එදිනෙදා භාවිතයට විවිධ කෙම්

ජනවාරි 10, 2025

 

වල් අලි පැන්නීමට

මන්ත්‍රය :– ඕං ආරි ඇතා නාලාගිරියා නීතු නමඞ

ඕං කාලි මේන් කාලි වර සැර පුල්ලේ සැර හනු

අච්මේ සැර අනු අප්පේ සැර එනු

ක්‍රමය :– හත්වරක් අත් දෙකට මතුරා අත්පුඩි ගසන්න

වල් අලියා ආපසු හැරී දුවයි

කෙත රැකීමට

මන්ත්‍රය :– නමෝ මුනි මුනි ගාතා මුනි වජ්‍ර මුඛ ඒස්වහඞ

ක්‍රමය :– සුබ දිනක සුබ හෝරාවකින් කදුරු කෝටු 7ක් ගෙන 108 වරක් මතුරා, ඊසාන දිශාව හැර අනිත් දිසාවලට කදුරු කෝටුව බැගින් සිටුවන්න. සතුන්ගෙන් කෙත ආරක්ෂා වේ.

සර්පයෝ ගෙට එනවාට

මන්ත්‍රය :– ඕං නමෝ සං සර්ප භගවා තේ තෝරා නමඞ

ක්‍රමය :– මේ මන්ත්‍රයෙන් හත්වරක් පොල්තෙල්වලට මතුරා පහන් දැල්වීමෙන් සර්පයෝ ගෙට නොඑති.

සර්ප විෂට මන්ත්‍රය

 

මන්ත්‍රය :– ඕං ෙලෙරුඩා පසකී හේරා ගේතා කාරාදිබේ ඩේ ශ්‍රලාඩා

පාම්බු කඩදායිරම් සැරධාතු පටිධාතු ගුරු

ගුරු බහී බහී නහීරේනං.......ඕං සුරමාල විෂමුංඩාල්

තකරි විෂමුංඩාල් මකරී විෂමුංඩාල් ගුරුවාල ගරුඬා

සියලු විෂයං ගුරුඬපුර ඕං පක්ෂ විපක්ෂ පෙහ්.......ඕං

හංසපුර ගරුඬපුර ගුරුඬපුර නීලක්ඛංඩ පුරෙ ස්වාහා......

ඕං නීලක්ඛණ්ඩ කණ්ඩ ඒස්වාහා.....ඕං තෙලිසරි මලිසරි කල්

ගිත බහ්.....ඕං අමුක්කරා ගාමුංගි විෂඞ මී විෂං නහිරෙ නඞ..........

 

ක්‍රමය :– සතා කෑ තැන දෙහි පලුවකින් පිරිසුදු කර දුම්මලවලට මතුරා දුම් අල්ලන්න. විෂ බසින තුරු මතුරන්න. පසුව දෙහි කොළ, පොතු කොටා මළවා බඳින්න. නැතහොත් ගස්ලබු දලු නරමූත්‍රයෙන් හෝ දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. කරපිංචා කැඳ, උඳුපියළිය කැඳ දෙන්න. විෂ බසින තුරු නිදා ගැනීමට ඉඩ නොතබන්න. සපා කෑ තුවාලය ඉහළින් බැඳීම වරදක් නැත.

 

භයවීමට – උණට

මන්ත්‍රය :– ඕං අරික්කාල් මුප්පත්තු ඉතිපිසෝ භගවා අරහං

නයිරික්කාල් උච්චු පදිනෙට්ටු තරියානේ සුගතෝ ලෝක

විදූ අනුත්තරෝ පුරිසධම්ම සාරථී සත්ථා දේවමනුස්සානං

අසුර කට්ටු සුර කට්ටු විෂ්ණු කට්ටු බුද්ධො භගවතා කන්ද

කුමාර කට්ටු නේන් පලයං තෝස්වාහඞ (108 වරයි)

ක්‍රමය :– ලොකු කුඩා සැමට යහපති. පොල්තෙල්, තලතෙල් හෝ හිස ගල්වන බෙහෙත් තෙලක් තට්ටු පීරිසියකට දමා අමුකහ ස්වල්පයක් මිශ්‍ර කර යකඩ ඇණයකින් කලවම් කරමින් මතුරන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.