇය නීරෝගි වනු ඇත. ඇයගේ දෙමාපියන්ටත් සුබ දායක වන අතර එවන් වූ ස්ත්‍රීයට යහපත් මෙන්ම සාර්ථක විවාහ වාසනාවද හිමි වන්නේය. ඇයගේ ස්වාමියාට ඉතාම සුබ දායක වේ.

මෙිෂ, කටක, වෘශ්චික, ධනු පූර්ව අර්ධය, මකර යන ලග්න වලින් මල්වර වන යුවතියන් ට ඉහත දැක්වූ සුබ ඵල එතරම් හිමි නොවනු ඇත.

සුදු පාට, රෝස පාට, හෝ කහ පාට, යන පාට වලින් යුත් වස්ත්‍රයක් හෙවත් ඇඳුමක් මල්වර වන විට ඇඳ සිටියේ නම්ි එය ඉතාම වාසනාවන්ත හා සුබ දායක වන අතර මිශ්‍ර පාට වස්ත්‍රයක් නම් තම ස්වමියාට ප්‍රීය වනු ඇත. සිනිඳු වස්ත්‍ර ඇඳ සිටියේ නම් කඩිසර වනු ඇත. ගොරෝසු වස්ත්‍රයක් නමි ඇය පතිවත රකිනු ඇත. මල්වර අවස්ථාවෙි රතු පාට, නිල් පාට, කලුපාට, දිරූ, ඉරුණු, කිළිටි අපිරිසුදු වස්ත්‍ර ඇඳ සිටියේ නම්ි එය එතරම් සුබ දායක නොවේ.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

සම්පත් එස්. කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.