අර්ධ සූර්යග්‍රහණය අප රටට කෙසේ බලපාවිද?

ඔක්තෝබර් 21, 2022
 
 
 සූර්ය ග්‍රහණයක දී  තත්කාල කේන්ද්‍රය යොදා ගත යුතු වන්නේ අමාවක පොහොය ලබන වෙලාවටයි. මේ අනුව 24 දින සවස් යාමයේ එකී වේලාවට මීන ලග්නයත්, වර්ගෝත්තම මීන නවාංශකයක් උදාව පවතී. තත්කාල කේන්ද්‍රයේ  ගුරු ලග්නගතව යුරේනස් දෙවැන්නේ ද කුජ හතර වැන්නේ ද සත් වැන්නේ බුධ ද අටවැන්නේ රවි, චන්ද්‍ර, සිකුරු ද එකොළොස් වැන්නේ සෙනසුරු සහ දොළොස්වැන්නේ නෙප්චූන් ද සිටියි. මෙහි ග්‍රහ පිහිටීම් සැලකිල්ලට ගත් කළ රටට සහ රට කරවන අයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. විරුද්ධ පාර්ශ්වයන් ගේ වාද විවාදවලට ලක් වේ. විදේශ මැදිහත්වීමෙන් මූල්‍යමය තත්ත්වයන් ඉහළ නැංවී අපේක්ෂිත ආර්ථික කළමනාකරණය සමඟින්ම මුදල් හා සම්බන්ධ ගිවිසුම් ඇතිකර ගනී. විවිධ අංශ මඟින් මහ බැංකුව පොහොසත් වෙයි. රජය විවේචනය කිරීම අඩුවක් නොවන නමුත් පරිසර විපත් වැඩිවේ. මාර්ග අනතුරු හේතුවෙන් මගී ජීවිතවලට හානි. මුදල් අවභාවිතා කරන අයට නීතිමය පියවර. සොර සතුරු උපද්‍රව වැඩි වෙන අතරම එවැනි අය නීතියේ රැහැනට. ප්‍රභූ මරණ ගැන අසන්නට ලැබේ. නාවික හා පතල් ආශ්‍රිත සේවා නියුක්ත අයට විපත්. කාර්මික ජීවන තත්වයන්ට පැමිණීමෙන් විපත් අවම කරගන්න.
 
 
-----------------
මහරගම ‘අපේක්ෂා රෝහලේ’ ළමා වාට්ටුවට වටිනා ඖෂධ සහ ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක් 
 
 
‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජය’ මඟින් පසුගිය දින දිස්ත්‍රික්ක 306 සී 1 ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වටිනා ඖෂධ තොගයක් සහ ක්‍රීඩා භාණ්ඩ රැසක් මහරගම ‘අපේක්ෂා රෝහලේ’ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මැතිතුමා වෙත භාර දුන් අවස්ථාවයි මේ. 
සත්වන වරටත් ‘ලෝක ළමා දිනයේදී’ මහරගම ‘අපේක්ෂා රෝහලේ’ පැවති මෙම උත්සවය සඳහා සිංහ සමාජයේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මහත්ම මහත්මීහු සහ සිසුහු රැසක් සහභාගි වූහ. මෙහි වමේ සිට දකුණට, කර්නල් සිංහ ප්‍රදීප් සේරසිංහ, රෝහල් ලේකම් ප්‍රදීප් රසාංග, සිංහ සමාජ සංවර්ධන සහ කලාපීය සභාපති සිංහ ඇන්ටන් ජයමාන්න, ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජයේ’ සභාපති සිංහ ධම්මික ගුණසේකර, විශේෂ ආරාධිත හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා, ‘අපේක්ෂා රෝහලේ’ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, ඖෂධ ව්‍යාපෘතියේ සභාපතිනි සිංහ යමුනා සෙනෙවිරත්න, සිංහ ඩියානි ප්‍රනාන්දු, භාණ්ඩාගාරිකා සිංහ ෂෙරීන් ෆොන්සේකා, ප්‍රවීණ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ සිංහ අනුර සී. පෙරේරා සහ සිංහ රනුක දිසානායක යන මහත්ම මහත්මීහු වෙති. 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.