වර්ෂ 2024 ක්වූ December 06 වැනිදා Friday
ලෝ පතළ ධනයට අධිපතිනී ශ්‍රී ලක්ෂ්මී දෙවඟන
සිරියාදේවී, සිරිකත, පියුම්බා, ශ්‍රී ලක්ෂ්මී වැනි නාමවලින් හඳුන්වන්නේ ශ්‍රී ලක්ෂ්මී දෙවඟනයි. නෙළුම් මලක් මත අසුන්ගෙන සිටින්නීය. ශෝභමානය. අතිශයින් පවිත්‍රකාරකය. රූමත්ය. ශි‍්‍රයාව ඇත්තීය. විශාල දේවාල නැතත් කතරගම ශ්‍රී ලක්ෂ්මී දෙවොල ගොඩනඟා තිබේ.
එතුමියගේ රුව ප්‍රතිමා තබා වන්දනාමාන කිරීම් කරනු ලැබේ. හින්දු සම්භවයක් සහිත බලවත් දෙවඟනකි. ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ පි‍්‍රයම්බිකාව ලෙස සලකයි.
මේ දෙවඟන මාතෘ ගර්භයකින් ඉපිද නැත. හින්දු සම්භවයේ දී කිරි සයුර කැලඹීමෙන් පහළ වූ ප්‍රබලතම දෙවඟනකි.
සුර අසුර යුද්ධයෙන් සුරයන්ගේ බලය පිරිහෙමින් පවතින විට ඉදිරියේ පෙනී සුරයන් පරාජයට පත්වන්නේ ය. යන්න මුල් කොට විෂ්ණු දෙවියන් මුල්වී දෙවියන් අමරණීයත්වයට පත්විය හැකි ඔසුවක් වූ අමෘතය නැමැති මහා බලවත් පානය කිරි සයුරින් උඩට ගැනීමට උපක්‍රම යොදන ලදී. බ්‍රහ්ම ශිව ප්‍රමුඛ දෙවිවරුන්ගේ උපකාරයෙන් කිරි මුහුද කැලඹීමට පටන් ගත්තේ ය. එවේලේ අමෘතය සහ කල්ප වෘක්ෂය සුරබිදෙනන් ලෝවැස්සන් හට ධනසම්පත් ලබා දෙන මහා රත්නයක් වූ ශ්‍රී ලක්ෂ්මී දෙවඟනත් වැනි මහා වස්තු රැසක්ම පහළ වූයේ ය. මෙසේ කිරි මුහුදෙන් ලබාගත් දේවිය ශ්‍රී ලක්ෂ්මී දෙවඟන ශ්‍රී විෂ්ණු දෙවියන් සිය බිරිඳ කර ගත්තේ ය. තමාගේ උරයමත වඩා හිඳුවා ගන්නා ලදී. විෂ්ණු දෙවියන් දස මුහුර්තයම ලොවට පහළ කළා සේම ශ්‍රී ලක්ෂ්මියද එයට අයත් වන්නීය. ලක්ෂ්මී දෙවඟන පියුම්බා නමින් හැඳින්වූයේ පියුමක් උඩ වැඩ සිටින බැවින්ය.
බෙලි ගසද ශ්‍රී ලක්ෂ්මී දෙවඟන වැඩ සිටින වෘක්ෂයකි. බෙලි ගස් නිවෙස ඉදිරිපිට වැවීම ධනසම්පත් හිමිවන්නේ යැයි ජන විශ්වාසයකි.
කිරි මුහුද කලඹන්නට සුර අසුර දෙපක්ෂම එක්විය. සුර අසුර සමාදාන ගිවිසුම හරහා මහා මේරු පර්වතය උගුල්ලා එය කිරි මුහුදේ ඔබා අමෘතය සෑදෙන ඖෂධ කිරි මුහුදට දමා වාසුකී මහා නාගරාජයා මහමෙර වටා ඔතා මුහුද කැලඹීමට සුරයින්ට හිසත් අසුරයින්ට වලිගයත් වෙන්කර ගත්හ. අසුරයෝ නාගයාගේ මුවින් පිටවුණ විෂ වායුවෙන් බෙලහීන වූ අතර සුරයින් බලවත් විය. කිරි මුහුද කලඹද්දී පත්ලේ මඩ නිසා මහමේරු පර්වතය එරෙන්ට විය. විෂ්ණු දෙවිඳු යෝධ කැසබු වෙසක් මවා මුහුදු පත්ලට කිමිද සිය සිරුරින් මහමෙර දරා ගන්නා ලදි. එවිට මහමෙරට පහසුවෙන් මුහුද කැලඹීමට හැකිවිය.
මේ විට කිරි මුහුද තුළින් පැන නැග්ගේ ඉතා රූමත් වූ ලක්ෂ්මී දෙවඟනය. ලක්ෂ්මී දෙවිඳු භෘගු ඍෂිවරයාගේ එකම රූමත් දියණිය වේ. එක්තරා ඍෂිවරයකු විසින් කරන ලද ශාපයක් නිසා ශක්‍රයාටත් අහස දෙව්ලොව දෙවියන් හටත් සුර ලොව අත්හැර යන්නට සිදුවූ බැව් දෙවිවරුන්ට මතක් වූ අතර ලක්ෂ්මී කිරි සයුරේ සැඟවුණු අයුරු ඔවුන්ට සිහිපත් විය.
ඇයගේ රූපයට වශී වුණ සෑම දෙවියෙක්ම ආදරය කරන්නට පටන් ගත්තේ ය. ශිවද ඈ විවාහ කර ගැනීමට ඉදිරිපත් විය. එහෙත් මුලින්ම මතු වූ චන්ද්‍රයා ඔහු විසින් ගෙන තිබුණ නිසා ලක්ෂ්මී තමන්ට අයිති බව විෂ්ණු කියා සිටියේය. දෙව්දුවද, විෂ්ණු දෙවියන්ට කැමැති වූවාය.
කඩවූ බලාපොරොත්තුව නිසා ශිව වස පානය කර දිවිනසා ගැනීමට තැත් කළේය. එයට පාර්වතී දෙවඟන ඉඩ නොදෙන ලදී. පාර්වතී ශිවගේ උදරයෙන් විෂ ඉවත් කළාය. දේව පුරාණයේ විවිධ රස කතාවලින් ගොතා තිබේ. ලක්ෂ්මී විෂ්ණු දේවියන් අතර සහ සබඳතාවය ලොව පවතිනතුරුම අඛණ්ඩව රැඳී පවතිනු ඇත. තවද සකල ජනයාටම මුදල් ලබා දෙන්නේ ශ්‍රී ලක්ෂ්මී දෙවඟනයි.