වර්ෂ 2024 ක්වූ December 06 වැනිදා Friday
විභාගයට සූදානම් වන දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරන ක්‍රමය
අධ්‍යාපන කටයුතු පිළිබඳව මවුපියන් දරුවන් වෙනුවෙන් දැඩි සටනක යෙදෙන මේ වකවානුවේ දී එම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මවුපියන්ගෙන් කීයෙන් කී දෙනෙකුට තම දරුවාගේ ඉගෙනීම් කටයුතු ගැන සතුටු විය හැකිද? එයට හේතුව ළමයාගේ මතකය පිළිබඳ ඇතිවන ව්‍යාකූලත්වය නිසා කියැවෙන දේ, දකින දේ, ඇසෙන දේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය ආකාරයට ප්‍රකාශ කිරීමට ඇති අපහසුවයි.
මේ ස්වාභාවය දරුවාගේ ඉගෙනීම් කටයුතු පිළිබඳව තැබුවා වූ බලාපොරොත්තු මිරිඟුවක් වීමට අවකාශ ඇති කරවයි. මේ ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කර ගැනීමට හැකි බව නොදැනීම ද මහත් අභාග්‍යයකි.
කරුණු මේ ආකාරයට පවතිද්දී දරුවාගේ මතකය නිසි ආකාරයට හසුරුවාලීමට හැකි ගුප්ත ක්‍රමවේදයක් මේ සමඟ ඉදිරිපත් කරමු.
ක්‍රමය -
පුර පක්ෂයේ සිකුරාදා දිනෙක චන්ද්‍ර හෝරාවෙන් බිම නොදමා රන් තැඹිලි ගෙඩියක් කඩා ගෙන ඉතා පිරිසුදුව කිළිකුණුවලට හසු නොවන සේ නොඉඳුලෙන් ඉතා පිරිසුදුව පිරිමියෙකු ලවා හිරු එළියේ (අව්වේ) තබා තෙල් සිඳ ගන්න. ළිපේ තබා තෙල් සිඳීමෙන් ප්‍රතිඵල හීනවේ. නිසි පරිදි ජීවම් කරගත් තෙල් වරු තුනක් දිව ගා පාඩම් කරන්න. සුරයක දමා කර පැලඳ ගන්න. සුර ගුරු පැරදවීමට තරම් මහා ධාරණයක් ඇතිවේ.
මල් අසුන -
ප්‍රථමයෙන් සුදුසු ස්ථානයක් ගෙන එය පවිත්‍ර කර සුදුසු දිනයක් සහ සුදුසු වේලාවක් තෝරා ගන්න. තමාද නා පිරිසුදු වී සුදු පැහැති පවිත්‍ර ඇඳුමින් සැරසී පූජාසනයෙහි යකඩ ඇණ නොගැසූ වියන් බැඳ පිරුවටයක් දමා කෙසෙල් දල්ලක් එලන්න. කට ලොකු භාජනයකට තෙල්ටික දමා ඒ මැද තබා ඒ වටේට මල් වර්ග 9ක්, බුලත් පහන් 5ක්, පඬුරු 1ක්, කපුරු, පිණිදිය, සුවඳ විළද, පලතුරු පස් වර්ගයක් පිරිසුදු කැවිලි වර්ග 5ක්, එළකිරි ගොටු 3ක්, ගිතෙල් පහනක්, කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 9ක්, ගෝරෝචන, කස්තුරි, ලද පස්මල්, හඳුන්, කිරිබත්, තැඹිලි, හබල පෙති යන ද්‍රව්‍ය පූජාවට තබා පිච්චමල් 56ක් නූලකට අමුණා කරේ දමාගෙන ගොක්කොළ කැබැල්ලකින් තෙල් කාල් ගාමින් ජීවම පටන් ගන්න.
දිෂ්ටිය -
ඕං දේවි කරණ දේවි කරණ උමුක්කු මුත්තාන් කොන්ඩායුම් මුඩි වේලා පුරයුම් වැර කෛලේ පත්‍ර ඉරම් පාම්බු ආරා ඉරම් කොන්ඩියුම් හරි හර නාරායනේ වීර පත්‍ර කාලි අං ආං ඒස්වාහඞ නමෝ සර්වඥාන සදා නන්දි සර්ව දේවි නමෝ නමඞ නමෝ සුධත්ථ පඨිඝ සංගීති සූක්ෂම රූපි නමෝ නමඞ නමෝ මුල මන්ත්‍ර රූපායි මුල ශක්ති නමෝ නමඞ නමෝ යෝගාන්දානි නමෝ නමඞ නමෝ නාරායනී ඝෝර රූපී වර වර දේවි නමෝ නමඞ
ජප මන්ත්‍රය -
ඕං සරස්වතී වර වර දේවතා බරපති අල්ලන් බාරාතී විජය ධාරණී සබ්බ ලෝකේ කුරේ තත් දේ ස්වාහඞ ඕං නමෝ සරස්වතී නාම් සත්තිය භාග්‍යානී විජ්ජාව මා කෙරේ බන්දාමි එං එං ශීඝ්‍ර ධාරණ පක්ෂිරාජා හනුමන්තා ඉෂ්ට දේවි නමෝස්තු නමඞ නමෝ සුලභ ධාරණ ඒස්වාහඞ නමෝ දිව ධාරණී ඒස්වාහා නමෝ සිහිකරණී ඒහී ඒහී ඒස්වාහඞ
කිළිපහ කරන මන්ත්‍රය -
ඕං ත්‍රිෂ්ට්‍යා ත්‍රිෂ්ටා අස්සජි උරංචි සොන්හාල් නමෝ ඒස්වාහාඞ
ප්‍රාණ මන්ත්‍රය - ඕං අග්නි ප්‍රාණදේවි ප්‍රාණ ජල ප්‍රාණ දිෂ්ටි ප්‍රාණ ප්‍රාණ ප්‍රාණ ඒස්වාහඞ
පුටමන්ත්‍රයඞ - ඕං ඣං ඣං හං හං හේං හුං හුං හෘං හෘං ත්‍රිෂ්ටන් ත්‍රිෂ්ටා
පලිප්පු මන්ත්‍රය -
ඕං ශර ගුරුළු මන්ත්‍රකාලි පලිප්පු ශර ගුරුළු යන්ත්‍ර කාලි පලිප්පු ජීවප්‍රාණ පලිප්පු අං ආං ඉං ඊං
නම නම ඉන්ද්‍ර නීල පලිප්පු අං අඞ වර වර
පලිප්පු දේවතාවි දිෂ්ටිලා වර වර සිද්ධි ප්‍රාණ
වර වර ඒස්වාහඞ
සිද්ධි මන්ත්‍රය -
ඕං ශ්‍රී ඝෞරාඩිනානේ සිද්ධි සංහාරනී සිද්ධි සිද්ධි කාලි ඊශ්වර සිද්ධි මාතාංග දේවී සිද්ධි දේව මහනී සිද්ධි විෂ්ණු සිද්ධි ජල දේවි කදිර යක්ෂණී සිද්ධි ස්ව ප්‍රමේශ්වර රූපි අම්මා සිද්ධි සිද්ධි ඒස්වාහඞ
ජීවම් කිරීම -
පළමුව කිළි නොවදින මන්ත්‍රයෙන් දාහතර (14) වරක් දුම්මල මතුරා පූජාසනයට හා අවට දුම් අල්ලා දිෂ්ටි මන්ත්‍රයෙන් එකසිය අට 108 වරක්ද මතුරා දුම් දී ජප මන්ත්‍රයෙන් එක්දහස් එකසිය අට 1108 වාරයක් මතුරන්න. නැවත දිෂ්ටියෙන් විසිඑක් වරක් 21 ප්‍රාණ මන්ත්‍රයෙන් විසි එක් වරක් 21 සහ පලිප්පු මන්ත්‍රයෙන් 108 වරක් ද මතුරන්න. නැවත සිද්ධි මන්ත්‍රයෙන් 108 වරක් මතුරා දුම් අල්ලා අවඝත කරන්න.
පැරණි පුස්කොළ පොතකිනි.