වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ, මාලවි යෝගය තුලා, කටක, මකර , මේෂ, සස යෝගය සත්කළත්‍ර යෝගය ආදි බලැතිව සිකුරු වෘෂභයට සම්ප්‍රාප්ත වෙයි

අප්‍රේල් 30, 2021

රවි චන්ද්‍ර චතුර්කෝණදෘෂ්ටිය, චන්ද්‍ර සිකුරු ත්‍රිකෝණ දෘෂ්ටිය, ශනි චන්ද්‍ර සංයෝගය, සෙනසුරු චන්ද්‍ර ජම්ම ඒරාෂ්ඨකය ආශි‍්‍රතව උත්තරායන ගී‍්‍රෂ්ම ඍතුවේ මේෂ, රවි 21 භාග බක්මහේ අව අටවක තිථිය ලත් කුජ දින වෘෂභ රාශිය, මකර නවාංශකය කැති නැකතෙහි දෙවන පාදය මූලාශි‍්‍රතව මැයි 04 වෙනි දින අපරභාග 01.27ට විශ්ව තාරකා මන්දාකිණියෙහි ඉරබටු තරුව යනුවෙන් විරුදාවලි ලැබූ සෞන්දර්යයෙහි රූප රාජිණිය ද වූ සිකුරු ග්‍රහයා සිකුරු හිමි වෘෂභ රාශියෙහි මිණිකිරුළ පලඳින්නීය.

 

නැඟෙනහිර ක්ෂිතිජයෙහි රවි හිමි සිංහ රාශි උදාවෙහි 04 වැන්නෙහි කේතු ස්වක්ෂේත්‍රව බන්ධු ස්ථාන ගතව ද රෝග සතුරු ස්ථානය වූ 06 වැන්නෙහි ප්ලූටෝ සතුරුව ද චන්ද්‍රයා සමව ද සෙනසුරු ස්වක්ෂේත්‍රව ද යෙදී ශනි චන්ද්‍ර ජම්ම ඒරාෂ්ඨක බලය ද ගුරු සහ නැප්චූන් සමව 07 වැන්න වූ විවාහ කාරක සමඟ ජනජීවිතය පිළිබඳව ද රවි උච්චව ද සමවූ යුරේනස් ද 09 වැන්න වූ භාග්‍යස්ථානගතව ද බුධ මිත්‍රශීලිව රාහු උච්චව ස්වක්ෂේත්‍රව ද 10 වැන්නවූ කර්ම ස්ථාන ගතව ද අඟහරු සතුරුව අයස්ථානගතව 11 වැන්නේ ද තැම්පත්වීම ශ්‍රී ලාංකේය ජනරජ සිංහ රාශියට සමගාමීව පොදු මහත් ජනතාවගේ තෘප්තිමත් මානසික වින්දනයකට පාත්‍රවී යාමෙකි. රාජ්‍ය යාන්ත්‍රණ පාලන ව්‍යුහය මෙන්ම රාජ්‍යතාන්ත්‍රික යන්ගේ ද මානසික සුවය තිවෘතවීමෙකි

රවි ආත්මකාරක ග්‍රහයා මාන්දි ග්‍රහයා වීම මෙන්ම අඟහරු බාධක ග්‍රහයා ද සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා 22 වෙනි මාරක දෙර්කාණාධිපතිවීම අඟහරු හිමි මේෂ රාශි විශ්ව කේන්දර සටහන ද සිංහ උදාරාශි සටහන ද ආශි‍්‍රතව ආන්දෝලනාත්මක අශුභ පැතිකඩ ගණනාවක් සෞරග්‍රහ මණ්ඩලයෙන් නිර්මාණය විය හැක. අලංකාරය, සුඛෝපභෝගී භාණ්ඩ මෙන්ම ද්‍රව්‍යය සාමාන්‍ය ජනතාව අතරට ආරෝහණවීම බොහෝදුරට විද්‍යමාන වෙනු ඇත. පීඩිත පන්තිය කෙරෙහි දෙස් විදෙස් වශයෙන් සහන සේවාවක් ද ක්‍රියාත්මක වෙනු ලබන අතර දෙස්විදෙස් ආයෝජක රැල්ලක් විශ්වය පුරාවට කළඑළිවෙන භාග්‍යමත් කාලපරාසයකි. කාන්තා චරිතයන් උද්දීපනයෙහි සුවිශේෂී අවස්ථා ගොඩනැඟෙයි. සෞභාග්‍යමත් විශ්ව ප්‍රජාවක් හේතුකොට ගෙන ධනෝපායන ක්‍රමවේද රැසක් සමාරම්භ කෙරෙයි. චිරං ජයතු’

 

කොත්මලේ - විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.