සෙනෙහසේ හිමිකාරිය හෙට කන්‍යාවේ නීච වෙයි

සැප්තැම්බර් 23, 2022

* රවි-බුධ-සිකුරු කන්‍යාවේ සංයෝගවීමෙන් නීචභංග රාජයෝග බලයක්
* කාන්තා පරපුර ළමා පරපුර ආරක්ෂා කරගත යුතු කාලයක්
* පෙම්වතුන්ට අපලදායක ප්‍රේම බන්ධන බිඳවැටෙන කාල සීමාවක්
* ස්ත්‍රී දූෂණ- බාල අපචාර සොර මැරකම්- එදිරිවාදිකම් ඇති විය හැකියි
* නුවණ-බුද්ධිය පහළ වේ 
* ශාස්ත්‍රීය කටයුතු ප්‍රශස්ත මට්ටමක
* මුදල් අතින් යම් ලැබීම් පෙන්නුම් කෙරේ

රවි යුරේනස් සංයෝගය - රවි බුධ සංයෝගය-ප්ලූටෝ සෙනසුරු සංයෝගය -කුජ ශනි/ ගුරු ශනි ෂඩ්කෝණ දෘෂ්ටිය මේෂ- කටක- තුලා- මකර රාශි සතරට ශනිගෙන් සස යෝග බලය ද මිථුන- කන්‍යා-ධනු- මීන බුධගෙන් භද්‍රයෝග බලය ද ආශ්‍රිතව සිකුරු හෙවත් සෙනෙහසේ හිමිකරු කන්‍යාවේ නීච වීම හෙට එනම් සැප්තැම්බර් 24 ශනි දින සිද්ධ වන්නේය.

ජනදිවිය පුරාවට පෙරළියක් ඇති කරමින් සිදු වන මේ සංක්‍රාන්තිය එළැඹෙන ඔක්තෝම්බර් මස 18 දින රාත්‍රී 9.40 පුරාවට උත්‍රපල් 02-03-04 හත 01-02-03-04 සිත 01-02 පාද නවයක් ආශ්‍රිතව දක්ෂිණායනය සරත් සෘතුවෙහි කන්‍යා රවි 08 භාග බිනර මහේ අව තුදුස්වක තිථිය - කන්‍යා රාශිය- මකර නවාංශකය මූලාශ්‍ර වෙමින් නීච භංග රාජයෝග බලැතිව පවතින්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි අඟහරු හිමි මේෂ රාශි උදාවෙහි වක්‍ර යුරේනස් සමව, රාහු සතුරුව ද භූමිපුත්‍ර හෙවත් අඟහරු ග්‍රහයා සමව, 02 වැන්න වූ ධනස්ථාන ගතවද, චන්ද්‍රයා මිත්‍රශීලීව 05 වැන්නේ ද, රවි සමව, වක්‍ර බුධ උච්ච මූල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍රව ද, නීචක්ෂේත්‍රව සිකුරු 06 වැන්න වූ රෝග සතුරු ස්ථාන ගතව නීචභංග රාජයෝග බලැතිව ද, කේතු සතුරුව 07 වැන්නේ ද වක්‍ර ප්ලූටෝ සතුරුව වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව 10 වැන්න වූ කර්මස්ථාන ගතවද වක්‍ර නැප්චූන් සමව අයස්ථානය වූ 11 වැන්නේ ද වක්‍ර බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව වැය ස්ථානය වූ 12 වැන්නේ ද යෙදී 03 වික්‍රමස්ථානාධිපති ඥාානකාරක බුධ ග්‍රහයා මාන්දි ග්‍රහයා ලෙස 06 වැන්නේ ද සෙනසුරු බාධකතම ග්‍රහයා ලෙස 10 වැන්නේ ද 22 වැනි මාරක වූ දෙර්කාණාධිපති ලෙස 05 වැන්නේ ද යෙදෙමින් ග්‍රහ මඬුල්ල නිර්මාණය වන්නේය.

මෙම ග්‍රහ පිහිටීම අනුව ජන දිවිය දෙස විමර්ශනාත්මකව බැලීමේ දී ජනතාවට යම් ආකාරයක සහනයක් ගෙන දෙනු පෙනේ. ඔවුන් මෙතෙක් පෙලූ අඟහිඟකම් තරමක් දුරට පහව යන බවක් විද්‍ය මානවේ. මුදල් අතින් යම් ලැබීමක් ද පෙන්නුම් කළද සිකුරු කන්‍යාවේ යම් පීඩාවකට පත්ව ඇති බැවින් සිතූ පැතූ දේ ලැබේ යැයි බලාපොරොත්තු තබා ගත නොහැක.

මේ කාලසීමාව තුළ නුවණ, බුද්ධිය පහළවීමට අවකාශ ඇත. ශාස්ත්‍රීය කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත හැකි වනු ඇත. එහෙත් ස්ත්‍රීන්ට ළමයින්ට අපල දායක තත්වය තවමත් එලෙසම පවතින බව කිව යුතුය. ස්ත්‍රී දූෂණ, බාල අපචාර, සොර මැරකම්, එදිරිවාදිකම් සහිත සමාජ වට පිටාවක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ වැඩිය. අප රටේ කාන්තා පරපුර ළමා පරපුර ආරක්ෂා කරගත යුතු කාලයක් වන්නේය. පෙම්වතුන්ට මෙන්ම ප්‍රේම සබඳතාවලට යම් යම් භාධක එල්ලවේ. ස්ත්‍රීන් සම්බන්ධ කළකිරීම්වලට සහ විවාහකයකු නම් තම භාර්යාව සම්බන්ධ කරදරවලට හේතුවිය හැකි කාලසීමාවක් වේ. එලෙසම පුණ්‍ය කටයුතුවලින් මෙන්ම කලාත්මක කටයුතුවලින් මිනිසා දුරස් කිරීමට හේතු සාධක සිකුරු නීචවීම තුළ සැලකිය යුතු කරුණකි.

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.