සිකුරු හිමි වෘෂභ රාශියට රවි පැමිණේ

අප්‍රේල් 23, 2021

කම්කරු ජනතාවට සහන

පාසල් දරු දැරියනට වාසි

කලාකාමී ක්ෂේත්‍ර වලට යහපත

වෙළඳ ව්‍යාපාරවල දියුණුව

 

2021 මැයි මස 14 වෙනි සිකුරාදා 43 පැය විනාඩි 07 න් ලෝක පාලක සූර්යය දිව්‍ය රාජතෙම කිවි හිමි වෘෂභ රාශියට පැමිණ 2021 ජුනි 14 දක්වා එහි ගමන් කරනු ඇත. කැති, කුජ, රෙහෙන, මුවහිස් දෙපද ගොන් රැස කීවා සේ, වෘෂභ රාශිය සෑදී ඇත්තේ රවි හිමි කැති නැකැතේ 2, 3, 4 පාදත් සඳු හිමි රෙහෙන නැකැතේ පාද 4 ත් කුජ හිමි මුවසිරස නැකැතේ 1 - 2 පාදත් සම්පූර්ණ වීමෙනි.

සෑම ලග්නයකටම නැකැත් පාද නවය බැගින් ඇත. මේ අනුව නැකැත් 27 ට පාද 4 බැගින් 108ක් තිබේ. ලග්න 12 ට නවාංශක 9 බැගින් 108ක් තිබේ. මේ අනුව බලන විට එක් අංශකයකට එක් නැකැත් පාදයක් ඇත. එම නැකැත් හා පාද හා ලග්න 12 සමඟ අංශකවලට ග්‍රහයින්ගේ අයිතිය බෙදා වෙන්කොට තිබේ. රවි වෘෂභ රැසෙහි ගමන් ගන්නා විට ඉහත කී ආකාරයට අදාළ නැකැත් පාද 9 අවසන් කිරීමට රවි ග්‍රහයාට මසක පමණ කාලයක් ගත වේ. රවි ප්‍රවේශ වන අවස්ථාවේ ශනි හිමි මකර රාශිය ලබා එහි අධිපති ශනි මකරයේ සිටී. සිකුරු හිමි වෘෂභ රාශියට සෙනසුරු රාජයෝගකාරක වෙයි. එම ධර්ම, කර්මාධිපති 9 - 10 අධිපතිගේ රාජයෝගයයි. එසේ නම් මෙහි සෙනසුරු ලග්නයේ නරක නැත. දෙවැන්න වූ කුම්භයේ ගුරු නෙප්චූන් සිටී. 4 වැන්න වූ මේෂයේ යුරේනස්ය. පස් වැන්න වූ වෘෂභ රැසෙහි රවි, බුධ, සිකුරු හා රාහු ද සිටී. 6 වැන්න වූ මිථුන රැසෙහි සඳු, කුජ දෙපළය. 11 වැන්න වූ වෘශ්චිකයේ කේතුය. තත්කාල ග්‍රහ පිහිටීම් අනුව ශුභ අශුභ යෝග මිශ්‍රව තිබේ. ගුරු ග්‍රහයාගේ පූර්ණ දෘෂ්ටිය නිසා සඳු, කුජ දෙපළම බලය පතුරවා හරියි. අඟහරු මිථුනයේ සිට ලග්නය වූ මකරයට තම පූර්ණ දෘෂ්ටිය හෙළීමෙන් ලග්නය බලවත් විය. මැයි 23 දින සෙනසුරුගේ වක්‍රවීම සිදුවන අතර, මැයි 26 බුධ මිථුනයට පැමිණ 30 දින වක්‍රය සිදුවේ. එම වක්‍ර වූ බුධ ජුනි 03 දින වෘෂභයට නැවත පැමිණේ. මේ අනුව මෙකී කාලය තුළ ජනිත වන දරු දැරියන්ගේ කේන්ද්‍රවලට සිකුරුගෙන් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ‘මාලවී’ යෝගය, මේෂ, කටක, තුලා, මකර හිමියනට ‘ශශ’ රාජයෝග ද, බුධ මිථුනයේ හැසිරෙන කාලසීමාව තුළ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියනට ‘භද්‍රා’ යෝගය ද පිහිටනවා ඇත. මේ අනුව කම්කරු ජනතාවට සහනද පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියනට වාසිද සැලසෙන අතරම, නර්තනාදී කලාකාමී ක්ෂේත්‍රවල නියැළෙන අයට දියුණුව ද සැලසෙන අතරම, වෙළඳ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවස්ථාව ළං කෙරේ. ආරක්ෂක අංශවලට කාර්ය බහුල වේ. මාර්ග අනතුරුවල අඩුවක් නොපෙනේ. පාරිසරික විපත් හා හදිසි මරණවලට ගොදුරු වන අය වැඩිවේ. සැමට සුබසෙත

වැලිගම

කේ.එච්. ධනපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.