අධ්‍යාපනය උදෙසා ශක්ති ශරීරය බලගන්වන පාෂාණ

මැයි 12, 2023

මනුෂ්‍යාගේ භෞතික ශරීරයත්, ඒ වටා ඇති ශක්ති ශරීරයත් (Engrgy Body) බලගන්වමින් ජීවිතයේ කායික, මානසික, භාවමය හා ආධ්‍යාත්මික පාර්ශ්වයන් මනා ලෙස ගොඩනැඟිය හැකි මෙවලමක් ලෙස වසර සිය දහස් ගණනාවක් තිස්සේ පාෂාණ භාවිතය බහුලව සිදු වූ බව පෙනේ. අද වන විට විවිධ අරමුණු උදෙසා මෙවැනි පාෂාණ වර්ග නිරන්තරයෙන් භාවිතයට පැමිණ තිබේ. ඒ අනුව අද විමසා බැලෙන්නේ අධ්‍යාපනික කටයුතු වර්ධනය කරගැනීම සඳහා භාවිත කළ හැකි විවිධ පාෂාණ වර්ග පිළිබඳවයි.

ශ්වේත චන්ද්‍රකාන්ති පාෂාණය (White Moon Stone) ශක්ති ශරීරයේ ඉහළ චක්‍ර බල ගන්වමින් සුවතාව ඇති කළත් ස්ත්‍රී හෝමෝන ස්‍රාවය බලවත් කරන බැවින් පිරිමි අය සඳහා උචිත නොවේ. අධ්‍යාපනික සමයේ පසුවන දැරියන්ගේ ඇති වන විවිධ අපහසුතාවන් සමනය කෙරෙන බැවින් ඔවුන් සඳහා උචිතම පාෂාණයකි.

පාරභාෂක සෙලනයිට් (Translucent Selenite)  ස්නායු පද්ධතිය බලගන්වමින් චිත්ත පවිත්‍රතාව ඇති කරන බැවින් විවිධ භාවමය පෙළඹවීම් වළකාලමින් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ඉවහල් වෙයි.

පළිඟු Crystal Quarts)
 

මිල අඩු පාෂාණයක් වන මෙය විශාල ශක්තියක් ගැබ් කර ගන්නා මෙන්ම චිත්ත ඒකාග්‍රතාව වඩවන මානසික ආතතිය දුරු කරවන පැහැදිලි චින්තනයක් ඇති කරවන පාෂාණයකි. පුස්තකාලයක, පාඩම් කරන ස්ථානයක තරමක් විශාල මේ වර්ගයේ පාෂාණයක් තැබීම අතිශයින් ප්‍රතිඵලදායක වේ.

ශ්වේත ජේඩ් (White Jade) චිත්ත වේගයන් මැනැවින් පාලනය කරන, ස්නායු බලවත් කරන, සිතුවිලි කෙරෙහි වන බාධා දුරු කරන, සිත සන්සුන් කරවන පාෂාණයකි.

ශ්වේත ජේඩ් (White Howlite)  ප්‍රකෝපකාර සිතුවිලි සමනය කරමින්, හොඳ නින්දකට මඟ සලසන, ස්මරණ ශක්තිය වැඩි දියුණූු කරවන, ඉවසීම, ප්‍රගුණ කෙරෙන පාෂාණයකි.

යමහල් ලිලැක් (Voleanic Lilac) අධ්‍යාත්මය බල ගන්වන, සමාධිය වඩවන, චිත්ත ව්‍යාකූලතා . තුරන් කරන පැහැදිලි නිදහස් සිතුවිලි ඇති කරන පාෂාණ විශේෂයකි.

ඉහත පාෂාණ භාවිතයෙන් අධ්‍යාපනය මෙන්ම ආධ්‍යාත්මික සමාධියද වඩවා ගත හැකි වුවත් මේවා භාවිතයත් සමඟ අශුභ ශක්තීන් ගැබ් වී, ප්‍රතිඵල අඩුව යා හැකි බැවින් තද රසායනයන් මුසු නොවූ ගලන ජලයෙන් සෝදා හැර සඳ එළියේ රැයක් තිබෙන්නට හැර යළි භාවිතයට ගැනීම උචිත බවද අවධාරණය කළ යුතු වේ.

ජනක පි‍්‍රයන්ත දයාරත්න

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.