නිවැරැදිව ඉටුකළ යුතු විවාහ චාරිත්‍ර

ඔක්තෝබර් 28, 2022

2 කොටස

 

මනාලයාගේ පැමිණීම

මනාලියගේ නිවෙසට ඇතුළුවීමට ප්‍රථම මනාල මහතාගේ පියා විසින් මනාලියගේ නිවසට ගොඩ වැදීමේ නැකැත් වේලාවට ප්‍රථම සිය පිරිසගේ ප්‍රමාණයට බුලත් හුරුල්ලක් සකස් කර මනාලියගේ දෙමාපිය ඥාතීන් වෙත පිරිනමා තම නිවෙසට පැමිණීමට අවසර පතයි. දෙපාර්ශ්වය අතර සාම්ප්‍රදායික තහංචි කවි හුවමාරුවෙන් පසු සතුටු සිතින් යුතුව නැකැත් වෙලාවට මනාලයා ප්‍රමුඛ ඥාතීන් මනාලියගේ නිවෙසට ගොඩ වදී. වර්තමානයේ හෝටල්වල උත්සව ගැනීම නිසාම මේ චාරිත්‍රයේ ප්‍රායෝගික වින්දනය යටපත් වී ඇත.

මල් කළඹ පිළිගැන්වීම

මනාලයා නිවෙසට ගොඩවැදීමට පෙර රථයෙන් බැස මනාලියගේ නිවෙසට ඵන දෙවන මනමාලයා විසින් මල් කළඔ මනාලිය අතට දී නැවත පිරිසට ඵකතු වේ.

පාවඩ ඵළීම

මනාලයාගේ පැමිණීමට මනාල පාර්ශ්වයේ හේන් මාමා විසින් පාවඩ ඵලීම සිදු කරයි. හේන් මාමාගේ හිත සතුටු කිරීමට මනාලයා විසින් යම් මුදලක් පාවඩය මතට දමයි. මෙම තෑගි මුදල “පාවඩ මස්ස” ලෙස හැඳින්වේ.

දෙපා සේදීම

මනාලියගේ බාල මලණුවන් විසින් මනාලයාගේ දෙපා සෝදා ගෙට ගැනීමේ පරණ චාරිත්‍රයක් ඇත.

මනාලයාගේ මලණුවන්ට ලැබෙන තෑග්ග රන් මුදුවකි.

 

 

මංගල පෝරුවේ නැඟීම

පෝරුව සකස් කිරීම ප්‍රදේශය අනුව විවිධාකාර වේ. පෝරුවේ සිව් කොනේ පුන් කළස් තබා ඵ් මත පොල් තෙල් බහා මැටි පහන් 4ක් තබයි. (සතර වරම් දෙවි පහන්) පෝරුවේ මතුපිට පැදුරක් එලා ඵ් මත සුදු රෙද්දක් ඵළා ඵ් මත නොපෑගෙන සේ කැකුඵ සහල්,ලද පස් මල්, බුලත්, පඬුරු ආදිය අතුරයි මීට අමතරව මංගල සම්මත වස්තූන් තැම්පත් කිරීමද පුරාණ චාරිත්‍රයකි.

සුබ නැකැත් වෙලාව ආසන්න වන විට මනාල යුවල ස්වකීය මාමාවරුන් අතින් අල්ලා පෝරුවට නැංවීම කරන අතර අදාළ චාරිත්‍ර විධි දත් මහතකු විසින් පෝරුවේ චාරිත්‍ර ඉටු කරයි.

 

පෝරුවෙහි ඉටුකරන

ප්‍රධාන චාරිත්‍ර

ත්‍රිවිධ රත්න නමස්කාරය

සතර වරම් දෙවියන්ට පහන් දැල්වීම

දෙවියන්ගෙන් අවසර පැතුම

යුවල පෝරුවෙහි නැංවීම

උතුම් දළුවර පිදීම

අෂ්ටක කියවීම

මංගල මුදු පැළඳවීම

සළුපිළි දැවටීම

අතැඟිලි බැඳීම

පැන් වැඩීම

ජයමංගල ගායනය

පෝරුව ඉඳුල් කිරීම

බුලත් හුරුළු පිදීම

කච්චි කිරිකඩ පිදීම

බුලත් හුරුළු ගෙන සුබ පැතීම

පෝරුවෙන් බැස්සවීම හා ඵ් සමඟ ශබ්ද පූජා පැවැත්වීම(මඟුල් බෙර, සක් පිබීම, පොල් ගෙඩියක් බිදීම)

 

පොල් තෙල් පහන දැල්වීම

පෝරුවෙන් බහින යුවළ ප්‍රථමයෙන් කරනුයේ පොල් තෙල් පහන දැල්වීමය.

 

කිරිබත් කෑම

පුරාණයේ සිටම සුබ කටයුතු කිරීමේදී කිරි මිශ්‍ර ආහාරයක් ගැනීම චාරිත්‍රයයි. වර්තමානයේ මෙය කේක් කැපීම ලෙස කළඵළි බැස ඇත.

පොතේ විවාහය

(විවාහය ලියාපදිංචි කිරීම).

මෙම කටයුත්ත ඇතැම් විට පෝරුවෙහි නැඟීමට පෙර මෙන්ම පසුවද කරන අවස්ථා ඇත. ඉන් පසු මඟුල් මඬු ඉඳුල් කිරීමේ චාරිත්‍රය සුබ නැකතින් සිදු වේ.

 

සුබ නැකතට යුවල පිටත් වීම

මංගල සභා ආදිය පැවැත්වීමෙන් පසු ඥාතීන්ගේ ආශිර්වාදය මත යුවල සුබ නැකතින් මධු සමයට පිටත් වේ.

 

දෙවන ගමන

මනාල යුවල මධුසමය ගත කොට පසුදා උදෑසන රෙදී නැන්දා සමඟ මනාලයාගේ මව යුවල විසූ කාමරය වෙත පැමිණේ. පෙර දින පෝරුවේදී මනාලියගේ ඉන දැවටූ සුදු පිරුවටය මධු සමයේදී ඇගේ චරිත ශුද්ධිය ඔප්පු කිරීමට භාවිතා කරයි. මනාලයාගේ මෑණියන් විසින් ඵය පරීක්ෂාකොට මනාලියගේ චරිතය පිළිබඳව සතුටට පත් වේ නම් ඵම සුදු පිරුවටයේ කොනක මුදලක් ගැට ගසා රෙදි නැන්දා වෙත ලබා දෙයි. අනතුරුව රබන් ගසා මෙම සතුට ප්‍රකාශ කොට දෙවන මනමාලයා අත රතු රෝස මලක් දී මනාලියගේ නිවෙසට ගොස් ඵය දන්වයි. මනාලියගේ පාර්ශ්වයේ අයද ඔහු ආදරයෙන් පිළිගෙන රබන් ගසා මනාලියගේ පාර්ශ්වයද සතුට ප්‍රකාශ කරයි. අනතුරුව මනාලියගේ පාර්ශ්වයෙන් දෙවන ගමනට මනාලයාගේ නිවෙසට පිටත් වේ.

මනාල යුවල සුබ නැකතින් පිටත් වී මනාලියගේ පාර්ශ්වය සමග මනාලයාගේ නිවෙසට පැමිණෙන අතර මනාලයාගේ මවුපියන් විසින් යුවල ආදරයෙන් පිළිගනී. දෙවන දිනයේ මනාලිය සැරසී සිටින්නේ පෝරුවේදී ලද සළුපිළි වලිනි. පාරිශුද්ධ දියණියක් තමන්ට ලබා දීම පිළිබඳව මනාල පාර්ශ්වයේ මවුපියන් මනාලියගේ මවුපියන්ට චාරිත්‍රානුකූලව කෘතඥතාව පළ කරන අතර තම දියණිය අද සිටම නුඔලාගේම දියණිය මෙන් සෙනෙහසින් රැක බලා ගන්නා ලෙස හෙළ සිරිත් චාරිත්‍රානුකූලව මනාලියගේ මවුපියන් බුලත් හෙප්පු තෑගි බෝග හුවමාරුවෙන් සිදු කරයි.

 

ඡ්‍යෝතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,

බණ්ඩාරගම,

සම්පත් එස් කල්පගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.