නිවැරැදිව ඉටුකළ යුතු විවාහ චාරිත්‍ර

ඔක්තෝබර් 21, 2022

 

සිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර රාශියකි. හෙළ බෞද්ධයාගේ දෙවන උපත ලෙස සැලකෙන විවාහයේදී මේ චාරිත්‍ර ඉටු කිරීම ඉතා අගනේය.

 

පොරොන්දම් බැලීම

විවාහ යෝජනාවකදී පැරැන්නෝ ප්‍රථමයෙන්ම සිදු කළේ ස්ත්‍රි පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් පිළිබඳ බැලීමයි. ඉන් පසු දෙපාර්ශ්වයේම තම අයගේ පවුලේ දෛවඥයා හෝ දෛවඥයින් ලවා පොරොන්දම් බැලීම සිදුකරයි. දෙපාර්ශ්වයේම පොරොන්දම් ගැළපීම සෑහීමකට පත් වන්නේ නම් දෙවන පියවර වන්නේ පවුල බලන්නට යාම හෙවත් “බත බුලත් කෑම”යි.

 

පවුල බලන්නට යාම (බත බුලත් කෑම)

පළමුවෙන් ම මනමාලයාගේ පාර්ශ්වයෙන් මනාලියගේ නිවෙසට පැමිණීම සිදු කරයි. මනාලිය මනා ලෙස සැරසී බුලත් හෙප්පුවක් රැගෙන මනාලයා ප්‍රමුඛ මනමාල පාර්ශ්වයේ ඥාතීන් හමුවට පැමිණ ආචාර කරයි. මනාලිය විසින් බුලත් හෙප්පුව මනාලයා වෙත පිළිගන්වයි. අනතුරුව සිදු කරන්නේ මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාගේ පවුල බලන්නට යාමයි. මෙහිදී මනාලිය ඵම ගමනට සහභාගි නොවේ.

 

නැකැත් සෑදීම

මනාල මනාලිය දෙදෙනාගේ වයස රූපය තත්ත්වය අදහස් ගැළපීම මෙන්ම දෙපාර්ශ්වයේම තත්ත්වය (ආගම කුලය ධනය බලය ඥාතීන් හැකියාව ආදිය ) ගැළපේ නම් ඊළඟ කටයුත්ත විවාහයට නැකැත් සකස් කිරීමයි. සාම්ප්‍රදායික ලෙස නැකැත් සෑදීම කරන්නේ මනමාලයාගේ පාර්ශ්වයෙන්ය. මනමාලයාගේ පාර්ශ්වයෙන් ඵම නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට භාර දෙන අතර ඵම නැකැත්වල දෝෂ අඩුපාඩු ඇත්නම් මනාලියගේ පාර්ශ්වයෙන් පරීක්ෂා කර බලයි.

 

විවාහයේදී විශේෂයෙන් සලකා බලන නැකැත්

පූර්ව මංගල නැකැත්

මනමාලයාගේ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට භාර දීම .

දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන් මංගල දිනයට ආරාධනා කිරීම(බුලත් දීම).

තෙල් වළං ළිප තැබීම.

මංගල දිනයේ නැකැත්

මනාල මහතා නිවසින් පිටත් වීම.

මනාලියට තැල්ල බැඳීම(වේල් ඵක බැඳීම).

මනාලයාගේ පැමිණීම.

මංගල පෝරුවට නංවා චාරිත්‍ර ඉටු කිරීම (සළු පැලඳවීම ආදිය).

පෝරුවෙන් බැසීම.

පොතේ විවාහය සිදු කිරීම(විවාහය ලියාපදිංචි කිරීම).

මඟුල් මඩු ඉඳුල් කිරීම.

යුවළ පිටත් වීම.

පසු නැකැත්

ජෝඩුව පසු ගමන් පිටත් වීම.

මනාල යුවළ නිවෙසට ගොඩ වැඳීම.

මනමාලයාගේ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට භාර දීම.

 

ඈත අතීතයේ සිංහලයන් ඉතා ඕනෑකමින් සිදු කළ චාරිත්‍රයකි සෙත්කවි ශ්ලෝක ආදියෙන් විචිත්‍රවත්ව සකස් කරන ලද නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වය ඉදිරියේ කියවීමද විශේෂතත්ත්වයකි. කවි කතාවලින් වර්ණවත් වූ විවාදාත්මක ස්වරූපයක් ගත් මෙය මනා සුහඳ හමුවක් වැනිය.

දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන් මංගල දිනයට ආරාධනා කිරීම(බුලත් දීම).

මෙයද සුවිශේෂී චාරිත්‍රයකි. මේ සඳහා තෝරා ගන්නේ තමන්ට ඉතා හිතවත් විශ්වාසදායී සමීප පවුලේ ඥාතියකුය. බුලත් දීම සිදු කරන තුරු මංගල දිනය අනෙක් අයට දැනුම් නොදීම ඉපැරැණි ක්‍රමයක් වුවත් වර්තමානයේ මංගල උත්සව හෝටල්වල ගැනීම ආදී විසිතුරු වැඩ නිසාම අන්දන කෙනාට ෆොටෝ ගසන්නාට සැමට පෙර මඟුල් දිනය දැන්වීමට සිදු වේ. ඵනමුත් බුලත් දී චාරිත්‍රානුකූලව කෙරෙන කාර්යයට ඉන් පීඩාවක් නැත.

 

තෙල් වලං ළිප තැබීම

නැකැත් දිනය ආසන්න වන විට දෙපාර්ශ්වයේම අය මංගල්‍යයට කැවිලි සෑදීම සඳහා නැකැතට තෙල් වළං ළිප තබයි.

 

මනාල මහතා නිවසින් පිටත් වීම

මංගල දිනයේදී මනාල මහතා මනාලියගේ නිවසට යාමට තම නිවෙසින් පිටත් වෙන්නේ සුබ නැකැතටය. මනාලයාගේ මව වතුර වීදුරුවකට සුදු මල් දමා පෙර මඟට පැමිණේ.

මලින් සරසන ලද මංගල රථයට මනාලයා සමඟ දෙවන මනාලයාද ගොඩවන අතර අනෙක් ඥාතීන් වෙනත් වාහනවලින් මංගල රථයේ පසුපසින් පැමිණේ.

සමහර මනාලයින් නිවසින් පිටවීමට නැකැතක් නොබලයි. නමුත් මනාලයාට මේ අවස්ථාව ඉතාමත් වැදගත් අවස්ථාවක් බැවින් ඵ් සඳහා නැකැතක් බැලීම අත්‍යවශ්‍යය. සමහර අවස්ථාවලදී මනාලයා නිවෙසින් පිටවී යන නැකැත ඵළඹෙන අවස්ථාවේ මනාලයාගේ පවුලේ අය පෙනී නොසිටියි. සමහර විට මනාලයා නිවෙසින් පිටවීමේ නැකැත හා මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයට ළඟා විය යුතු වේලාව අතර සෑහෙන පරතරයක් පවතී. මේ අවස්ථා 2කම නිසා සිදු වන්නේ මනාලයා නිවසින් පිටවීමේ නැකැතට නිවෙසින් මිදුලට පැමිණ පැය ගණනක් බලා සිටීමය.

සිදු විය යුත්තේ මෙය නොවේ, මෙම නැකැත පිළිපැද්දා යැයි පවසා සිත සනසා ගැනීමට දරන උත්සහයකි. නැකැත ඇත්තේ පවුලේ සියලු දෙනා සමඟින් නිවෙසින් පිටවී යාම මිස නිවෙසේ ප්‍රධාන දොරටුවෙන් පිටවීමට නොවේ. මෙයින් මනාලයා කළකිරීමට පත් වීම හා වෙහෙසට පත් වීම ආදියද සිදුවේ. ඵමෙන්ම වර්තමානයේ බොහෝ මංගල උත්සව මනාලියගේ නිවසේ නොගෙන හෝටල්වල ගන්නා නිසා මනාලිය පිටවීමේ නැකතක්ද නැකත් පද්ධතියට ඵකතු වී ඇත.

 

ලබන සතියට...

 

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,

බණ්ඩාරගම, සම්පත් එස් කල්පගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.