ඔබට ආදරය සෙනෙහස තම සහකරු සහකාරිය වෙතින් හිමිවන්නේ ද?

මැයි 27, 2022

 

විවාහක යුවළකගේ ඉතා සමීප ඇසුර හා කුළුපඟ බැඳීම තුළ විවාහ සතුට ඇති කරයි. එහි පැවැත්ම පෝෂණය කරයි. ආරක්ෂා කරයි. දෙදෙනාගේ සදාචාරාත්මක සම්බන්ධය මත යහපත් වූ මතු පරපුරක් බිහිවේ.

 

අද බොහෝ අඹුසැමියන් මුහුණ දී ඇති ගැටලුවක් වන්නේ පවුල් ජීවිතයක් සාර්ථක ලෙස ඉදිරියට පවත්වාගත හැක්කේ කෙසේද යන අභියෝගයටයි. මෙම අභියෝගය ඉදිරියේ ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ එකතුව සැමවිටම සුහදත්වය මත සිදුවේ.

පවුලේ දියුණුවට අදාළ වන සැලසුම් සංවිධානය කිරීමේදී මෙන්ම එදිනෙදා මුහුණපාන ගැටලු නිරාකරණය කරගැනීමේදි දෙදෙනා අතර මනා අදහස් හුවමාරුවක් ද තිබිය යුතුයි.

විවාහ සතුට හා බැඳෙන කරුණු විමසීමේදී හත්වැන්න හා එහි අධිපති සහ එම භාවයට සංයෝග හා දෘෂ්ටි ලබා දෙන ග්‍රහයන් මෙන්ම ලග්නය දෙවැන්න හා 11 වැන්න යන භාවයන්ට සම්බන්ධ සියලු ග්‍රහයන් විසින් ඇති කරන බලපෑම් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

ලග්නය ජීවිතයේ සමස්ත මුහුණුවර හා එහි ස්වභාවය නිවේදනය කරන අතර, දෙවැන්නෙන් විවාහ ජීවිතය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ආදායම් තත්ත්වය හා දියුණුවට ඇති විස්තර අනාවරණය කරයි.

ආදරය හා දරුසම්පත් සඳහා පස්වැන්න විශේෂ වේ. 11 වැන්න පවුලේ සමඟිය, මිත්‍රත්වය හා සියලු ආකාරයේ ලැබීම් නිවේදනය කරයි. ගේ දොර ඉඩකඩම් හා භෞතික සම්පත් නිවේදනය කරන සිවුවැන්න ද ගෘහ ජීවිතයේ සතුට පැවැත්ම කෙරෙහි බලපාන සුවිශේෂී ස්ථානයකි.

විවාහයේ සතුට ලබාදීමේ කාර්යයේදී කාරක සිකුරු ග්‍රහයා තැන්පත් රාශිය අයත් භාවය, සංයෝග දෘෂ්ටිමය වශයෙන් අන්‍ය ග්‍රහයන් සමඟ ඇති සමීප සම්බන්ධතාවය නවාංශකයේදී වර්ග කේන්දරයේ සිකුරුගේ නියෝජනය සහ උච්ච, නීචාදි තත්ත්වයන් ට අදාළව ග්‍රහයාගේ ක්‍රියාත්මක ස්වභාවය පරීක්ෂා කළ යුතුයි.

එක් අයකුගේ සිකුරු, ලග්නය, පහ, නවය යන ත්‍රිකෝණ භාවයන්ගෙන් එකක තැන්පත්ව විවාහස්ථානය වූ හත්වැන්නේ සුබදායක ලෙස තැන්පත් වේ නම් අඹුසැමි පේ‍්‍රමය, පී‍්‍රතිය, පි‍්‍රයමනාප බව, විනීත බව, සහ සුහදත්වය ආදී ගුණාංග වර්ධනය වනු ඇත. තවද සිකුරුගේ නිර්මාණශීලි බව විවාහ සහකරුගේ හෝ සහකාරියගේ ආදරයට හා සතුටට හේතු වනු ඇත.

සිකුරු ද හත්වැන්නට ද ලග්නයට ද සුබ දෘෂ්ටි සහිතව යෙදේ නම් යහපත් විවාහයක් තුළින් සිත් ඇදගන්නා සුළු සහකාරියක ලැබීමේ භාග්‍ය උදාවේ. සිකුරු කුජ හා සංයෝගවී බුධ, ගුරු ආදී නෛසර්ගික ශුභයන් ගෙන් බලවත් වූ ජන්මියා සෞභාග්‍යයෙන් පිරි පී‍්‍රතිමත් ජීවිතයක් ගතකරයි.

සඳුගේ දායකත්වය ද විවාහය රඳා පැවැත්ම කෙරෙහි අතිශයින් බලපායි. පුරුෂ කේන්දරයේ රවි සිටින රාශියේ ස්ත්‍රී කේන්දරයේ සඳු සිටීමෙන් දෙදෙනාගේ ආදරය සෙනෙහස වැඩිකරන තවත් පිහිටීමකි. දෙදෙනාගේ කේන්දරවල සඳු බලවත් වී 9 වැන්නේ වෘෂභ හෝ කටක රාශියට අයත් වී සිටීම ද ජීවිතයේ සතුට සැනසීම හිමිකරවයි.

එමෙන්ම සඳු 9 වැන්නේ බලවත් ව සිටීමෙන් උසස් ගුණධර්ම හා ගතිපැවතුම් වර්ධනය කෙසේද යන්න පැහැදිලි කරගත හැකිවේ. සඳු මනසට අධිපති ග්‍රහයා වන අතර මේ පූර්ණ චන්ද්‍රයා 7 වැන්නේ බලවත්ව සිටීමෙන් දෙදෙනාගේ සමඟිය සතුට විවාහ ජීවිතයේ චංචල බව මෙන්ම දෙදෙනාගේ සිතිවිලිවල යහපත් භාවයක් ද ඇතිකරයි.

ලග්න කේන්දරයේ 7 අධිපති සිටින නවාංශකය කේන්දරයේ බලවත්ව, උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීම දෙදෙනාගේ පැවැත්මට ඉතා යෝග්‍ය වේ.

ගුරු ග්‍රහයා 2,5,7 යන භාවයක සිටීමෙන් අඹුසැමි දෙදෙනාගේ විවාහ ජීවිතයේ සැපත, සතුට උදාකරන අතර, කුජ විවාහයට සුබ ග්‍රහයෙක් නොවුණත් සිකුරු, සමඟ යෝග වී සුබදායක ලෙස සිටී නම් එනම් උච්ච, ස්වක්ෂේත්‍ර වී යහපත් භාවයක (5,9,11) පිහිටීමෙන් යුගදිවිය සාර්ථක ලෙස ගතකිරීමට හැකිවෙයි. කේන්දර දෙකේම ලග්නාධිපතිට 7 වැන්න පෙනේනම් එයත් යුගදිවියට සුබ පිහිටීමකි. ස්ත්‍රී පුුරුෂ කේන්දර දෙකේ සුබ ග්‍රහයන් සමාන ස්ථානවල පිහිටීම ද දෙදෙනාගේ සතුටට ආදරයට බලපාන තවත් හේතුවකි.

දෙදෙනාගේ කේන්දර සටහන්වල හත අධිපති අනෙක් කේන්දරයේ ලග්නයට හෝ හතට පෙනීම, මෙම දෘෂ්ටීන් දෙදෙනාට යහපත් ජීවිතයක් ගතකිරීමට භාග්‍ය උදා කරයි. නමුත් මෙම සුබ ග්‍රහයන් සතුරු ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වේ නම් හෝ සතුරු රාශිවල සිටී නම් ජීවිතයේ විවිධ බාධා කම්කටුලුවලට මුහුණපෑමට සිදුවනු ඇත.

එසේම මෙම කේන්දර පරික්ෂාවේදී රවිගේ අංශකවල පාප ග්‍රහයන් පිහිටීම ද අසුබදායක පිහිටීමක් ලෙස පෙන්වා දිය හැකියි. රවි කුජගේ සුබදායක අංශකයක සිටීමත් දෙදෙනා රාශි මාරුකරගෙන සිටීමත්, විවාහ දිවියේ සතුට රඳා පැවැත්මට හේතු ඇතිකරයි.

දෙදෙනාගේ ලග්න දෙක චර හා තිර රාශිවලට අයත් වීම ද, 3,5,9,11 වැන්නෙන් පෙනීම ද යහපත් කරයි. උදා:– සිංහ ලග්න හිමි අයකුට මේෂ හා ධනු ලග්න හිමියන් ඉතා හොඳින් ගැළපෙන අතර, අදහස්වල සමබරතාවකින් යුතුව කටයුතු කරගෙන යාමේ හැකියාවක් ද ඇතිවනු ඇත.

ධනය, දේපළ මෙන්ම රැකියා ස්ථානය නිවේදනය කරන 4 හා 10 වැන්නද විවාහයේ සතුට රඳා පවතින ස්ථානයන් දෙකක් වන අතර මෙම ස්ථානයෙහි සුබ ග්‍රහයන් උච්චව ස්වක්ෂේත්‍රව සිටීම ද 08 වැන්න වූ විවාහයෙන් පසුව ඉතිරි කිරීම පිළිබඳව පෙන්වන රාශියේ සුබ ග්‍රහයන් තැන්පත්ව සිටීමද යම් තැන්පත් මුදලක් ඉතුරුව තබා ගෙන සිටිය හැකිවනු ඇත.

එක කේන්දරයක කුජ දෝෂ, ශනි මංගල දෝෂ වැනි විවාහයට අසුබදායක යෝග ඇත්නම් අනෙක් කේන්දරයේ ද එම යෝග භංග වන ආකාරයට ග්‍රහයන් පිහිටා ඇත්නම් විවාහ ජීවිතයේ කොතරම් බාධක කම්කටුලු දුෂ්කරතා පැමිණියත් ඒවා බිඳ දමාගෙන පී‍්‍රතිමත් යුගදිවියක් ගත කිරීමට හැකිවනු ඇත.

 

 

ඡ්‍යොතිෂවේදිනි

ගීතිකා සමරතුංග

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.