පෙබරවාරි 27 ඥානකාරක බුධ කුම්භ රාශි ගතවීම යහපත් වෙයිද?

පෙබරවාරි 24, 2023

 

උත්තරායනය - වස්සාන සෘතුවෙහි - කුම්භ රවි 15 භාග - මැදින් මහේ පුර අටවක තිථිය - කුම්භ රාශිය තුලා නවාංශකය - දෙනට නැකතේ 03 පාදය. පෙබරවාරි 27 වැනි සඳුදින පස්වරු 04.47 ට ඥානකාරක බුධ සෙනසුරු හිමි කුම්භ රාශියට පැමිණෙන්නේ ය.

 

අඟහරු හිමි මේෂ රාශි විශ්ව රාශි සටහන ද රවි හිමි සිංහ රාශි ශ්‍රී ලාංකේය ජනරජ රාශි සටහන කෙරෙහි විමසා බලන කල පෙනීයන්නේ රටෙහි කළමනාකරණය, සැළසුම්කරණය නිසි අන්දමින් සිදුවිය යුතු බවයි. එසේ නොවුණහොත් අතිශය ශෝකාකුල පසුබිමක් ප්‍රචණ්ඩතාවයක් සමාජය වෙළාගනු ඇති බව නොකියා බැරිය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කම්කරු ජනතාව සඳහා ආර්ථික සහනදාසී පසුබිමක් නිර්මාණය වන බව පෙනේ. බදු බර සහනශීලීබවකට තුඩු දෙනු ඇත. මහ බැංකුවෙහි මූල්‍යමය තත්ත්වය ශුභවාදී බවක් උසුලනු ඇත. දේශීය දළ ජාතික ආදායම ක්‍රමයෙන් වර්ධනය වන බවක් ඇතිවනු ඇත. පාරිසරික විපත් කෙරෙහිද ජනතාව විමසිලිමත් විය යුතු කාලයකි. හදිසි ගිනි ගැනීම්, ගිනි තැබීම්, දේපළ හා ජීවිත හානි ද සිදුවිය හැකි කාලයකි.

ප්‍රවීණ ලේඛකයනට, දේශකයනට මෙන්ම ජනමාධ්‍යවේදීනට පුරා විද්‍යා ගවේෂකයන්ට, චින්තකයනට, දාර්ශනිකයනට, හිතකර ග්‍රහ ගමනක් බුධ කුම්භයට සම්ප්‍රාප්තිය ගෙන දෙයි. අසරණ කුමන්ත්‍රණ කඩාකප්පල්කාරී බලවේග මර්දනය කෙරෙමින් ලක් රජය පරිපාලනමය ක්ෂේත්‍රයට නව මුහුණුවරක් ග්‍රහණය කරවන සුළු වෙයි. සමඟි සාමගි‍්‍ර සම්මුතියක් කෙරෙහි නායක හමුවකින් උණුසුම් සාකච්ඡා පැවැත්වෙනු ඇත. ඉදිරියෙහි සුවිශේෂී සිද්ධීන් වෙන්නේ ය.

මේෂ රාශිය -

වෛර, අවෛර සැමදෙනා සමඟ මිත්‍රශීලීබවක් කඩිනමින් නිර්මාණය කෙරෙයි. තැම්පත් දේපළ වස්තු කෙරෙහි මෙන්ම රැකියා ආදායම් මාර්ගයන්හි නවතාවයක කළමනාකරණයක් අධිවේගීව ක්‍රියාත්මක කරනු ලබයි. සැනසීමෙන් ක්‍රියා කරයි.

වෘෂභ රාශිය -

තිරසාර හැඟීම් සමුදායක් උත්සහයෙන් උනන්දුවෙන් ප්‍රාණවත් කෙරෙන ක්‍රියාකාරී ස්වභාවයක් විද්‍යාමාන කෙරෙන ග්‍රහ ගමනෙකි. මානසික, ශාරීරික සුවපහසු බවක් කඩිනමින් විද්‍යමාන කෙරෙන තෘප්තිමත් කාල පරාසයකි.

මිථුන රාශිය -

රැකියා ආදායම් මාර්ග මෙන්ම ස්ථාවර මූල්‍යමය හෝ දේපළ වස්තු ආශි‍්‍රතව සමාජගත මට්ටමෙන් උසස් බවක් සෘජුව මතු කෙරෙයි. ජීවන ගමන් මඟෙහි නවතාවයක් මතුවෙයි. හදිසි ධන ලාභ මෙන්ම උසස් ආර්ථිකයක් ගොඩනැංවෙයි.

කටක රාශිය -

යුග කාලීනව දැඩිබවකින් උත්සාහය උනන්දුව ආශි‍්‍රතව නව ජීවන ගමන්මඟකට අවතීර්ණය කෙරෙන කාල පරාසයකි. ඥාති හිතෛෂී මට්ටමෙන් සහයෝගය ලබාගෙන පරිවර්තනකාරී තිරසර ගමන්මගකට යොමු කෙරෙනු ඇත.

සිංහ රාශිය -

අනාගත වර්තමාන සැළසුම්කරණ බොහෝ දුරට මන්දගාමී ඉරණමකට පාත්‍රවෙන සුළුවෙයි. විරුද්ධ පාක්ෂිකයන් සමඟ සමීපතම හිතවාදිකම් තබා ගත යුතු ප්‍රවණතාවය බොහෝ දුරට හිතකර වෙයි. වර්තමාන සිතැඟියාවන් බොහෝ දුරට අඩපණ විය හැක. ආරම්භක කටයුතු ඉදිරියට ද කරගෙන යාමෙහි යුක්තිය ධෛර්යය ක්‍රමවත් කර හැසිරවීම ශුභවාදී වෙයි.

කන්‍යා රාශිය -

පවුල් ඒකකයෙහි සමගි සමාදානය හිතවාදිවෙයි. ඉලක්ක මත ජීවන ගමන හඹායාම තුටුපහටු වෙන්නෙකි. වර්තමාන අනාගත සමාරම්භක ක්ෂේත්‍රයන් බොහෝ දුරට සාර්ථක වෙයි. රැකියා ආදායම් මාර්ග කෙරෙහි නීතිමය ප්‍රශ්න හෝ සොර සතුරු බලවේග ක්‍රියාත්මක විය හැක. යටපත්ව තිබූ රෝගාබාධක හෝ සතුරු එදිරිවාදිකම් කළඑළි කෙරෙයි.

තුලා රාශිය -

බොහෝ දුරට වාණිජ ව්‍යාපාර මෙන්ම දෙස් විදෙස් ආශි‍්‍රත කරුණු කාරණා සාර්ථක කෙරෙනු ඇත. ඥාති හිතෛෂි සබඳතා මතු කෙරෙයි. රැකියා ආදායම් මාර්ග උසස් බවකට තුඩු දෙනු පෙනෙයි. නව ව්‍යාපාරික සබඳතාවයන් සමීප හිතවාදීන් සමඟ ක්‍රියාකාරීවෙයි. පදිංචි ස්ථාන භූමි ආශි‍්‍රතව ආකූල ව්‍යාකූලබවක් මතු කෙරෙයි.

වෘශ්චික රාශිය -

පවුලෙහි සුහදතාව වර්ධනය කෙරෙයි. පදිංචි ස්ථානයක නවතාවයකින් ක්‍රියාකාරීවෙයි. අධ්‍යාපන, සබඳතා, යුගදිවි ක්‍රියා සහ සොර සතුරු බලවේග ආදී පැතිකඩයන්හි ආකූල ව්‍යාකූල බවක් මතු කෙරෙයි. පවුලේ සාමය සමඟිය වර්ධනය වෙයි. විවාහ කටයුතු සාර්ථකයි.

ධනු රාශිය -

උත්සහය උනන්දුව වර්ධනය වෙයි. කරුණු අරමුණු කීපයක්ම ආශි‍්‍රතව සතුටුදායක බවක් මතු කෙරෙයි. පදිංචි ස්ථානය, භූමිය සහ පදිංචි පිරිස ආශි‍්‍රතව ඉතා ප්‍රශස්ත බවක් උද්දීපනය කෙරෙයි. ප්‍රසිද්ධිය කීර්තිය ගලා එන කාල පරාසයකි.

මකර රාශිය -

නිර්මාණශීලී බව මෙන්ම තැම්පත් ධනය දේපළ වස්තු ආශි‍්‍රතවද ප්‍රාණවත් බවක් මතු කෙරෙයි. උත්සාහය උනන්දුව උච්ච අවස්ථාවට පාත්‍ර වී ඇත. නව ජීවන ගමන් මඟකට ක්‍රියාකරළීමේ දක්ෂතා නිපුණතා මතු වෙයි. කවර තරාතිරිමක කෙනෙකුගෙන් නමුදු ශුභවාදී ඇසුරකින් බොහෝ දුරට හැල හැප්පිලි දුරුකරගත හැකි බවක් උදාවෙනු ලබයි.

කුම්භ රාශිය -

බොහෝ දුරට දිගුකාලීන මෑත කාලීන අරමුණු උසස් අයුරකින් ම ඔබට සාර්ථක කරගත හැක. අනාගත සබඳතා විවාහ කටයුතු සාර්ථක වෙයි. පදිංචි ස්ථානය භූමිය ආශි‍්‍රත නව ගමන් මඟකට ප්‍රවේශ වෙයි. රාජ්‍ය හෝ පෞද්ගලික රැකියා ආදායම් මාර්ග සාර්ථක කෙරෙන සුළුවෙයි.

මීන රාශිය -

දිගුකාලීනව අරමුණු කොටගත් සිතැඟියාවන් බොහෝ දුරටම සාර්ථක කෙරෙන බවක් පෙන්නුම් කෙරෙනු ඇත. ආරම්භක ක්‍රියාකාරී වූ රැකියා ආදායම් මාර්ග කටයුතු සතුටුදායක බවක් උසුළයි. සමාජගත කරුණු කාරණා දැඩි මුවහත්වීමකින් සක්‍රීය කෙරෙයි.

 

 

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.